මෘදුකාංග ස්ථාපනය(මූල කේත ආකාරයෙන් බෙදා හ&#3536

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
මෘදුකාංග ස්ථාපනය(මූල කේත ආකාරයෙන් බෙදා හ&#

මේ ලියමන ටිකක් අමාරුකාර ලියවිල්ලක්. මේ කාරණාව මේ විධියට තනි ලියමනකින් පැහැදිලි කරන්න අමාරුයි. අනෙක එක එක උදාහරණයෙන් උදාහරණයට පිළිවෙලේ වෙනස්කම් තියෙනවා. මම කියන්නේ මම සාමාන්‍යයෙන් වැඩ කරන පිළිවෙල ගැන. :)

පරිගණක මෘදුකාංගයක් කියන්නේ පරිගණකයට ලබා දිය යුතු උපදෙස්, විධානවල එකතුවෙන් සකස් කළ විධිමත් අනුපිළිවෙලවලක් කියලා සරලව හදුන්වන්න පුළුවනි (මම වැරදි නම් කරුණාකර මාව නිවැරදි කරන්න :) ). මේ මෘදුකාංගය ක්‍රමලේඛණ භාෂාවක් (Java, C++, Python, etc...) මගින් කේතනය කරලා පසුව පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට -- ඒ කියන්නේ යන්ත්‍ර භාෂාවට පෙරළා සකස් කළ පරිගණක ගොනුවක් හෝ ගොනු කීපයක එකතුවක් ලෙස පසුව සකස් කළාම තමයි ඒක භාවිතයට ගන්න පුළුවන් වෙන්නෙ. මේ ආකාරයට යන්ත්‍ර භාෂාවට පෙරළිම තාක්ෂණිකව හඳුන්වන්නේ compile කිරීම (අපි මෙයට සම්පාදනය යයි කියමු) ලෙස. සම්පාදනය කළ මෘදුකාංගයක් නැවත මූල කේතය බවට පෙරලන්න හැකියාවක් නැහැ. හැකියාවක් තිබුණත් එය පහසු වැඩක් නෙවෙයි.

ඉතින් මෘදුකාංග නිර්මාණය කරන අය කරන්නේ තමන් දන්න ක්‍රමලේඛණ භාෂාවක් මගින් කේතනය කරලා පසුව එය සම්පාදනය කරලා සම්පාදිත ගොනු (binaries) මෘදුකාංගය ලෙස බෙදා හැරීම. මෘදුකාංග දෙවර්ගයක් තියෙනවා... සවෘත මෘදුකාංග (closed source) සහ විවෘත මෘදුකාංග (open source) කියලා. සංවෘත මෘදුකාංග වල මූල කේතය පරිශීලකයාට ලබා දෙන්නෙ නෑ. ඒක ඒ මෘදුකාංගය පිළිබඳ හිමිකම් තියෙන සමාගමේ/ ආයතනයේ ව්‍යාපාරික රහසක් වශයෙන් තබා ගැනෙනවා. මීට සුප්‍රසිද්ධ උදාහරණයක් ලෙස Microsoft Windows හඳුන්වන්න පුළුවන්. නමුත් විවෘත මෘදුකාංග වල මූල කේතය පරිශීලකට ලබා දෙනවා. උදාහරණය ලිනක්ස්. මේ දෙවර්ගයටම උදාහරණ තව ඕනේ තරම් දෙන්න පුළුවන්. ඒ වගේම මේ දෙවර්ගයෙම වාසි/ අවාසිත් තියෙනවා. නමුත් ඒ ගැන නෙමෙයි මම අද කතා කරන්නෙ.

ඒත් සමහර විවෘත මෘදුකාංග බෙදාහරින්නේ මූල කේත ආකාරයෙන්ම පමණයි. සම්පාදනය කළ ගොනු හෝ ස්වයං ස්ථාපන ගොනු ආකාරයට ඒවායේ බෙදාහැරීමක් සිද්ධ වෙන්නෙ නැහැ. මේ සඳහා මම දැක්ක හොඳම සහ නරකම උදාහරණය තමයි Gentoo Linux. හොඳයි කිව්වේ මම දැනට ලිනක්ස් ගැන, කර්නල් එක ගැන දැනට ලබපු හොඳම අත්දැකීම් ටික ගත්තේ Gentoo වලින් නිසා. ;) නරකයි කිව්වේ ඒක ස්ථාපනය කරගන්න දවසක්ම කට්ට කන්න වුණු නිසා. :P

මම Gentoo ගැන කිව්වම බය වෙන්න එපා... මේ කියන්නෙ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය වගේ පතරංග වැඩක් ගැන නෙමෙයි. C/ C++ මූල කේත ලෙස බෙදා හරින, එදිනෙදා පාවිච්චි වෙන භාවිත යෙදුමක් (application software package) ස්ථාපනය කරගන්න ක්‍රමය ගැන.

වැඩේට කලින් පරිගණකයෙ තිබිය යුතු අත්‍යාවශ්‍ය මූලික මෘදුකාංග කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙයුම් පද්ධතිය අඩංගු සංයුක්ත තැටියේ මේ මෘදුකාංග අඩංගුයි. මේ ඒවායින් ප්‍රමුඛම මෘදුකාංග දෙක.

1. GNU C Compiler (gcc)
2. GNU Make (make)

මේවා දැනට ස්ථාපනය කර නැත්නම් ස්ථාපනයට,
# apt-get install gcc make (Debian/ Ubuntu මත)
# yum install gcc make (Fedora/ CentOS/ RedHat මත)

සාමාන්‍යයෙන් මේ මූල කේත බෙදාහරින්නේ .tar/ .tar.gz හෝ .tar.bz2 ආකාරයෙ හැකිළවූ (archive) ගොනු ලෙස. මුලින්ම ඒ ගොනුව භාගත කරගෙන අන්තර්ගත ගොනු ටික unpack කර ගන්න ඕනේ.

ඒ ගොනුව .tar වර්ගයෙ එකක් නම්,
$ tar xvf filename.tar

.tar.gz එකක් නම්,
$ tar xvfz filename.tar

.tar.bz2 එකක් නම්,
$ tar xvfj filename.tar.bz2

... යනාදී වශයෙන් අදාළ විධාන ටර්මිනල් එකේදි පාවිච්චි කරලා unpack කරගන්න පුළුවන්.

උදාහරණයක් ලෙස අපි ලිනක්ස් සඳහා NMAP ස්ථාපනය ගනිමු. NAMP කියන්නේ පරිගණක ජාල වල ආරක්ෂාව පිළිබඳ විගණන කටයුතු (security auditing) වලට යොදා ගන්න මෘදුකාංගයක්. මුලින්ම මේ වෙබ් පිටුවට ගිහින් අදාළ ගොනුව (nmap-5.00.tar.bz2) බාගන්න.

දැන්,
$ tar xvfj nmap-5.00.tar.bz2

දැන් nmap-5.00 නමින් ඩිරෙක්ටරියක් නිර්මාණය වෙලා ඇති. ඒක ඇතුළට යන්න.

$ cd nmap-5.00
$ ls

ls විධානය දුන්නාම ඒකෙ ඇතුළෙ තියෙන අන්තර්ගතය පෙන්වනවා. මෙහෙම ලොකු ලැයිස්තුවක් ආවට බය වෙන්න එපා, ලැයිස්තුවෙන්ම ගොනු දෙකයි තුනයි අපට වැදගත් :)
shaakunthala@shaakunthala-laptop:~/Desktop/nmap-5.00$ ls -a
. nmap_config.h.in nse_pcrelib.h
.. nmap_dns.cc nsock
acinclude.m4 nmap_dns.h osscan2.cc
aclocal.m4 nmap_error.cc osscan2.h
CHANGELOG nmap_error.h osscan.cc
charpool.cc nmap.h osscan.h
charpool.h nmap-mac-prefixes output.cc
config.guess NmapOps.cc output.h
config.sub NmapOps.h portlist.cc
configure nmap-os-db portlist.h
configure.ac NmapOutputTable.cc portreasons.cc
COPYING NmapOutputTable.h portreasons.h
COPYING.OpenSSL nmap-protocols protocols.cc
depcomp nmap-rpc protocols.h
docs nmap_rpc.cc README-WIN32
FingerPrintResults.cc nmap_rpc.h scan_engine.cc
FingerPrintResults.h nmap-service-probes scan_engine.h
global_structures.h nmap-services scripts
HACKING nmap_tty.cc service_scan.cc
idle_scan.cc nmap_tty.h service_scan.h
idle_scan.h nmap_winconfig.h services.cc
INSTALL nse_binlib.cc services.h
libdnet-stripped nse_binlib.h shtool
liblua nse_bit.cc Target.cc
libpcap nse_bit.h TargetGroup.cc
libpcre nse_debug.cc TargetGroup.h
ltmain.sh nse_debug.h Target.h
MACLookup.cc nse_fs.cc targets.cc
MACLookup.h nse_fs.h targets.h
macosx nselib tcpip.cc
main.cc nse_main.cc tcpip.h
Makefile.in nse_main.h timing.cc
missing nse_main.lua timing.h
mswin32 nse_nmaplib.cc traceroute.cc
nbase nse_nmaplib.h traceroute.h
ncat nse_nsock.cc utils.cc
ndiff nse_nsock.h utils.h
nmap-5.00-1.spec nse_openssl.cc zenmap
nmap_amigaos.h nse_openssl.h zenmap-5.00-1.spec
nmap.cc nse_pcrelib.cc
shaakunthala@shaakunthala-laptop:~/Desktop/nmap-5.00$
 
Last edited:

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
මෙතනින් අපට මුලින්ම වැදගත් වෙන්නෙ README කියන ගොනුව. භාගත කරගත් පැකේජයත් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියන එක කියල තියෙන්නෙ මේ පාඨ ගොනුවේ. මෙය විවෘත කරගන්න; හොඳින් කියවන්න. කඩ්ඩෙන් තමා තියෙන්නෙ... ඒත් අමාරු නෑ. අන්තර්ජාලයෙන් ඉංග්‍රීසි ශබ්දකෝෂ ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. This is not real kadda, dude! ;)

නමුත් අපේ මේ උදාහරණයෙ තියෙන්නෙ README-WIN32 කියල ගොනුවක්. නමේ හැටියෙන්ම පේනවනෙ. මේ තියෙන්නෙ වින්ඩෝස් සඳහා උපදෙස්. ඒක අපට මේ වෙලාවෙ වැදගත් නෑ. ඒ නිසා මේ උදාහරණයෙදි පමණක් අපට README නොකියවා කෙළින්ම ඊළඟ පියවරට යන්න පුළුවන්.

ඊළඟට වැදගත් වෙන්නෙ INSTALL ගොනුව. මේකත් සාමාන්‍ය පාඨ ගොනුවක්. ඒකෙ තියෙනවා ස්ථාපන උපදෙස්. පරිස්සමෙන් මුල සිට අගට කියවන්න.

අපි ස්ථාපනය කරන මෘදුකාංගයට අදාළව මේ ගොනු වල සමහර විට පූර්ව අවශ්‍යතා (prerequisites)/ dependencies ගැන සඳහන් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉදිරියට යන්න කලින් ඒ උපදෙස් අනුගමනය කරලා අදාළ පූර්ව අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කරගන්න.

මේ කාරියෙදි කියවීමේ පුරුද්ද අතිශයින් ම වැදගත්!!

ටර්මිනලය තුළම කියවන්න නම්,
$ cat INSTALL | more -d

ටර්මිනල් එකට අකැමති නම්,
$ gedit INSTALL &

සම්පූර්ණ ගොනුවම කියවලා අදහසක් ගත් පසුව එකින් එක ක්‍රියාවට නගන්න. මුලින්ම කියල තියෙන්නේ configure ධාවනය කරන්න කියලයි. configure --help ධාවනය කරලා මේ ගැන වැඩි විස්තර ගන්න පුළුවන්. ඒ අනුව අපට අවශ්‍ය පරිදි මෘදුකාංගය ස්ථාපනය වෙන ඩිරෙක්ටරිය, වින්‍යාසගත කිරීමේ ගොනු (configuration files) ස්ථාපනය වෙන තැන ආදිය පිළිබඳ සැකසුම් සියුම් සීරුමාරුවකට ලක් කරන්න පුළුවන්. හැබැයි, හොඳ අවබෝධයකින් තොරව නම් "Some influential environment variables" යටතෙ දීල තියෙන දේවල් සකස් කරන්න යන්න එපා!!

$ ./configure

සාමාන්‍යයෙන් configure වලින් කරන්නේ විවිධ පද්ධති අවශ්‍යතා, ශක්‍යතා, පූර්ව අවශ්‍යතා සහ dependencies පරීක්ෂා කර බලා අපට ස්ථාපනය කරන්න අවශ්‍ය මෘදුකාංගය ඒ අනුව සකස් කර ගැනීම. හැබැයි වැඩේට ටික වෙලාවක් ගත වෙනවා. තිරයේ දිස් වෙන්නෙ පරීක්ෂාවන් එකින් එක නිම වෙන අන්දම. කිසිදු දෝෂ පණිවුඩයකින් තොරව වැඩේ අවසාන වුණා නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. බොහෝ විට dependency/ පූර්ව අවශ්‍යතා පිළිබඳ අවුලක් හැර වෙනත් අවුලක් නම් ඇති වෙන්නෙ නැහැ. එහෙම අවස්ථාවකදි Google ගෙන් උදව්වක් ගන්න තමයි සිද්ධ වෙන්නේ. නැතිනම් README/ INSTALL ගොනු නැවත හොඳින් කියවන්න. විසඳුම බොහෝ දුරට එහි තිබෙන්න පුළුවන්.

ඊළඟට කියලා තියෙන්නෙ make විධානය දෙන්න කියලා.

$ make

make විධානයෙන් කරන්නේ අපි මුලින් සිදු කළ වින්‍යාසගත කිරීම (configuration) අනුව සහ පැකේජයේ අඩංගු Makefile ගොනුවේ තියෙන උපදෙස් මාලාව අනුව මූල කේත පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට හැරවීම හෙවත්, සම්පාදනය (compilation). මේකටත් තරමක වෙලාවක් ගත වෙනවා. ඒ කාලය මෘදුකාංගය මත තීරණය වෙන එකක්. කිසිදු දෝෂ පණිවුඩයකින් තොරව වැඩේ අවසාන වුණා නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. එහෙම නොවුණොත් Google ගෙන් උදව්වක් ගන්න තමයි සිද්ධ වෙන්නේ. නැතිනම් README/ INSTALL ගොනු නැවත හොඳින් කියවන්න. විසඳුම බොහෝ දුරට එහි තිබෙන්න පුළුවන්.

දී ඇති INSTALL ලියමනේ හැටියට ඊළඟට යෙදිල තියෙන වැදගත් කාරිය make install. දැන් පැහැදිලියිනේ අපට ඉතුරු වෙලා තියෙන එකම වැඩේ ස්ථාපනය කිරීම! :)

ස්ථාපනය සිදු කළ යුත්තේ root පරිශීලක ලෙස.

$ su -c "make install"

කැමති නම් make clean පාවිච්චි කරලා අපි මෙතෙක් වෙලා යකා නටපු source ඩිරෙක්ටරිය සුද්ධ පවිත්‍ර කරලා දාන්නත් පුළුවන්. ;)

$ make clean

දැන් වැඩේ අහවරයි. කරන්න තියෙන්නේ nmap වලින් වැඩ කරන එක තමයි. :) (මම නං nmap පාවිච්චි කරන්නෙ අනුන්ගෙ ජාල audit කරන්න >:) ඒ නිසා පාවිච්චි කරන පිළිවෙළ කියන්නෙ නෑ. ඔය ළමයි එහෙම නරක වැඩ කරන්න එපා හොඳේ...)

MISSION COMPLETE!

---

ඔය ලිව්වේ එක මෘදුකාංගයක් ගැන සරල උදාහරණයක්. තව විවෘත කේත මෘදුකාංග කොයි තරම් තියෙනවද? ඒ බොහොමයකදි පාවිච්චි වෙන්නෙ මම මේ විස්තර කළ සරල රටාව.

ම්හ්... මට අහන්න අතමක වුණා.... මේක සංකීර්ණ නැහැනේ...? ;) සංකීර්ණයි කියන්න පුළුවන් කේස් එකකදි, වැඩිම වුණොත් configure පියවරේදි ටිකක් දිග command එකක් ටයිප් කරන්න වෙයි, මේ වගේ:

./configure --prefix=/usr/share/nmap-tools
 
  • Like
Reactions: sanmahesh

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Thank you brother

    මට මෙකෙ ගොඩක් තෙරුනා ටිකක් හරියට තෙරුනෙ නැ,හැබැයි මම මෙකෙන් දෙයක් ඉගනගත්තා,බොහොම ස්තුති ඔබට<Thank you brother for teaching us such useful things:):):)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් software එකේ හැටියට මේව වෙනස් වෙනවනේ බන්.. Oracle වගේ එකක් install කරන්න ගියාම පුක ඉරෙනව. packages update කරන්න, kernel parameters set කරන්න එහෙම තියනව අම්බානක්. මීට වඩා සෑහෙන්න අමාරුයි. :confused::confused:
     
    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    hm

    මචන් software එකේ හැටියට මේව වෙනස් වෙනවනේ බන්.. Oracle වගේ එකක් install කරන්න ගියාම පුක ඉරෙනව. packages update කරන්න, kernel parameters set කරන්න එහෙම තියනව අම්බානක්. මීට වඩා සෑහෙන්න අමාරුයි. :confused::confused:

    ඒ බොහොමයකදි පාවිච්චි වෙන්නෙ මම මේ විස්තර කළ සරල රටාව.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,182
    937
    113
    Well its more easy to use apt-get install with ubuntu because newer ubuntu versions like 10.10 has newer package version unlike in past!
     
    pubuduac

    Member
    Oct 16, 2009
    37
    0
    0
    මේ ලියමන ටිකක් අමාරුකාර ලියවිල්ලක්. මේ කාරණාව මේ විධියට තනි ලියමනකින් පැහැදිලි කරන්න අමාරුයි. අනෙක එක එක උදාහරණයෙන් උදාහරණයට පිළිවෙලේ වෙනස්කම් තියෙනවා. මම කියන්නේ මම සාමාන්‍යයෙන් වැඩ කරන පිළිවෙල ගැන. :)

    පරිගණක මෘදුකාංගයක් කියන්නේ පරිගණකයට ලබා දිය යුතු උපදෙස්, විධානවල එකතුවෙන් සකස් කළ විධිමත් අනුපිළිවෙලවලක් කියලා සරලව හදුන්වන්න පුළුවනි (මම වැරදි නම් කරුණාකර මාව නිවැරදි කරන්න :) ). මේ මෘදුකාංගය ක්‍රමලේඛණ භාෂාවක් (Java, C++, Python, etc...) මගින් කේතනය කරලා පසුව පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට -- ඒ කියන්නේ යන්ත්‍ර භාෂාවට පෙරළා සකස් කළ පරිගණක ගොනුවක් හෝ ගොනු කීපයක එකතුවක් ලෙස පසුව සකස් කළාම තමයි ඒක භාවිතයට ගන්න පුළුවන් වෙන්නෙ. මේ ආකාරයට යන්ත්‍ර භාෂාවට පෙරළිම තාක්ෂණිකව හඳුන්වන්නේ compile කිරීම (අපි මෙයට සම්පාදනය යයි කියමු) ලෙස. සම්පාදනය කළ මෘදුකාංගයක් නැවත මූල කේතය බවට පෙරලන්න හැකියාවක් නැහැ. හැකියාවක් තිබුණත් එය පහසු වැඩක් නෙවෙයි.

    ඉතින් මෘදුකාංග නිර්මාණය කරන අය කරන්නේ තමන් දන්න ක්‍රමලේඛණ භාෂාවක් මගින් කේතනය කරලා පසුව එය සම්පාදනය කරලා සම්පාදිත ගොනු (binaries) මෘදුකාංගය ලෙස බෙදා හැරීම. මෘදුකාංග දෙවර්ගයක් තියෙනවා... සවෘත මෘදුකාංග (closed source) සහ විවෘත මෘදුකාංග (open source) කියලා. සංවෘත මෘදුකාංග වල මූල කේතය පරිශීලකයාට ලබා දෙන්නෙ නෑ. ඒක ඒ මෘදුකාංගය පිළිබඳ හිමිකම් තියෙන සමාගමේ/ ආයතනයේ ව්‍යාපාරික රහසක් වශයෙන් තබා ගැනෙනවා. මීට සුප්‍රසිද්ධ උදාහරණයක් ලෙස Microsoft Windows හඳුන්වන්න පුළුවන්. නමුත් විවෘත මෘදුකාංග වල මූල කේතය පරිශීලකට ලබා දෙනවා. උදාහරණය ලිනක්ස්. මේ දෙවර්ගයටම උදාහරණ තව ඕනේ තරම් දෙන්න පුළුවන්. ඒ වගේම මේ දෙවර්ගයෙම වාසි/ අවාසිත් තියෙනවා. නමුත් ඒ ගැන නෙමෙයි මම අද කතා කරන්නෙ.

    ඒත් සමහර විවෘත මෘදුකාංග බෙදාහරින්නේ මූල කේත ආකාරයෙන්ම පමණයි. සම්පාදනය කළ ගොනු හෝ ස්වයං ස්ථාපන ගොනු ආකාරයට ඒවායේ බෙදාහැරීමක් සිද්ධ වෙන්නෙ නැහැ. මේ සඳහා මම දැක්ක හොඳම සහ නරකම උදාහරණය තමයි Gentoo Linux. හොඳයි කිව්වේ මම දැනට ලිනක්ස් ගැන, කර්නල් එක ගැන දැනට ලබපු හොඳම අත්දැකීම් ටික ගත්තේ Gentoo වලින් නිසා. ;) නරකයි කිව්වේ ඒක ස්ථාපනය කරගන්න දවසක්ම කට්ට කන්න වුණු නිසා. :P

    මම Gentoo ගැන කිව්වම බය වෙන්න එපා... මේ කියන්නෙ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය වගේ පතරංග වැඩක් ගැන නෙමෙයි. C/ C++ මූල කේත ලෙස බෙදා හරින, එදිනෙදා පාවිච්චි වෙන භාවිත යෙදුමක් (application software package) ස්ථාපනය කරගන්න ක්‍රමය ගැන.

    වැඩේට කලින් පරිගණකයෙ තිබිය යුතු අත්‍යාවශ්‍ය මූලික මෘදුකාංග කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙයුම් පද්ධතිය අඩංගු සංයුක්ත තැටියේ මේ මෘදුකාංග අඩංගුයි. මේ ඒවායින් ප්‍රමුඛම මෘදුකාංග දෙක.

    1. GNU C Compiler (gcc)
    2. GNU Make (make)

    මේවා දැනට ස්ථාපනය කර නැත්නම් ස්ථාපනයට,
    # apt-get install gcc make (Debian/ Ubuntu මත)
    # yum install gcc make (Fedora/ CentOS/ RedHat මත)

    සාමාන්‍යයෙන් මේ මූල කේත බෙදාහරින්නේ .tar/ .tar.gz හෝ .tar.bz2 ආකාරයෙ හැකිළවූ (archive) ගොනු ලෙස. මුලින්ම ඒ ගොනුව භාගත කරගෙන අන්තර්ගත ගොනු ටික unpack කර ගන්න ඕනේ.

    ඒ ගොනුව .tar වර්ගයෙ එකක් නම්,
    $ tar xvf filename.tar

    .tar.gz එකක් නම්,
    $ tar xvfz filename.tar

    .tar.bz2 එකක් නම්,
    $ tar xvfj filename.tar.bz2

    ... යනාදී වශයෙන් අදාළ විධාන ටර්මිනල් එකේදි පාවිච්චි කරලා unpack කරගන්න පුළුවන්.

    උදාහරණයක් ලෙස අපි ලිනක්ස් සඳහා NMAP ස්ථාපනය ගනිමු. NAMP කියන්නේ පරිගණක ජාල වල ආරක්ෂාව පිළිබඳ විගණන කටයුතු (security auditing) වලට යොදා ගන්න මෘදුකාංගයක්. මුලින්ම මේ වෙබ් පිටුවට ගිහින් අදාළ ගොනුව (nmap-5.00.tar.bz2) බාගන්න.

    දැන්,
    $ tar xvfj nmap-5.00.tar.bz2

    දැන් nmap-5.00 නමින් ඩිරෙක්ටරියක් නිර්මාණය වෙලා ඇති. ඒක ඇතුළට යන්න.

    $ cd nmap-5.00
    $ ls

    ls විධානය දුන්නාම ඒකෙ ඇතුළෙ තියෙන අන්තර්ගතය පෙන්වනවා. මෙහෙම ලොකු ලැයිස්තුවක් ආවට බය වෙන්න එපා, ලැයිස්තුවෙන්ම ගොනු දෙකයි තුනයි අපට වැදගත් :)
    shaakunthala@shaakunthala-laptop:~/Desktop/nmap-5.00$ ls -a
    . nmap_config.h.in nse_pcrelib.h
    .. nmap_dns.cc nsock
    acinclude.m4 nmap_dns.h osscan2.cc
    aclocal.m4 nmap_error.cc osscan2.h
    CHANGELOG nmap_error.h osscan.cc
    charpool.cc nmap.h osscan.h
    charpool.h nmap-mac-prefixes output.cc
    config.guess NmapOps.cc output.h
    config.sub NmapOps.h portlist.cc
    configure nmap-os-db portlist.h
    configure.ac NmapOutputTable.cc portreasons.cc
    COPYING NmapOutputTable.h portreasons.h
    COPYING.OpenSSL nmap-protocols protocols.cc
    depcomp nmap-rpc protocols.h
    docs nmap_rpc.cc README-WIN32
    FingerPrintResults.cc nmap_rpc.h scan_engine.cc
    FingerPrintResults.h nmap-service-probes scan_engine.h
    global_structures.h nmap-services scripts
    HACKING nmap_tty.cc service_scan.cc
    idle_scan.cc nmap_tty.h service_scan.h
    idle_scan.h nmap_winconfig.h services.cc
    INSTALL nse_binlib.cc services.h
    libdnet-stripped nse_binlib.h shtool
    liblua nse_bit.cc Target.cc
    libpcap nse_bit.h TargetGroup.cc
    libpcre nse_debug.cc TargetGroup.h
    ltmain.sh nse_debug.h Target.h
    MACLookup.cc nse_fs.cc targets.cc
    MACLookup.h nse_fs.h targets.h
    macosx nselib tcpip.cc
    main.cc nse_main.cc tcpip.h
    Makefile.in nse_main.h timing.cc
    missing nse_main.lua timing.h
    mswin32 nse_nmaplib.cc traceroute.cc
    nbase nse_nmaplib.h traceroute.h
    ncat nse_nsock.cc utils.cc
    ndiff nse_nsock.h utils.h
    nmap-5.00-1.spec nse_openssl.cc zenmap
    nmap_amigaos.h nse_openssl.h zenmap-5.00-1.spec
    nmap.cc nse_pcrelib.cc
    shaakunthala@shaakunthala-laptop:~/Desktop/nmap-5.00$

    ශාකුන්තල අය්යේ දන්නවා නම් කියල දෙන්න.කොහොමද සෙටප් එකක් හදන්නේ ODBC auto configure වෙන විදියට.ඒ කියන්නේ අපි හදපු Database එකත් ස්වයංක්‍රීයවම නියමිත තැන ස්ථාපනය වෙලා ඒ විදියටම අපි ජාවා වලින් හදපු වැඩසටහනක් එම Database එකට සම්මබන්ධ වෙන්න.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    good work. one should know atleast how to compile and install a software in a linux system when the source code is given. Most of the linux users that i have seen are ubuntu users and even most of them do not think about this case since they have package managing systems installed. But the case is when they want to have a package installed in their system which is not included in their package library.