මුතාලිෆ්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    රු.ලක්‍ෂ 15ක සංතෝෂමකට
    මුතාලිෆ් ඝාතනයට ඔත්තුව හමුදාවෙන්ම
    නිලධාරියකු ගැන පරීක්‍ෂණ

    mutha.jpg


    ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

    යුද හමුදාවේ බුද්ධි අංශයේ සේවයේ යෙදී සිටි ලුතිනන් කර්නල් මුතාලිෆ් ඝාතනයට කොටි සංවිධානයට තොරතුරු ලබාදී රුපියල් ලක්‍ෂ 15 ක මුදලක්‌ ලබාගත් හමුදා නිලධාරියකු ගැන ආරක්‍ෂක අංශ මගින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

    මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවති ප්‍රදේශවල ආරක්‍ෂක අංශ මගින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී කොටි ත්‍රස්‌තවාදීන් බැරල් එකක සඟවා තිබූ ලියකියවිලි පරීක්‍ෂා කිරීමේදී මේ සම්බන්ධ ලියවිල්ලක්‌ හමුදා නිලධාරීන්ට හමුවීමෙන් පසු මෙම හමුදා නිලධාරියා පිළිබඳ පරීක්‍ෂණ අරඹා තිබේ.

    මෙම හමුදා නිලධාරියා මීට අමතරව දැනට හමුදා සේවයේ නියුතු මේජර් ජනරාල්වරයකු ඝාතනය කිරීමට කොටි සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවත් ඒ සඳහා ඔහු තවත් රුපියල් ලක්‍ෂ 15 ක මුදලක්‌ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් එම ලියවිල්ලේ සඳහන්වී තිබෙන බවත් හමුදා ආරංචි මාර්ග පවසයි.

    නමුත් ඊට පෙර යුද්ධය අවසන්වීම නිසා එම මේජර් ජනරාල්වරයා ඝාතනය කිරීමට නොහැකිවී තිබේ.


    http://www.divaina.com/2012/06/06/news30.html