මූන්ගේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මූන්ගේ වාර්තාවට චෝදනා-ජ.වි.පෙ/එ.ජා.ප ස්ථාවරයන් තාම නෑ

    4770800083_0cfe4106a9.jpg

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් දැඩි විරෝධය පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සකස් කළ අදාළ කමිටු වාර්තාව පසුගිය 12 වැනිදා බැන්කි මූන් මහතා වෙත භාරදුන් අතර එහි පිටපතක් ශ්‍රී ලංකා රජයට ද ලැ‍බී ඇත.

    මෙම වාර්තාව සකස් කර ඇත්තේ රටවල් 8 ක එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධාන 20 ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 50 ක් පමණ සපයන ලද තොරතුරු පදනම් කරගෙන යැයි කියැවේ.

    අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාව තහවුරු කරගැනීමට එම කමිටුව ක්‍රියා කර නොමැති බව ද අනාවරණ වී තිබේ.

    එම කමිටුවට තොරතුරු සැපයූවන් අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ අරමුදල් මත යැපුණු විදේශීය ජාතිකයන් දස දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

    වන්නි මෙහෙයුමත් සමග මෙරටින් පලාගිය සහන සේවකයෙකු වූ ටිම් මාටින් නැමැත්තා ද ත්‍රිපුද්ගල කමිටුව‍ට තොරතුරු ලබාදී තිබේ.

    එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට අහිතකර චෝදනා රැසක් එල්ල කර බව ‍පැහැදිලිය. 2008 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මානුෂීය මෙහෙයුම අවසන් වන තෙක් කාලය තුළ ශ්‍රී ලංකා හමුදාව විසින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව අදාළ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

    එසේම වන්නි ප්‍රදේශයේ රෝහල්වලට රජයේ හමුදා මෝටාර් ප්‍රහාර එල්ල කර හානි සිදුකර ඇති බවට ද චෝදනා කර ඇති බව සඳහන්ය. කෙසේවුව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඊයේ අදහස් පළ කළ අතර 30 වසරක යුද්ධය නිමා කළ තමන් මාතෘ භූමිය වෙනුවෙන් විදුලි පුටුවට යාමට සූදානම් බවද කියා සිටියේය.

    මේ අතර ආරක්ෂක‍ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ. ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල් ආරක්ෂා කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය බැදී සිටින බවයි.

    එසේ නොකරන්නේ නම් රුසියාව සහ චීනය වැනි රටවලින් ශ්‍රී ලංකාවට රැකවරණය ලබාගැනීමට සිදුවන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි. මේ අතර මූන්ගේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙරට සිටින සියලු විදෙස් තානාපතිවරුන් මහ‍කොමසාරිස්වරුන් ඇතුළු විදේශීය නියෝජිතයන් ලබන 21 වැනිදා හමුවී දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පියවර ගෙන තිබේ..

    මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කමිටු වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනයකින් පසු සිය ස්ථාවරය ප්‍රකාශ කරන බව සඳහන් කරයි. කෙසේවුවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා අදාළ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරමින් අදහස් පළ කර තිබේ.
     

    Similar threads