මුල්ලෙරියා සටන සිදුවී වර්ෂ 467 ක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    අදට මුල්ලෙරියා සටන සිදුවී වර්ෂ 467 ක් සම්පූර්ණ වේ.

    ලොව ප්‍රබලතම "Berco" කාලතුවක්කු වලින් සන්නද්ධ වූ අපරාජිත පරංගි යුධ යන්ත්‍රය නවතාලූ ඓතිහාසික මුල්ලේරියාව මහා සංග්‍රාමය
    (Rolling back of Portugeese War Machine - Battle of Mulleriyawa in 1559)

    " God is in side with best artillery "
    - Napoleon

    ලොව බිහිවූ විශිෂ්ඨතම යුධ සෙන්පතියෙකු ලෙස සැලකෙන ප්‍රංශ අධිරාජ නැපෝලියන් විසින් ඉහත ප්‍රකාශය සිදුකලේ යුධ සංග්‍රාමයකදී කාලතුවක්කු වෙඩි බලය කෙතරම් තීරණාත්මකදැයි අවධාරණය කරනු පිණිසය. වසර සියගණනකට එපිට ඈතඅතීතයේ එක්තරා දිනෙක පෙරදිග කුඩා දූපතක ධෛර්යවත් වීරෝධාර මිනිසුන් කණ්ඩායමක් එවක ලොවතිබූ නවීනතම කාලතුවක්කු වෙඩි බලය පරදවා ලෝක සංග්‍රාම ඉතිහාසයේ සුවිශේෂී කඩ ඉමක් සලකුණු කලහ.

    ක්‍රිව 1559 වර්ෂයේ සිදුවූ මුල්ලේරියා සංග්‍රාමය සුවිශේෂී වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට එවක ලොව නවීනතම හා අපරාජිත යුද බලයක් වූ පෘතුගීසි හමුදා සේනාංකයක් පෙරදිග කුඩා දූපතක 'නොදියුණු' යැයි සම්මත හමුදාවක් වෙතින් අන්ත පරාජයකට ලක්වීම පමණක් නිසා නොවේ. නූතන බටහිර යුද විද්‍යාවේ "Pitched Battle" යනුවෙන් හදුන්වන සටනට සහභාගි වන දෙපාර්ශ්වයටම විශේෂ වාසියක් නොමැති හා තම අභිමතය පරිදි යුධෝපක්‍රම යොදාගත හැකි විවෘත භූමියක එවකට ලොව විශිෂ්ඨතම කාලතුවක්කු වෙඩිබලය සතු පෘතුගීසි හමුදාවක් සමග මුහුණට මුහුණලා කල සටනකින් පරාජයට පත්කිරීම හේතුවෙනි. මුල්ලේරියා මහා සංග්‍රාමය පිලිබද තොරතුරු විවිධ මූලාශ්‍රයන්ගේ සදහන් වන අතර මෙහිදී මා උත්සාහ ගන්නෙ එම තීරණාත්මක ඓතිහාසික සිදුවීම පිලිබද යුද විද්‍යාත්මක කෝණයෙන් හැකි පමණ පූර්ණ විශ්ලේෂණයක් ( Strategic and tactical analysis from military perspective ) සිදු කිරීමටය. ප්‍රථමයෙන්ම මෙම ඓතිහාසික සිදුවීමට පාදක වූ යුද, දේශපාලනික හා ඓතිහාසික වාතාවරණය පිලිබද අවබෝධයක් ලබාගැනීම ප්‍රයෝජනවත්ය.

    පෘතුගීසින් ලොව අංක එකේ යුද බලයක් බවට පත්වීම

    15 වන ශතවර්ය අග වන විට මිලියනයක පමණ කුඩා ජනගහනයක් සිටි පෘතුගාලය 16 සියවස ආරම්භය වන විට ලෝකයේ සුපිරි යුද බලයක් ලෙස වර්ධනය වී තිබිණි. ශ්‍රේෂ්ඨ උපායමාර්ගිකයෙකු වූ නාවික හෙන්රි ( Henry the navigator ) කුමරුගේ මූලිකත්වයෙන් අධ්‍යාපනික, විදේශ, තාක්ෂණික හා මිලිටරි අංශ වල රාජ්‍ය ප්‍රතිපත්තීන් දැඩි ලෙස නවීකරණය වූ අතර පෘතුගාලය ප්‍රබල නාවික බලයක් ලෙස ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් කඩිනම් ලෙස සකස් කෙරිණි. නාවික හෙන්රිගේ අනුග්‍රහයෙන් ස්ථාපිත නාවික ඇකඩමි තුල එවක ලොව සිටි අදාල ක්ෂේත්‍රයන්හි නිපුණ විශිෂ්ඨයින් මගින් දේශගවේෂණයටත් යුද ශිල්පයටත් කොල්ලකෑමටත් එකසේ සමත් දක්ෂ සටන්කරුවන් බිහිකරන ලදී. රෝම අධිරාජ්‍යයයේ සහ ජර්මානු තාක්ෂණික ශිල්පීන්ගේ දායකත්වයෙන් නවීන, කාර්‍යක්ෂම හා බලගතු කාලතුවක්කු (canon artillery ), පුද්ගල ගිනිඅවි ( small firearms ) මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරන කම්හල් ඉදි කෙරිනි. සාපේක්ෂව කුඩා එහෙත් ඉතා ශක්තිමත් යුදනැව් සාදනු ලැබූ අතර ඒවා ඉතා නිරවද්‍ය ලෙස උපක්‍රමිකව හැසිරවීමට ( tactical maneuvering ) අවශ්‍ය තාක්ෂණයන්ගෙන් සමන්විත වූ අතර ඒවා පරංගි නාවුක හමුදාව ඉන්දියානු සාගරයේ අද්විතීය බලවතා බවට පත්කිරීමට දායක විය. නිරන්තර යුද සරඹ පුහුණුව මගින් විනයවත් පූර්ණකාලීන සෙබළුන් නිර්මාණය කෙරිණු අතර යුධ ඛණ්ඩ ( battle formations) ලෙස ගොඩබිම් සටන් වල යෙදීම සදහා නිරන්තර පුහුණුකිරීම් ක්‍රියාත්මක විය. ඉහත සියලු සාධක හේතුවෙන් 16 වන සියවස මුල්භාගය පමණ වනවිට සාපේක්ෂව කුඩා ජනගහනයකින් සමන්විත වුවත් පෘතුගීසි අධිරාජ්‍යය ලොව ඉහලම යුද බලයක් බවට පත්වූ අතර අංක එකේ නාවික බලය ලෙස නැගී ආවේය.

    පරංගි යුද බලය අද්විතීය කල රහසිගත යුද අවි

    පර්යේෂකයින්ගේ මතය අනුව එවකට ලොව ඉහලම තාක්ෂණයෙන් යුතු කාලතුවක්කු තිබුනේ පරංගින් සතුවය. ඔවුන් සතුව සුමට සිලින්ඩර ( smooth bore) සහිත 'Basiliks', 'Bombards' වැනි විශාල කාලතුවක්කු (heavy cannon ) තිබූ අතර මේවා සදහා මෙවා සදහා කාලතුවක්කු උණ්ඩ (canon ball) ලෙස කලු ගල්, යකඩ හා ලෙඩ් වැනි ද්‍රව්‍ය වලින් සෑදූ උණ්ඩ භාවිතා කරන ලදී. ඔවුන් අතර තිබූ ඉතා සුවිශේෂී අවියක් වූයේ ඉතා ඉහල තාක්ෂණයකින් යුතු පහසුවෙන් හැසිරවිය හැකි 'Berco' නම් කුඩා ජංගම කාලතුවක්කු ( breach loading swivel guns) වර්ගයයි. මේවා සාපේක්ෂව සැහැල්ලු වූ අතර යුදබිමේ ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වූ අතර යුද නැව් හා බත්තල් ආදියේ වුවද සවිකර ක්‍රියාත්මක කල හැකිවිය. නමුත් මේවා සාපේක්ෂව කුඩා කාලතුවක්කු හෙයින් වෙඩි බලය සාපේක්ෂව කුඩා වූ බැවින් මෙම අවි වල වෙඩි බලය වර්ධනය කිරීම සදහා පෘතුගීසින් විසින් ඉතා රහසිගත තාක්ෂණයක් යොදා ගත්තෝය. මෙහිදී සාම්ප්‍රදායික රවුම් හැඩැති යකඩ වලින් පමණක් නිමවු උණ්ඩ ( cannon ball) වෙනුවට ඝනකාභ හැඩැති උණ්ඩ යොදාගත් අතර මූලික වශයෙන් යකඩ මධ්‍යයකින් සමන්විතවූ උණ්ඩයේ පිටත කොටස 'ලෙඩ්' ලෝහයෙන් වලින් සාදන ලද අතර මෙහිදී උණ්ඩයේ විශ්කම්භය කාලතුවක්කු අවියේ බැරලයේ ( cannon barrel ) හා බැරලයේ අවසාන මස්ල් කොටසේ (muzzle ) අභ්‍යන්තර විෂ්කම්භයට වඩා මදක් විශාල වනසේ නිෂ්පාදනය කෙරුනි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික කාලතුවක්කු උණ්ඩය අවියේ බැරලයේ අභ්‍යන්තර සුමට මතුපිට තුලින් (smooth bore) චලනය වීම සදහා බැරලයේ විෂ්කම්භයට සමාන හෝ දශමය ගණනක් කුඩාවට සකස් කරනු ලබයි. උණ්ඩය බැරලයට වඩා විශාල වුවහොත් බැරලයේ සිරවන නිසා ඉහත මුලින් සදහන් කල නව උණ්ඩ කාලතුවක්කු සදහා යෙදීමේ ක්‍රමවේදය පිලිබද විශාල ප්‍රහේලිකාවක් අනෙක් ජාතීන් අතර තිබුනි. නමුත් රහස වූයේ උණ්ඩය විශාලවීම සහ එහි ඝනකාභ හැඩය හේතුවෙන් බැරලයේ හොදින් සිරවන විට අවිය ක්‍රියාත්මක කරවීමේදී උත්පාදනය වන තාපයෙන් උණ්ඩයේ පිටත 'ලෙඩ්' ආවරණය මෘදු වී බැරලයේ හා මස්ල් කොටසේ සිලින්ඩරාකාර හැඩයට සකස් වී ඉතා ප්‍රබල පීඩනයකින් යුතුව උණ්ඩය පිටවීමයි. පර්‍යේඅෂක ආචාර්‍ය Rainer Daehnhar ට අනුව එවක සාමාන්‍ය කාලතුවක්කු වක ඵලදායී වෙඩි පරාසය ( effective fire range) මීටර් 700 වන මෙම තාක්ෂණය ඔස්සේ මීටර 1500 -2000 ක පමණ වෙඩි පරාසයක් ලබාගත හැක. මෙම කුඩා කාලතුවක්කු සදහා පිටුපසින් උණ්ඩ ඇතුලත් කිරීමට හැකි බැවින් (breech loading) කෙටි කාලයක් තුල වැඩි වෙඩි වාර ගණනක් ලබාගත හැකි වීම නිසා ජංගම සංග්‍රාමයන් හිදී ඉතා ප්‍රථිපලදායක විය. එවක සාම්ප්‍රදායික කාලතුවක්කුවකින් එක් වෙඩි තැබීමක් කරන කාලයකදී මෙම කුඩා එහෙත් ප්‍රබල කාලතුවක්කු මගින් සය පාරක් පමණ වෙඩි තැබියහැක. පෘතුගීසින් හා තුර්කි ඔටෝමන්වරු අතර ඇතිවූ සුප්‍රසිද්ධ හෝර්මූස් ( battle of Hormuz) නාවික සටනේදී ඉහත අවි මගින් තුර්කි යුද යාත්‍රා විශාල ගණනක් විනාශවූ ඇති අතර එමගින් එම අවි වල විනාශකාරී වෙඩි බලය පිලිබද අවබෝධයක් ලබාගත හැකිය. මෙවැනි බලගතු අවි රාශියක් මුල්ලේරියා සංග්‍රාමයේදී පෘතුගීසින් විසින් යොදාගනු ලැබූ අතර එම අවි වල සැහැල්ලු බව හේතුවෙන් යුද භූමිය තුල මනා ලෙස හැසිරවීමෙන් ( tactical maneuvering ) සීතාවක සේනාංක වෙත බරපතල අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් විය.

    සුළු අවි පිලිබද විමසීමේදී එවකට ලෝකයේ ඉහලම තාක්ෂණයෙන් තිබූ Matchlock මාදිලියට අයත් Arquebuse අවි පෘතුගීසි හමුදා විසින් යොදාගත් අතර ජර්මන් නිෂ්පාදනයක් වූ එම අවි පෘතුගීසින් විසින් වැඩිදියුණු කොට යොදාගන්නා ලදී. මෙම අවි උරහිස මත තබා දෙඅත් යොදාගැනීමෙන් ක්‍රියාත්මක කලයුතු අතර භාවිතා කිරීමේදී වෙඩි බෙහෙත් අවියේ ලෝහ සිදුරට දමා වෙඩි නූල දල්වා සර්ප හැඩැති ලෝහ කොටසේ වෙඩි නූල රඳවා ට්‍රිගරය තද කිරීමෙන් ක්‍රියාත්මක කලහැකි අතර සාමාන්‍යයෙන් මිනිත්තුවකට උපරිම වශයෙන් වෙඩි දෙකක් තැබිය හැක. සඵල වෙඩි පරාසය (effective fire range) මීටර 70-100 පමණ වේ.

    මුල්ලේරියා මහා සංග්‍රාමය සිදු වීමට ආසන්න වකවානුවේ ලක්දිව යුධ දේශපාලන වාතාවරණය සලකා බැලීමේදී ක්‍රිව 1520 පමණ වන විට ප්‍රතිකානුන් කොළඹ ශක්තිමත් බලකොටුවක් තනා කෝට්ටේ රාජ්‍යයයේ බලය තහවුරු කරගෙන සිටි අතර ප්‍රතිකාල් සෙබලුන් දහසකට වඩා ලක්දිව තුල ස්ථානගතව සිටි අතර ලස්කිරිඤ්ඤ සේනාංක සහ කෝට්ටේ සේනාංක සමග ගත්විට ඔවුන්ගේ යුද බලය ඉතා ප්‍රබල තත්වයක පසුවිය. හදිසි අවස්ථාවකදී ඕනෑම මොහොතක ගෝවෙන් ආධාරක සේනා (reinforcements ) හා උපකරණ ලබාගත හැකිව තිබූ අතර සංග්‍රාම ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සදහා තීරණාත්මක වූ සැපයුම් (logistics ) ඔවුන්ගේ අනභිභවනීය නාවික බලය හරහා අවහිරයකින් තොරව ලබාගැනීමට හැකිවිය.

    සීතාවක යුධ දේශපාලනික වාතාවරණය

    අනෙක් අතට සීතාවක රාජ්‍යය තුල මේ වනවිට වකවානුවේ පැවතියේ කණගාටුදායක තත්වයකි. සීතාවක හදවත තුලටම එල්ල වූ බිහිසුණු හා විනාශකාරී ප්‍රතිකාල් ආක්‍රමණ දෙකක් මගින් ආරක්ෂක බලකොටු , පරිපාලනය සුන්නත්දූලි වී තිබුනි. විශේෂයෙන් ක්‍රිව 1550 දී පමණ ගෝවේ පරංගි වූ ප්‍රතිරාජ ඇල්ෆොන්සෝ නොරොඤ්ඤො ( viceroy Afonso de Noronha) යටතේ එල්ලවූ දරුණු ආක්‍රමණය ඉත විනාශකාරී වූ අතර එහිදී සීතාවක අගනුවර ගිනිබත් කල අතර රාජමාලිගයේ පාදම් පවා උගුල්ලා සියලු දේ කොල්ල කා විනාශ කරනු ලැබ තිබුනි. සීතාවක යුධෝපකරණ නිෂ්පාදන යාන්ත්‍රණය (military -industrial complex) සෑහෙන දුරට බිඳ වැටී තිබූ අතර නිරන්තර යුද විනාශයන් හේතුවෙන් රාජ්‍යයේ ආදායම් ආදිය කණගාටුදායක ලෙස පහත වැටී තිබුනි. ළදරු අවදියේ සිටම යුදගිනි මැද මව් සෙනෙහස අහිමිව ඇති දැඩි වූ ටිකිරි කුමරුවනට රජමාලිගයක සැප විදීමට ලැබුනේ ඉතා අඩුවෙන් වන අතර ඔහුගේ පැටි විය වැඩි වශයෙන් ගෙවුනේ සීතාවකට නුදුරු දැරණියගල වැනි ගිරි දුදුලු අතරය. එවකට සීතාවක වෙඩි බලය ඉතා ළදරු අවදියේ තිබූ අතර ප්‍රධාන වශයෙන් යුධෝපකරණ සමන්විත වූයෙ හෙලි, පලිස්, කඩු, දුනු වැනි ආයුධ වලින් වූ අතර ගිනි අවි හ වෙඩි බෙහෙත් සමන්විත වූයේ ඉතා මඳ වශයෙනි. ( ක්‍රිව 1588 දී පළමු වරට කොලබ පරංගි කොටුව වැටලීම සිදුවන විට සීතාවක වෙඩි බලය බෙහෙවින් වැඩිදියුණු වී තිබූ අතර දියුණු මට්ටමේ කාලතුවක්කු පවා තිබුණි.) සීතාවක හමුදා වෙතින් කෝට්ටේ රාජයයේ විවිධ ප්‍රදේශවලට හදිසි පහරදීම් ආදිය සිදුකල අතර කොළඹ කොටුවේ සිට සීතාවක වෙතට ද පරංගි ආක්‍රමණ විටින් විට එල්ල විය. මෙම ආක්‍රමණ බොහෝවිට එල්ල වූයේ කැලණි ගංගාව ඔස්සේ ජංගම කාලතුවක්කු සවිකල පාරු ආදිය යොදාගනිමින් සහ ගංගාවේ දකුණු ඉවුර ඔස්සේ ( අද පවතින අවිස්සාවේල්ල -පිටකොටුව පැරණි මාර්ගයට සමීපවය )පාබල ආක්‍රමණ වශයෙනි. ගංගාව ඔස්සේ එල්ල වන ආක්‍රමණ වළක්වාලීම සදහා හේවාගම, රග්ගහවත්ත වැනි ප්‍රදේශ වල කැලණි ගග හරහා දම්වැල් ඇද තිබූ අතර ගංගාවේ උතුරු ඉවුරේ මල්වානට ආසන්නව මාපිටිගම ප්‍රදේශයේ ඉහල භූමියක (high ground ) ශක්තිමත් යුද බලකොටුවක් ගොඩ නගා තිබුනි. ආක්‍රමණයකදී සාපේක්ෂව ඉහල භූමියක ස්ථානගත වීම වාසිදායක වන අතර පහසුවෙන් සතුරු චලනයන් නිරීක්ෂණය කලහැකිවීමට අමතරව ආක්‍රමණයට එරෙහිව හොදින් ප්‍රතිප්‍රහාර එල්ල කලහැකිවේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    සීතාවක යටත් කිරීමේ පෘතුගීසි සැලසුම


    ක්‍රි.ව.1559 දී එවකට කොලබ ප්‍රතිකාල් ප්‍රධාන සෙන්පති වූ Jom Gorge de Menses Baroche විසින් සීතාවක රාජ්‍යය සම්පූර්ණයෙන්ම යටත් කරගැනීම සදහා සැලසුම් සකස් කල අතර ඒ අනුව ප්‍රථමයෙන් මාපිටිගම බලකොටුවට පහර දී විනාශ කර ඉන්පසුව සීතාවක අභ්‍යන්තරය වෙත ආක්‍රමණය දියත් කිරීම සඳහා සැලසුම් සකස් කෙරිනි. මේ අනුව කොළඹ සිට කැලණි ගඟ දකුණු ඉවුර ඔස්සේ ගඟට සමාන්තරව ගොඩබිම හරහා පාබල ආක්‍රමණයක් සැලසුම් කෙරුනු අතර ගංගාව ඔස්සේ ඔරු, පාරු යොදාගනිමින් සැපයුම් ආදිය (logistics) සැලසුම් කෙරිනි. කැලණි ගංගාවේ උතුරු ඉවුරේ සියනෑ කොරළයේ පිහිටා තිබූ මාපිටිගම බලකොටුව වෙත පහරදීම සදහා ගංගාව තරණය කිරීම අවශ්‍ය වූ අතර ප්‍රථමයෙන් දකුණු ඉවුරේ ස්ථාපනය කරන ලද සීතාවක ආරක්ෂක සංවිධානය විනාශ කර ඉන් පසුව කැලණි ගංගාව තරණය කිරීමට සැලසුම් කරන ලදැයි මූලාශ්‍ර විශ්ලේෂණයෙ කිරීමේදී පෙනීයයි. මෙම සැලසුම් පිලිබද දැනුවත් වූ එවකට සීතාවක හමුදාවන් මෙහෙයවූ ටිකිරි කුමරුන් විසින් ආක්‍රමණයට මුහුණදීම සදහා විශිෂ්ඨ සංග්‍රාමික සැලැස්මක් සකස් කල අතර ඒ අනුව පියවර කීපයක් ඔස්සේ ආක්‍රමණයට මුහුණ දීමට තීරණය කෙරිණි. මෙහිදී ආක්‍රමණික සේනා සීතාවක රාජ්‍යයේ සමීපයට පැමිණීමට පෙර ඔවුන්ගේ සංග්‍රාමික හැකියාව හැකිතාක් දුර්වල කිරීම සදහා වික්‍රමසිංහ මුදලි යටතේ කුඩා සේනාංකයක් හේවාගම සිට කැලණි ගගේ දකුණු ඉවුර ඔස්සේ ඉදිරියට මෙහෙයවුනු අතර මුහුණට මුහුණලා හමුවූ ප්‍රතිකාල් සේනාව සමග දරුණු සටන් ඇවිලුනු අතර මෙහිදී සීතාවක සේනාංක වෙත සැලකියයුතු හානි සිදුවූ අතර උපක්‍රමශීලී ලෙස ආපස්සට පසුබැසීම සිදුවිය. මෙහිදී මීටර 1800 කට වඩා දුරකට අඛණ්ඩ වෙඩි බලයක් ලබාදිය හැකි berco ජංගම කාලතුවක්කු (mobile artillery ) ඉතාම තීරණාත්මක විය. මෙම අතරමග සටන් මගින් ප්‍රතිකාල් සේනා වලටද තදබල හානි සිදුවූ අතර ඔවුන්ගේ වෙඩිඋණ්ඩ, වෙඩිබෙහෙත් ආදී යුධෝපකරණ (ordanance) විශාල ලෙස වැයවී තිබුනි. ඊට අමතරව සඳහන් කලයුතු වැදගත් කරුණක් වන්නේ කොලබ මූල කදවුරේ සිට විශාල දුරක් පැමිණ තිබූ බැවින් ඔවුන්ගේ සැපයුම් මාර්ග තුනී වී (overextended logistics) තිබීමයි. සීතාවක පසු බැසීමෙන් ධෛර්යවූ පරංගි සෙන්පති මෙන්සස් සීතාවක සේනාව හඹාගෙන යාමට තීරණය කල නමුත් තත්වයේ බැරෑරුම් කම වටහාගත් පළපුරුදු සෙබළුන් එයට එරෙහිවූ බැවින් මුල්ලේරියාව / අඹතලේ ප්‍රදේශයේ කැලණි ගංගාවේ දකුණු ඉවුරේ ගගට ආසන්න තැනිතලා වගුරු බිමක කඳවුරු ගත වීමට තීරණය කරනු ලැබීය.


    ටිකිරි කුමරුන්ගේ විශිෂ්ඨ සංග්‍රාමික සැලැස්ම

    (Tactical battle plan of Tikiri Bandara)


    මේ අතර තම සටන් සැලසුමේ ඊලඟ තීරණාත්මක පියවර ක්‍රියාත්මක කිරීමට කටයුතු කල ටිකිරි කුමාරයන් යුහුසුලුව ඉදිරි මහා ප්‍රහාරය සැලසුම් කරන ලදී. ඒ අනුව පෘතුගීසි කදවුරේ ස්ථානගතවීම හා අවට භූගෝලීය පිහිටුම සලකා පෙරමුණු දෙකකින් ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන ලද අතර කොරතොට, අතුරුගිරිය හා හෝකන්දර ආදී ප්‍රදේශවල ඉලංගම් සටන්හි නිපුණ පළපුරුදු සටන්කරුවන් දහසක පමණ සේනාංකයක් ඉතා රහසිගතව පෘතුගීසි කදවුරු සංකීර්ණයට පිටුපසින් ( කොළඹ දෙසට) කැලණි ගගට සමාන්තරව රදවන ලද අතර එහි අරමුණ වූයේ ඉදිරිපසින් එල්ලවන ප්‍රහාරයකදී සතුරු සේනා කොළඹ දෙසට පසුබැසීම වැළැක්වීමටය. (අංක 2 සිතියම) මෙය ඉතා විශිෂ්ඨ සංග්‍රාමෝපායක් බව පසුව සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි විය.

    ප්‍රධාන ප්‍රහාරය පෘතුගීසි කදවුර ඉදිරිපසින් පළල් මුහුනතක් (wider battle front) ඔස්සේ සැලසුම් කරන අතර එහි අරමුණ වූයේ පෘතුගීසි කාලතුවක්කු වෙඩි බලය පටු මුහුණතකට සංකේන්ද්‍රණය ( artillery concentrations) වීමෙන් ඇතිවියහැකි විනාශය වැළැක්වීමය. ප්‍රහාරක පෙරමුණෙහි මධ්‍යය සන්නද්ධ හස්තීන් සහිත ප්‍රධාන ප්‍රහාරක සේනාංකයෙන්ද දෙපස සහ පැති ආරක්ෂාව ( flank defenses ) පලිස්කරුවන් ආදීන්ගෙන සමන්විත සේනාංක දෙකකින් සමන්විත විය.

    ප්‍රධාන අභියෝගය වූයේ අතිශය විනාශකාරී කාලතුවක්කු වෙඩි පරාසය (Artillery firing range) හැකි උපරිම වේගයෙන් තරණය කොට පෘතුගීසි ඉදිරිපෙළ වෙත කඩාවැදීම වන අතර ඒ සදහා සටන් මුහුණතේ සන්නාහ සන්නද්ධ හස්තීන් පෙරටු කරගෙන ඔවුන්ගේ ආවරණය යටතේ කඩු, පලිස්, හෙලි ආදියෙන් සන්නද්ධ පාබල සේනා ඉදිරියට මෙහෙයවන ලදී. මෙහිදී කාලතුවක්කු ප්‍රහාර වල අධික ශබ්දය හේතුවෙන් හස්තීන් කුලප්පුවී යාම් සිදුවූ අතර පාලනය සදහා විශාල දම්වැල් ආදිය යොදාගත් බවට සාධක ඇත. සටනක සාර්ථකත්වය සදහා ඉතා වැදගත් වන අණ හා පාලනය ( command and control) පවත්වා ගැනීම සදහාද මෙවැනි ප්‍රහාරයක්දී ඉතා වැදගත් වන ධෛර්යය හා උද්යෝගය ( morale ) පවත්වා ගැනීම සදහාද තරුණ ටිකිරි කුමරුන් අශ්වයකු පිට අරා සම්පූර්ණ සටන් පෙරමුණ ආවරණය වන සේ වේගයෙන් අසු විහිදුවාලමින් නොනවතින රැළි සේ සේනා ඉදිරියට මෙහෙයවන ලදී. කාලතුවක්කු වෙඩි පරාසය සම්පූර්ණ කල පසු පෙර සදහන් කල Archebus පුද්ගල ගිනි අවි පරාස දුර (මී. 80) තරණය කර නැවත නැවතත් වෙඩි බෙහෙත් යොදා පහරදීමට පෙර සතුරු ඉදිරි පෙළ බිදදැමීම සීතාවක අණදෙන්නන්ගේ අභිලාෂය විය. ප්‍රතිකාල් ඉදිරිපෙළ වෙත කඩා වැදුනු හෙලි, කඩු, දුනු, පලිස් ආදියෙන් සන්නද්ධ සීතාවක සෙබළුන් හා පෘතුගීසි සෙබළුන් අතර මුහුණට මුහුණලා දරුණු සටන් ඇති වූ අතර ලෝක යුද ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මුල්ලේරියා මහා සංග්‍රාමය ඇවිලී යන්නට විය. වෘත්තීය හා නවීන යුධ ශිල්ප ක්‍රමයන්හි හසල වූ පෘතුගීසි හා ලස්කිරිඤ්ඤ සෙබළුන් ඉතා නිර්භීතව සටන් කලමුත් ක්‍රමක්‍රමයෙන් නියත පරාජය නොවැළැක්විය බව පැහැදිලි වන්නට විය.


    මහා වටලෑම (අංක 1 සිතියම)


    මේ අතර පෘතුගීසි ඉදිරිපෙළ වේගයෙන් බිද වැටෙනු දුටු සංග්‍රාමශූර ටිකිරි කුමරු ප්‍රමුඛ සීතාවක අණදෙන්නන් පෘතුගීසි මහා සේනාව පුර්ණ වශයෙන් වැටලීම සදහා පැති ආරක්ෂක සේනා දෙපසට මෙහෙයවමින් (Outflanking maneuvers) සතුරු සේනාව දෙපසින් වැටලීම සිදු කරනවිට පසුපස (පස්සපොරොත්තුවේ) ස්ථානගත කර සිටි සිටි හේවාගම් කෝරළයේ විශේෂ සේනාංකය ගස් කදන් ආදිය කපා දමමින් සියලු ප්‍රවේශ මාර්ග අවහිර කරමින් පෘතුගීසින් ට මදකුදු පසුපසට ( කොළඹ දෙසට) පසුබඇසීමට නොහැකි වනසේ වැටලීම සම්පූර්ණ කිරීම සදහා එක්විය. සුප්‍රකට "කැනී" මහ සටනේදී (battle of Cannae) කාර්තේජියන් මහසෙන්පති හැනිබල් විසින් දැවැන්ත රෝම සේනාව වැටලූ පරිද්දෙන් සීතාවක සේනාවෝ ප්‍රතිකාල් සේනාංකය මුලුමනින්ම වටකොට විනාශකිරීම ආරම්භ කරනලදී. ඉතිහාසයේ සදහන් වන පරිදි පැය 16 ක පමණ කාලයක් අඛණ්ඩව පැවැතී සටනේදී ක්‍රමක්‍රමයෙන් ප්‍රතිකාල් යුද සංවිධානය බිදවැටුනු අතර පූර්ණ පරාජය නොවැළැක්විය බව දිස්වුනු විට පෘතුගීසි සෙන්පති මෙන්සස් නැවත සටන් පෙළ ගොඩනැගීමට මහත් ලෙස උත්සාහ ගත්තද එය අසාර්ථක වූ බැවින් පසුපසට පසුබැසීම සදහා උත්සාහ ගන්නා විට ගස් කදන් ආදිය යොදා සියලු පසුබැසීමේ ප්‍රවේශ අවහිර කොට තිබුනි. මෙම තීරණාත්මක මොහොතේදී අනපේක්ෂිත ලෙස ඇන්ටෝනියෝ ලොම්බා (Antonio dias de Lomba) නමැති ප්‍රතිකාල් යුද නිලධාරියා විසින් ප්‍රබල 'Berco' කාලතුවක්කු ප්‍රහාරයක් ( Artillery barrage ) සීතාවක සේනා වෙත එල්ලකිරීම හේතුවෙන් මොහොතකට සීතාවක සටන් රේඛාව බිදවැටුනු අතර එම අවසරයෙන් ඉතිරි වී සිටි ඉතා සුළු සංඛ්‍යාවක් වූ පෘතුගීසි හා ලස්කිරිඤ්ඤ සෙබළුන් පිරිසකට පමණක් උතුරු දෙසින් පිහිටි කැළණි ගංගාවේ ස්ථානගත කරතිබූ පාරු වෙත යාන්තමින් ලගාවීමට හැකි වූ අතර දහස්ගණනක් වූ අතිබහුතරයක් පෘතුගීසි ආක්‍රමණික සේනාව සම්පූර්ණයෙන් විනාශයට පත්විය. අනභිභවනීය යැයි සලකන ලද පෘතුගීසි යුද කීර්තිය තීරණාත්මක ලෙස පරාජයට පත්විනි.සංග්‍රාමයේ තීව්‍රතාවය හා පරිමාණය කොතරම් දැයි කිවහොත් ගලාගිය රුධිරයෙන් මුල්ලේරියා වගුරුබිම/ වෙල හි ජලය රත් පැහයට හැරවුනු බව ඉතිහාසයේ සදහන් වී ඇත. ටිකිරි කුමාරයන්ගේ විශිෂ්ඨ සංග්‍රාමික තීරණයක් වූ හේවාගම් කෝරළයේ විශේෂ සේනාංකය පෘතුගීසි සේනාවේ පසුපස ස්ථානගත කිරීම මගින් කොළඹ වෙත පසුබැසීම වැළැක්වීම ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූවක් බව මූලාශ්‍ර විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වෙයි.


    මුල්ලේරියා සටනින් ඇතිවූ අවමන් සහගත පරාජයෙන් ඇතිවූ අපකීර්තිය මගහරවා ගැනීම සදහා ගෝවෙන් අතිරේක සේනා සහය ලබාගත් පෘතුගීසින් නැවතත් ප්‍රහාරයක් දියත් කිරීමට උත්සාහ ගත් අතර සීතාවක සෙන්පති උඩහමුල්ලේ වික්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් රග්ගහවත්තේදී එම ආක්‍රමණයද අන්ත පරාජයකට ලක්කෙරිනි. ක්‍රිව 1565 වනවිට සීතාවක යුද ශක්තිය දරාගත නොහැකි වූ පෘතුගීසි ආධිපත්‍යය කෝට්ටේ රාජ්‍යයයේ ප්‍රදේශ වලින් ගිලිහී කොළඹ කොටුවට පමණක් සීමාවිය.


    තම ලෙයින්, මසින් හා ජීවිත මතින් අප්‍රමාණ පරිත්‍යාග කරමින් ලෝක යුධ ඉතිහාසයේ තම නාමය රන් අකුරින් සනිටුහන් කරමින් මාතෘ භූමියේ ගෞරවය රක්ෂා කල හේවාගම් කෝරළය ඇතුළු සීතාවක වීරෝධාර ජනතාවට මෙම කුඩා සටහන උපහාරයක් වේවා යයි ප්‍රාර්ථනා කරමි.

    - කපිතන් (විශ්‍රාමික) රංග කටුගම්පල


    මූලාශ්‍ර :

    1.Rajavaliya - edition of Rev. Watuwatte Pemananda Thero

    2. Ceylon and Portuguese from 1505 to 1658 by Peiris PE

    3. The Historic Tragedy of Ceilao by Joao Ribeiro, PE Peiris

    4. THE HISTORY OF CEYLON, FROM THE EARLIEST TIMES TO 1600 A.D.

    by João de Barros, Diogo do Couto and Donald Ferguson

    page of Piero Perondi

    සීතාවක හා හේවාගම් කෝරළයේ ජනප්‍රවාද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,287
    113
    35
    Spain
    ලංකාවේ තුවක්කු, කාලතුවක්කු බලන්න ක්‍රෞතුකාගාරයට යන්න. ලංකාවේ තුවක්කු තියෙනවා. සුද්දෝ කරේ ඔය දැනුම වර්ධනය වෙන එක වලක්වන්න තුවක්කු නිෂ්පාදනය තහනම් කරපු එක, තුවක්කු තියාගන්න ලයිසන් දුන්නෙත් සෑහෙන පහුවුණු කාලෙක. දැනුත් සුද්දන්ගේ නීති අනුවම ලංකාවේ කම්මල්කාරයෙක්ට තුවක්කු හදන්න බෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    ලංකාවේ තුවක්කු, කාලතුවක්කු බලන්න ක්‍රෞතුකාගාරයට යන්න. ලංකාවේ තුවක්කු තියෙනවා. සුද්දෝ කරේ ඔය දැනුම වර්ධනය වෙන එක වලක්වන්න තුවක්කු නිෂ්පාදනය තහනම් කරපු එක, තුවක්කු තියාගන්න ලයිසන් දුන්නෙත් සෑහෙන පහුවුණු කාලෙක. දැනුත් සුද්දන්ගේ නීති අනුවම ලංකාවේ කම්මල්කාරයෙක්ට තුවක්කු හදන්න බෑ.
    ඊළග සතියේ වගේ යන්න ඉන්නේ කෞතුකාගාර වටයක්. බලන්න ඕනි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    අපරාදෙ හුත්තො
    ඔය සටන් ඔක්කොම කරේ බල පෙරේත රජවරු රදලයො
    සිංහල රජවරුත් රටේ උන්ට බල්ලන්ට වගේ සලකපු ජාතියක්. ඒ අතින් සුද්දො හොදයි
    🥲 සොරි හිත රිදුන නං
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,311
    1
    13,226
    113
    Gotham City
    ක්‍රිස්ටොපර් නෝලාන් ගෙ ෆිල්ම්ස් වල වයිබ් එකට මේ මුල්ලේරියා සටන ගැන චිත්‍රපටයක් හැදුවානම් නරකද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    ක්‍රිස්ටොපර් නෝලාන් ගෙ ෆිල්ම්ස් වල වයිබ් එකට මේ මුල්ලේරියා සටන ගැන චිත්‍රපටයක් හැදුවානම් නරකද ?
    මරු නෙ. වැඩේ කියන්නේ casting වලට ඉන්දියාවෙන් තමා ගෙන්න වෙන්නේ. එක්කෝ අලුතෙන්ම එකෙක් හදලා ගන්න වෙයි.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,311
    1
    13,226
    113
    Gotham City
    මරු නෙ. වැඩේ කියන්නේ casting වලට ඉන්දියාවෙන් තමා ගෙන්න වෙන්නේ. එක්කෝ අලුතෙන්ම එකෙක් හදලා ගන්න වෙයි.
    අපෙ උනුත් වරදක් නැහැ ,හරිහමන් ස්ක්‍රිප්ට් එකක් ලියලා අර නෝලාන්ගෙ ෆිල්ම් වල වයිබ් එකටම හැදුවනම් නෙට්ෆ්ලික්ස් දාන්න පුලුවන්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,338
    8,702
    113
    අපෙ උනුත් වරදක් නැහැ ,හරිහමන් ස්ක්‍රිප්ට් එකක් ලියලා අර නෝලාන්ගෙ ෆිල්ම් වල වයිබ් එකටම හැදුවනම් නෙට්ෆ්ලික්ස් දාන්න පුලුවන්
    be ban. effects ehema ganna bane...
    anika mona actor unath train krnna one fights wlta..ewata kal ynwa, loku budget one,
    balakotu ehema loku atta ewa wage hdnna one. me sellam gewal wage hadala be.

    lankawe loku balakotu ehema tibbe nane.eth minissunta daneda vidiyata exaggerate krla hdnna wenwa.

    300 film eka dn paranai neh. but aduma gane e level ekakawath danenna thiyenna one.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,311
    1
    13,226
    113
    Gotham City
    be ban. effects ehema ganna bane...
    anika mona actor unath train krnna one fights wlta..ewata kal ynwa, loku budget one,
    balakotu ehema loku atta ewa wage hdnna one. me sellam gewal wage hadala be.

    lankawe loku balakotu ehema tibbe nane.eth minissunta daneda vidiyata exaggerate krla hdnna wenwa.

    300 film eka dn paranai neh. but aduma gane e level ekakawath danenna thiyenna one.
    ඔව් මටත් 300 ෆිල්ම් එක ඔළුවට ආවා.
    ලංකාවෙ අයගෙ දැනුම වගෙම,මුදල් යෙදවීම කියන කාරණාත් අවුල් .
    අර මචං ෆිල්ම් එකෙ කරා වගෙ ඩිරෙක්ටර් ඇතුලු කෲ එක පිට රටින් ගෙනල්ල තමා වැඩෙ කරන්න වෙන්නෙ .එත් බජට් තමා කේස් එක .