මචං , උඹ මුදල් ගත් බවට සාක්ෂි තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ගෙවූ මුදල සඳහන් වෙන පරිදි officially නිකුත්කළ receipt එකක් තියෙන්න ඕනේ. නැත්නම් උඹ මුදල් ලබාගත් බවට සාක්ෂියක් විදිහට temporary receipt එකක් වත් දීල තියන්න ඕනේ.ඔය මොනවත් නැත්නම් ඒ මොහොතේ උඹ මුදල් ගත් ආකාරය තහවුරු වෙන CCTV දර්ශනයක් හරි පෙන්නන්න උන්ට පුළුවන් වෙන්න ඕනේ. මේ මොකවත් නැතුව කට වචනයට නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න අමාරුයි. සාක්ෂි නැතුව චෝදනා ඔප්පුකරන්න බැහැනේ. ඒ නිසා සල්ලි ගත්තේ නැත්නම් බය නැතුව ඉඳපන්. මේ වගේ චෝදනාවක් නගන්න කාලාවරෝධයක් (time bar) තියනවද කියල නම් දන්නේ නැහැ. උඹ මීට පස්සේ උන්ගේ calls වලට answer කරන්න යන්නත් එපා. උන්ට පුළුවන් දෙයක් කරන්න කියපන්.