මුදල් වංචාවකට පුද්ගලයෙක් අනියම් බිරිඳ සමග අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    මුදල් වංචාවකට පුද්ගලයෙක් අනියම් බිරිඳ සමග අත්අඩංගුවට


    වැඩි පොලියක් ලබාදෙන බව පවසා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500ක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු හා ඔහුගේ අනියම් බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම පුද්ගලයා මුදල් වංචා කර ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ "ට්‍රෙඩ්වින් ෂෙයාර්" නම් පීරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමිනි.
    මුදල් වංචා කිරීමෙන් පසු මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ සිය අනියම් බිරිඳ සමග රැඳී සිට ඇති ඔහු ජනතාවගෙන් වංචා කළ මුදලින් ඉඩකඩම්, වාහන මිලදීගෙන අධි සුඛෝපභෝගි ජීවිතයක් ගත කර ඇති බව වාර්තා වෙයි.

    එසේම අනියම් බිරිඳගේ නමින් රුපියල් ලක්ෂ 80ක් ස්ථිර තැන්පතුවක්ද පවත්වාගෙන ගොස් තිබේ.
    ඒ අනුව ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනුණේ වංචා කළ මුදල් ආයෝජනය කිරීමේ චෝදනාව මතය.

    අත්අඩංගුවට ගත් 39 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ අනියම් බිරිඳ නාරාහේන්පිට පිහිටි නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙත අද (27) පස්වරුවේ රැගෙන ආවේය.
     
    • Like
    Reactions: lapaman