මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග

saturn

Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග



    මෙට්ෆොර්මීන් යනු දියවැඩියා රෝගය උදෙස ලබා දෙන ඖෂධයකි. එය 1970 ගණන් වල සිටම භාවිතයේ පවතින අතර, ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්ද වෙයි. නමුත් විවිධ පාර්ශවයන් සහ පාරම්පරික හෝ හෙළ යයි කියා ගන්නා වෙදුන් විසින්, යම් යම් දුර්මත සමාජ ගත කර තිබීම නිසා ඇතැම් රෝගීන් මේ ඖෂධය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වති මෙට්ෆෝර්මීන් මගින් වකුගඩු වලට හානි කරතැයි යන දුර්මතය මෙයට හේතු වී තිබේ.

    ** මෙට්ෆෝර්මීන් යොදා ගන්නේ කවර තත්ව යටතේද? **

    මෙට්ෆොර්මීන් යනු මූලික දියවැඩියා ප්‍රතිකාර ඖෂධයයි. එමගින් ශරීරයේ පටක මගින් ග්ලූකෝස් උරා ගැනීම වේගවත් කර, රුධිරගත සීනි මට්ටම පහත හෙළයි.

    මෙ හැර මඳ සරුභාවය ඇති කරන PCOS (poly cystic ovarian syndrome) රෝගයට, අධික ස්ථූල්තාවය සමනයට, Impaired glucose tolerance යන අවස්ථා වලදීද මෙම ඖෂධය භාවිතා කරනු ලබයි.

    මෙට්ෆෝර්මීන් මගින් දියවැඩියාව රහිත රෝගීන්ගේ පවා වකුගඩු ආරක්ෂා කරන බවට නවතම සොයා ගැනීම් වලින් හෙළිදරවු වී තිබේ.

    ** මෙට්ෆෝර්මීන් ඖෂධයේ වාසි **

    1. දියවැඩියාවට ලබා දෙන ඖෂධ බොහොමයක් මාත්‍රාව ස්වල්ප වශයෙන් වැඩි වූවත් රුධිරගත සීනි මට්ටම අනතුරුදායක ලෙස පහළට හෙළයි. මෙට්ෆෝර්මීන් මගින් ලබාගත හැකි අවම රුධිරගත සීනි සාන්ද්‍රණය 70-80mg/dl පමණ වන නිසා, සීනි අඩුවීමේ රෝග ලකෂණ කිසිවිටෙක් ඇති නොවේ.

    2. කෑම රුචිය පාලනය කිරීම තුලින් හා පාවිච්චි වන ඉන්සුලින් ප්‍රමානය අඩුකීරීම තුලින් ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වීම

    3. රුධිරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩුකරයි

    4. හෘදයාබාධ ඇති වීමේ අවදානම අඩු කරයි

    5. වකුගඩු ආරක්ෂා කරයි

    මෙට්ෆෝර්මීන් ගැනීම වකුගඩු රෝගීන්ට අහිතකර වන දුර්මතයක්ද අපට අසන්නට ලැබී ඇත. නවින වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් අනුව CKD3 මට්ටම දක්වා වූ රෝගීන්ට මෙට්ෆෝර්මීන් කිසිදු උපද්‍රවයකින් තොරව භාවිතා කළ හැකි වෙයි.

    ** මෙට්ෆෝර්මීන් වල අතුරු ආබාධ ****

    1. බඩ දඟලන ස්වභාවය සහ බඩ බුරුල් බව ඇති විය හැකියි

    2. ලැක්ටික් ඇසිඩීමියාව (lactic acidemia) යන දුර්ලභ තත්වය ආසාදන වලදී ඇති විය හැකිය. ඒ නිසා උණ හෝ වෙනත් ආසාදන තත්වයක් ඇත්නම් මෙට්ෆෝර්මීන් ගැනීම නවත්වා තම වෛද්‍යවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගත යුතුය,

    ** විවිධ මෙට්ෆෝර්මීන් වර්ග තිබේද? **

    "විවිධ" යන්නට විව්ධ අර්ථකථන තිබිය හැකියි. මෙට්ෆෝර්මීන් ඖෂධ නාමයෙන් මෙන්ම වෙලඳ නාම වලින්ද අලෙවි වේ. Glycomet, Glucophage, Cetaphin, Bigsens එයට උදාහරණ කීපයකි. මේ හැර, ඖෂධය ක්‍රියාත්මකව පවතින කාලය අනුව විව්ධ මෙට්ෆෝර්මීන් වර්ග ඇත. සාමාන්‍ය පෙත්තක ක්‍රියාකාරිත්වය පැය 4-6 දක්වා පවතින අතර මෙට්ෆෝර්මීන් SR පැය 12 - 16 දවාත්, මෙට්ෆෝර්මීන් XR පැය 24ක් දක්වාත් ක්‍රියාත්මක වේ. මේ ඖෂධ දිනකට වරක් හෝ දෙකක් ගත හැකි අතර. තුන් වරන් ගැනීම අවශ්‍ය නැත. මෙකී ඖෂධ සාමාන්‍යයෙන් මිළෙන් වැඩිය

    මෙට්ෆෝර්මීන් යනු දියවැඩියා පාලනයට ලබාදෙන මූලික ඖෂධයයි. එනිසා දුර්මත වලට හසු නොවී, දිගටම මේ බෙහෙත පාවිච්චි කරන්න.


    වෛද්‍ය රංග වීරක්කොඩි
    වකුගඩු රෝග පිලිබඳ ව්ශේෂඥ වෛද්‍ය
    යාපනය ශික්ෂණ රෝහල
     
    • Like
    Reactions: Ashman

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බොරු දාන්න එපා. දොස්තරලට ලක්ශ ගනන් ගෙවනවා මල්ටි ඩ්‍රග් කම්පනි වලින් ඔහොම එව්වා දානවට. මෙට්ෆෝමින් වලට වකුගඩු දිය වෙනව. අපේ ආච්චිගෙත් දිය උනා.අල්ලපු ගෙදර ඇන්ටිගෙත් දිය උනා. ඕකුන්ව සත පහකට ශුවර් නෑ.:angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු දාන්න එපා. දොස්තරලට ලක්ශ ගනන් ගෙවනවා මල්ටි ඩ්‍රග් කම්පනි වලින් ඔහොම එව්වා දානවට. මෙට්ෆෝමින් වලට වකුගඩු දිය වෙනව. අපේ ආච්චිගෙත් දිය උනා.අල්ලපු ගෙදර ඇන්ටිගෙත් දිය උනා. ඕකුන්ව සත පහකට ශුවර් නෑ.:angry:

    මෙට්ෆොමින් වලට ලොකු කොමිස් දෙන්නෙ නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බොරු දාන්න එපා. දොස්තරලට ලක්ශ ගනන් ගෙවනවා මල්ටි ඩ්‍රග් කම්පනි වලින් ඔහොම එව්වා දානවට. මෙට්ෆෝමින් වලට වකුගඩු දිය වෙනව. අපේ ආච්චිගෙත් දිය උනා.අල්ලපු ගෙදර ඇන්ටිගෙත් දිය උනා. ඕකුන්ව සත පහකට ශුවර් නෑ.:angry:


    godak diabetes thiyena aya drugs ganna kalinma lede thibila kidneys alreay damage wela thiyenne.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    බොරු දාන්න එපා. දොස්තරලට ලක්ශ ගනන් ගෙවනවා මල්ටි ඩ්‍රග් කම්පනි වලින් ඔහොම එව්වා දානවට. මෙට්ෆෝමින් වලට වකුගඩු දිය වෙනව. අපේ ආච්චිගෙත් දිය උනා.අල්ලපු ගෙදර ඇන්ටිගෙත් දිය උනා. ඕකුන්ව සත පහකට ශුවර් නෑ.:angry:

    මෙට්ෆොර්මින් වලට වකුගඩු නරක් වෙනවා කියන්නේ අමු බොරුවක්.වකුගඩු නරක් වෙන්නේ දියවැඩියාව controll කරගන් නැතුව කාලයක් හිටියම සමහර කට්ටිය මෙට්ෆෝමින් අරගෙනත් හරියට suger controll කරගන් නෑ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෙට්ෆොමින් වල එහෙම අවුලක් නෑ
    මමත් ඕක සැක හැර දැනගෙන කියන්නේ

    කිසිම අවුලක් නෑ. රජයේ නර්ස් කෙනෙක්ගෙන් සැක හැර දැනගෙන කියන්නේ
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    බොරු දාන්න එපා. දොස්තරලට ලක්ශ ගනන් ගෙවනවා මල්ටි ඩ්‍රග් කම්පනි වලින් ඔහොම එව්වා දානවට. මෙට්ෆෝමින් වලට වකුගඩු දිය වෙනව. අපේ ආච්චිගෙත් දිය උනා.අල්ලපු ගෙදර ඇන්ටිගෙත් දිය උනා. ඕකුන්ව සත පහකට ශුවර් නෑ.:angry:

    Bullshit

    Metformin is the generic name anyway. If someone wanted to promote drug companies they would promote the brand name, not the generic
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔය කතාව ගොඩක් අය කියනවා. හැබැයි දොස්තරලගෙන් ඇහුවම නෑ කියනවා. මෙතන මෙට්ෆොර්මින් කියන්නේ අව්ෂධයේ නාමය මිසක් බ්‍රෑන්ඩ් නේම් එක නෙවි. දොස්තරලා සල්ලි අරං ප්‍රොමෝට් කරන්නේ හොඳයි කියන්නේ බ්‍රෑන්ඩ් නේම්. මේවා ප්‍රොමෝට් කරට වැඩක් නෑ මේක හදනව ගොඩක් අය.


    දියවැඩියාව කාලයක් තිබ්බම වකුගඩු අව්ල් වෙනව දුර්වල වෙනව ඉතිං පස්සේ කාලෙක බෙහෙත් බීපු අයගේ උනත් අර වෙච්චි හානිය අපහු හරවන්න බෑ ඉතිං දිගටම දමේජ් වෙනව.


    අනිත් එක මෙට්ෆෝමින් බොනවා කියල සීනි නොර්මල් කියල හිතන් ඉන්න එපා චෙක් කරන්න ඕනා එක එක අයට ඕක වෙනස්.