මුස්ලිම් කතුන්ගේ ඇඳුමට රතන හිමිගේ විරෝධය

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මුස්ලිම් කතුන්ගේ ඇඳුමට රතන හිමිගේ විරෝධය

    MuslimWomen_410px_13_04_30.jpg


    නිල ඇදුම් වෙනස්කර රටේ පොදු නීතියට පිටුපා ක්‍රියාකරන මුස්ලිම් කාන්තාවන්ට දඩුවම් කළ යුතු යයි ජාතික හෙළ උරුමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

    මෙහි ඇති අනතුර තේරුම් ගෙන වහාම මේ පිළිබදව අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගතයුතු බවත්, සමාජ ඒකාබද්ධතාවයට, ජාතික ඒකාග්‍රතාවයට මෙම ප්‍රවණතාවය හානිකර බැවින් වගකිව යුත්තන්ගේ විශේෂ අවධානය යොමුකල යුතු බවත් උන්වහන්සේ කියා සිටිති.

    එසේ නොවුවහොත් තමන්ගේ අනන්‍යතාවය කියාපෑමේ මුවාවෙන් එන මෙම සමාජ ඛෙදුම්වාදය සමස්ථ සමාජ දේහයම වෙලාගත් ගැටලූවක් බවට පත්වනු ඇති බවත්, එයට ප්‍රථම ගතයුතු පියවර ගැනීම රජයේ වගකීම බවත් රතන හිමියන් අවධාරණය කර සිටියි.

    ජාතික හෙළ උරුමයේ සභාපති හිමියන් විසින් අද (30) නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එම කාරනා සඳහන්වේ.

    එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

    ''කල්පිටිය රෝහල ඇතුළු පුත්තලම් දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුම වෙනුවට වෙනත් ඇදුමකින් සැරසී සිටින බව මාධ්‍ය මගින් වාර්තාකර ඇත.

    මෙසේ වෙනත් ඇදුමකින් සැරසී සිටින්නේ මෙම රෝහල්වල මුස්ලිම් ජාතික කාන්තාවන්ය. එය ඔවුන්ගේ ජන වර්ගයේ අනන්‍යතාවය නියෝජනය වන ආකාරයට සකස්කරගත් ඇදුමක් බව වාර්තා වේ.

    මේ තත්වය හේතුකොට ගෙන රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටීම නිසා ගැටුම්කාරී තත්වයක්, නොසන්සුන් තත්වයක් රෝහල් තුළ ඇතිවෙමින් තිඛෙන බවද දැනගන්නට ලැබී ඇත.

    කල්පිටිය දිසා රෝහල, පුත්තලම මූලික රෝහල, මාම්පූරිය ග්‍රාමීය රෝහල සහ ආලන්කුඩා මධ්‍යම ඛෙහෙත් ශාලාව වැනි රෝහල් තුළ නියමිත නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටින බවත්, එම ඇදුම පිටුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකගේ බලපෑම තිඛෙන බවත්, එම රෝහල තුළ සේවකයන් ප්‍රකාශකර සිටී.

    තත්වය එසේනම් එය ඉතාම භයානක පෙර නිමිති පෙන්වන පිළිකාවකි.

    රෝහලක කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවන් සැරසිය යුතු නිල ඇදුම කවර හෝ කණ්ඩායමකගේ බලපෑමට වෙනස් කරන්නේනම් එසේ කරන සේවිකාවන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කර නීතිය ක්‍රියාත්මක කිරීම විෂයභාර අමාත්‍යවරයාගේත්, ඊට වගකිවයුතු නිලධාරීන්ගේත්, බලධාරීන්ගේත් කාර්යයකි.

    මෙය පැහැදිලිවම ආයතනික චක්‍රලේඛන සහ ආයතනික නීතිරීති උල්ලංඝණය කිරීමක් මෙන්ම රටේ නීති රීති අභියෝගයට ලක් කිරීමකි.

    මේ සම්බන්ධයෙන් අදාල ස්ථානභාර වෛද්‍යවරුන් නිසි බලධාරීන් දැනුවත් කළමුත් තවමත් අවශ්‍ය පියවර නොගත්තේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වලට ඇති බිය නිසාද? එසේ නැතිනම් මෙම ප්‍රදේශයේ ඇති මුස්ලිම් දේශපාලන අධිකාරියට ඇති බිය නිසාද? මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස සිදුවන මෙම ප්‍රදේශය තුළ ඉතා අවසනාවන්ත සිදු වීම් ගණනාවක් පසුගිය කාලය තුලද වාර්තා විය.

    අමු අමුවේ සිංහල පොලිස් නිලධාරියෙක් මහදවල් කපා කොටා මරා දැමුවේද පුත්තලම් නගර මධ්‍යයේය. එමෙන්ම මත් කුඩු, මත් පෙති, හොර බඩු, ජවාරම් සිදුවන තිප්පොලක් ලෙසද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධය.

    පසුගිය කාලය පුරා අප අනතුරු ඇගවූයේ රට තුළ මුස්ලිම් අන්තවාදයක් හොල්මන් කරන බවය. මෙම නිල ඇදුම් මාරු කිරීමේ ක්‍රියාවෙන් එම සැකය තවත් තවත් තහවුරු කර ඇත.

    රජයේ පාසැල්වල නිල ඇදුමට පිටින් මුස්ලිම් අනන්‍යතාවයක් සහිත ඇදුම් ඇදීමට මුස්ලිම් දරුවන් යොමු කරමින් ඉන් පසුව එයට චක්‍රලේඛන සාදන ආකාරයට රෝහල් කාර්ය මණ්ඩලයේ නිල ඇදුමට පිටින් මුස්ලිම් ඇදුම ආදේශ කිරීමට පටන්ගැනීම තුළින් පෙන්නුම් කරන්නේ පැහැදිලි ලෙසම සමාජ ඛෙදුම්වාදයකට මුස්ලිම් සමාජයේ අන්‍යතාවය මුවාවෙන් යොමුවෙමින් ඇති බවයි.''
     
    • Like
    Reactions: ~ Horizon ~

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    කැරි මුස්ලිම් බල්ලො ඉන්න තැන විනාසයි :yes:
     
    • Like
    Reactions: rviha