මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..

මම එදාත් සුපුරුදු විදිහට ලෙක්චර්ස් ඉවරවෙලා බම්බලපිටිය පැත්තට ඇවිදගෙන ගියා. ඉන්දියානු කෑම කඩේ පහු කරගෙන යනකොට එබේටම ඒ පැත්ත බැලුනේ ඔයා ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉස්සර අපි දෙන්නා කාටවත් නොපෙනී පැය ගාණක් කතා කරන්න ඕනේ වුනාම එන තැන නිසා පුරුද්දට වගේ බැලුණා. ඒත් හිතපු නැති විදිහට ඔයා මගේ ඉස්සරහා හිටගෙන. ඔයාත් මාව දැක්කා කියලා මම දැක්කා. හිනා වෙන්නද නැත්නම් අහක බලාගෙන යන්නද කියලා මට තේරුනේ නැ. මම එතන එහෙම්ම ම ගල් වුණා වගේ බලන් හිටියා. ඒත් ඔයාට එහා පැත්තෙන් තවත් කෙනෙක් ඉන්නවා කියල දැක්කාම මම නතර නොවුණා නම් කියලා හිතුනා.

ලා කහ පාට ඉරි වැටුණු අත් දිග කමිසේ වැලමිට ගාවට නමලා.. කලිසමට උඩින් දාලා.. මතකද ඔය කමිසේ ගන්න ගිය වෙලේ හරියන එකක් වත් හොයාගන්න බැරි වුනාම අපි වෙන කඩේකට යන්න හදද්දිම තමා මගේ අත වැදිලා රැක් එකක තිබුනු කමිස ඔක්කෝම ටික පෙරළුනේ.. ඒ කමිස එකින් එක අහුලන කොට තමා ඔය කමිසේ ඔයා අතට අරන් මේක හොඳයි නේ කියලා මගේ ඇහුව්වේ.. අපෝ.. එදා නම් මම කමිසේ හොඳ ද නරකද කියන්න නෙවේයි ඒක කමිසයක්ද නැද්ද කියලා වත් කියන්න බැරි තරමට බය වෙලා හිටියේ.. වට්ටපු කමිස ඔක්කෝම අපිට ගන්න වෙයි කියලා.. කොහොම වුනත් එදා ඔයා කමිසෙත් අරන් එළියට අවේ සඳු හැමදේම වෙන්නේ හොඳට නේ කියාගෙන.. හැමදේම වෙන්නේ හොඳට නම් අද ඔයා මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නේත් හොඳටද විදූශ?

ඔයා මාව දැක්ක නොදැක්ක ගාණට කාර් එකට නැග්ගා. ආහ්.. ඔයා දැන් කාර් එකකුත් අරන්නේ.. නැත්නම් ඕකත් දෑවැද්දට හම්බු වෙච්ච එකක්ද? අනේ කමක් නැ.. ඔයා සතුටින් වෙන්නැති නේ..
__________________________________________________ __
බීප්..බීප්... බීප්..බීප්..
one message received.
Vidhusha

මේ මොකද මේ වෙන්න යන්නේ? විදූශගෙන් මැසෙජ් එකක්.. මට පුදුමත් හිතුනා ඒක දැක්කාම. අද මූණටම හම්බු වෙලත් මාව දැක්කේ නැ වගේ කාර් එකට නැගලා ගිය මනුස්සයාගෙන් මැසෙජ් එකක්? කියන්න දෙයක් තිබුනා නම් කටින් කියන්න තිබුනානේ...

"සඳු.. ඔයාට කොහොමද? ඔයා මාත් එක්ක තරහින්ද? අද මම ඔයාව දැක්කා. ඒත් ඒ වෙලේ කතා කරන්න ගියා නම් නතාශාටත් ඔයාව introduce කරන්න වෙනවා. එහෙම වුනා නම් එයට ඕනෙනේ වෙනවා ඔයාවත් අපි එක්ක කාර් එකේ දාගෙන යන්න. ඒ එයාගෙ හැටි. මගේ යාලුවෝ එයාගෙත් යාලුවෝ කියල තමා එයා කියන්නේ. එහෙම වුනානම් ඔයාටත් අමාරුයි නේ.. ඒකයි මම කතා නොකර ගියේ.. මාත් එක්ක තරහ වෙන්න එපා සඳු.. මම අසරණයි. take care. බුදු සරණයි.."

ඔයාගේ යාළුවෝ? මට එහෙම අහලා මැසේජ් එකක් යවන්න හිතුනත් බැඳපු ඔයාගේ ජීවිතේට දැන් මම පරණ යාළුවෙක් විතරයි කියන එක මට පිළිගන්න වෙනවා. කමක් නැ විදූශ මම තරහා නැ. ඔයා මාත් එක්ක කතා නොකර ගියපු එකටවත්, මාව දාලා ගිය එකටවත්, මට දීපු පොරොන්දු කවදාවත් ඉටු නොකරපු එකටවත් මම තරහා නැ. ඒත් ඔයා අසරණ වෙලා නැ විදූශ.. ඔයා නෙමෙයි මමයි අසරණ. ඔයාව අමතක කරන්න බැරුව දුක් විඳින මමයි අසරණ.

මම ගමකින් ආපු කෙල්ලෙක්. මගේ අම්මලා තාත්තලා ගමේ මිනිස්සු. ඒත් ඔයා ඒවා දැන ගත්තේ අද ඊයේ නෙමෙයි විදූශ. මම කැම්පස් ආපු මුල් දවස් වල සීනියස්ලට බයෙන් හිටපු මාව තනියම අරන් ඔයා මාත් එක්ක ගොඩාක් කතා කලා. බය වෙන්න එපා නංගියෝ.. ඕනේ උදව්වක් කරලා දෙන්නම්.. මොකද ඔයා බය වෙලා වගේ ඉන්නේ? ඔන්න ඔහොම ලං වෙච්ච ඔයා අන්තිමට මගේ පෙම්වතා වුනා. පළවෙනි වසරේදි තුන්වෙනි වසරේ අයියා කෙනෙක් එක්ක ගොඩ ගිය එක ගැන මට පුංචි ආඩම්බරයක් නොදැනුනාම නොවෙයි.

ඒත් මොනා කරන්නද.. ඔයාගේ අම්මලට ඕනේ වුනේ හොඳ සල්ලි තියෙන ලේලියක්.. ඒ ගොල්ලෝ වැදගත් කියලා කිව්වේ දුක් මහන්සියෙන් හේන් කොටලා සල්ලි හොයාගෙන මාව කැම්පස් එවපු ගමේ ඉන්න මගේ අම්මලා තාත්තලා නෙවෙයි. කාර් වලින් යන එන.. ඒ සී කාමර වල ඉන්න ටයි දාපු අය. විදූශ මම ඔයාලගේ අම්මලා ගැන දැන ගත්තේ මේ ලඟදී.. ඒත් ඔයා එයාලව දැන ගෙන හිටියා නේද? මට ආදරෙයි කියලා කියන්න කලින් ඔයාට මතක් වුනේම නැද්ද ඔයාලගේ අම්මලා මට කවදාවත්ම කැමති වෙන එකක් නැ කියලා? "නඟා මම ඔයාට ආදරෙයි. මගේ ජීවිතේ දැන් ඔයා විතරමයි.." කියලා කියද්දි අම්මලා ගැන මතක් වුනේම නැද්ද? ඔයා නෙමෙයි විදූශ දැන් අසරණ මම.

"ආහ් සඳු ඇත්තද විදූශ බැන්ඳා කියන්නේ?" කැම්පස් එකේ ළමයි මගෙන් අහන කොට මම මොනවද කියන්න ඕනේ කියලවත් ඔයා මට කියලා දුන්නේ නැ එදා.

"සඳු මට අපේ අම්මලට පිටින් යන්න බැ.. මට නතාශාව බඳින්න වෙනවා. මට සමාවෙන්න. මම ඔයාට හැමදාම ආදරෙයි සඳු..ඒත් අම්මලා ඉල්ලන එකම දේ නොදී ඉන්න මට බැ සඳු.."

එතකොට මගේ අම්මලා මගෙන් බලාපොරොත්තු වෙන දේවල්? ඒවා ගැන ඔයාට ගාණක් නැද්ද විදූශ?

ඔයා දැන් රින්ග් කට් දුන්නට ඔයා එවපු මැසෙජ් එකට එවන්න රිප්ලයි එකක් මා ලඟ නැ. ඒත් ආයෙත් ඔයාව දැක්කොත් එදාටත් මම ගල් ගැහිලා නතර වෙලා බලගෙන ඉඳියි. කියන්න දේවල් කොච්චර තිබුණත් ඒ හැමදේකින් ම වෙන්නේ ආයේ ආයේත් තුවාල පෑරෙන එක.. ඒ නිසාම ඔයා කතා නොකර යන එක හොඳයි විදූශ.

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹ පෙනී
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි....
 
  • Like
Reactions: hichchi malli

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්..හ්ම්....
    ඕක තමා අපි හැමෝගෙම කතාව..........

    මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා..........:(
    ස්කයිප් කන්ටැක්ට් ලිස්ට් එකේ ඔන් ලයින් කියල දැක දැකත්, කතා නොකරන්නේ ඒ නිසා නේ මම.......:(
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්....
    කඳුලු තිලිණ කර නොකියම යන්න ගිහින්....
    5505713.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා මේ සිංදුව අහලා තියෙද..? :oo:

    වැව් කණ්ඩියේ මඳපවනේ සුවඳ දිදී
    සුපිපී දිළෙනවා නාමල ඔබට ලැදී
    නෙලාගන්න හැදුවත් අපි ඈත වැඩී
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවල් පැයේ
    සඳ රැස් විහිදලා අයැදී සෙනේ මගේ
    කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැඳී
    නාමල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළොවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ළඟට විෂ කටුවක් වන්න එපා
    කඳුළක් තරම් ඔබ වියොවක් වන්න එපා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රාගය වන් ගිනිගොඩක් ලොව
    සඳකැල්ම වී නිවෙයි නම්
    භාග්‍යවන්තයි සෞම්‍යයි

    පරම පිවිතුරු හදවතක පිරි
    අචල සෙනෙහස නිර්මලක් වී
    චපල කෙරුනේ බිඳී යන්නේ
    උමතු වූ දා රාගෙන්මයි

    නිමල හදකින් පිදෙන සෙනෙහස
    සුමුදු මොළකැටි මලකි සුන්දර
    නිමල හදවත් කුරිරු කෙරුවේ
    අකම්පිත වූ රාගයයි
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උඹලා මේ සිංදුව අහලා තියෙද..? :oo:

    වැව් කණ්ඩියේ මඳපවනේ සුවඳ දිදී
    සුපිපී දිළෙනවා නාමල ඔබට ලැදී
    නෙලාගන්න හැදුවත් අපි ඈත වැඩී
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවල් පැයේ
    සඳ රැස් විහිදලා අයැදී සෙනේ මගේ
    කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැඳී
    නාමල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළොවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ළඟට විෂ කටුවක් වන්න එපා
    කඳුළක් තරම් ඔබ වියොවක් වන්න එපා


    :baffled::baffled::baffled::no:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    හ්ම්..හ්ම්....
    ඕක තමා අපි හැමෝගෙම කතාව..........

    මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා..........:(
    ස්කයිප් කන්ටැක්ට් ලිස්ට් එකේ ඔන් ලයින් කියල දැක දැකත්, කතා නොකරන්නේ ඒ නිසා නේ මම.......:(

    ai ban ea
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ai ban ea
    ඒක මනුෂ්‍ය සන්තානයේ ස්වභාවය බං...!!!
    විරහව වින්දාම මුල දී තමා ඒක දුකක් වෙන්නේ. පස්සේ ඒක ම පුදුම මිහිරක් වෙනවා. ඒ අතීතය තුළ මිනිස්සු ජීවත් වෙනවා. විරහව විදවනව වෙනුවට විදිනවා......
    ඒක පුදුම දෙයක්......අපට විග්‍රහ කරන්න බැරි, බුදුවරුන් වගේ ඉහල තලයක මනස තියන ශ්‍රෙෂ්ඨයන් විසින් පැහදා දිය යුතු දෙයක්..........
     

    Hiran Pradeep

    Member
    May 23, 2009
    29
    9
    0
    galle
    මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්....
    කඳුලු තිලිණ කර නොකියම යන්න ගිහින්....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා..........:(

    TFS