මූර්තිගේ_පාතාලයා
නාමල් රාජපක්ෂගේ සහ කැප්ටන් මූර්තිගේ පාතාලයා, පල්ලිකුඩාවේ උක්කුවා මරා දමලා: සාක්කි නැති කිරීමට නාමල් කළ සැලසුමක් ද?
නාමල් රාජපක්ෂ සහ ඔහුගේ කුප්රකට සම්බන්ධීකරණ ලේකම්, කැප්ටන් මූර්ති කොඩිතුවක්කුගේ අංක එකේ කුලී මිනීමරුවා වූ ජයවීර පටබැඳිගේ ඉන්දික ප්රසන්න හෙවත් ‘පල්ලිකුඩාවේ උක්කුවා‘ අද උදේ කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබේ.
ඝාතනයන් සම්බන්ධයෙන් ඇප මත සිටින උක්කුවා ඇතුළු තිදෙනකුට සතියකට වරක් තංගල්ල පොලිසියේ පෙනී සිට අත්සන් කිරීමට නියම කර ඇති අතර එසේ අත්සන් කර ආපසු යමින් සිටියදී තංගල්ල නගරයට ආසන්නයේදී පිරිස ගමන් කරමින් සිටි ත්රී රෝද රථයේ මග හරස් කොට නැවතූ මෝටර් රථයකින් බැසගත් පිරිසක් ත්රී රෝද රියේ පිටුපස සිටි පිරිසට වෙඩි තබා පළා ගොස් ඇතැයිද උක්කුවා එම ස්ථානයේම මරුමුවට පත්ව ඇතැයිද අනෙක් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය පවසා තිබේ.
මීට වසරකට පෙර 2014.මැයි.22 දා නාමල් රාජපක්ෂගේ නිල් බලකායට විරුද්ධ වූ අමිල හිත්ප්රිය රාජපක්ෂ නමැත්තාට දෙනෝ දහසක් බලා සිටියදී තංගල්ල අධිකරණය ඉදිරිපිටදී වෙඩි තැබුවේ පල්ලිකුඩාවේ උක්කුවා විසිනි. එම ඝාතනයට තැත් කිරීම නාමල් රාජපක්ෂ සහ මූර්ති කොඩිතුවක්කුගේ මෙහෙයැවීම මත උක්කුවා විසින් සිදුකරන ලද්දක් බව පොලිසියට ලබා දී තිබූ කට උත්තර වල පවා සඳහන් වී තිබිණ. එම සිද්ධියෙන් පසු උක්කුවා ආරක්ෂිතව සඟවා ගත්තේද නාමල් රාජපක්ෂ විසින් කාල්ටන් නිවසේ ය. 2013 දී ද උක්කුවා විසින් තංගල්ල නගරයේදී දෙනෝ දහක් බලා සිටියදී ‘මන්නයා‘ නමැත්තා ඇතුළු තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළේය.
උක්කුවා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී නාමල්ගේ රෂ්මිය කොතෙක් වීද යත් බන්ධනාගාර නිලධාරීන්ගේ ඉහල සිට පහල නිලධාරියා දක්වාම ඔහුව ඇමතුවේ ‘උක්කුවා සර්“ කියා බව ප්රසිද්ධ රහසකි
අද උදෑසන පල්ලිකුඩාවේ උක්කුවාගේ ඝාතනය නාමල් රාජපක්ෂ සහ මූර්තිට එරෙහිව ඇති සාක්කි වසන් කිරීමට සිදුකරන ලද ඝාතනයක් යැයි ප්රදේශවාසීන් අතර බරපතල සැකයක් තිබේ. මන්ද යත් මහින්ද රාජපක්ෂ පවා අතීතයේදී සිදුකර ඇත්තේ එවැනි ක්රියාවලියක් නිසාය. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් පාතාලයන් ලවා ඝාතනය කරවා පසුව සාක්කි නැති කිරීමට ඔවුන්ට විරුද්ධ වෙනත් පාතාල කණ්ඩායම් ලවා තමන් මෙහෙයැවූ පාතාලයා ඝාතනය කරවීම මහින්ද රාජපක්ෂගේ ප්රකට සිරිතක් වූ බව තංගල්ල ප්රදේශයේ කුඩා ළමුන් පවා දන්නා කාරණයකි.