කාන්තාවන් වගේම පිරිමින් බොහෝ දෙනෙක් මුහුණදෙන අසීරු තත්වයක් තමයි මුහුණේ වලවල් හැදෙන එක. කාලයක් තිස්සේ කුරුලෑ තිබිලා හොඳවුණාම මුහුණේ වගේම බෙල්ලේ පවා වලවල් ඉතිරිවෙනවා. මුහුණේ තෙල් අධික හෝ තෙල් ප්‍රමාණය මදිකම නිසා මුහුණේ ඇතිවෙන බිබිලි වලින් මේ විදිහට වලවල් ඇතිවෙනවා.
මේක කොච්චර මානසික වදයක්ද කියනවනම් මේකප් එකක් කළත් මේ වලවල් හොඳින් ඉස්මතුවෙලා පේන්න ගන්නවා. කාලයක් තිස්සේ මේවාට ප්‍රතිකාර කරලා සාර්ථක වුනේ නැත්නම් අපි මේ කියන්න යන්නේ මුහුණේ තියන වලවල් වැසීමට අත්දුටු ප්‍රතිකාරයක් ගැනයි.
මුලින්ම ඔබට මේ සඳහා ගෙදරදීම හදාගන්නට පුළුවන් තරලයක්, එහෙමත් නැත්නම් මුහුණ පිරිසිදුකාරකයක් සාදාගන්න වෙනවා. මේකට ෆුලර් කුඩු සහ හොඳින් ඉඳුණු තක්කාලි ගෙඩියක් අවශ්‍ය කරනවා. තාක්කාලි ගෙඩියේ ලෙල්ල ඉවත්කරලා, ඇට රහිතව මදය කොටස භාජනයකට දාගන්න. පස්සේ ඒකට ෆුලර් කුඩු ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා පිරිසිදුකාරක තරලය සකස් කරගන්න.
මේ තරලය ටිකක් වැඩිපුර හදාගෙන ශීතකරණයේ තබාගෙන දින දෙකක් තුනක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ සාදාගත් තරලය මුහුණේ හොඳින් ආලේප කරලා විනාඩි 3-5ක් විතර හොඳින් සම්භාහනය කරන්න. මෙහෙම කරද්දි මුහුණේ වලවල් ඇති ස්ථාන වඩාත් හොඳින් සම්බාහනය කරන්න.
ඊට පස්සේ මදක් උණුසුම් ජලයෙන් මේ තරලය සෝදාහරින්න. දිනපතා මේ ප්‍රතිකාරය කරද්දි මුහුණේ ඇති ඉන්නන් සහ පුස් වැනි කොටස්, මැරුණු සම සහ දහඩිය සහ තෙල් ගැටිති ඉවත්වෙලා මුහුණ පිරිසිදු වෙනවා දකින්න පුළුවන්.
මේ විදිහට සතියක් පමණ ප්‍රතිකාර කලාට පස්සේ සහල් පිටි ස්වල්පයක් (බාස්මතී හෝ කීරි සම්බා වැනි සුදු පැහැ සහල් පිටි) සහ යෝගට් මේස හැන්ඳක් හොඳින් මිශ්‍රකරලා සාදාගත්ත මාස්ක් එකක් සම්පූර්ණ මුහුණ වැසෙන ආකාරයෙන් ආලේප කරන්න. ඇස්,නාස් විවරය, දෙතොල් ඇරෙන්නට මුහුණ පුරා මේ මිශ්‍රණය හොඳින් ආලේප කරලා විනාඩි 10-15 අතර කාලයක් තිබෙන්නට හරින්න.
පසුව මදක් උණුසුම් ජලයෙන් උඩු අතට සම්බාහනය කරමින් මේ මිශ්‍රණය ඉවත් කරන්න. මේ ප්‍රතිකාරය කරපු ගමන්ම මුහුණේ අනවශ්‍ය ලප කැලැල් ඉවත්වෙලා කියන එක අත්විඳින්න ඔබට පුළුවන්. මාසයක් විතර දිගට ප්‍රතිකාර කරද්දි මුහුණේ වලවල් වැසෙමින් තියන ආකාරය දකින්න පුළුවන්.
මූලාශ්‍රය - https://her.lk/beauty/1076-homemade-treatment-for-holes-in-face