මුහුදු මහා විහාරය නැවත ගොඩනගමු - පිං කැමති 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුහුදු මහා විහාරය නැවත ගොඩනගමු - පිං කැමති 

    දීර්ඝ කාලයක් පුරා මුස්ලිම් අන්තවාදීන්ගේ තර්ජනයට ලක් වෙමින් පවතින් නැගෙනහිර පළාතේ, පොතුවිල් හි මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය නැවත ගොඩ නැගීමට නෙත් FM ගුවන් විදුලි සේවය පෙරමුණ ගෙන සිටී. ඔබත් ඊට හැකි පමණින් දායක වෙන්න

    131230081258Untitled-1.jpg



    වැල්ලෙන් යටවී ඇති භූමියෙන් වරින් වර පුරාවස්තු මතුවන මෙම ස්ථානය නිසි පරිදි කැණීම් සිදුකර නොමැති නමුත්, දැනට පවතින පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ වලින් මෙහි ඉතිහාසය ක්‍රි.පූ. 2වැනි සියවස දක්වා දිවයන බව පුරාවිදුදරයන්ගේ මතයයි. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබිණි.

    muhudu+ma+(640x480).jpg


    අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක් එදා මේ රක්ෂිතයට අයත් විය. අතීතයේ අක්කර 264කට හිමිකම් කියූ මුහුදු මහා විහාර භූමිය, 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී තිබිණි. එම අක්කර 30ක ප්‍රමාණය, 1980දී අක්කර 20ක් ලෙසද, 1990දී අක්කර 15ක් ලෙසද, 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද තවදුරටත් සීමාවීම ඛේදජනක තත්වයකි.

    1467386_427217750737942_28453174_n_zps315ab102.jpg


    එම ඛේදනීය තත්වය වඩාත් තීව්‍ර කරමින් වර්තමානයේ එම ඓතිහාසික භූමිය අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි. අනාගතයේදී එය පර්චස් කිහිපයකට හෝ එම ප්‍රමාණයද නැත්තටම නැතිවී යන තත්වයකට පත් නොවේ යැයි කාටනම් කිවහැකිද? මෙම ඓතිහාසික භූමිය ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නෝ කවරහුද? ඔවුන් වෙනත් ජන බලවේගයන් හා එම ජනතාවගේ දේශපාලන බලවතුන් බව කරුණු සොයා බැලීමේදී පෙනීයයි.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ~ මුහුදු මහා විහාරය බලා - පොතුවිල් ~


    ~ මුහුදු මහා විහාරය ~

    M03_zpsd95b9500.png



    M05_zps06cc7d89.png


    නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිමේ පිහිටා ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලකි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ඇත. විහාර මහා දේවිය ගොඩ බට ස්ථානය මෙය බවටද ජනශ්‍රැතියේ විශ්වාසයක් ඇත.මෙය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පිලිගැනේ.

    M09_zps26b8b1f7.png


    මේ කාලයේදී නොසිතූ විදිහට මුහුද ගොඩගලා රටට මහා උපද්‍රවයක්‌ සිදුවූ අතර ඒකට තිබුණු එකම විසඳුම විදිහට හඳුනාගත්තෙ කැලණිතිස්‌ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය නෞකාවක නංවා මුහුදේ පාකර හැරීමයි. මෙසේ විහාරමහා දේවිය විශේෂිත යාත්‍රාවක නංවා මුහුදේ පාකර හරින ලදී. අවසානයේදී පාවී ගොස්‌ ඇයගේ යාත්‍රාව ගොඩගැසුවේ නැගෙනහිර පළාතේ පොතුවිල්වලට යාබද කෝමාරියට නොහොත් එදා “කුමාරිය” කිවූ තැනටයි. ඉන්පසු එම යාත්‍රාව පොතුවිල් මුහුදු මහා විහාරය දැන් පිහිටි වැලිතලාවට රැගෙන ආ බවයි ජනප්‍රවාදයේ එන්නේ. ඒත් කිරින්ද ගැන කතාකරන විටත් විහාර මහා දේවිය ගොඩබැස්‌ස තැන හැටියට එතැනත් විස්‌තරයක්‌ කරනව. මේ ස්‌ථාන දෙකටම විහාරමහා දේවියගේ කතාව සම්බන්ධ කරනවා. මේකෙන් කොයි කතාව නිවැරදි දැයි හරියට දන්නේ නැති වුනත්, පොතුවිල් මුහුදු මහා විහාරය ඉදිකළේ ඒ සිදුවීම ස්‌මරණය කිරීම සඳහා බවයි කියවෙන්නේ.

    M08_zpsa6155968.png


    එමෙන්ම මුහුදු මහා විහාරය නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදය විසින් ගොදුරු කරගනිමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන අතරින් දැඩි ලෙස තර්ජනයට ලක් වූවකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. 1962 දී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම භුමියට අයත් අක්කර සිය ගණනකික් අද ඉතිරිව ඇත්තේ ඉතාම කුඩා භූමි ප්‍රදේශයකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර 264 වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌ පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි.

    M07_zps3e411b0c.png


    පොලොන්නරු, අනුරාධපුරේ අපේ උරුමය වැඩියෙන්ම තියෙනවා කියලා හිතාගෙන හිටියත් අපේ නියම උරුමය සෑහෙන ප්‍රමානයක් තියෙන්නේ නැගෙනහිර පළාතෙ. එහෙත් පෘතුගීසි කාලයේ ඉදලා අද වෙනකම් මේ ඓතිහාසික වැදගත් ස්ථාන විවිධ ආගමික බලපෑම් නිසා විනාශවෙමින් පවතිනව. මඩකලපු දෙසට තිබෙන බොහෝ උරුමයන් දැනටම විනාශවෙලා අවසන්. දැනට අම්පාර දෙසට තියෙන බොහෝ උරුමයන් තර්ජනයට ලක්වෙලා. අනාගතයේ අනිවාර්යයෙන්ම මේ ඉතුරු ටිකත් අපිට නැතිවෙනවා. හැබැයි එහෙම නැතිවෙනවා කිය කිය අන්තර්ජාලයට වෙලා ඉදන් කෑගැහුවට නම් වැඩක් නෑ. අඩුම තරමෙන් තියෙන තර්ජනය බලන්න යන්නවත් ඕනෙ. ඒ වගේම ඒ තර්ජන එල්ල කරන කණ්ඩායම් වලට කුනුහරපයෙන් හෝ වෙනයම් ක්‍රමයකට බැන්නට මේ තර්ජන නවතින්නෙ නෑ. ඒ සදහා යම් වැඩ පිලිවෙලවක් දියත් කල යුතුයි.

    M06_zps186437ae.png


    වර්තමානයේ මුහුදු මහා විහාරය සෑහෙන ලෙස විනාශ වෙලා තියෙන්නෙ. ඇත්තෙන්ම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පන්සලකද කියල හොයා ගන්න බැරි තරමට විනාශවෙලා. ඒ වගේම වෙසක් පෝය දවසෙත් හිටපු සම්පූර්ණ පිරිස ගනන් කිරීමට හැකි තරම් ඉතා සුලු පිරිසක්. විහාරයට අයත් සියලු ගොඩනැගිලි පර්චස් 50ක් තරම් වත් දුරට විසිරිලා නෑ. මේ වන විට බොධීන් වහන්සේ ආරක්ශා කරගනිමින් බොධි ප්‍රකාරයක් ඉදිවෙමින් පවති. එමෙන්ම හමුදා නිලධාරීන් යොදවා ආරක්ශාවද යම් දුරකට තර කර ඇත. මුහුදු මහා විහාරය හා බැදුනු ඛේදවාචක බොහොමයක් අන්තර්ජාලය පුරාම විසීරී තියෙනෙ බැවින් ඒ ගැන නැවතත් ඉදිරිපත් කරන එක තේරුමක් නෑ..

    මුහුදු මහා විහාරය ගැන බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ වගේම,පුවත් පත් වලත් මුස්ලිම් වරු ආක්‍රමණය කරන බවත්, යම් යම් සිද්ධීන් නිසා පිළිගත නොහැකි තොරතුරු මුදා හැරීමත් සිදුකරනව. ඒ වගේම මෙහි මුස්ලිම් අන්තවාදය හිස ඔසවන්නෙ ඔවුන්ගේ හැකියාවට වඩා බෞද්ධ අප හැමගේ නොහැකියාව නිසයි. ඒ පිළිබදව මනාවට ඔප්පුවෙන කරුනු කාරණ බොහොමයක් දැකගත හැකියි.

    M02_zps5e8d7a4b.png


    පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් පුරාණ නටබුන්, එම විහාර භුමිය හා ඒ අවට ප්‍රදේශය පුරා තැනින් තැන විසිරිලා තිබෙනවා දකින්න පුළුවන්. කිසිදු සංරක්ෂණය කල නටබුන් දකින්නටද නැහැ. වැල්ලේ තැනින් තැන මතු වී ඇති නටබුන්ද වෙනවා. අව්වට වේලෙමින්,වැස්සට තෙමමින් දිරාපත් වී පවතිනවා. මේ නටබුන් මුස්ලිම්වරු විනාශ කරනවා කිය කියා දොඩවමින් බැන බැන හිටියට අඩුම තරමින් ස්වභාවික ලෙස සිදුවන විනාශයන් නැවත් වීමටද කිසිදු පියවරක් මෙතෙක් අරගෙන නැහැ. එමෙන්ම මුසිලිම්වරු ආක්‍රමණය කරනවා යැයි කියමින් බොරු අන්තර්ජාල වීරයින් බිහිඋනද සිදු වී ඇත්තේ රක්ෂිත භුමිය වටා මායිමක් නොමැති වීම නිසා, අවට ඉඩම් හිමියන් පුළුල් කරන බවයි. මෙය හෙට දිනයේදීත් සිදුවෙ. එමනිස සිදු කලයුත්තේ හම්බය හම්බයා කියකියා කෑගසමින් ඉන්නවාට වඩා හැකි ඉක්මනින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් මේ විහාර ස්තානයට අයත් සතර මායිම ආරක්ශාකර දීමයි.

    M11_zps3d8f9ff9.png

    විහාරයේ සිට මුහුද පෙනෙන අයුරු

    එක දේශපාලනයෙකු විසින් ඩෝසර් කිරීම හේතුවෙන් මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ අයිතිය නිරවුල් වන තෙක් කිසිදු පාර්ශවයකට ඇතුළු වීම තහනම් කර ඇති බව, පොතුවිල් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක,වසන්ත කුමාර මහතා පවසා ඇත. මුස්ලිම් වරුන්ට ඉඩම් ආක්‍රමණය කරන බවත්, අන්තවාදීන් බවත්,නටබුන් විනාශ කරන බවත් කරන ප්‍රකාශ පැහැදිලිවම කුහක කමකි. 75% වූ බෞද්දයන්ද, රටේ ජනාධිපතිද, මෙය කියවන බෞද්ධ ඔබද කුමන පදනමක් මත මෙම ව්‍යාජ ක්‍රියාවන් පිළිගත්තත්; විහාරය වටා මායිම් ගසා වැටක් ඉදි කර දෙන්න බෞද්ද සමාජයට හැකිවී නැත. සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් දන්සල්,තෝරන් ඉදිකරමින් ලක්ෂ ගණන් මුදල් වියදම් කල මුත් වැටක් ගසා ගැනීමට රු: 20,000 වත් වියදම් වෙන්නේ නැත. සිදු වුයේ වැරද්ද මුස්ලිම් වරුන් මත පටවා ඇග බේරාගැනීමය. ආක්‍රමණයක් එනවා නම් එය නැවැත්වීමට පියවර ගතයුතුව ඇත. නැතුව අපි සිංහයන් අපේ උදාර ලේ දරුණුයි යනුවෙන් පුස් ටෝක් දීදී හිටියාට පලක් නැත. එමෙන්ම ඔවුන්ට බනිමින් හිටියාටටද පලක් නැත.

    M10_zpse13147d0.png

    විහාර භූමියෙ ගොඩගැසුනු වැලිකදු

    වර්තමානය වනවිට විහාරස්ථාන 200 කට අධික ප්‍රමාණයක් පසුගිය අවුරුදු 20 තුල වැසි ගොස්ය. හිමිවරුන් අල්ප වීමත්,විහාරස්ථාන කරා යන ජනයා අඩු වීමත්,හිමි වරුන් විහාරස්ථාන තුල හුදකලා වීමත් නිසා විහාර භුමිය පිළිබද අවධානය හීන වී තිබෙනවා.
    කෙසේ වෙතත් මුස්ලිම් ආක්‍රමණකාරී අන්තවාදීන් ලෙස හුවා දක්වන බොදුනු සමාජය,මම ක්‍රියාවන් ඉස්මුදුනින් පිළිගනිමින් ඉස්ලාමයට පහර ගසන්නට පටන් ගෙන තිබෙනවා.නටබුන් විනාශ කරන බව කියන ඉස්ලාම් විරෝධීන් නොපෙනෙන එක කාරණාවක් තමයි දිනපතාම ලංකාවේ නිදන් හැරීම. විහාරස්ථාන වල පවතින පෞරාණික වස්තු විනාශ කරමින් රන් සෙවීම,
    වටිනා පිළිමයන් ඉතා ඉහල මිල ගණන් වලට විකිණීම. මුහුදු විහාරය පිළිබද කට මැත දොඩවන අය සුළු කොටසක් හෝ ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ගයක් ගන්නේද නැත.

    M12_zps05cc85b2.png

    මුහුදු මහා විහාරස්ථානයේ මෑතකදී විවෘත කෙරුණු අභිනව බුද්ධ ප්‍රථිමා වහන්සේ.

    මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිකිරීමේ පින්කමට ඔබත් දායක වන්න.

    මෙම සිද්ධස්තානයේ වැදගත් අංගයක් වන මුලුමනින්ම නටබුන්ව ඇති දාගැබ්වහන්සේ ඉදිකිරීම දැන් ආරම්භකර ඇත. එහි උස මීටර් 65ක් සහ පලල මීටර් 65ක් වේ. මේ සදහා යන වියදම රුපියල් මිලියන 20ක් පමන වේ යැයි ගනන් බලා ඇත.

    එමනිසා මෙම පින්කමට දායකවන්නට කැමති පින්වතුන් තම ආධාර පහත ගිනුම් අංකයට බැරකල හැකි බව ශාසනලයෙන් දැනුම් දෙමු.

    8730026100 - මුහුදු මහා විහාරය කොමර්ශල් බැංකුව පේරාදෙනිය ශාකාව.

    වැඩි විස්තර සඳහා බුදුසරණ පත්තරය බලන්න හෝ පහත මහත්වරු සම්බන්දකරගන්න.

    විශේෂඥ වෛද්‍ය කපිල ගුනවර්දන (ලේකම් - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 626 146
    ඊ-මේල් - [email protected]

    විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකොන් (භන්ඩාගාරික - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 164 158
    ඊ-මේල් - [email protected]
    Link --->

    stupa2_zps87b63327.jpg


    Stupa1_zps019ad63d.jpg

    ඉදිකිරීමට නියමිත චෛත්‍යය
    Link --->

    M01_zps67c5c29f.png

    නැගෙනහිර අවසන් නගරය පානම සුන්දර වෙරළ තීරය.

    බොහෝ කරුනු අන්තර්ජාලය මගින් ලබාගත්තෙ.

    මුහුදුමහා විහාරය පිළිබද තොරතුරු හා එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම දැනගන්න මුහුදු මහා විහාරයට යන්න. මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

    අපි අපේ උරුමය රැකගනිමු.
    සම්මාසම්බුදු සරණයි!
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo