මුස්ලිම්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    කොටහේන කෝවිලට වේල් කරත්තය ගේනවාට ඉස්ලාම් භක්තිකයන් විරුද්ධ වේ

    Matale-Muthumariamman-2015-10-1024x768.jpg


    කොළඹ 13, මහ විද්‍යාල මාවතේ (Babar Street) ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවයට අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් බාධා එල්ල කිරීම හේතුවෙන් දෙමල හා මුස්ලිම් ජාතිකයින් පිරිසක් අතර උණුසුම් මත ගැටුමක් හටගෙනඇති බව වාර්තා වේ.

    ශ්‍රී මුනිඅප්පාර්, මුත්තුමාරියම්මාන් කෝවිලේ අද උදේ පැවති පුජාව සදහා අමාත්‍ය මනෝ ගනේෂන් සහභාගී වූ අතර, පුජාව අවසන්වීමෙන් පසු පිටටත පැමිණි අමාත්‍යවරයා වටකරගත් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මෙම පුජාව නවත්වන ලෙසට බලපෑම් කර ඇති අතර, වේල් කරත්තය කෝවිල තුලට ගැනීමට ඉඩ නොදෙන බව ද ප්‍රකාශකොට තිබේ.

    මෙයින් අනතුරුව තවදුරටත් කෝවිලේ ඉදිකිරීම් හෝ නඩත්තු කටයුතු සිදු නොකරන ලෙස බලකරමින් එම මුස්ලිම්වරුන් පිරිස උද්ඝෝෂණයක නිරතවී තිබේ.

    වසර 90කට වඩා පැරණි මෙම කෝවිලේ පවත්වනු ලබන වේල් උත්සවයේ කරත්තය කෝවිල අසලට ගැනීම පසුගිය කාලය පුරා සිදු කර ඇතත්, 36 වත්තේ මුස්ලිම් පල්ලියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ෆසිල් හජ්ජියාර් නමැති අය ඇතුළු පිරිසක් විසින් ගිය වසරේ සිට වේල් කරත්තය කෝවිල අසලට ගෙන ඒමට විරෝධය පළ කිරීමට කටයුතු කොට ඇති බව සඳහන් වේ.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මොකක්ද odd දේ කියල තේරෙනවනේ(කතරගම දෙවාලෙයි කිරි වෙහෙරයි කොහමද. මේක කොහමද?).