මූන්ගේ වාර්තාව

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මූන්ගේ වාර්තාව

    එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් මෑතකදී නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට දරුණු ලෙස යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර රජය විසින් එය එකහෙලා ප්‍රතික්ෂේපකොට ඇත.

    මෙම වාර්තාවේ පිටපත් යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංගමයටත් ඇමරිකාවට හා ශ්‍රී ලංකාවට පමණි.මේ අතර විපක්ෂය යෝජනා කලේ මෙම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසයි.ඒ අනුව මෙම වාර්තාව මහජනතාව සඳහා ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවට බෑන් කි මුන් මහතා ප්‍රකාශකොට සිටියා.

    නමුත් මෙම වාර්තා මගින් රජයට හා එල්.ටී.ටි සංවිධානයට එල්ල කල චෝදනා මොනවාදැයි බොහෝ පිරිස්
    තවමත් නොදනී.එම වාර්තාවේ සාරාංශයක් අප වෙත ලැබී තිබෙන අතර එහි සත්‍ය අසත්‍යතාවය පිලිබඳ කිසිදු වගකීමක් අප විසින් දරණු නොලැබේ.

    එම සාරාංශයට අනුව එහි නගා ඇති චෝදනා මෙසේයි.

    ශ්‍රීලංකා රජය වෙත ගොනුකොට ඇති චෝදනා

    1. විවෘත වෙඩි තැබීම් මගින් සාමාන්‍ය මිනිසුන් ඝාතනය කිරීම
    2. සාමාන්‍ය මිනිසුන් ගැවසෙන රෝහල් වැනි ස්ථාන වලට වෙඩි තැබීම
    3. සාමාන්‍ය දෙමල වැසියන්ට මානුෂිය උදව්කිරීමෙන් වැලකීම
    4. අවසන් සටනේ හඳුනාගත් කොටි සැකකරුවන්ගේ මානවහිමිකම් උල්ලංඝනය කිරීම
    5. යුද්ධය ඇති ප්‍රදේශයෙන් පිටත ඇති වූ මානවහිමිකම් උල්ලංඝනය ( මාධ්‍යය මර්ධනය/රජයට එරෙහි පාර්ශව මර්ධනය)

    එල්.ටී.ටී සංවිධානය වෙත ගොනුකොට ඇති චෝදනා

    1. ගැලවීම සඳහා සාමාන්‍ය වැසියන් පලිහක් ලෙස යොදා ගැනීම
    2. එල්.ටී.ටී පාලනයෙන් පලායන වැසියන් මරණයට පත් කිරීම
    3. සාමාන්‍ය වැසියන් ආසන්නයේ සිට අවි ආයුධ භාවිතා කිරීම
    4. කුඩා ළමුන් බලහත්කාරයෙන් සංවිධානයට බඳවා ගැනීම
    5. බලෙන් සාමාන්‍ය වැසියන්ගේ ශ්‍රමය යුද්ධයට ලබාගනිම
    6. මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සාමාන්‍ය වැසියන් මරණයට ලක් කිරීම.

    රජයට එරෙහිව මෙම විද්වත් මණ්ඩලය විසින් චෝදනා
    නගා ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් බව වාර්තා වේ.

    එසේම තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ඔවුන් ක්‍රියාකොට නැත.

    චැනල් 4 විසින් නිකුත් කල වීඩියෝ පට සහ ජායාරුප එකතුවක් සාක්ෂි ලෙස මණ්ඩලයට ලබා දී ඇත.තවද එම විද්වත් මණ්ඩලය අවධාරණය කරන්නේ මෙම අපරාධ වලට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව වහා කටයුතු කලයුතු බවයි.

    http://www.gossip9.com/2011/04/blog-post_17.html#more
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    රඹා;9881573 said:

    Munge hama reddakma ape ratata vetarai...libiyawata gahana eka gana mun kata karan nathte ai