මුස්ලිම් විවාහ පනත සංශෝධනය කළාද?
මුස්ලිම් විවාහ පනත සංශෝධනය කළාද? - එක්සත් ජාතීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක්
මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.
මුස්ලිම් පුද්ගල නීතිය යටතේ විවාහ වූ වයස අවුරුදු 16ට දැරියන් "ව්‍යවස්ථාපිත දූෂණයට ලක්වීම" සම්බන්ධයෙන් රටේ නීතිය බලපවත්වන්නේ කෙලෙස ද යන්න එක්සත් ජාතීන් මතු කරන තවත් ප්රශ්නයකි.
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව සඳුදා (ජනවාරි 15) සහ අඟහරුවාදා දෙදින තුළ ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විමසීමක් කරයි.
කමිටුව ඉහත ප්‍රශ්න යොමු කර තිබෙන්නේ සැසිවාරයට පෙරාතුව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යොමු කරන ලද සැසිවාරයේ න්‍යාය පත්රයේය.
පාසල් ඇතුළු සියලුම ස්ථානවලදී දරුවන්ට ශාරීරික දඬුවම් දීම නීතියෙන් තහනම් නොකිරීමට හේතු පැහැදිලි කිරීම කමිටු න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත දැනුම් දී තිබෙන තවත් අංකයකි.
බාල වියේ දැරියන් ගැබ් ගැනීම වලක්වනු පිණිස දරු දැරියන්ට උපත් පාලන උපාංග ලබාගැනීමේ හැකියාව මෙන්ම ලිංගික ක්‍රියාකාරකම් සහ ප්‍රජනනය පිළිබඳව පාසලේදී දරුවන් දැනුවත් කිරීම පිණිස ගෙන තිබෙන ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම එක්සත් ජාතීන්ගේ තවත් ඉල්ලීමකි.
අධිකරණ නියෝග මගින් සහ ආර්ථික අපහසුතා හේතුවෙන් ආයතනගත කෙරෙන දරුවන් පිරිස අඩු කිරීමට පියවර ගන්නා මෙන් කමිටුව විසින් මීට ඉහත දී ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත නිර්දේශ කරනු ලැබ තිබුණි.
එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ගනු ලැබූ පියවර පැහැදිලි කරන මෙන් ද කමිටුව ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඉල්ලීමක් කරයි.
කමිටු සැසිවාරයට සහභාගිවීම පිණිස ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය චන්ද්‍රානි සේනාරත්න සහ ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි මරිනි ද ලිවේරා ඇතුළු නියෝජිත පිරිසක් ජිනීවා නුවරට පැමිණ සිටිති.
ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ ඇතුළු තානාපති කාර්යාල නිලධාරීහු ද දූත මණ්ඩලයට ඇතුළත් වේ.
ආණ්ඩුවේ නියෝජිත ඉහත කී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස මෙතෙක් ගෙන තිබෙන පියවර ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිස කමිටු සැසිවාරයේදී පැහැදිලි කිරීමට නියමිතව තිබිණ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ වැඩිවීම ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළාය.
කමිටුව ඉල්ලා සිටින වෙනත් තොරතුරු අතර:
• වතුකරය, සංචාරක කර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය ඇතුළු ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්තවලට බලපැවැත්වෙන ළමුන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ වර්ධනය සම්බන්ධ විධිවිධාන
• බාල වියේදී ගැබ් ගන්නා දැරියන්ගේ අවශ්‍යතා උදෙසා ගබ්සාව සම්බන්ධ නීතිය පිළිබඳව යළි විමසා බැලීමට ගත් ක්‍රියාමාර්ග
• දරුවන් සිය දිවි නසාගැනීම් සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර
• දැරියන් සහ ආබාධිත දරු දැරියන් නොසලකා හැරීමට එරෙහිව සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග
• වීදියේ වාසය කරන දරුවන්ගේ සුභසාධනය පිණිස ගෙන තිබෙන පියවර
• නඩු විභාගවලට මුහුණ දෙන දරුවන් රඳවා තබාගනු ලබන කාලය සීමාකිරීමට සහ ඔවුන්ට නීති ආධාර ලබාදීම පිණිස ගෙන තිබෙන පියවර
• 2010 සිට 2015 දක්වා ළමුන් සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලසුමේ ප්‍රගතිය
BBC