අදට මුල්ලෙරියා සටන සිදුවී වර්ෂ 467 ක් සම්පූර්ණ වේ.
ලොව ප්‍රබලතම "Berco" කාලතුවක්කු වලින් සන්නද්ධ වූ අපරාජිත පරංගි යුධ යන්ත්‍රය නවතාලූ ඓතිහාසික මුල්ලේරියාව මහා සංග්‍රාමය
(Rolling back of Portugeese War Machine - Battle of Mulleriyawa in 1559)
" God is in side with best artillery "
- Napoleon
ලොව බිහිවූ විශිෂ්ඨතම යුධ සෙන්පතියෙකු ලෙස සැලකෙන ප්‍රංශ අධිරාජ නැපෝලියන් විසින් ඉහත ප්‍රකාශය සිදුකලේ යුධ සංග්‍රාමයකදී කාලතුවක්කු වෙඩි බලය කෙතරම් තීරණාත්මකදැයි අවධාරණය කරනු පිණිසය. වසර සියගණනකට එපිට ඈතඅතීතයේ එක්තරා දිනෙක පෙරදිග කුඩා දූපතක ධෛර්යවත් වීරෝධාර මිනිසුන් කණ්ඩායමක් එවක ලොවතිබූ නවීනතම කාලතුවක්කු වෙඩි බලය පරදවා ලෝක සංග්‍රාම ඉතිහාසයේ සුවිශේෂී කඩ ඉමක් සලකුණු කලහ.
ක්‍රිව 1559 වර්ෂයේ සිදුවූ මුල්ලේරියා සංග්‍රාමය සුවිශේෂී වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට එවක ලොව නවීනතම හා අපරාජිත යුද බලයක් වූ පෘතුගීසි හමුදා සේනාංකයක් පෙරදිග කුඩා දූපතක 'නොදියුණු' යැයි සම්මත හමුදාවක් වෙතින් අන්ත පරාජයකට ලක්වීම පමණක් නිසා නොවේ. නූතන බටහිර යුද විද්‍යාවේ "Pitched Battle" යනුවෙන් හදුන්වන සටනට සහභාගි වන දෙපාර්ශ්වයටම විශේෂ වාසියක් නොමැති හා තම අභිමතය පරිදි යුධෝපක්‍රම යොදාගත හැකි විවෘත භූමියක එවකට ලොව විශිෂ්ඨතම කාලතුවක්කු වෙඩිබලය සතු පෘතුගීසි හමුදාවක් සමග මුහුණට මුහුණලා කල සටනකින් පරාජයට පත්කිරීම හේතුවෙනි. මුල්ලේරියා මහා සංග්‍රාමය පිලිබද තොරතුරු විවිධ මූලාශ්‍රයන්ගේ සදහන් වන අතර මෙහිදී මා උත්සාහ ගන්නෙ එම තීරණාත්මක ඓතිහාසික සිදුවීම පිලිබද යුද විද්‍යාත්මක කෝණයෙන් හැකි පමණ පූර්ණ විශ්ලේෂණයක් ( Strategic and tactical analysis from military perspective ) සිදු කිරීමටය. ප්‍රථමයෙන්ම මෙම ඓතිහාසික සිදුවීමට පාදක වූ යුද, දේශපාලනික හා ඓතිහාසික වාතාවරණය පිලිබද අවබෝධයක් ලබාගැනීම ප්‍රයෝජනවත්ය.
පෘතුගීසින් ලොව අංක එකේ යුද බලයක් බවට පත්වීම
15 වන ශතවර්ය අග වන විට මිලියනයක පමණ කුඩා ජනගහනයක් සිටි පෘතුගාලය 16 සියවස ආරම්භය වන විට ලෝකයේ සුපිරි යුද බලයක් ලෙස වර්ධනය වී තිබිණි. ශ්‍රේෂ්ඨ උපායමාර්ගිකයෙකු වූ නාවික හෙන්රි ( Henry the navigator ) කුමරුගේ මූලිකත්වයෙන් අධ්‍යාපනික, විදේශ, තාක්ෂණික හා මිලිටරි අංශ වල රාජ්‍ය ප්‍රතිපත්තීන් දැඩි ලෙස නවීකරණය වූ අතර පෘතුගාලය ප්‍රබල නාවික බලයක් ලෙස ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් කඩිනම් ලෙස සකස් කෙරිණි. නාවික හෙන්රිගේ අනුග්‍රහයෙන් ස්ථාපිත නාවික ඇකඩමි තුල එවක ලොව සිටි අදාල ක්ෂේත්‍රයන්හි නිපුණ විශිෂ්ඨයින් මගින් දේශගවේෂණයටත් යුද ශිල්පයටත් කොල්ලකෑමටත් එකසේ සමත් දක්ෂ සටන්කරුවන් බිහිකරන ලදී. රෝම අධිරාජ්‍යයයේ සහ ජර්මානු තාක්ෂණික ශිල්පීන්ගේ දායකත්වයෙන් නවීන, කාර්‍යක්ෂම හා බලගතු කාලතුවක්කු (canon artillery ), පුද්ගල ගිනිඅවි ( small firearms ) මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරන කම්හල් ඉදි කෙරිනි. සාපේක්ෂව කුඩා එහෙත් ඉතා ශක්තිමත් යුදනැව් සාදනු ලැබූ අතර ඒවා ඉතා නිරවද්‍ය ලෙස උපක්‍රමිකව හැසිරවීමට ( tactical maneuvering ) අවශ්‍ය තාක්ෂණයන්ගෙන් සමන්විත වූ අතර ඒවා පරංගි නාවුක හමුදාව ඉන්දියානු සාගරයේ අද්විතීය බලවතා බවට පත්කිරීමට දායක විය. නිරන්තර යුද සරඹ පුහුණුව මගින් විනයවත් පූර්ණකාලීන සෙබළුන් නිර්මාණය කෙරිණු අතර යුධ ඛණ්ඩ ( battle formations) ලෙස ගොඩබිම් සටන් වල යෙදීම සදහා නිරන්තර පුහුණුකිරීම් ක්‍රියාත්මක විය. ඉහත සියලු සාධක හේතුවෙන් 16 වන සියවස මුල්භාගය පමණ වනවිට සාපේක්ෂව කුඩා ජනගහනයකින් සමන්විත වුවත් පෘතුගීසි අධිරාජ්‍යය ලොව ඉහලම යුද බලයක් බවට පත්වූ අතර අංක එකේ නාවික බලය ලෙස නැගී ආවේය.
පරංගි යුද බලය අද්විතීය කල රහසිගත යුද අවි
පර්යේෂකයින්ගේ මතය අනුව එවකට ලොව ඉහලම තාක්ෂණයෙන් යුතු කාලතුවක්කු තිබුනේ පරංගින් සතුවය. ඔවුන් සතුව සුමට සිලින්ඩර ( smooth bore) සහිත 'Basiliks', 'Bombards' වැනි විශාල කාලතුවක්කු (heavy cannon ) තිබූ අතර මේවා සදහා මෙවා සදහා කාලතුවක්කු උණ්ඩ (canon ball) ලෙස කලු ගල්, යකඩ හා ලෙඩ් වැනි ද්‍රව්‍ය වලින් සෑදූ උණ්ඩ භාවිතා කරන ලදී. ඔවුන් අතර තිබූ ඉතා සුවිශේෂී අවියක් වූයේ ඉතා ඉහල තාක්ෂණයකින් යුතු පහසුවෙන් හැසිරවිය හැකි 'Berco' නම් කුඩා ජංගම කාලතුවක්කු ( breach loading swivel guns) වර්ගයයි. මේවා සාපේක්ෂව සැහැල්ලු වූ අතර යුදබිමේ ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වූ අතර යුද නැව් හා බත්තල් ආදියේ වුවද සවිකර ක්‍රියාත්මක කල හැකිවිය. නමුත් මේවා සාපේක්ෂව කුඩා කාලතුවක්කු හෙයින් වෙඩි බලය සාපේක්ෂව කුඩා වූ බැවින් මෙම අවි වල වෙඩි බලය වර්ධනය කිරීම සදහා පෘතුගීසින් විසින් ඉතා රහසිගත තාක්ෂණයක් යොදා ගත්තෝය. මෙහිදී සාම්ප්‍රදායික රවුම් හැඩැති යකඩ වලින් පමණක් නිමවු උණ්ඩ ( cannon ball) වෙනුවට ඝනකාභ හැඩැති උණ්ඩ යොදාගත් අතර මූලික වශයෙන් යකඩ මධ්‍යයකින් සමන්විතවූ උණ්ඩයේ පිටත කොටස 'ලෙඩ්' ලෝහයෙන් වලින් සාදන ලද අතර මෙහිදී උණ්ඩයේ විශ්කම්භය කාලතුවක්කු අවියේ බැරලයේ ( cannon barrel ) හා බැරලයේ අවසාන මස්ල් කොටසේ (muzzle ) අභ්‍යන්තර විෂ්කම්භයට වඩා මදක් විශාල වනසේ නිෂ්පාදනය කෙරුනි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික කාලතුවක්කු උණ්ඩය අවියේ බැරලයේ අභ්‍යන්තර සුමට මතුපිට තුලින් (smooth bore) චලනය වීම සදහා බැරලයේ විෂ්කම්භයට සමාන හෝ දශමය ගණනක් කුඩාවට සකස් කරනු ලබයි. උණ්ඩය බැරලයට වඩා විශාල වුවහොත් බැරලයේ සිරවන නිසා ඉහත මුලින් සදහන් කල නව උණ්ඩ කාලතුවක්කු සදහා යෙදීමේ ක්‍රමවේදය පිලිබද විශාල ප්‍රහේලිකාවක් අනෙක් ජාතීන් අතර තිබුනි. නමුත් රහස වූයේ උණ්ඩය විශාලවීම සහ එහි ඝනකාභ හැඩය හේතුවෙන් බැරලයේ හොදින් සිරවන විට අවිය ක්‍රියාත්මක කරවීමේදී උත්පාදනය වන තාපයෙන් උණ්ඩයේ පිටත 'ලෙඩ්' ආවරණය මෘදු වී බැරලයේ හා මස්ල් කොටසේ සිලින්ඩරාකාර හැඩයට සකස් වී ඉතා ප්‍රබල පීඩනයකින් යුතුව උණ්ඩය පිටවීමයි. පර්‍යේඅෂක ආචාර්‍ය Rainer Daehnhar ට අනුව එවක සාමාන්‍ය කාලතුවක්කු වක ඵලදායී වෙඩි පරාසය ( effective fire range) මීටර් 700 වන මෙම තාක්ෂණය ඔස්සේ මීටර 1500 -2000 ක පමණ වෙඩි පරාසයක් ලබාගත හැක. මෙම කුඩා කාලතුවක්කු සදහා පිටුපසින් උණ්ඩ ඇතුලත් කිරීමට හැකි බැවින් (breech loading) කෙටි කාලයක් තුල වැඩි වෙඩි වාර ගණනක් ලබාගත හැකි වීම නිසා ජංගම සංග්‍රාමයන් හිදී ඉතා ප්‍රථිපලදායක විය. එවක සාම්ප්‍රදායික කාලතුවක්කුවකින් එක් වෙඩි තැබීමක් කරන කාලයකදී මෙම කුඩා එහෙත් ප්‍රබල කාලතුවක්කු මගින් සය පාරක් පමණ වෙඩි තැබියහැක. පෘතුගීසින් හා තුර්කි ඔටෝමන්වරු අතර ඇතිවූ සුප්‍රසිද්ධ හෝර්මූස් ( battle of Hormuz) නාවික සටනේදී ඉහත අවි මගින් තුර්කි යුද යාත්‍රා විශාල ගණනක් විනාශවූ ඇති අතර එමගින් එම අවි වල විනාශකාරී වෙඩි බලය පිලිබද අවබෝධයක් ලබාගත හැකිය. මෙවැනි බලගතු අවි රාශියක් මුල්ලේරියා සංග්‍රාමයේදී පෘතුගීසින් විසින් යොදාගනු ලැබූ අතර එම අවි වල සැහැල්ලු බව හේතුවෙන් යුද භූමිය තුල මනා ලෙස හැසිරවීමෙන් ( tactical maneuvering ) සීතාවක සේනාංක වෙත බරපතල අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් විය.
සුළු අවි පිලිබද විමසීමේදී එවකට ලෝකයේ ඉහලම තාක්ෂණයෙන් තිබූ Matchlock මාදිලියට අයත් Arquebuse අවි පෘතුගීසි හමුදා විසින් යොදාගත් අතර ජර්මන් නිෂ්පාදනයක් වූ එම අවි පෘතුගීසින් විසින් වැඩිදියුණු කොට යොදාගන්නා ලදී. මෙම අවි උරහිස මත තබා දෙඅත් යොදාගැනීමෙන් ක්‍රියාත්මක කලයුතු අතර භාවිතා කිරීමේදී වෙඩි බෙහෙත් අවියේ ලෝහ සිදුරට දමා වෙඩි නූල දල්වා සර්ප හැඩැති ලෝහ කොටසේ වෙඩි නූල රඳවා ට්‍රිගරය තද කිරීමෙන් ක්‍රියාත්මක කලහැකි අතර සාමාන්‍යයෙන් මිනිත්තුවකට උපරිම වශයෙන් වෙඩි දෙකක් තැබිය හැක. සඵල වෙඩි පරාසය (effective fire range) මීටර 70-100 පමණ වේ.
මුල්ලේරියා මහා සංග්‍රාමය සිදු වීමට ආසන්න වකවානුවේ ලක්දිව යුධ දේශපාලන වාතාවරණය සලකා බැලීමේදී ක්‍රිව 1520 පමණ වන විට ප්‍රතිකානුන් කොළඹ ශක්තිමත් බලකොටුවක් තනා කෝට්ටේ රාජ්‍යයයේ බලය තහවුරු කරගෙන සිටි අතර ප්‍රතිකාල් සෙබලුන් දහසකට වඩා ලක්දිව තුල ස්ථානගතව සිටි අතර ලස්කිරිඤ්ඤ සේනාංක සහ කෝට්ටේ සේනාංක සමග ගත්විට ඔවුන්ගේ යුද බලය ඉතා ප්‍රබල තත්වයක පසුවිය. හදිසි අවස්ථාවකදී ඕනෑම මොහොතක ගෝවෙන් ආධාරක සේනා (reinforcements ) හා උපකරණ ලබාගත හැකිව තිබූ අතර සංග්‍රාම ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සදහා තීරණාත්මක වූ සැපයුම් (logistics ) ඔවුන්ගේ අනභිභවනීය නාවික බලය හරහා අවහිරයකින් තොරව ලබාගැනීමට හැකිවිය.
සීතාවක යුධ දේශපාලනික වාතාවරණය
අනෙක් අතට සීතාවක රාජ්‍යය තුල මේ වනවිට වකවානුවේ පැවතියේ කණගාටුදායක තත්වයකි. සීතාවක හදවත තුලටම එල්ල වූ බිහිසුණු හා විනාශකාරී ප්‍රතිකාල් ආක්‍රමණ දෙකක් මගින් ආරක්ෂක බලකොටු , පරිපාලනය සුන්නත්දූලි වී තිබුනි. විශේෂයෙන් ක්‍රිව 1550 දී පමණ ගෝවේ පරංගි වූ ප්‍රතිරාජ ඇල්ෆොන්සෝ නොරොඤ්ඤො ( viceroy Afonso de Noronha) යටතේ එල්ලවූ දරුණු ආක්‍රමණය ඉත විනාශකාරී වූ අතර එහිදී සීතාවක අගනුවර ගිනිබත් කල අතර රාජමාලිගයේ පාදම් පවා උගුල්ලා සියලු දේ කොල්ල කා විනාශ කරනු ලැබ තිබුනි. සීතාවක යුධෝපකරණ නිෂ්පාදන යාන්ත්‍රණය (military -industrial complex) සෑහෙන දුරට බිඳ වැටී තිබූ අතර නිරන්තර යුද විනාශයන් හේතුවෙන් රාජ්‍යයේ ආදායම් ආදිය කණගාටුදායක ලෙස පහත වැටී තිබුනි. ළදරු අවදියේ සිටම යුදගිනි මැද මව් සෙනෙහස අහිමිව ඇති දැඩි වූ ටිකිරි කුමරුවනට රජමාලිගයක සැප විදීමට ලැබුනේ ඉතා අඩුවෙන් වන අතර ඔහුගේ පැටි විය වැඩි වශයෙන් ගෙවුනේ සීතාවකට නුදුරු දැරණියගල වැනි ගිරි දුදුලු අතරය. එවකට සීතාවක වෙඩි බලය ඉතා ළදරු අවදියේ තිබූ අතර ප්‍රධාන වශයෙන් යුධෝපකරණ සමන්විත වූයෙ හෙලි, පලිස්, කඩු, දුනු වැනි ආයුධ වලින් වූ අතර ගිනි අවි හ වෙඩි බෙහෙත් සමන්විත වූයේ ඉතා මඳ වශයෙනි. ( ක්‍රිව 1588 දී පළමු වරට කොලබ පරංගි කොටුව වැටලීම සිදුවන විට සීතාවක වෙඩි බලය බෙහෙවින් වැඩිදියුණු වී තිබූ අතර දියුණු මට්ටමේ කාලතුවක්කු පවා තිබුණි.) සීතාවක හමුදා වෙතින් කෝට්ටේ රාජයයේ විවිධ ප්‍රදේශවලට හදිසි පහරදීම් ආදිය සිදුකල අතර කොළඹ කොටුවේ සිට සීතාවක වෙතට ද පරංගි ආක්‍රමණ විටින් විට එල්ල විය. මෙම ආක්‍රමණ බොහෝවිට එල්ල වූයේ කැලණි ගංගාව ඔස්සේ ජංගම කාලතුවක්කු සවිකල පාරු ආදිය යොදාගනිමින් සහ ගංගාවේ දකුණු ඉවුර ඔස්සේ ( අද පවතින අවිස්සාවේල්ල -පිටකොටුව පැරණි මාර්ගයට සමීපවය )පාබල ආක්‍රමණ වශයෙනි. ගංගාව ඔස්සේ එල්ල වන ආක්‍රමණ වළක්වාලීම සදහා හේවාගම, රග්ගහවත්ත වැනි ප්‍රදේශ වල කැලණි ගග හරහා දම්වැල් ඇද තිබූ අතර ගංගාවේ උතුරු ඉවුරේ මල්වානට ආසන්නව මාපිටිගම ප්‍රදේශයේ ඉහල භූමියක (high ground ) ශක්තිමත් යුද බලකොටුවක් ගොඩ නගා තිබුනි. ආක්‍රමණයකදී සාපේක්ෂව ඉහල භූමියක ස්ථානගත වීම වාසිදායක වන අතර පහසුවෙන් සතුරු චලනයන් නිරීක්ෂණය කලහැකිවීමට අමතරව ආක්‍රමණයට එරෙහිව හොදින් ප්‍රතිප්‍රහාර එල්ල කලහැකිවේ.