මෙක්සිකෝ පිටසක්වල පචය
================
තමන් විසින්ම පියාඹන පීරිසි පිලිබඳ විශේෂඥයෙකු බව කියා ගන්නා මෙක්සිකෝවේ මාධ්‍යවේදියෙකු වන José Jaime Maussan විසින් පිටසක්වල ජීවින් දෙදෙනෙකුගේ බව කියමින් පෙරේදා මෙක්සිකෝවේ කොන්ග්රස් සභා ගොඩනැගිල්ලේ ප්‍රදර්ශනය කරන ලද මෘත ශරීර දෙක පිටසක්වල ජීවීන්ගේ බවට කියන කතාව පිළිගත නොහැකි බව විද්‍යාඥ වරියෙකු වන Julieta Fierro කියන්නීය .
ඇය මෙක්සිකෝවේ ජාතික ස්වාධීන විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා ආයතනයේ පර්යේශිකාවකි
ගල්වී තිබෙන සිරුරු දෙක පිටසක්වල ජීවින් දෙදෙනෙකුගේ බවට තම විශ්ව විද්‍යාලය අනුමත කර ඇති බවට මාධ්‍යවේදියෙකු වෙන José Jaime Maussan කියා ඇති කතාව බොරුවක් බව ඇය කීවාය .
x කිරණ පරීක්ෂාවකින් පිටසක්වල ජීවීන්ද නැද්ද යන්න කිව නොහැකි බවත් ඒ සඳහා වඩාත් දියුණු තාක්ෂනය අවශ්‍ය බව ඇය වැඩි දුරටත් කියා තිබේ
මෙම මාධ්‍යකරුවා 2015 දීද පිටසක්වල ජීවියෙකු බව කියමින් ඉදිරිපත් කරන ලද ශරීරය කුඩා ළමයෙකුගේ මමියක් බවට හෙළිවී තිබේ
මෙක්සිකෝවේ ජනාධිවරයාද පිටසක්වල ජීවින් ගැන උනන්දු අයෙකු බැවින් මෙක්සිකෝවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙම සිරුරු ප්‍රදර්ශනය කරන්නට ඉඩ දී තිබේ
මේ අතර පාලක පක්ෂයේ කොන්ග්රස් සභිකයෙකු වන Sergio Gutiérrez Luna කියා සිටියේ මේ සිරුරු දෙක පිටසක්වල ජීවින් දෙදෙනෙකුගේද නැද්ද පිළිබඳව නිගමනයකට කොන්ග්‍රස සභාව පැමිණ නැතිබවය