මී බෙටි වේලෙන්නේ කුමටද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මී බෙටි වේලෙන්නේ කුමටද?

    තල නම් වේලෙන්නේ තෙලටය
    එහෙත් මී බෙටි වේලෙන්නේ කුමටද?

    අප මෙය ලියන මොහොත වන විට මේ රටේ සක්‍රීය දේශපාලන ක්‍රියාවලිය තුළ පහත සඳහන් කටයුතු සිදුවෙමින් තිබිණ. එනම්,

    1. ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් (තනතුරින් නෙරපන ලද නිසා ඔහු දැන් හිටපු මහ ලේකම්ය.) මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂක ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම.

    2. මේ රටේ ඒකීයත්වය, බුදුදහමේ චිරස්‌ථිතිය, ප්‍රජාතන්ත්‍රවාදයේ නඩත්තුව සම්බන්ධයෙන් පැය 24 පුරාම කල්පනා කරන එහෙත් කාර්ය බහුල ජීවිතය නිසා ඒ සම්බන්ධයෙන් එදත් වැඩ නොකළ සහ අදත් වැඩ නොකරන අපගේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෛත්‍රිපාල සිරිසේන මහතා පසුපසින් සිටගෙන සිටීම.

    3. මෛත්‍රී සමඟ ශ්‍රීලනිපයෙන් කැඩී එන්නට විස්‌සත් විසි අටත් අතර සන්ධාන මන්ත්‍රීවරුන් සිටි නමුත් ඔවුන් ටිකෙන් ටික පස්‌ස ගහමින් ජනාධිපතිට උදව් කරන බවට ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගැනීම.

    4. පොදු අපේක්‍ෂක මිනී පෙට්‌ටිය කර ගැසීමෙන් ඈත්ව සිටීමට ජෙනරාල් සරත් ෆොන්සේකා තීන්දු කර ඇති බව පෙනී යැම.

    5. මෛත්‍රී ආණ්‌ඩුව හැර ගිය විට ජනාධිපති හාන්සි වී ආණ්‌ඩුව ගාලු පාර දිගේ රෝල්වනු ඇතැයි කල්පනා කෙරුණු නමුත් පුරුදු පරිදි ආණ්‌ඩුව දිගටම සිය කටයුතු කරගෙන යැම.

    මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට උදව් කරන්නට ඉදිරියෙන්ම සිටින්නේ කවරෙක්‌ද යන්න විමසා බැලිය යුතුව ඇත. ඉකුත් සිකුරාදා (21 දා) කොළඹ නව නගර ශාලාවේදී, තමන් පොදු අපේක්‍ෂකයා බව ප්‍රකාශයට පත්කිරීම සඳහා පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මෛත්‍රිට උදව් කරන අය ලෙස පෙනෙන්ට සිටියේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, මහාචාර්ය රජීව විඡේසිංහ සහ සන්ධානයේම නියෝජ්‍ය ඇමැතිවරයකු වූ මහතෙකි. මතු යම් දවසක කවුරු මෛත්‍රි අත්හැර ගියත් රාජිත සේනාරත්න ඔහු සමඟ සිටිනු ඇත. සෙසු අය ගැන අපට කිසිදු අත්දැකීමක්‌ නැත. සිය ජීවිතයෙන් වැඩි කාලයක්‌ විපක්‍ෂයේ සිටි රාජිතට ඇමැතිකමක වැදගත්කමක්‌ ඒ තරමට නැත. දුමින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිතුමා මෛත්‍රි සමඟ එක්‌වන්නේ ඔහුගේ පියා වූ බර්ටි ප්‍රේමලාල් දිසානායකට උතුරුමැද පළාතේ සන්ධාන මහ ඇමැතිකම නොදී එස්‌. එම්. රංජිත්ට දුන් නිසා විය යුතු ය. එය සාධාරණ කෝපයකිá පළියක්‌ ගත යුතු කෝපයකි. රාජිත එළියට බහින්නට ඇත්තේ ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ, වීදි සටන් වැනි දේ සිදුවන විට ඇඟ නලියන ගතියක්‌ එදා සිටම ඔහු තුළ තිබූ නිසා විය යුතු ය. මෛත්‍රිපාල සිරිසේන එළියට බැස්‌සේ අගමැතිකම නොදුන් නිසා විය යුතු බව අපි විශ්වාස කරමු. දිගු කලක්‌ ශ්‍රීලනිපය වෙනුවෙන් වැඩ කළ ඔහුට සුසිල් ප්‍රේමජයන්තට මෙන්ම, නිමල් සිරිපාලට මෙන්ම, බැසිල් රාජපක්‍ෂට මෙන්ම අගමැතිකමට අයිතියක්‌ ඇත. චන්ද්‍රිකා මේ අයට උදව්වට ආවේ ඇය තුළ තිබෙන ජාතිවාත්සල්‍යය, දේශමාමකත්වය, හයිවේ දිගේ යන ටුවර්ස්‌ලා සංස්‌කෘතිය විනාශ කරන්නට ඉඩ තිබීම යනාදිය නිසා බව අපි හඟිමු. එහෙත් ලිබරල් පක්‍ෂයේ නායකයා වූ රජිව් විඡේසිංහ එළියට බැස්‌සේ ඇයි? ජාතික ලැයිස්‌තුවෙන් පත් වූ චිට්‌ මන්ත්‍රී කෙනකු වන ඔහු රට ජාතිය ආගම කෙරෙහි බැඳීමක්‌ තිබෙන කෙනකු බවට අපට ආරංචියක්‌ නැත. එසේ නම් ඔහු මේ කණ්‌ඩායමට එකතු වී සිටීම "තල තෙලට වේලෙයි - මී බෙටි කුමට වේලෙයි?" යනාදී වශයෙන් විග්‍රහ කළ හැකිද?

    තල වේලන විට ඒවා සමඟ මිශ්‍ර වූ මී බෙටි ද වේලෙන්නේ ය. එහෙත් තලවලින් මිස මී බෙටිවලින් තෙල් හිඳින්නට බැරිය.

    මෛත්‍රිපාල සිරිසේන තෝරාගෙන ඇත්තේ ඔහුගේ හෘද සාක්‍ෂියට එකඟ වූ දුෂ්කර ගමනකි. මේ ගමනේදී ඔහු පාවා නොදීමට සෙස්‌සන් සිතට ගත යුතුය.

    ~~~~~දිවයින කතුවකියෙනි ~~~~~
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලස්සනට ලියලා තියනවා. මහිදත් එක්ක ඉන්න අයගේ තියෙන්නේ ඔයිට වැඩ දරුණු වුවමනා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11414_737178849699606_1693295377134792358_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සනට ලියලා තියනවා. මහිදත් එක්ක ඉන්න අයගේ තියෙන්නේ ඔයිට වැඩ දරුණු වුවමනා.