සුළඟ මහමෙරක පැටලූ ඉගිලෙන මාළුවෝ සොයා ගිය අමුතු දොස්තරට හමුවූ තනමල්විල කොල්ලෙක්..
අමුතු දොස්තරගේ අමුතු එක්ස්,
නිලංක දහනායක.
නිතරම අපට සමීප මග තොටේ ගමේ ගොඩේ ඕනෑම තැනක හමුවන සරල සාමාන්‍ය පෙනුමක් සහිත සෝබන නැති අපූරු තරුණයෙකි.
නළුවෙක් කිව්වම අපේ හිතට එකවරම මැවෙන්නේ සික්ස් පැක් හදපු සුදු පාට දේහධාරී සිහින කුමාර රූප සම්පත්තියයි.
නමුත් හැකියාවට ඒ සියළුම දේ යටය.
මොහු හැකියාව අතින් විශිෂ්ටයෙකි.
නව පරපුරේ රංගන ශිල්පින් අතර මොහු වෙනම මාර්ගයක ගමන් කරයි විශේෂයෙන්ම අවර ගණයේ මෙගා නාට්‍යවල මොහු නැත,
කවදාවත් ඉවර නොවන එක තැන පල් වන මෙගාා නාට්‍යවලට ඇලීගැලී සිටින සුකුමාර පියරු බබාලා වැනි නළුවන්ට වඩා මොහු ඉදිරියෙන් සිටි.
නිලංකා ඕපපාතිකව ක්ෂේත්‍රයට පිවිසියේ නැත.
සෝමලතා සුභසිංහයන්ගේ නාට්‍ය ඇකඩමිය රන්වල බලකාය, වැනි තැන් වලින්තැන් වලින් හොඳට හදාරා වේදිකාවේ අපූරු චරිත රැසක් මවපු රංගන ශිල්පියෙකු වේ.
වේදිකාව තුල යෞවන සම්මාන උළෙලවල් වලදී හොඳම නළුවාට හිමි සම්මානයඔහු හිමි කරගෙන ඇත.
ග්ලැඩියේටර් ප්‍රේමය ඔහු රඟපෑ වේදිකාවේ අපූරු නිර්මාණයකි.
ඉකිලෙන මාළුවො චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයකටද පණ පෙවූ නිලංක වඩාත් ජනප්‍රිය වූයේ පුංචි තිරය හරහාය.
සුළඟ මහ මෙරක ටෙලි නාට්‍යයෙ රුවන් ලෙස අකීකරු තරුණයකුගේ චරිතයක් නිරූපණය කලේය මොහුගේ රංගනය අතිශයින්ම ස්වභාවිකය.
තන මල්විල කොල්ලෙක්හි කොලු රෑනේ කූරා වූ මොහු අපට සිහිපත් කළේ අපේ මිතුරු රෑනේ සිටින එකෙකු ලෙසය. ඉතාමත් ජනප්‍රියම චරිතයක්විය.
ඊට අමතරව
සහෝදරයා ,අහසින් වැටුණා, අප්පච්චී, දේව දරුවෝ ,මහ පොළොව ,සත්‍යා, අමුතුදොස්තර.
ආදී ටෙලි රැසක විවිධ චරිත නිරූපණය කළේය.
මේ දිනවල අමුතු රංගනයක් අමුතු දොස්තර තුළ දැකිය හැකිය.
එක්ස්ගේ චරිතය ඉතාමත් අසීරු චරිතයකි. දෙබස් නැත සියුම් අංග චලන හා ඉංගිති වලින්ප්‍රධාන වශයෙන් හැඟීම්වලින්ම පෝෂණය කළ යුතු චරිතයකි.
ගමන බිමන මුහුණේ ඉරියව් හරි අපූරුවට ඔහු විදහා පායි.
තෝරා බේරාගෙන අපූරු චරිත මවන නව පරපුරේ අමුතු රංගන ශිල්පියකි.
රැල්ලට හසු නොවූ සීරු මාරුවට නිදහසේ ගමනක් යන මේ යෞවනයාට අපි සුබපතමු.
ඔබට සුබ අනාගතයක්.