You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මුත්‍රා ආසාදනය ගැන යමක් |Urinary Problems|
මුත්‍රා ආසාදනය
කාන්තා පිරිමි බේදයකින් තොරව වයස් සීමාවක් නැතිව ඇතිවන රෝගාබාධ අතරට මුත්‍රා ආසාදනයන් ද එක්වේ.
මුත්‍රා ආසාදනයකට ප්‍රධානම හේතුව වන්නේ මුත්‍රා ජනන පද්ධතියට කිසියම් විෂ බීජයක් ඇතුළු වීමය. එනම් වකුගඩු, මුත්‍රා නාලය සහ මුත්‍රාශය යන මුත්‍රා පද්ධතියේ ප්‍රධාන ඉන්ද්රියයන් වෙතට විෂ බීජයක් ඇතුළු වුවහොත් ඉන් ඇතිවන බලපෑම නිසා මුත්‍රා ආසාදනයක් හටගත හැකිය.
ඊට අමතරව පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථිය තුළ ඇතිවන ආසාදනයන් නිසාද මුත්‍රා ආසාදන මතුවීමට බලපාන තවත් හේතුවකි.
මුත්‍රා ආසාදනයට හේතු
මුත්‍රා ශරීරයෙන් බැහැර කළ යුතු අපද්‍රව්‍යයකි. දහදිය, මුත්‍රා සහ මළ සිරුරින් බැහැර කළ යුතු අපද්‍රව්‍ය ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ මෙය හඳුන්වනු ලබන්නේ ස්වේධ, මුත්‍රා සහ පුරීෂ ලෙසිනි.
මුත්‍රා ලෙසින් පිටවන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍යය. එය වකුගඩුවලින් පෙරා මුත්‍රාශය වෙත පැමිණේ. මෙය ද්‍රව අපද්‍රව්‍යයක් ලෙස සිරුරින් පිටවේ. මුත්රාවල වැඩිපුරම ඇත්තේ ජලයයි.
මුත්‍රා යනු අපද්‍රව්‍යයක් නිසා ඉතා පහසුවෙන් විෂ බීජ ආසාදනයට ලක්විය හැකිය. එම විෂබීජ ශරීරය ඇතුළතින් හෝ පිටතින් මුත්‍රා පද්ධතියට ඇතුළු වේ.
විශේෂයෙන්ම කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඉතා පහසුවෙන් ඇතිවිය හැකිය. ඊට හේතුව වනුයේ ඔවුන්ගේ බාහිර මුත්‍රා මාර්ගය ඉතා කෙටි බැවිනි. එබැවින් ඔවුනගේ මුත්‍රා මාර්ගයට බාහිරින් විෂ බීජ ඉතා පහසුවෙන් ඇතුළුවිය හැකිය.
මුත්‍රා ආසාදන හඳුනා ගැනීම
සාමාන්‍යයෙන් නිරෝගී අයකුගේ මුත්රාවල පැහැය අවර්ණය. එය බාහිරයට පිටවන විට වීදුරු පැහැයක් ගනී. මුත්‍රා පිටවන විට ශරීරයට කිසිදු වේදනාවක් ඇති නොවේ. නමුත් මුත්රාවල පැහැයේ වෙනසක් ඇත්නම් මුත්‍රා පිටවන විට ශරීරයට කිසිදු වේදනාවක් මතුවේ නම්, පිටවන වාර ගණන වැඩිනම් සහ වරකට පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුනම් එය මුත්‍රා ආසාධනයක් ලෙස අනුමාන කළ හැකිය. ඊට අමතරව සිරුර තුළ මතුවන උණ, ඇඟ ශීතල වීම, උදරය ප්‍රදේශයේ මතුවන කොරය, මුත්‍රා ඉතා උණුසුම්ව පිටවීම, මුත්‍රා පිටකළ පසු ඇතිවන දැවිල්ල ද මුත්‍රා ආසාදනයක මතුවන රෝග ලක්ෂණ වේ.
මුත්‍රා ආසාදන වළක්වා ගැනීම
දිනපතා ජලය ලීටර් හතරක්වත් පානය කළ යුතුය. නිසි ලෙස ජලය පානය යනු ශරීරය තුළ ඇති විෂ බීජ පිට කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමකි. සිරුරට ලැබෙන ජලය ප්‍රමාණය අඩුවන විට සිරුරේ නිපදවන අපද්‍රව්‍ය පිටකිරීමට අවශ්‍ය පහසුකමක් නතරවීමය.
එසේම දිනපතා නිසි ලෙස මුත්‍රා පිටවීම තුළින් ශරීරය තුළ ජලයේ සමතුලනයක් ඇතිවේ. එසේම රුධිර පීඩනය පාලනය කරයි. මත්රා හොඳින් පිට නොවන විට රුධිර පීඩනය වැඩිවීමටද හේතුවේ.
මුත්‍රා පිටවන ප්‍රමාණය
පුද්ගලයකුගේ සිරුරින් මුත්‍රා පිටවන ප්‍රමාණය සහ වාර ගණන අප ජීවත්වන පරිසරය සහ එදිනෙදා ගත කරන ජීවිතය අනුව වෙනස් වේ.
අධික උෂ්ණ දිනයකදී සිරුරින් දහදිය පිටවීම වැඩිවේ. එවිට මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවේ. ශරීරය වෙහෙසවා වැඩ කරන විට සිරුරින් පිටවන දහදිය ප්‍රමාණය අනුව ද මුත්‍රා පිටවන ප්‍රමාණය සහ වාර ගණන වෙනස් වේ.
ශීතල පරිසරයක ජීවත්වන විට සිරුරින් පිටවන දහදිය ප්‍රමාණය අවම වීම නිසා මුත්‍රා පිටවන ප්‍රමාණය වැඩිවේ.
අප විශේෂයෙන් අවධානයට යොමු කළ යුතු අවස්ථාවක් වනුයේ අධික ලෙස දහදිය පිටවන විට ඊට සමානව ජලය පානය කිරීමය. මන්දයත් දහදිය සමග සිරුරේ ඇති ජලය පිටවීම නිසා මුත්‍රා පෙරීම සඳහා අවශ්‍ය ජලය අඩුවේ. එම ජල ප්‍රමාණය අඩුවන විට ඉතා පහසුවෙන් මුත්‍රා ආසාදන ඇතිවිය හැකිය.
මුත්‍රා පිටවීම අඩුවීමත් මුත්‍රා පිටවීම වැඩිවීමත් රෝගයකි. මුත්‍රා වැඩිපුර පිටවීමට ප්‍රධාන ලෙසම හේතුවන්නේ දියවැඩියාව රෝගයයි. එය බහු මුත්රාතාවය ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී දිනකට මුත්‍රා පිට කරන වාර ගණන වැඩිවීම රාත්‍රියට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව සාමාන්‍ය අයකුට වඩා වැඩිවීම දැකිය හැකිය.
මුත්‍රා ආසාදන වළක්වා ගැනීම
මුත්‍රා පෙරීමට හිතකර ආහාර පාන වර්ග එදිනෙදා ජීවිතයට එක්කර ගැනීම සහ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය නිසි ලෙස පානය කිරීම තුළින් මුත්‍රා ආසාධන ඇතිවීම වළක්වා ගැනීමට පිළිවන.
එහිදී රාත්‍රි බාර්ලි, රණවරා, ඉරමුසු ආදී ආහාර පාන වර්ග නිතර භාවිතයට ගත හැකිය. මෙම ආහාර පාන මුත්‍රා පෙරීමට අවශ්‍ය පහසුකම් සපයනු මෙන්ම මුත්රාවල ඇති විෂ බීජ විනාශ කිරීමේ හැකියාවක්ද පවතී.
ඊට අමතරව මුත්‍රා ආසාදන ඇතිවීමට බලපාන ආහාර පාන වර්ග ගැනීම අවම කළ යුතුය. එනම් අන්නාසි, තක්කාලි, රඹුටන්, විනාකිරි වැනි ලවන සහිත අම්ල අධික ආහාර නිතර නොගත යුතුය. සැර බීම වර්ග, කෘතිම රසකාරක සහිත පාන වර්ග නිතර පානයට නොගත යුතුය.
නිතර ඇතිවන මුත්‍රා ආසාදන
මුත්‍රා ආසාධනයකට හේතුවිය හැකි විෂ බීජයක් මුත්‍රා පද්ධතියට එක්වීම නිසා ඇතිවන ආසාදනයකදී හොඳින් ජලය පානය කිරීම සහ මුත්‍රා පෙරීමට උපකාරී වන ආහාර පාන වර්ග ගැනීමෙන් මතුව ඇති රෝගී තත්ත්වය අඩුකර ගත හැකිය. පවතින රෝගී තත්ත්වය මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.
නමුත් නිතර නිතර මුත්‍රා ආසාදන මතුවේ නම් එය වඩාත් අවධානයට යොමු කළ යුතුය. එය විෂ බීජයක් මුත්‍රා මාර්ගයට ඇතුළුවීම නිසාම නොව මුත්‍රා නළ විකෘතිතාවක් නිසා මතුවන්නක් විය හැකිය. ඇතැම්විට මුත්‍රා පද්ධතියේ ගල් හට ගැනීමක්ද විය හැකිය. එවැනි අවස්ථාවකදී වහාම වෛද්‍ය උපදෙස් ලබා මතුව ඇති රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගත යුතුය.
Code:
http://hondaokkoma.com/mutra%20aasaadanaya.htm
මුත්‍රා හිරකරගෙන ඉන්න එපා
මුත්‍රා හිරකරගෙන ඉන්න එපා
මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනුණු වහාම මුත්‍රා පිට කිරීම මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇති විය හැකි රෝගවලින් මිදීමට ඇති ඉතා වැදගත් පිළිවෙතකි. ඒම කියලා පාරේ අයිනේ දාන්ට ඒම එපා .
බොහෝ වේලාවක් මුත්‍රා පිට නොකොට මුත්‍රාශයේ මුත්‍ර තද කරගෙන සිටීම රෝග ගණනාවකටම අත වැනීමකි. එසේ මුත්‍රා මුත්‍රාශය තුළ සිරකරගෙන සිටින විට මුත්‍රාශයේ පේෂිවල ඇදීමක් සිදුවී එම පේෂි දුර්වලවේ. පසුකාලීනව මුත්‍රා කිරීමට අපහසුතා ඇතිවීමට එය ප්‍රබල හේතුවකි. විවිධ හේතූන් නිසා කාන්තාවන් පැය ගණන් මුත්‍රා නොකොට මුත්‍රා සිර කරගෙන සිටින අවස්ථාවන් ඇත. කාන්තාවන් අතර මුත්‍රා ආසාදන වැඩි වීමට එයද එක් හේතුවකි. අඩුම තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්ය.
මුත්‍රා ආසාදන, මුත්‍රාශයේ ඇතිවන ගල්, වකුගඩු ආබාධ, පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධ ආදිය මෞත්‍ර ලිංගික පද්ධතිය හා සම්බන්ධ රෝගාබාධ ලෙස සැලකේ.
මෞත්‍ර ලිංගික පද්ධතිය ලෙස හැඳින්වෙන්නේ වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය ඇතුළත් අවයව පද්ධතියටය. මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඉහත ආබාධ ඉතා වේදනාකාරී ය.
මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ පිළිබඳව කතා කිරීමේදී හඳුනාගැනීමේ පහසුව සඳහා එම රෝගාබාධ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. ඒ වෛද්‍යමය රෝග සහ ශල්‍යමය රෝග ලෙස ය.
වෛද්‍යමය රෝග ලෙස හැඳින්වෙන්නේ ඖෂධීය ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගාබාධ ය. ශල්‍යමය රෝග වලින් මිදීම සඳහා ශල්‍යකර්ම සිදු කළ යුතුවේ.
වකුගඩු අකර්මණ්‍ය වීම වෛද්‍යමය රෝග අතරට ගැනෙන එක් රෝගාබාධයකි. වකුගඩු අකර්මණ්‍යවීම හදිසියේ ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාවය සහ දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාව ලෙස දෙකොටසකි. දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය නිවැරදි ලෙස පාලනය නොකිරීම ය. ඊට අමතරව මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ආසාදන නොසළකා හැරීම ද දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුවකි.
හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට බොහෝ විට හේතු වන්නේ යම් යම් ඖෂධ වර්ග විෂවීම විවිධ විෂ වර්ග ශරීරගතවීම සර්ප විෂ ශරීරගත වීම, ආහාර විෂ වීම වැනි හේතු ය. හදිසි වකුගඩු අකර්මණ්‍යතාවට ප්‍රතිකාර කළ යුත්තේ ඖෂධ භාවිතා කිරීමෙනි. එසේ නොවුණහොත් කළ යුතු වන්නේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් මගින් රුධිරය පිරිසිදු කිරීම ය.
වකුගඩු ආශ්‍රිතව සිදු කෙරෙන ශල්‍යකර්ම වලින් බහුලවම සිදු කෙරෙන්නේ වකුගඩුවල ඇති ගල් ඉවත් කිරීමේ සැත්කම ය. මුත්‍රාශයේ හෝ වකුගඩුවල ඇති ගල් නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළම ය. කැල්සියම් ඔක්සලේට් නම් රසායනික ද්‍රව්‍ය එම ගල් නිර්මාණය වීමට හේතු වේ. ඊට අමතරව කැල්සියම් කාබනේට්, යූරික් ඇසිඩ් නිසා ද වකුගඩුවේ සහ මුත්‍රාශයේ ගල් ඇති වේ. කැල්සියම් ඔක්සලේට් රසායනිකය නිසා මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිතව ගල් නිර්මාණය වීමට හේතු කීපයක් ම බලපාන බව පැහැදිලි ය. කැල්සියම් ඔක්සලේට් ස්ඵටික මුත්රාවල පැවතීම සාමාන්‍ය අප ගන්නා ජලය ප්‍රමාණය මද වුවහොත් ස්ඵටික වකුගඩු වල තැන්පත්වේ.
හොඳින් මුත්‍රා පිට නොවීමට මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇති වීම ප්‍රධාන හේතුවකි. ඉහත දැක්වූ ආකාරයට ගල් ඇති වන්නේ ස්ඵටික ආකාරයෙනි. මුත්‍රා පිට කරන විට එම ස්ඵටික පිට වුවහොත් මුත්‍රාශය තුළ ගල් ඇති නොවේ. වකුගඩු තුළ නාල අවහිරවීම වැනි හේතුවක් නිසා එම ස්ඵටික වකුගඩුව තුළ තැන්පත් වුවහොත් එය වර්ධනය වී ගල් ඇතිවේ.
වකුගඩු වල සහ මුත්‍රාශයේ ගල් ඇතිවීම විශේෂයෙන් සොයා බලා ප්‍රතිකාර ලබාගත යුතු ය. ඒ; මුත්‍රාශයේ හෝ වකුගඩුවල ගල් ඇතිවීම වකුගඩු අකර්මණ්‍යවීමට ප්‍රධානම හේතුවක් වන නිසා ය. එසේ ම වකුගඩුවක් තුළ නිර්මාණය වූ ගලක් වකුගඩුවේ සිට මුත්‍රවාහිනී ඔස්සේ එළියට පැමිණෙන විට අධික වේදනාවක් ඇතිවීම ය. ඇතැමුන් පවසන්නේ මෙහිදී ඇතිවන වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාවට පමණක් බව ය.
එහිදී ඇතිවන වේදනාව ඉඟටිය ප්‍රදේශයෙන් ආරම්භ වී ගල ගමන් කිරීමත් සමඟම මුත්‍රාශය දෙසට ගමන් කරයි. එවැනි අවස්ථාවක මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් ද සිදුවිය හැකිය. එයට හේතු වන්නේ ගල මුත්රාමාර්ගය දිගේ පහළට ඒමේදී එහි බිත්ති සීරීමය.
ඇතැම් විටෙක වකුගඩු දෙකෙහිම ගල් නිර්මාණය වී තිබුණහොත් වකුගඩුවල නාළ දෙකම අවහිර වී හදිසි වකුගඩු අකර්මණ්‍ය තාවයක් විය හැකි ය. වකුගඩුවෙන් මුත්රාශයට එන නාළවල දීර්ඝ කාලයක් තිස්සේ ගලක් සිරවී තිබීම වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු විය හැකි ය. මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇත්නම් ඒ සඳහා වහා ප්‍රතිකාර ගත යුත්තේ මෙම හේතු නිසා ය.
මුත්‍රාශයේ ඇතිවන ගල් ඉවත් කිරීම සඳහා ඖෂධ භාවිතාවේ. මෙහිදී සිදුවන්නේ මුත්‍ර නාළ විශාල කොට ගල පිටතට ඒමට සැලැස්වීම ය. එසේ නැතිව මුත්‍රාශයේ ගල් දිය කර හැරීමට බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙතෙක් ඖෂධ සොයාගෙන නැත.
එලෙස මුත්‍රාශයේ ගල් ඉවත් කළ ද වකුගඩුවල තිබෙන ගල් එසේ ඉවත් කළ නොහැකි ය. එහිදී ශල්‍ය කර්මයක් සිදු කළ යුතුවෙයි. විශාල කැපුමක් සිදු නොකොට මුත්‍රා මාර්ගය දිගේ වකුගඩුව වෙත අතිනවීන උපකරණ යවා වකුගඩුවේ ඇති ගල් කැබළි වලට කුඩු කර වකුගඩුවේ ඇති ගල ඉවත් කිරීමේ හැකියාව ඇත. ඇතැම් විටක සුළු හෝ කැපීමක් සිදු නොකොට වුව ද වකුගඩුවේ ගල ඉවත් කිරීමේ හැකියාව ඇත. එලෙස ඉවතට ගත නොහැකි ගල් ඉවත් කිරීම සඳහා ඉඟටිය ප්‍රදේශයේ කුඩා සිදුරක් ඇති කර ඒ තුළින් නවීන උපකරණ වකුගඩුව තුළට හෝ මුත්‍රාශය තුළට යවා ගල ඉවත් කිරීමේ හැකියාව ඇත.
බොහෝ දෙනෙක් මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මුහුණදෙන රෝගාබාධයක් ලෙස මුත්‍රා දැවිල්ල හැඳින්විය හැකි ය. මෙය ඉතා අසහනකාරී සහ වේදනාකාරී රෝග තත්ත්වයකි. ‘මුත්‍රා දැවිල්ල ඇතිවීමට හේතු කීපයක්ම බලපායි. ඉන් ප්‍රධානම හේතුව වන්නේ මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදනයි. එවැනි ආසාදනයක් ඇති වූ විට මුත්‍රා පිටවෙන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් එම ආසාදන තත්ත්වය උත්සන්න වේ.
ඊට අමතරව වැඩිහිටි පුද්ගලයන්ගේ සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල ඇතිවීමට බලපෑ හැකි තවත් හේතුවක් හඳුනාගත හැකිය. ඒ මුත්රාවල අම්ල ප්‍රමාණය අධික වීමය. එවන් අවස්ථාවකදී මුත්‍රා මාර්ගයේ කිසිඳු ආබාධයක් නැතිව වුවද අධික මුත්‍රා දැවිල්ලක් ඇතිවීමේ හැකියාව ඇත. නිතර නිතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මුත්‍රා දැවිල්ල පරීක්ෂාවට ලක්කළ යුතු තත්ත්වයකි. පළමුව එහිදී මුත්‍රා මාර්ගයේ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලිය යුතුය. එවැනි අවහිරතාවයක් නැති නම් මුත්රාවල අම්ල ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ ලබා දේ.
පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන සහ මුත්‍රා දැවිල්ල ඇතිවීමේ හැකියාව වැඩිය. කාන්තාවන්ගේ මුත්‍ර මාර්ගය කෙටි වීම එයට හේතුවය. එවිට විෂබීජ මුත්‍ර මාර්ගය දිගේ මුත්‍රාශය දෙසට ගමන් කිරීමේ හැකියාව වැඩිය. එමෙන්ම අලුත විවාහ වූ කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාවක් ද ඇත. එය සාමාන්‍ය තත්ත්වයකි.
මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැඩිව අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. වයස අවුරුදු 45 ඉක්මවූ අයකුගේ මුත්‍රා සමඟ රුධිරය පිට වුවහොත්, මුත්‍ර මාර්ගය ආශි‍්‍රතව පිළිකා තත්ත්වයක් නැතැයි තහවුරු වනතෙක් අවශ්‍ය පරීක්ෂණ සිදු කළ යුතුය. වේදනාවක් ඇතිව හෝ නැතිව වුවද මුත්‍රා තද පැහැයෙන් පිටවීම වෛද්‍ය උපදෙස් පැතීමට හේතුවකි.
පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ අතර ප්‍රධාන තැනක් ගනී. පුරස්ථ ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ ශුක්‍රානු නිපදවන ග්‍රන්ථියයි. එම ග්‍රන්ථිය මුත්රාශයට පහළින් පිහිටා ඇත. මුත්‍රා ගමන් කරන මුත්‍ර නාළය පිහිටන්නේ ඉහත ග්‍රන්ථිය මැදය. කිසිඳු හේතුවක් නැතිව වුවද වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රත පටක වැඩී, ඉදිමීමට පටන් ගනී. මුත්‍රා ගමන් කරන මාර්ගය මේ ග්‍රන්ථිය මැද පිහිටා තිබෙන නිසා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී පටක ඉදිමීම නිසා මුත්‍ර නාළයේ සිරවීමක් සිදු විය හැකිය. එහි ප්‍රතිඵලය මුත්‍ර පහකරීමට අපහසු වීමය.
එහිදී මතුවන රෝග ලක්ෂණ ගණනාවක්ම දැකගත හැකිය. මුත්‍රා සෙමෙන් යාම, කඩින් කඩ යාම, බිංදු ලෙස යාම, දිනකට දහ දොළොස් වරකට වඩා මුත්‍රා පහවීම, මුත්‍රා පහර ඉදිරියට විදීමේ අපහසුව යන රෝග ලක්ෂණ මෙහිදී මතුවේ. වයසත් සමඟ ඇතිවන මේ රෝගයට අමතරව ඉතාම සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවක් නිසාද ඉහත රෝග ලක්ෂණයම ඇතිවනු දැකගත හැකිය.
රාත්රියේදී කීප වරක් මුත්රාපිට කිරීමට සිදුවීම ඇතැමුන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවකි. රාත්රියේදී එක්වරක් පමණක් මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝගයක් හෝ රෝග ලක්ෂණයක් හෝ නොවේ. එහෙත් රාත්‍රිය පුරා කීප වරක් වරින්වර මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝග ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. යමෙකු රාත්රියේදී නින්දට යාමට පෙර මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස්කොට නින්දට යන්නේ නම් ඇතැම්විට එම ගැටලුව මතු නොවේ. රාත්‍රිය පුරා කීප වරක් මුත්‍රා කිරීමට සිදුවීම පුරස්ථ ග්‍රන්ථියේ ආබාධයක ලක්ෂණයක් විය හැකිය. පුරස්ථ ග්‍රන්ථියේ ආබාධයක් ඇති විට මුත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වීම එයට හේතුවය.
නිරෝගී පුද්ගලයකුගේ ශරීරයේ රාත්රියේදී මුත්‍රා නිපදවෙන්නේ ඉතා අඩුවෙනි. එහෙත් දියවැඩියාව, හෘදරෝග වැනි ආබාධවලින් පෙළෙන්නන් තුළ රාත්රියේදී අධික ලෙස මුත්‍රා නිපදවේ. ඔවුන් ද රාත්රියේදී කීපවරක් මුත්‍රා පිට වීමද සාමාන්‍ය තත්ත්වයකි. එයට හේතුව වන්නේ දියවැඩියාවට සහ හෘද රෝගවලට දෙනු ලබන ඇතැම් ඖෂධ මුත්‍ර නිපදවීමේ ගුණයෙන් යුතු වීමය.
ගාමිණී සුසන්ත
වතුර වැඩිපුර බීමත් ලෙඩක්
මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගවලින් මිදීමට අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතා වැදගත්. වැඩිහිටියකු දිනකට ලීටර් 2 – 2 1/2 අතර ප්‍රමාණයක් ජලය පානය කිරීම වැදගත්ය. ජලය පානය කිරීම පිළිබඳවද විවිධ මත ඇත. ඇතැම් අය දිනකට ලීටර් 4 – 5 පමණ ප්‍රමාණයක් ජලය පානය කිරීමට පෙළඹී සිටිති. එය නුසුදුසුය.
නව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු සහ මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවය. සාමාන්‍යයෙන් මුත්රාවල මුත්‍රාගල් නිපදවීම වැළැක්වීමේ හැකියාව ඇති රසායනිකයක් ඇත.
අවශ්‍ය පමණට වඩා ජලය පානය කළ විට එම රසායනිකය තනුක වී මුත්‍රාශය ආශි‍්‍රත ගල් නිපදවීමේ හැකියාව වැඩි වෙයි. ඒ නිසා වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම සුදුසු නැත. දරුවකු නම් දිනකට ලීටර් 1 – 1 1/2 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්රමාණවත්ය.
පමණට වැඩිය වතුර බිව්වොත් මුත්‍රාශයේ ගල්
ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝගාබාධ පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරා මහතායි.
වෛද්‍යතුමනි මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව බහුලව ඇතිවන රෝගාබාධ මොනවා ද?
හඳුනා ගැනීමේ පහසුවට මෙම රෝගාබාධ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. එකක් වෛද්‍යමය රෝග අනෙක ශල්‍යමය රෝග. වෛද්‍යමය රෝග ලෙස හැඳින්වෙන්නේ ඖෂධ භාවිතයෙන් සුවකළ හැකි රෝග. ශල්‍යමය රෝග සුව කිරීමට ශල්‍යකර්ම අවශ්‍ය වෙනවා. වෛද්‍යමය රෝග අතරට වකුගඩු අකර්මණ්‍ය වීම (ක්‍රියා විරහිත වීම,) අයත් වෙනවා.
මෙයත් හදිසියේ ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාව සහ දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාව ලෙස කොටස් දෙකයි. දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු වන්නේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගාබාධ නිවැරැදි ලෙස පාලනය නොකිරීමයි. ඊට අමතරව මුත්‍රාශය ආශි‍්‍රතව ඇතිවන ආසාදන නොසලකා හැරීම ද හේතුවක්.
හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට බොහෝවිට හේතු වන්නේ යම් යම් ඖෂධ විෂ වීම, විෂ ශරීරගත වීම, නයි විෂ පොලොන් විෂ ආදිය ශරීර ගත වීම ආහාර විෂ වීම වැනි කරුණුයි.
අනුරාධපුරය ආශි‍්‍රත ප්‍රදේශයේ පැතිර යන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු තවමත් නිවැරැදි ලෙස හඳුනාගෙන නැහැ. මෙවැනි හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයන් එකක්වත් ශල්‍යකර්ම මඟින් සුවකළ නොහැකියි. එහිදී කළ යුත්තේ ඖෂධීය ප්‍රතිකාර කිරීමයි. එසේ සුව නොවුවහොත් කළ යුත්තේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් මඟින් රුධිරය පිරිසිදු කිරීමයි.
වකුගඩු ආශි‍්‍රතව සිදු කෙරෙන ශල්‍යකර්ම වලින් බහුලවම කෙරෙන්නේ වකුගඩුවේ ඇතිවන ගල් ඉවත් කිරීමයි. මුත්‍රාශයේ හෝ වකුගඩුවල ඇතිවන ගල් නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළමයි. එම ගල් නිර්මාණය වීමට බෙහෙවින් හේතු වන්නේ කැල්සියම් ඔක්සලේට් නම් රසායනික ද්‍රව්‍යයයි. ඊට අමතරව කැල්සියම් කාබනේට්, යුරික් ඇසිඩ් ආදිය නිසා ද වකුගඩු මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වෙනවා.
කැල්සියම් ඔක්සලේට් වලින් ගල් නිර්මාණය වීමට හේතු කීපයක්ම බලපාන බව පෙනී යනවා. ප්‍රධාන හේතුව ශරීරයේ ඇතිවන විජලනයයි. සාමාන්‍යයෙන් කැල්සියම් ඔක්සලේට් ස්ථටික මුත්රාවල තිබෙනවා. ශරීරයට ලැබෙන ජලය ප්‍රමාණය අඩු වුවහොත් ශරීරය වියළි මෙම ස්ථටික වකුගඩුවල තැන්පත් වෙනවා. ශරීරයෙන් හොඳින් මුත්‍රා පිට නොවීමට, මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් නිර්මාණය වීම ප්‍රධාන හේතුවක්. මෙම ගල් නිර්මාණය වන්නේ කුඩා ස්ථටිකයකින්.
මෙම ස්ථටික මුත්‍රා සමඟ පිට වූවොත් ගල් නිර්මාණය වන්නේ නෑ. යම් හේතුවකින් (වකුගඩු තුළ නාල අවහිර වීමක් වැනි) මෙම ස්ථටිකය වකුගඩුව ඇතුළේ තැන්පත් වුවහොත් එය වර්ධනය වීමට පටන් ගන්නවා. ඊට අමතරව කැල්සියම් ස්ථටික නිර්මාණය කරන රෝගයක් ඇතැමුන් තුළ තිබෙනවා. මෙය ඉතා කලාතුරකින් දක්නට ලැබෙන රෝගයක්.
ඇතැමුන්ගේ ශරීරයේ කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය වැඩිවන අවස්ථාත් තිබෙනවා. ඒවා සාමාන්‍ය තත්ත්වයන් නොවේ. මෙම සිදුවීම්වලට ශරීරය තුළ සිදුවන යම් යම් ක්‍රියාකාරකම් හේතු වෙනවා. ඇතැමුන් අතර මතයක් පවතිනවා ඉහත රෝගවලට ප්‍රතිකාර කරන අතරතුර කිරි, හාල්මැස්සන් වැනි කැල්සියම් අඩංගු ආහාර නොගත යුතු බව මෙය වැරැදි මතයක්.
කොළඹ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝගාබාධ පිළිබඳ විශේෂඥ ශල්‍යවෛද්‍ය මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරා
මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ගල් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයි?
ප්‍රධාන වශයෙන්ම මෙහිදී ඇතිවන වේදනාව නිසා. එය දැඩි වේදනාවක්. වකුගඩුවල නිර්මාණය වූ ගල වකුගඩුවේ සිට මුත්‍රාවාහිනී ඔස්සේ එළියට පැමිණෙන විට ඇතිවන්නේ විශාල වේදනාවක්. ඇතැමුන්ගේ මතය වන්නේ එම වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතයේදී ඇතිවන වේදනාවට පමණක් බවයි. එම වේදනාව ඉඟටිය ප්‍රදේශයෙන් ඇරැඹී ගල ගමන් කිරීමත් සමඟම මුත්‍රාශය දෙසට ගමන් කරනවා.
ගල පහළට ඒමේදී මුත්‍ර මාර්ගයේ සිරීමක් සිදු විය හැකියි. එවිට මුත්‍රා සමග රුධිරය ගමන් කිරීමට ඉඩ තිබෙනවා. දෙපස ඇති වකුගඩු දෙකෙහිම ගල් තිබේ නම්, වකුගඩු නාල දෙකම සිරවී හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයක් ඇතිවීමටත් හැකියාව තිබෙනවා. වකුගඩුවෙත් මුත්රාශයට එන නාලවල දීර්ඝ කාලයක් ගල් කැබැල්ලක් සිරවී තිබීම වකුගඩු අකර්මන්‍ය වීමට ප්‍රධාන හේතුවක්. ඒ නිසයි, අපි වකුගඩුවල සහ මුත්‍රාශයේ ගල් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ.
මෙම ගල් ඉවත් කිරීමට ඇති ප්‍රතිකාර මොනවා ද?
මුත්‍රාශයේ ගල් දියකර හැරීමට බටහිර වෛද්‍යවිද්‍යාවේ මෙතෙක් ඖෂධයක් සොයා ගෙන නෑ. එසේ වුවත් ගල් මුත්‍රාශයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. එහිදී දෙනු ලබන ඖෂධ මගින් කෙරෙන්නේ මුත්‍රා නාල විශාල කොට ගල පිටතට යාමට සැලැස්වීමයි. එසේ වුවත් වකුගඩු වල ඇති ගලක් ඉවත් කිරීමට ඖෂධ නෑ. එහෙත් විශාල කැපුමක් නොකොට මුත්‍රා මාර්ගය දිගේ නවීන උපකරණ වකුගඩුව වෙතට යවා වකුගඩුවේ ඇති කුඩා ගල් කැබලි කර ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.
මෙම නවීන ශල්‍යකර්ම ක්රමවලදී ශරීරයේ කැපීමක් සිදු කළ යුතු වන්නේ නෑ. එසේ ඉවතට ගත නොහැකි තරමක් විශාල ගල් ඉවත් කිරීමට ඉඟටිය ප්‍රදේශයේ කුඩා සිදුරක් ඇති කොට එම සිඳුරෙන් නවීන ශල්‍ය උපකරණ යවා ගල ඉවත් කළ හැකියි. ඒ නිසා මෙම ශල්‍යකර්ම වලට අද බිය විය යුතු නෑ.
මුත්‍රා දැවිල්ල ඇතිවන්නේ ඇයි?
මුත්‍රා දැවිල්ල ඇතිවීමට හේතු කීපයක්ම තිබෙනවා. ප්‍රධානම හේතුව වන්නේ මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන තත්ත්වයයි. මුත්‍රා මාර්ගයේ ආසාදනයක් ඇතිවූ විට එහි මුත්‍රා ගෑවෙන ගෑවෙන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් එම ආසාදන තත්ත්වය උත්සන්න වෙනවා. ඊට අමතරව වැඩිහිටි පුද්ගලයින්ගේ සහ කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල ඇතිවීමට බලපාන තවත් කරුණක් තිබෙනවා.
ඒ මුත්රාවල ඇසිඩ් ප්‍රමාණය අධික වීමයි. එවිට මුත්‍රා මාර්ගයේ කිසිඳු ආබාධයක් නැති වුවත් අධික දැවිල්ලක් ඇතිවීමට පටන් ගන්නවා. නිතර නිතර සහ දීර්ඝ කාලයක් මුත්‍රා දැවිල්ල තිබීම පරීක්ෂා කළ යුතුයි. එහිදී මුත්‍රා මාර්ගයේ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලිය යුතුයි. අවහිරතාවයක් නොමැති නම් මුත්රාවල ඇසිඩ් ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ ලබාදිය යුතුයි. පිරිමින්ට වඩා කාන්තාවන් මුත්‍රා ආසාදනවලට ලක්වෙනවා වැඩියි.
එයට හේතුව වන්නේ කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි නිසා පහසුවෙන් විෂබීජ මුත්‍රා මාර්ගය තුළට ගමන් කළ හැකි වීමයි. එසේම විවාහ වූ අලුත කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්.
මුත්‍රා කිරීමේදී රුධිරය පිටවීමක් සිදු වූවොත්?
ශරීරයේ ඕනෑම සිදුරකින් රුධිරය පිටවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මුත්‍රා මාර්ගයත් එසේමයි. විශේෂයෙන්ම වයස අවුරුදු 45 ට වැඩි පුද්ගලයින්ගේ මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් සිදු වුවහොත්, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව පිළිකාවක් නැතැයි කියා තහවුරු කරගන්නා තෙක් සැලකිල්ලෙන් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකළ යුතුයි.
වේදනාවක් ඇතිව හෝ නැතිව මුත්‍රා ඉතා තද පැහැයෙන් පිටවීම වෛද්‍යවරයකු හමුවීමට හේතුවක්. පිළිකා ඇතිවන්නේ බොහෝ කලාතුරකින්. එහෙත් මුත්‍රා සමඟ රුධිරය පිටවීම ඉතා සැලකිලිමත් විය යුතු තත්ත්වයක්.
පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ මොනවා ද?
පුරස්ථ ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ පුරුෂයින්ගේ මෞත්‍ර ලිංගික පද්ධතියට අයත්, ශුක්‍රානු නිපදවන ග්‍රන්ථියයි. මෙම ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මුත්රාශයට පහළින්. මුත්‍රා ගමන් කරන මුත්‍ර නාලය ගමන් කරන්නේ මෙම ග්‍රන්ථිය මැද්දෙන්. කිසිඳු හේතුවක් නොමැතිව වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ පටක වැඩී ඉදිමීමට පටන් ගන්නවා. මෙම ග්‍රන්ථිය මැදින් මුත්‍රා මාර්ගය ගමන් කරන නිසා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී පටක ඉදිමීමේ හේතුවෙන් මුත්‍රා නාලයේ සිරවීමක් ඇති වෙනවා.
එහි ප්‍රතිඵලය වන්නේ මුත්‍රා කිරීමට අපහසු වීමයි. මුත්‍රා සෙමෙන් යාම, කඩින්කඩ යාම, බිංදු ලෙස යාම දිනකට දහදොළොස් පාරකට වඩා මුත්‍රා පිට කිරීමට සිදුවීම, මුත්‍රා පහර ඉදිරියට විදීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ මෙහිදී මතු වෙනවා. වයසත් සමඟ ඇතිවන මෙම රෝගයට අමතරව ඉතාම සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවන් නිසා ද ඉහත රෝග ලක්ෂණ මතුවීමේ හැකියාව තිබෙනවා. රුධිර පරීක්ෂාවකින් සහ වෙනත් පරීක්ෂණ කීපයකින් මෙම තත්ත්වය ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි.
රාත්‍රීයේදී කීප වරක් මුත්‍රා කිරීමට අවශ්‍ය වීම රෝග ලක්ෂණයක් ද?
පුරස්ථ ග්‍රන්ථියේ ආබාධ වැනි රෝගාබාධ ඇතිවිට මුත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වෙනවා. යම් කිසිවෙක් රාත්‍රී නින්දට පෙර මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කොට නින්දට යන්නේ නම් රාත්‍රීයේ අවදි වී මුත්‍රා පිට කිරීමක් අවශ්‍ය වන්නේ නෑ. එහෙත් එක් වරක් පමණ අවදි වී මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝගයක් ලෙස සැලකිය නොහැකියි. එසේ නොමැතිව රාත්‍රීයේදී කීප වරක් මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝග ලක්ෂණයක්.
නිරෝගී පුද්ගලයකුගේ ශරීරයේ රාත්‍රීයේදී මුත්‍රා නිපදවෙන්නේ අඩුවෙන්. එහෙත් දියවැඩියාව, හෘද රෝග වැනි ආබාධයන්ගෙන් පෙළෙන්නන්ගේ ශරීරය තුළ රාත්‍රීයේදී අධික ලෙස මුත්‍රා නිපදවෙනවා. එයත් එක් හේතුවක්. එසේම හෘද රෝග වැනි ආබාධ වලට ගනු ලබන ඖෂධ මුත්‍රා නිපදවීම වැඩි කරන නිසා ද රාත්‍රීයේදී වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට සිදු වෙනවා.
මුත්‍රා ආසාදනවලින් තොර ජීවිතයක් ගත කිරීමට නම් අප කුමක් කළ යුතු ද?
අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට ලීටර් 2 ත් 2 1/2 ත් අතර ජලය පානය කළ යුතුයි. ඇතැමුන් දිනකට ලීටර් 4 ක් 5 ක් පමණ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු ක්‍රියාවක් නොවේ.
මෑතදී කරන ලද පර්යේෂණවලදී ඉතා වැදගත් කරුණක් තහවුරු වී තිබෙනවා. ඒ; දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු, මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවයි. මුත්රාවල තිබෙනවා ගල් සෑදීම වළක්වන රසායනිකයක්. අවශ්‍ය පමණට වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙම රසායනිකය තනුක වී ගල් නිපදවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ නිසා වැඩිහිටියකු දිනකට ලීටර් 3 කට වැඩියෙන් ජලය පානය සුදුසු නෑ. ළමයකු ලීටර් 1 ක් 1 1/2 ක් අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්.
මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ; ඕනෑම අයකු තමන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවූ විට මුත්‍රා පහකළ යුතුමයි. එසේ නොමැතිව මුත්‍රාශයේ මුත්‍රා තද කරගෙන සිටීම ඉතා අනුවන ක්‍රියාවක්.
බොහෝ වේලාවක් මුත්‍රාශය පිරී තිබීමෙන් මුත්‍රා බොක්කේ බිත්තිවල ඇදීමක් සිදු වෙනවා. පේෂි දුර්වල වෙනවා. එවිට පසුකාලීනව මුත්‍රා පහ කිරීමේ අපහසුතාව ඇති වෙනවා. මෙම තත්ත්වය කාන්තාවන් අතර ඉතා බහුලයි. අඩු තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්. විශේෂයෙන්ම නිතර මුත්‍රා ආසාදනවලට මුහුණ දෙන කාන්තාවන් මෙය සිහි තබා ගැනීම වැදගත්.
ගාමිණි සුසන්ත
ඡායාරූපය - ගීත් ද මෙල්
මුත්‍රා ආශ්‍රීත රෝග
වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝග අතර මුත්‍රා ආශ්රිත රෝගීන් සමුහයක් දක්නට ලැබෙනවා. මුත්‍රා පිටවීම ක්‍රමවත්ව සිදු වෙනවාද නැද්ද යන්න පිළිබඳව අද බොහෝ දෙනා දැනුවත් වී නැති තරම්. මුත්‍රා පිටවිය යුත්තේ කෙසේද, ප්‍රමාණය, කාල පරාසය, පිටවන ආකාරය මෙන්ම මුත්‍රා ආශ්‍රීත රෝග පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අද අප හා එක්වනුයේ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරායි.
සාමාන්‍ය නිරෝගි පුද්ගලයෙකුට පැය 4-5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනෙන අතර මුත්‍රා කිරීමේදී කිසිදු අවහිරයක් නොමැතිව මුත්‍රා ප්‍රමාණය ගලා ගෙන යෑමක් සිදුවිය යුතුයි. ඒ ආකාරයට සිදු නොවුණොත් රෝගයක මූලික ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි.
මුත්‍රා අමාරුවක් හටගැනීමේදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?
මූලික රෝග ලක්ෂණ වන්නේ මුත්‍රා කිරීමට අපහසුතාවයි. මුත්‍රා කිරීමට අවශ්‍ය වුවත් මුත්‍රා කිරීමට ආරම්භ වන්නේ ටිකක් ප්‍රමාද වීමෙන් පසුවයි. ඇතැම් විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා පිට වන්නට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 45 පසු වූ පසු මෙවැනි රෝග ලක්ෂණ මතුවනවා. එවිට ඔවුන් සිතන්නේ මේ තත්ත්වය වයසත් සමඟ ඇතිවන ප්‍රශ්නයක් යැයි සිතා එතරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් මෙය රෝග ලක්ෂණයක්.
ඕනෑම වයස් සීමාවක අවුරුදු 70-80 වුවත් මුත්‍රා රෝගයක් නොමැති ඕනෑම කෙනෙකුට මුත්‍රා එක දිගට ගලා යාමක් සිදුවනවා. එමනිසා එකවර මුත්‍රා පහව නොයනවා නම් එය රෝගයක ලක්ෂණයක්.
තවත් රෝග ලක්ෂණයක් වන්නේ මුත්‍රා කඩින් කඩ පහවීම සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30-40 කාලයක් තුළදී අවසාන විය යුතුයි. සමහරුන්ට මුත්‍රා පිටවන්නේ කඩින් කඩ. ඒ නිසා තත්පර 30-40 වඩා කාලයක් ටික ටික උත්සාහයෙන් මුත්‍රා යවා ගත යුතු තත්ත්වයක් උදාවෙනවා. තවත් රෝග ලක්ෂණයක් වන්නේ අධික මුත්‍රා පිටවීමේදී ගිනි වතුර පිටවෙනවා සේ දැවිල්ලක් ඇතිවෙනවා.
මුත්‍රා බර දැණුන විට අවට පරිසරය ඒ සඳහා සූදානම් නොමැති නම් ස්වාභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවාගෙන සිටිමට ශක්තියක් තිබෙනවා. සාමාන්‍යයෙන් පැය 1/2 ක් හෝ පැයක් අතර කාලයක් රඳවාගෙන සිටිය හැකියි. මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය අනුව සංඥාවක් එනවා මුත්‍රා කිරීමට අවශ්‍ය බව. නමුත් ඒ මොහොතේ වැසිකිළියට යාමට අවශ්‍ය නැහැ.
ස්වභාවයෙන් මුත්‍රාශය තුළ මි. ලී. 150 පමණ එකතු වනතුරු දරාගැනීමට හැකියාවක් තිබෙනවා. (සාමාන්‍යයෙන් මුත්‍රාශය තුළ මි.ලී. 400 පමණ එකතු විය යුතුයි.) නමුත් යම් යම් රෝගවලදී මේ දරා ගැනීමේ ශක්තිය නොමැති වෙනවා.
මෙලෙස රෝගී වූ අයට දරා ගැනීමේ ශක්තිය නොමැති නිසා එතනම මුත්‍රා යන්නට පුළුවන්. එසේ නොමැති නම් වැසිකිළියට යද්දී මඟදීම යනවා. සාමාන්‍යයෙන් වයස 45 පසු සමහර අයට මුත්‍රා සහ ලේ පිටවනවා. එය බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්ෂණයක්. මුත්‍රා සමඟ ලේ පිටවීමේදී දැවිල්ලක් ඇතිව හෝ දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවෙනවා.
බොහෝ දුරට දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවීම පිළිකා රෝග ලක්ෂණයක්. නමුත් වේදනාවක් ඇතිව රතු පාටට මුත්‍රා පිටවෙනවා නම් එය බොහෝ අවස්ථාවලදී මුත්‍රා ආසාදනයක් ලෙස සැළකිය හැකියි. විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා වේගවත් ලෙස පිටවිය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිටම එය මුත්‍රා මාර්ගයේ හිරවීමක් බවට සනාථ වන්නට පුළුවන්. උත්පත්තීයේදීම දරුවාගේ මුත්‍රා මාර්ගයේ මස් වැදලි තිබෙනවා. මේ මස් වැදලි නිසා මුත්‍රා ගමන් කිරීම අවහිර වෙනවා.
වේගය අඩුවෙනවා. එවිට දරුවා තටමමින් මුත්‍රා කිරීමට නිරායාසයෙන් පෙළඹෙනවා. මෙම රෝගී තත්ත්වය හොඳින් විමසා බැලිය යුතුයි. ඉක්මන් ප්‍රතිකාර කළ යුතුයි. නැත්නම් අනාගතයේදී වගුකඩු අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙනවා. මුත්‍රා බැහැර වීමේ වේගය අඩු වීමක් ඇතිවෙනවා නම් මුත්‍රා මාර්ගයේ විෂබීජයක් ඇතුල් වී මුත්‍රා මාර්ගයේ කැලැල් ඇතිවෙනවා.
එය ඇති වන්නේ මුත්‍රා මාර්ගය ඇතුලේ. මුත්‍රා මාර්ගය බටයක් ආකාරයෙන් පිහිටා ඇති නිසා බටේ සිදුර කුඩා වෙනවා. තරුණ වයසේ පසුවන්නෙක් (අවු 20-25) මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදුවන බව පවසනවා නම් එය සමහර විට සමාජ රෝග නිසා වන්නට පුළුවන්.
පිරිමි අයගේ මුත්‍රා මාර්ගය පිහිටා ඇත්තේ මතුපිට නිසා ඇතැම් විට බයිසිකල් පැදීමේදී බයිසිකල් බාර් එක මත තැලුණොත් මුත්‍රා මාර්ගය තැලෙනවා. කාලයක් ගිය පසු මුත්‍රා මාර්ගය වැසෙන්නට පටන් ගන්නවා. වයස්ගත වීමේදී ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි පුරස්ථි ග්‍රන්ථියේ ඇති වන රෝගී තත්ත්වය. පුරස්ථි ග්‍රන්ථිය යනු ශුක්‍රාණු සඳහා පෝෂණය ලබාදීමට තරලයක් ශ්රාවයවන ග්‍රන්ථියක්.
වයසත් සමඟ ඒ කාර්ය ඉෂ්ටවීමෙන් පසු ක්‍රමයෙන් මේ ග්‍රන්ථිය විශාල වන්නට පටන් ගන්නවා. පුරස්ථි ග්‍රන්ථිය මැද්දෙන් මුත්‍රා මාර්ගය ගමන් කරනවා. එවිට පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙන් මුත්‍රා මාර්ගය හිරවීමට ලක්වෙනවා. වයස්ගත කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ ඔසප් වීම අවසන් වූ පසු සිරුරේ නිපදවන හෝර්මෝන අඩුවීමෙන් මුත්‍රා මාර්ගය ඇකීලීමකට ලක්වෙන නිසා මුත්‍රා සමඟ රුධිරය පිටවීම අතීශයින් භයානක රෝග ලක්ෂණයක්.
එය පිළිකාවක ලක්ෂණයක්. මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය විද්‍යාවේ නීතීයක් තිබෙනවා මෙම තත්ත්වය පිළිකාවක් නොවන බව පරීක්ෂණවලින් ඔප්පු වනතුරු පිළිකාවක් ඇති බව සිතා දිගටම පරීක්ෂණ කළ යුතුයි.
මුත්‍රා ආශ්රිත රෝග හඳුනාගැනීමට කළ යුතු පරීක්ෂණ මොනවාද?
මුලික වශයෙන් මුත්‍රා පරික්ෂණයක් කළ යුතුයි. මුත්රාවල විෂබීජ තිබේද , මුත්රාවල ලේ තිබේද , මුත්රාවල විෂබිජයක් තිබේ නම් දියයුතු ඖෂධ මොනවාදැයි සොයා බැලීමට යූරින් කල්චර් නැමැති පරීක්ෂණය කළ යුතුයි. පසුව වකුගඩුවලට මෙම ප්රශ්නය බලපා ඇත්දැයි සොයා බැලිම සදහා බ්ලඩ් යුරියා ක්‍රියැටිනීන් නැමැති ලේ පරීක්ෂණය කළ යුතුයි.
පසුව උදරයේ එක්ස් රේ පරීක්ෂණයක් කළ යුතුයි. මේ පරීක්ෂණ හරහා මුත්‍රාශයේ හෝ මුත්‍රා මාර්ගයේ ගල් තිබේදැයි පරීක්ෂා කරගත හැකියි. පිළිකා සෛලවලින් යම් යම් වෙනස්කම් ඇත්දැයි සොයාගත හැකියි. වඩාත්ම වැදගත් පරීක්ෂණය වන්නේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණයයි. නමුත් එය කළ යුත්තේ මුත්‍රා මාර්ගයට අවශ්‍ය දත්තයන් ලබාගත හැකි අයුරිනුයි. සමහරවිට අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයට රෝගයක් නැතැයි සඳහන් වෙනවා. නමුත් එයින් සෑහීමකට පත්විය යුතු වන්නේ නැහැ.
ඒ නිසා පළපුරුදු විශේඥ වෛද්‍යවරයකුගෙන් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරගත යුතුයි . වෛද්‍යවරයා විසින් මුත්‍රා රෝග සඳහා ඒ ප්‍රදේශයේ සියල්ලම ආවරණයවන පරිදි අදාළ ඉන්ද්රියයන් පිළිබඳව සවිස්තර වාර්තා ඇතුළත් උදරයේ අල්ට්රා සවුන්ඩ්ස් ස්කෑන් අවශ්‍ය බව දන්වා යැවිය යුතුයි.
එවිට පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය, වකුගඩු නරක්වී ඇතිදැයි ආදිය පිලිබඳව සවිස්තර වාර්තාවක් දැනගත හැකියි. සාමාන්‍යයෙන් උදරයේ ස්කෑන් එකක් කිරීමෙන් පමණක් මේ දත්තයන් ලබාගත නොහැකියි. අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය බොහෝ අය කළත් එම පරික්ෂණයෙන් සාර්ථක දත්ත ලබාගත හැකි වන්නේ පළපුරුදු වෛද්‍යවරයකුගෙන් පමණයි. එහි සත්‍යතාවය තීරණය වන්නේ අල්ට්රා සවුන්ඩ් යන්ත්‍රයේ ප්‍රමිතිය සහ කරන්නාගේ පළපුරුද්ද මත ය. හේතුව වෛද්‍යවරයා රෝගය ගැන තීරණය ගන්නේ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයෙන් දැක්වෙන දත්තයන් මත නිසා.
මෙම සුවිශේෂ වු අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණය නම් කරන්නේ කුමක් ලෙසද?
අල්ට්රා නමින් සඳහන් කළ යුතුයි. එවිට වකුගඩුව සහ මුත්‍රා මාර්ගය ආශ්රිත සියලුම දත්තයන් මෙයට අඩංගු වෙනවා. මෙය තමයි වැදගත්ම පරීක්ෂණයක් ලෙස සැලකෙන්නේ. එසේම මුත්‍රාශයේ යම් ප්‍රශ්න තිබෙනවා නම් තවත් වැදගත් පරීක්ෂණයක් තිබෙනවා. එය එන්ඩොස්කොපි පරීක්ෂණය ලෙස හැඳින්වෙනවා. මුත්‍රාශය ආශි‍්‍රත පෙදෙස හිරිවැටීමකට ලක් කර පොඩි උපකරණයක් මුත්‍රා මාර්ගයට ඇතුළත් කර මුත්‍රාශය තුළ ඇති සියලුම තත්ත්වයන් දැක බලාගත හැකියි. එවිට මුත්‍රාශයේ ඇතුලේ ඇති පිළිකා ගල් පුරස්ථි ග්‍රන්ථියේ විස්තර මේ සියල්ලම නිවැරැදිව බලාගත හැකියි.
මුත්‍රා අඩස්සිය යනු කුමක්ද?
මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවිම නතරවීමයි. මුත්‍රා කැඩි කැඩි පිටවීම සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීිමෙන් අවසානයේදී උදාවන තත්ත්වයයි. අඩස්සිය යනු සාමාන්‍යයෙන් මුත්‍රා පිටවිය යුතු කාල සීමාව වන පැය 4-5 කාලයක (මුත්‍රා පිරුනට පසු) මුත්‍රා පිට නොවනවා නම් එය මුත්‍රා අඩස්සියයි.
නිරෝගී පුද්ගලයෙක් දිනකට කී වතාවක් මුත්‍රා කළ යුතුද?
සාමාන්‍යයෙන් මුත්‍රා පිරීමේ වේගය පැයකට මි.60. මුත්‍රාශයේ පරිමාව 350 හෝ 360 වෙනවා. එවිට දවසට 4-5 වතාවක් මුත්‍රා කිරීම කළ යුතුයි.
රාත්‍රී කාලයේදී අවම වශයෙන් 6-7-8 නිදා ගන්නා පුද්ගලයෙකු මුත්‍රා කිරීම කළ යුතු වන්නේ කොතරම් කාලයක් තුළදීද?
රාත්‍රී කාලයේදී නිපදවන මුත්‍රා ප්‍රමාණය දවල් කාලයේ නිපද වන මුත්‍රා ප්‍රමාණයට වඩා අඩුයි. ස්වභාවධර්මය සකස් වී ඇත්තේ ඒ ආකාරයෙන්. ඒ මිනිසාට සුවදායික නින්දකට යොමු කිරීම සඳහා සාමාන්‍යයෙන් මි.ලී 350-360 අතර තිබෙන නිසා උදේ වනතුරු නැගිට මුත්‍රා කිරීමට අවශ්‍ය නැහැ.
නමුත් රාත්‍රීයේදී නින්ද කැඩී අවදි වී මුත්‍රා බරක් ඇති වේ නම් එයත් රෝග ලක්ෂණයක්. එය බොහෝ දුරට දියවැඩියාව රෝග ලක්ෂණයයි.
සීතල දිනවල වායු සමනය කළ කාමරවල සිටින අයට අධික ලෙස මුත්‍රා පිට වන්නේ ඇයි?
සීත කාලයට දාහඩිය දැමීම අඩුයි. දාහඩිය තුළින් සිරුරේ ජල ප්‍රමාණයක් ඉවතට යනවා. දාහඩිය දැමීම අඩු වූ විට මුත්‍රා ලෙසින් ඒ දාහඩිය පිටවීම සිදුවෙනවා. වායූ සමනය කළ කාමර තුළදීත් සිදු වන්නේ ඒ තත්ත්වයයි.
ශරීරයේ ජලය අපවිත්‍ර ද්‍රව්‍ය ඉතිරි වන්නේ මුත්‍රා සහ දාහඩිය මගින්වන නිසා දාහඩිය අඩුවෙන් පිටවන දිනවලදී මුත්‍රා පිටවීම වැඩි වෙනවා. නමුත් රාත්‍රීය 7-8 ගමනක් නැගිට නින්ද බාධා වී මුත්‍රා පිටවන්නේ නම් එය රෝගයක්. සාමාන්‍යයෙන් අවු 45ට පසු වූ විට රාත්‍රීයේදී එක් වරක් පමණක් මුත්‍රා කිරීමට යෑම රෝගයක් නොවේ. රාත්‍රීයේ නිතර මුත්‍රා කිරීම, දියවැඩියාව, පුරස්ථි ග්‍රන්ථියේ රෝග සහ ස්නායු රෝග නිසා සිදුවනවා.
Code:
http://www.dinamina.lk/arogya/art.asp?id=2012/04/18/apg10_0
මුත්‍රා ගල්
මුත්‍රා ගල්
මුත්‍රා ගල් හටගැනීමේ රෝගය ශ්‍රි ලංකාවේ බහුලව දැකිය හැකි රෝගයකි. මුත්‍රා පද්ධතිය තුල ඕනෑම ස්ථානයක එනම් වකුගඩුව තුල
(Kidney) මුත්‍රා වාහිනී (ureters) තුල, මුත්‍රාශය (Bladder) තුල මෙම ගල් ඇතිවිය හැක. බොහොමයක් මුත්‍රා ගල් සෑදී තිබෙන්නේ
කැල්සියම් ඔක්සලේට් වලිනි.
එම ගල් තරමක් විශාල දුඹුරැ පැහැයක් ගන්නා අතර තියුණු දාර සහිතයි. තවත් සමහර ගල් පොස්පේට් වලින් සෑදී ඇති අතර ඒවා සුදු
පැහැති මතුපිට සුමට ඒවාය. මුත්‍රා වල ආම්ලිකා බව අඩුවූ විට මෙම වර්ගයේ ගල් සෑදීමේ හැකියාව වැඩි වන අතර (උදා: මුත්‍රා
ආසාදනයේදී) එම ගල් වකුගඩුවේ ෙශ්රා්ණිය (Renal pelvis) පිරෙන තරමට විශාල විය හැක.
(staghorn calculi) තවත් සමහර ගල් සෑදී ඇත්තේ යුරික් අම්ල හෝ යුරේට් වලිනි. (uric acid / urate) ඒවා වැලි ඇට වැනි කුඩා
ගල්ය. රාශිය වශයෙන් පවතී. දුලබ මුත්‍රා ගල වර්ග ලෙස සිස්ටීන් (cystine) හා සැන්නින් (Xanthine) ගල් හැදින්විය හැක. මෙම
රෝගයේ රෝග ලක්ෂණයන් එම ගල් තිබෙන ස්ථානය අනුව වෙනස්වේ.
නමුත් මෙහි භයානක තත්වය නම් ඇතැම් මුත්‍රා ගල් කිසිදු වේදනාවක් හෝ රෝගියාට කිසිදු වෙනසක් නොදක්වා නිහඩව සිටීමය.
එවිට රෝගියාට රෝගය පිළිබද දැනගත හැකි වන්නේ විෂබීජ වකුගඩුවට ඇතුළු වී වකුගඩු අක්‍රීය වී රෝගී තත්වය උග්‍ර වූ විටය. මෙය
ඉතාමත් භයානක අවස්ථාවකි. එනිසා මුත්‍රා ගල් වල රෝග ලක්ෂණ දැන සිටීම ඉතා වැදගත්ය. මන්දයත් යම්කිසි පුද්ගලයෙකු තුල
මෙවැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු කරා යොමු විය හැකි බැවිනි.
එනිසා තමා මුත්‍රා ගල් රොගයෙන් පෙලේනම් වෛද්‍යවරයෙකු හමුවී නිසි පරීක්ෂාවට ලක්වී ඔවුන් නියම කරන ඔබට සුදුසු ප්‍රතිකාර
ක්‍රම වලට යොමුවී නිසි ප්‍රතිකාර ලබා ගන්න. එවිට ඔබගේ වකු ගඩු මුත්‍රාගල් නිසා අකර්මන්‍ය වීමෙන් වලක්වාගනු හැකි වනු ඇත .
මුත්‍රා ගල් ඇතිබව දැනගන්නේ කෙසේද?
ප්රථමයෙන්රෝගියාසමගතථාකරරෝගඉතිහාසයලබාගැනීමහාකායිකපරීක්ෂාවක්සිදුකරනුඇත. ඉන්පසුරෝගියාපහත
සදහන්පරීක්ෂණවලටඅවශ්යපරිධියොමුකරනුඇත.
· මුත්‍රා සාම්පල පරීක්ෂාව -Urine full Reportමෙහිදී මුත්‍රා වල ක්‍රිස්ටල් ඇත්නම් හා රුධිර සෛල ඇත්නම් එය මුත්‍රා ගල් ඇති බවට
සැක කරයි. මුත්රාවල සැරවා සෛල ඇත්නම් එය මුත්‍රා ආසාදනය වී ඇති බව දක්වයි
· මුත්‍රා වගාව -Urine cultureමුත්‍රා ආසාදනයක් නිශ්චිත වශයෙන්ම දැනගත හැකිය.
· රුධිරයේ යූරියා ප්‍රමාණය ,ලවණ ප්‍රමාණය, කැල්සියම් ප්‍රමාණය මේවා වැඩිනම් මුත්‍රා ගල් සෑදීමේ හැකියාව වැඩිය.
· එක්ස් කිරණ පරීක්ෂාව90% පමණගල්එක්ස්කිරණඡායාරූපයකින්බලාගතහැක.
· උදරයේ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂාව10% පමණ ගල්එක්ස් කිරණ ඡායාරූපයකින් නොපෙනෙන අතර ඒවා දර්ශනය කිරීමට මෙම
පරීක්ෂාව වැදගත්ය.
· IVU පරීක්ෂණය (Intra venous Urogram)මෙමගින් වකුගඩුවල ක්‍රියාකාරීත්වය වකුගඩු ඉදිමී ඇත්ද යන්න පෙන්වන අතර මුත්‍රා
ගල් ඇති නිශ්චිත ස්ථානය දක්වයි.
· රුධිරයේ යූරියා ක්රියැටිනින් (Serum Creatinine / Blood urea)මෙමගින් වකුගඩු අකර්මණ්‍යවී ඇත්දැයි සොයා බැලිය
හැක.මෙම පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වෛද්‍යවරයා විසින් රෝගියාට සුදුසු ප්‍රතිකාර ක්‍රමය තීරණය කරනු ඇත. අවශ්‍ය නම්
වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඔබව යොමු කරනු ඇත.
මුත්‍රා ගල් සෑදෙන්නේ ඇයි ?
එයට හේතුව නිෂ්චය වශයෙන්ම සොයා ගෙන නැතත් විවිධ හේතු රාශියක් වෛද්‍ය වරැන් විසින් ඉදිරිපත් කර ඇත.
- මුත්‍රා වල සංයුතිය වෙනස් වීම
- මුත්‍රා වල ඇති ඔක්සලේට් ප්‍රමාණය වැඩි වීම. ඇතැම් පළතුරැ (උදා: පේර) ඔක්සලේට් බහුලය.
- මුත්‍රා වල ඇති පොස්ෆේට් ප්‍රමාණය වැඩි වීම.
- රැධිරයේ ඇති කැල්සියම් ප්‍රමාණයේ වැඩි වීම හා මුත්‍රා සමඟ වැඩිපුර කැල්සියම් පිටවිම.රැධිරය හා මුත්‍රා වල
කැල්සියම් වැඩි වීමට හේතු.
- පැරා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි වීම. (Hyperparathyroidism)
- විටමින් ඩී වැඩිපුර ඖෂධ ලෙස ලබා ගැනීම
- කැල්සියම් සහිත ආහාර වැඩිපුර ගැනීම
- දිගු කලක් එක තැන චලනය නොවී සිටීමේදී ශරීරයේ ඇට වලින් කැල්සියම් රැධිරයට එකතු වීම.
රුධිරයේ යුරික් අම්ලය වැඩි වීම හා මුත්‍රා සමඟ වැඩිපුර යුරික් අම්ලය පිටවීම.
- අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ජලය පානය කිරිමත්, උණුසුම් දේශගුණයේදී ඇතිවන විජලනය හේතුවෙන් සාන්ද්‍රණය වැඩි මුත්‍රා පිටවීම
- පුද්ගලයකු ගන්නා ආහාරයේ විටමින් ඒ ඌණතාවය නිසා මුත්‍රා මාර්ගයේ පොඩි කොටස් ගැලවී එම කොටස් වටා ඉහත කී ලවණ තැම්පත් වී ගල් සෑදීම.
- දිගින් දිගට ඇතිවන මුත්‍රා ආසාදන නිසා එම බැක්ටීරියා මඟින් යූරිියා ප්‍රයෝජනයට ගෙන නිපදවන ඇමෝනියා නිසා මුත්‍රා වල ආම්ලික බව අඩුවී පොස්ෆේට් වර්ගයේ ගල් සෑදීම.
- මුත්‍රා මාර්ගයේ මුත්‍රා ගලා යාමට බාධාවන හේතු නිසා මුත්‍රා එකතු වීමෙන්ද ගල් සෑදීමේ හැකියාව වැඩිවේ
උදා: පුරස්ථි ග්‍රන්ථිය ඉදීමී මුත්‍රා මාර්ගය අවහිර වීම.
මුත්‍රා මාර්ගය සිහින් වීම (urethral strictures)
මුත්‍රාශයේ ස්නායු හරි හැටි ක්‍රියාත්මක නොවීමෙන් මුත්‍රා එකතු වීම.
(උදා: පොලිසිස්ටික් වකුගඩු/ polycystic kidney ඇති අයද මේ රෝගයට වැඩිපුර ගොදුරැ වේ.)
මුත්‍රා ගල් ඇති විට දක්වන රෝග ලක්ෂණ මුත්‍රා ගල් වකුගඩුවේ ඇති විට දක්වන රෝග ලක්ෂණ
- පිට කොන්දේ දෙපසින් ඇලපත ප්‍රදේශයේ ඇත වන තද වේදනාව
- ඉදිරියෙන් බඩ ප්‍රදේශයේ වේදනාව
- මුත්‍රා සමග රුධිර වහනය
- නිතර නිතර මුත්‍රා ආසාදන ඇති වීම.
- උණ
- නිතර නිතර මුත්‍රා කිරීම.
- මුත්‍රා දැවිල්ල
මුත්‍රා ගලක් මුත්‍රා වාහිනිය තුල ඇතනම් රෝග ලක්ෂණ
1)ඉවසිය නොහැකි තද කරන්නාක් වැනි වේදනාවක් ඇතිවේ. මෙය කොන්දේ සිට ඉකිලිය දක්වා හෝ
කොන්දේ සිට වෘෂණ කෝෂ දක්වා පැතිරෙනු දැනෙනු ඇත.
2) මුත්‍රා සමග රුධිර වහනය
මුත්‍රාශය තුළ මුත්‍රා ගල් පවතින විට ඇති වන රෝග ලක්ෂණ
1) මුත්‍රා කරන විට එහි අවසාන භාගයේදී තද වේදනාවක් ඇතිවන අතර එය පිරිමින්ගේ ශිෂ්නායේ
කෙලවරට හෝ ගැහැණු අයගේ ලිංගික අවයවය දෙසට ගමන් කරන්නා සේ දැනෙනු ඇත. මේ වේදනාව
ඇගේ චලනයත් සමග වඩාත් තීව වේ.
2) මුත්‍රා පිටවන වාර ගනන වැඩිවීම.
3) මුත්‍රා කර අවසන් වූ පසු යළිත් මුත්‍රා කිරීමට අවශ්‍ය යයි දැනේ.
4) මුත්‍රා කර අවසන් වූ පසු ලේ බිදු කිහිපයක් පිටවීම
5) නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවීම.
මුත්‍රා මාර්ගය තුළ ගල චලනය වනවිට මතුවන රෝග ලක්ෂණ
1) ඉවසිය නොහැකි වේදනාවක් ඇති වීම
2) මුත්‍රා ධාරාව කැඩි කැඩි පිටවීම.
3) එකවර මුත්‍රා යාම සම්පූර්ණයෙන්ම නතරවී මුත්‍රාශයේ මුත්‍රා එකතු වී යටි බඩේ වේදනාවක් ඇතිවීම
යම් පුද්ගලයකු ත්‍රළ ඉහත කී රෝගලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය.
මුත්‍රා ගල්සදහා ඇති ශල්‍යකර්ම
නෙෆ්රො ලිතොටොම්Nephrolithotomy ශල්‍යකර්මය
මෙහිදී වකුගඩුවේ ශල්‍ය කර්මයක් මගින් විවෘතකර ගල් ඉවත් කරනු ලැබේ මුත්‍රා ගල් ඉතා විශාල ලෙස වකුගඩුව පුරා ඇත්නම් හා
එම ගල් නිසා මුත්රාවාහිනියට භාධා එල්ලවෙමින් වකුගඩු ආකර්මන්යවීමේ අවධානමක් ඇත් නම් මෙම ශල්‍යකර්මය සිදු කරනු ලැබේ
පරකියුමේනියස් නෙෆ්රො ලිතොටොම් Percutaneous nephrolithotomy (PCNL) ක්‍රමය
මෙයද නවීන ක්‍රමයක් වන අතර මෙම ක්‍රමය නිසා ඉහත කී ශල්‍ය කර්මයට භාජනය වන රෝගීන් ගනන සැලකියයුතු ප්රමානයකින්
අඩු කර ගැනීමට හැකි වී ඇත මෙමගින් වකකුගඩුවේ ගල් මෙන්ම මුත්‍රා වාහිනීයේ ඉහල කොටටස් ගල්ද ඉවත් කෙරේ මෙහිදී
කැමරාවක් ආධාරයෙන් මුත්‍රා ගල ඇති ස්ථානයට ගල කුඩු කළ හැකි උපකර්නයක් සම සිදුරු කර ඇතුල් කරනු ලබන අතර එමගින්
ගල කුඩුකර කැබලි ඉවතට ගනු ලබයි
ස්ථුලතාවය අධික රුධිර වහනය වන රෝග හා කොදුඇට පෙලේ විකෘතිතා ඇති අය සදහා මෙම ප්‍රතිකාර ක්‍රමය යොදනු නොලැබ්
මෙම ක්‍රමය මගින් වකුගඩුවට හානි වීමේ ඉතා කුඩා අවදානමක් පවතින නමුත් ඉතා සාර්ථකව මුතා ගල් ඉවත්කරන
ක්රමයති
හිස්ටොකොපින් යුරිටරස්නොපින් ඉන්ට්රාකොපොරියල් ලිතොට්‍රිප්සි(Cystoscopic / ureteroscopic intracoporeal lithotripsy)
මෙම ක්‍රමය මගින් මුත්‍රාශය කුල හා මුත්‍ර වාහිනියේ ගල් ඉවත්කරනු ලැබේ මෙහිදී මුත්‍රා නාලය තුලින් කැමරාවත් ආධාරයෙන් LASER
හෝ Elctrohydrolic කූරු ඇතුලත් කර ගල් කුඩා කැබලිවට කඩා ඉවත් කරනු ලැබේ නැත හොත් වයරයක් ආධාරයෙන් ඩෝමියා
බස්කට් නමින් හැදින්වෙන බාල්දියක් නැමැති උපකර්නයක් මුත්‍රාශය හරහා මුත්‍රා වාහිනියට ඇතුලත් කර මුත්‍රා වාහිනියේ ගල්ද
ඉවත්කර හැක
මෙම ප්‍රතිකාර ක්‍රම සියල්ල එක සේ හොද ප්‍රතිපල ලබාදී ඇත එනිසා වෛද්‍යවරයා විසින් ඔබට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය තොරා බේරා
දෙනු ඇත නමුත් අපේ රටේ වැඩිපිරිස ප්‍රතිකාර ක්‍රම වල ඇති අතුරැ ප්‍රතිපල ගැන පමනත් සිතා තමන්ගේ රෝගයට නිසිප්රතිකාර
නොගෙන සිටීමට පුරුදුවී ඇත. නිසි ප්‍රතිකාර ලබා ගන්න එවිට ඔබගේ වකු ගඩු මුත්‍රාගල් නිසා අකර්මන්‍ය වීමෙන් වලක්වාගනු හැකි
වනු ඇත .
මුත්‍රා ගල්සදහා ඇති ESWL (extracorporeal shock wave lithotripsy) ප්‍රතිකාර
මුත්‍රා ගල් ඇතිවු පුද්ගලයෙකු හට ප්‍රතිකාර කිරීමේදී ගල ඇති ස්ථානය එහි ප්‍රමානය පුද්ගලයාගේ රෝග ලත්ෂණ වයස වකුගඩු වල
ක්‍රියාකාරිත්වය යන ආදිය සියළු සාධක සලකා බැලේඑහිදී ගලේ ප්‍රමානය (විශ්කම්භය) 0.5 Cm වලට වඩා අඩු නම් පුද්ගලයාට මුත්‍ර
ආසාධනයක් නැති බව මුත්‍රා පරීක්ෂණයක් මගින් තහවුරුවී ඇතිනම් විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැත
එවැනි රෝගියකුට ප්‍රමානවත් තරම් දිනකට අවමවශයෙන් ලීටර් 02 ක් වත් ජලය පානය කිරීමට උපදෙස් දෙන අතර එමගින් මුත්‍රා
සමග ගල පිටවී යාම පහසු කරයි ESWL ප්‍රතිකාර ක්‍රමය නූතන වෛද්‍යවිද්‍යාවේ ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැලකේ
මෙය මුත්‍රා වාහිනියේ ඉහල කොටසේ හා මැද කොටසේ ඇති ගල් ඉවත්තිරීමෙන් වතුගඩු තුල ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඇති
ගල් ඉවත්කිරීමටත් භාවිතා කළ හැකිය
මෙහිදී රෝගියා වතුරින් පිරිනු මෙට්ටයක් මත තබනු ලැබේ මෙම ක්‍රමය බොහෝ රෝගින්ට වේදනා රහිතයි එමනිසා නිර්වින්දනය
අවශ්‍ය නොවේ නමුත් කුඩා ළමුන්ට හා හා වේදනාවට ඉතාසංවේදී අයට නිර්වින්දනය කිරීමෙන් පසු ESWL කළ හැකිය මෙහිදී අධි
සංඛ්‍යත ධවනි තරංග භාවිතා කරනු ලබන අතර ගල් ඉතා කුඩා කැබලි වලට කැඩී මුත්‍රා සමග පිටවී යයි
මුත්‍රා ගල් ඉතා කුඩා නම් (<5 mm) හෝ ඉතා විශාල නම් (> 5mm) හෝ staghorn වරගය නම් රෝගියා හට අධික රුධිර වහනිය වන
රෝග ( උදා හිමෝපීලියාව) ඇත්නම් හා රෝගියා ගර්බනී නම් ආසාධිත රෝගවලින් පෙලේ නම් ESWL ප්‍රතිකාර ක්‍රමය භාවිතා
නොකරන්න එසේම මුත්‍රාශයේ ඇතිගල් සදහා ද මුත්‍රා වාහිනියේ යටකොටසේ ඇති ගල් සදහාද මෙම ක්‍රමය භාවිතා නොකරයි
ESWL ප්‍රතිකාරය වාර 03 කට වඩා එක පුද්ගලයෙකු ලබා දීම සිදු නොවේ එයට හේතුව එමගින් වකුගඩු වලට හානි සිදුවීමේ
අවදානමක් ඇති බැවිනි
මුත්‍රා ආසාදනවලින් තොර ජීවිතයක් ගත කිරීමට නම් අප කුමක් කළ යුතු ද?
අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට ලීටර් 2 ත් 2 1/2 ත් අතර ජලය පානය කළ යුතුයි. ඇතැමුන් දිනකට ලීටර් 4 ක් 5 ක් පමණ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු ක්‍රියාවක් නොවේ.
මෑතදී කරන ලද පර්යේෂණවලදී ඉතා වැදගත් කරුණක් තහවුරු වී තිබෙනවා. ඒ; දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු, මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවයි. මුත්රාවල තිබෙනවා ගල් සෑදීම වළක්වන රසායනිකයක්. අවශ්‍ය පමණට වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙම රසායනිකය තනුක වී ගල් නිපදවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ නිසා වැඩිහිටියකු දිනකට ලීටර් 3 කට වැඩියෙන් ජලය පානය සුදුසු නෑ. ළමයකු ලීටර් 1 ක් 1 1/2 ක් අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්.
මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ; ඕනෑම අයකු තමන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවූ විට මුත්‍රා පහකළ යුතුමයි. එසේ නොමැතිව මුත්‍රාශයේ මුත්‍රා තද කරගෙන සිටීම ඉතා අනුවන ක්‍රියාවක්.
බොහෝ වේලාවක් මුත්‍රාශය පිරී තිබීමෙන් මුත්‍රා බොක්කේ බිත්තිවල ඇදීමක් සිදු වෙනවා. පේෂි දුර්වල වෙනවා. එවිට පසුකාලීනව මුත්‍රා පහ කිරීමේ අපහසුතාව ඇති වෙනවා. මෙම තත්ත්වය කාන්තාවන් අතර ඉතා බහුලයි. අඩු තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්. විශේෂයෙන්ම නිතර මුත්‍රා ආසාදනවලට මුහුණ දෙන කාන්තාවන් මෙය සිහි තබා ගැනීම වැදගත්.
ela machan.
Thankx for sharing.
rep +
ගොඩක් වටිනා post එකක් මචන්. rep දෙන්න බැලු.අනිවාර්යෙන්ම වෙන වෙලාවක දෙන්නම්.බාගයයි කියෙව්වේ.ඉතුරු ටික නිවාඩු පාඩුවේ කියවන්න ඕන.
thanks machan .....rep denda belu
wedagath saho....
tfs machanzzzzzz