මුදා නොගත් ප්*රදේශ

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මුදා නොගත් ප්*රදේශ

    දැනට උතුරු ප්*රදේශ වල ක්*රියාත්මක වන හමුදා මෙහෙයුම් ආරම්භ වීමට ප්*රථම කිලිනොච්චි දිස්ත්*රික්කය සහ මුලතිව් දිස්ත්*රික්කයේ බලය පවත්වාගෙන යෑමට කොටි ත්*රස්තවාදීන්ට අවස්ථාව උදා වී තිබිණි. මීට අමතරව මන්නාරම සහ වව්නියා දිස්ත්*රික්ක දෙකෙහිද සමහර ප්*රදේශ වල බලය එල්.ටී.ටී.ඊ. ය සතුව පැවතිණි.
    ආරක්ෂක හමුදා මන්නාරම යුද පෙරමුණෙන් දියත් කළ මෙහෙයුම් වලින් සහ සිලාවතුර මුදා ගැනීමට දියත් කළ මෙහෙයුමත් සමග මන්නාරම දිස්ත්*රික්කයේ කොටි බලය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට ආරක්ෂක හමුදාවන්ට හැකිවිණි.


    මේ වන විට කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්*රික්ක දෙකෙහි කොටසක සහ වව්නියා දිස්ත්*රික්කයේ උතුරු ප්*රදේශයේ ඉතා සුළු භූමි ප්*රමාණයක බලය එල්.ටී.ටී.ඊ. ය සතුව පවතී. පොදුවේ මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්*රික්ක දෙක එකට ගත් විට වන්නි ප්*රදේශය ලෙස හඳුන්වනු ලැබේ.

    මෙහිදී මුදා නොගත් ප්*රදේශ ලෙස අර්ථ දක්වා ඇත්තේ ආරක්ෂක හමුදාවන් එම ප්*රදේශ වලට ඇතුල් වී නොමැති නිසා බව සඳහන් කරනු කැමැත්තෙනි. මක්නිසාදයත් මුදා නොගත් ප්*රදේශ වලද සියලුම පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නනේ දැනට පවත්නා රජය අධීක්ෂණ යටතේ වීමයි. නමුත් මෙම ප්*රදේශ වල වාසය කරන සිවිල් වැසියන්ට කොටි ත්*රස්තවාදීන්ගේ අණසකට යටත් වී සිටීමට සිදු වී තිබේ.

    නොමිලේ ලබා දෙන සෞඛ්*ය පහසුකම් සහ අධ්*යාපන පහසුකම් මෙන්ම ප්*රවාහන කටයුතු, බැංකු කටයුතු යනාදියද පසුගිය දශක තුන තුලදීම මෙම ප්*රදේශ වල ජනතාවට ලබා දීමට පැවති රජයන් ක්*රියා කර ඇත. රජය මගින් මෙම ප්*රදේශ වල ජීවත් වන සිවිල් වැසියන් සඳහා ලබා දෙන ආහාර, වෛද්*ය පහසුකම් සහ අනෙකුත් අත්*යාවශ්*ය භාණ්ඩ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තම සාමාජිකයන්ගේ අවශ්*යතා සඳහා යොදා ගැනීමටද ක්*රියා කළේ අනෙකෙකු නොව එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන්ය.