මුරලි 1995 දී පන්දුව දමා ගැසුවාද?
මුරලි 1995 දී පන්දුව දමා ගැසුවාද? -හිටපු ඕස්ට්‍රේලියානු නායකයා වසර 22කට පසු කිව්ව දේ මෙන්න.
මුත්තයියා මුරලිදරන් කියන්නේ ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම දඟ පන්දු යවන්නෙක් කීම අතිශයෝක්තියක් නොවේ. ඒ තරමටම මුරලි දක්ෂතා අතර සිටි ක්‍රීඩකයෙක්.
1995 MCG ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයේදී මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කරමින් ඔස්ට්‍රේලියානු ජාතික ඩැරල් හෙයාර් විනිසුරු විසින් සත් වරක් ඔහුව නිපන්දුකරණය කරන ලදී.
ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සමග එක්වුනු හිටපු ඕස්ට්‍රේලියානු නායක "ස්ටීව් වෝ" එම තරගයේදී මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට කළ චෝදනාව ආසාධාරණ යැයි ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඔහු මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටලුවක් තිබුණා නම් එය තරඟයට පෙර විසඳාගතව තිබූ බවත්,ඩැරල් හෙයාර් මෙන්ම විනිසුරු රෝස් එමර්සන්ද මුරලිට එම චෝදනාව එල්ල කළේ ඔහුට අගෞරව කිරීමේ අරමුණින් බවද පවසා තිබෙනවා.
‘‘එය ඔහුටම ආවේනික ඉරියව්වක්… ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකුලයි කියලායි මම හිතන්නේ . මම හිතන්නෑ ඔහු පන්දුව දමා ගැසුවා කියා..මුරලිට ඒදා වුණ දේ ආසාධාරණයි‘‘..යැයි පවසා තිබෙනවා.
මුරලිට මෙම චෝදනාව එල්ලවූ ටෙස්ට් තරඟයට ස්ටීව් වෝද ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්.
ස්ටීව් වෝ සමග කරන ලද වීඩියෝව පහතින් බලන්න.

Source: Internet

Hats off to ස්ටීව් වෝ...

Source: Internet