මුහුදු මහා විහාරය නැවත ගොඩනගමු - පිං කැමති
දීර්ඝ කාලයක් පුරා මුස්ලිම් අන්තවාදීන්ගේ තර්ජනයට ලක් වෙමින් පවතින් නැගෙනහිර පළාතේ, පොතුවිල් හි මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය නැවත ගොඩ නැගීමට නෙත් FM ගුවන් විදුලි සේවය පෙරමුණ ගෙන සිටී. ඔබත් ඊට හැකි පමණින් දායක වෙන්න
වැල්ලෙන් යටවී ඇති භූමියෙන් වරින් වර පුරාවස්තු මතුවන මෙම ස්ථානය නිසි පරිදි කැණීම් සිදුකර නොමැති නමුත්, දැනට පවතින පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ වලින් මෙහි ඉතිහාසය ක්‍රි.පූ. 2වැනි සියවස දක්වා දිවයන බව පුරාවිදුදරයන්ගේ මතයයි. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබිණි.
අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක් එදා මේ රක්ෂිතයට අයත් විය. අතීතයේ අක්කර 264කට හිමිකම් කියූ මුහුදු මහා විහාර භූමිය, 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී තිබිණි. එම අක්කර 30ක ප්‍රමාණය, 1980දී අක්කර 20ක් ලෙසද, 1990දී අක්කර 15ක් ලෙසද, 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද තවදුරටත් සීමාවීම ඛේදජනක තත්වයකි.
එම ඛේදනීය තත්වය වඩාත් තීව්‍ර කරමින් වර්තමානයේ එම ඓතිහාසික භූමිය අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි. අනාගතයේදී එය පර්චස් කිහිපයකට හෝ එම ප්‍රමාණයද නැත්තටම නැතිවී යන තත්වයකට පත් නොවේ යැයි කාටනම් කිවහැකිද? මෙම ඓතිහාසික භූමිය ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නෝ කවරහුද? ඔවුන් වෙනත් ජන බලවේගයන් හා එම ජනතාවගේ දේශපාලන බලවතුන් බව කරුණු සොයා බැලීමේදී පෙනීයයි.

Last edited: