මුස්ලිම් විරෝධයට හිස නමා කමල් හසන් ර‍ටින&#3530

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මුස්ලිම් විරෝධයට හිස නමා කමල් හසන් ර‍ටින&#3530

    ඉන්දියාවේ මුස්ලිම් කණ්ඩායම් කීපයක් විසින් සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ලේඛයකු වන සල්මන් රුෂ්ඩි හා ප්‍රවිණ ඉන්දීය සිනමා නළු කමල් හසන් ‍ගේ නිර්මාණයන්ට දැඩි විරෝධය පළ කිරීමෙන් පසු කමල් හසන් රටින් පිටුවහල් වන බවත් සල්මන් රුෂ්ඩි සිය චිත්‍රපට ප්‍රවර්ධන උත්සවයකට සහභාගිවීම අවලංගු කරන බවත් ප්‍රකාශ කර තිබේ.
    ඉස්ලාම් ආගමට නිගරු කරන ලදැයි නැගුනු චෝදනා මැද 1988 රුෂ්ඩි පළ කළ 'ද සැටනික් වර්සස්' කෘතිය තවමත් ඉන්දියාවේ තහනම් ව පවතී. ඔහුගේ " මිඩිනයිට් චිල්ඩ්‍රෙක් "නම් කෘතිය පාදක කොටගෙන නිර්මිත චිත්‍රපටයක ප්‍රවර්ධන උත්සවය සඳහා ඔහු ඉන්දියාවේ කොල්කටා නගරයට පැමිණීමට නියමිතව තිබුණද මුස්ලිම් කණ්ඩායම් වල දැඩි විරෝධතාව මධ්‍යයේ එය අවලංගු කිරීමට ඔහු පියවර ගෙන තිබේ.
    රුෂ්ඩිගේ එම ගමනට විරෝධය පලකරමින් පෙරේදා උදේ කොල්කටා ගුවන් තොටපොල අබියසට මුස්ලිම් කණ්ඩායම් රැස්ව සිටින අයුරු රූපවාහිනී දර්ශනවලින් දැක්වී ඇත.
    මේ අතර කමල් හසන් තමා රටින් පිටුවහල් විය හැකි බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ නවතම චිත්‍රපටය වන 'විශ්වරූපම් 'සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීම මුස්ලිම් විරෝධය මත තමිල්නාඩු රජය විසින් තහනම් කර තිබිම නිසාය . එම චිත්‍රපටයෙන් මුස්ලිම් විරෝධී හැඟීම් මතුවන බවට චෝදනා නැගී ඇත.
    හසන් පවසන්නේ චිත්‍රපටය සම්බන්ධයෙන් මතුව ඇති මත්භේදය නිසා ඔහු කලකිරී සිටින බවය. මේ නිසා වෙනත් රටක පදිංචියට යාම ගැන අවධානය යොමා ඇතැයි ඔහු කියා තිබේ.
    2006 දී ඉන්දියාවේ සුප්‍රසිද්ධ චිත්‍රශිල්පියකු වන එම්.එෆ් . හුසේන්ද අන්තවාදී හින්දුමතධාරින්ගේ දැඩි විරෝධය හේතුකොටගෙන රටින් පිටුවහල්ව සිටින්නෙකි.
    තමිල්නාඩු අගනුවර චෙන්නායි හි පැවති මාධ්‍ය හමුවකදි ඔහු කියා සිටියේ තමා බාර ගැන්මට සුදානම් අනාගාමික රටක් ගැන සොයා බලන බවත් හුසේන් නම් චිත්‍රශිල්පියා ට ‍එසේ කිරීමට සිදුවුනු අතර දැන් හසන් ද එවැන්නක් කරනු ඇති බවත්ය.