මෙගා ස්ටාර් වලට චෝදනා

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
මෙගා ස්ටාර් වලට චෝදනා

පසුගිය සතියේ මෙගස්ටාර් අවසන් වුනේ කව්රුත් පුදුමයට පත් කරමින්.ඒ අවසන් වටයට සිව් දෙනාම තෝරා ගත් බව පැවසිමෙන්. මේ වන විට හා මින් පෙරත් මෙගා ස්ටාර් වෙත එල්ල වෙමින් පවතින චෝදනාව වනුයේ දේශපාලන හස්තයක් මගින් එක් අපේක්ෂකයෙකු දිනවීමට සුදානම් වන බවයි.

අවසන් විනිශ්චය ප්‍රකාශයට පත් කල මොහොත



මේ පිලිබදව දමිතා අබේරත්න පල කල අදහස්

"මෙගා ස්‌ටාර් වේදිකාවට මාස නවයක්‌ දහයක්‌ තිස්‌සේ අපි කැපවුණා. මට සහභාගි වෙන්න තිබුණු විදෙස්‌ සංචාර පවා අත්හැරලයි මෙගා ස්‌ටාර් වේදිකාවට ගොඩවැදුණේ. නමුත් මේ වෙනකොට අපිට විශාල අසාධාරණකම් රැසක්‌ සිදුවෙලා තිබෙනවා".

"මොකද මම එහෙම කියන්නේ අවසන් මහා තරගයට තරගකරුවන් තුන්දෙනෙක්‌ තෝරාගන්නවා කියලයි මුලින්ම පැවසුවේ. මේ වෙනකොට තරගකරුවන් සිව්දෙනෙක්‌ ඉන්නවා. එහෙම කොහොමත්ම වෙන්න බැහැ. මොකද තරගකරුවන් දෙදෙනෙක්‌ට එක සමානව එස්‌ එම් එස්‌ ලැබෙන්න විදිහක්‌ නැහැ. ඒක ඔලුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්න පුළුවන් දෙයක්‌ නොවෙයි. මේක බලයට සහ මුදලට යට වුණ තීරණයක්‌ ද කියලා හිතෙනවා".


"අපිට වුණු මේ අසාධාරණය ගැන අහන්න වැඩසටහනට සම්බන්ධ නිලධාරින්ට කතා කළත් ඔවුන් දුරකථනයට වත් එන්නේ නැහැ. ඒ තරමටම අපිව කොන්කරලා. මට වගේම අනෙක්‌ අයටත් මෙවැනි අසාධාරණයක්‌ සිදුවෙලයි තියෙන්නේ. ඔවුනුත් මට නිතරම කතා කරලා කියනවා. ඒ ගැන ඔවුන්ගෙන් විමසුවොත් දැනගන්න ලැබේවි"

MORE