මුදිතාව කියන්නේ ඊර්ෂ්‍යාවට විරුද්ධ ධර්මය. රේරුකානේ හාමුදුරුවෝ ලියපු පොතක තිබුණා මෙහෙම කතාවක්. යම්කිසි වරදක් අකුසලයක් කෙරුවම සමහරුන්ට යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා. සතෙක් මරාගෙන කන්නට ගිහිල්ලා සතා මරන මිනිහට මාංශ ප්‍රතිලාභයක් ලැබෙනවා. යමක් හොරකම් කරලා ලබාගන්නට යන මිනිහට හොරකම් කළාට පස්සේ මොකක් හරි ලැබෙනවා. කාමයේ වරදවා හැසිරෙන මිනිහට අඩු වශයෙන් තෘප්තියක්වත් ලැබෙනවා. සමහරවිට බොරු කිව්වට පස්සේ යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙන අවස්ථාත් තියනවා. ඔය නඩුවලින් එහෙම ජයග්‍රහණය කරන්නේ. මේ අය ලෝයර්ස්ලා නිසා දන්නවා. බොරුවෙන්නෙ ජයග්‍රහණය කරන්නේ. එතකොට ඒකත් ලැබීමක් තමයි.
නමුත් ඊර්ෂ්‍යා කළාට පස්සේ මොනවද ලැබෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. මානසික වශයෙන් තමන්ට දුකක් ලැබෙනවා, ශාරිරික වශයෙනුත් ඒක පීඩාවට පත්වෙනවා, තමන්ගේ මුහුණ කැඩපතක් වගේ පෙන්නුම් කරනවා ලෝක සත්වයාට, මේ මනුස්සයා හෝ මේ ස්ත්‍රිය ඉන්නේ සතුටකින් නෙවෙයි නොරුස්සනා ගතියකින් අමනාපයකින් ඊර්ෂ්‍යා ගතියකින් කියන එක. ඒක අකුසලයක්. අකුසලයට අමතරව ශාරිරික මානසික වශයෙන් දුකකට පත්කිරීමක්. එම නිසා ඊර්ෂ්‍යා කිරීමේ කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.
එහෙම බලලා දුකට පත් සත්වයෝ දුකෙන් මිදෙත්වා කියලා කරුණාව පැතිරෙව්වා වගේම, ඊළඟට පතුරුවන්නට ඕන “මේ සියළුම සත්වයෝ ලද සැපතින් නොපිරිහෙලෙත්වා, ලද සැපතින් නොපිරිහෙලෙත්වා” කියලා මුදිතාව.
මේ ලද සම්පත් කියනකොට මේ අය හිතන්නට පුළුවන් මේ යාන වාහන ගෙවල් දොරවල් මිල මුදල් ආදී ලෞකික දේවල්, බවබෝග සැප සම්පත් පමණයි කියලා. ඒවා විතරක් නෙවෙයි. යම්කිසි කෙනෙකුගේ නිරෝගී භාවය සම්පතක්, තරුණභාවය සම්පතක්, උගත්කම සම්පතක්, කීර්ති ප්‍රශංසා, ලාභ සත්කාර, මේවා ඔක්කෝම සම්පත්. ඒ එකකින්වත් පිරිහෙන්නට අවශ්‍ය නෑ කියලා කල්පනා කරන්න.
බොහෝ විට ඊර්ෂ්‍යාව ඇතිවන්නේ තමන් හා ළඟම අය සම්බන්ධයෙන්. අපි හිතමු මේ අය අඳුරන කෙනෙක් කෝටිපතියෙක් වුණා එකවර කියලා. ඉතින් ඊර්ෂ්‍යාවක් ඇතිවන්නට පුළුවන්. වෙන මිනිහෙක් කෝටිපතියෙක් නෙවෙයි කෝටියේ ඒවා කෝටි කෝටි ගණන් හම්බකරගත්තත් තමන්ට ඊර්ෂ්‍යාවක් නෑ. නැත්තම් තමන් අඳුරන් නැති කෙනෙක් ප්‍රසිද්ධියට පත්වෙලා කීර්ති ප්‍රශංසා ලබනවානම් තමන්ට කිසිම ගානක් නෑ. තමන් දන්න කෙනෙක් කීර්ති ප්‍රශංසා ලබනකොට, අන්න එතකොට ඊර්ෂ්‍යාව ඇතිවෙනවා. භාවනා කරනවා මේ අය. මා දන්නවා භාවනා කරන පිරිස් අතරත් ඊර්ෂ්‍යාව ඇතිවෙනවා. කෙනෙකුට පැය තුන-හතරක් එක දිගට එක ඉරියව්වෙන් වාඩිවෙලා භාවනා කරන්න පුළුවන් ශක්තිය දැක්කොත් තමන්ට බැරිනම් ඉතින් හූල්ලනවා. අපි එහෙම අත්දැකීම් ලබලා තියනවා. මිනිස්සු තුන් හාරසීය භාවනා කරන අවස්ථාවලදී සමහර අය අනිත් අයගේ හොඳට දිගට භාවනා කරගෙන යන එක දැක්කට පස්සේ තමන්ට බැරිකම නිසා ඊර්ෂ්‍යා කර නොයෙක් දේවල් කියන-කරන අවස්ථා.
ඒක නිසා ඊර්ෂ්‍යාව කියන එක හැම කෙනෙකුටම ඇතිවෙන්නට පුළුවන්. අනාගාමි වෙනකල්ම වගේ ඊර්ෂ්‍යාව තිබෙනවා. එම නිසා ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි ලද සැපතින් නොපිරිහෙලෙත්වා කියලා සතුටු වෙන එක. “අනේ මේ ලෝක සත්වයෝ ලද සැපතින් නොපිරිහෙලෙත්වා කියලා තව තවත් සැප සම්පත් ලබත්වා” කියලා සතුටු වෙන්නට පුළුවන් ශක්තියක් ලබන්නට ඕන.