මෙතරම් අසාදාරනද?මෙ ශ්‍රී ලන්කාවද ?

rachitha89

Member
May 7, 2009
580
16
0
මෙතරම් අසාදාරනද?මෙ ශ්‍රී ලන්කාවද ?

රු.5 ක්‌ සොරාගත්තැයි දැරියට ලක්‍ෂයක්‌ ඇප විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් පහක මුදලක්‌ සොරකම් කරන ලදැයි පවසමින් තෙබුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 13 හැවිරිදි දැරියක රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් නාමල් පෙරේරා මහතා පෙරේදා (8 දා) සවස නියෝග කළේය. දැරිය පිළිබඳ පරිවාස වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පරිවාස නිලධාරීට නියෝග කළ විනිසුරුවරයා දැරිය ඉහත ඇපමත ඇයගේ මවට භාරදෙන ලෙස ද නියෝග කළාය. තෙබුවන යටවර උතුර පදිංචි රම්‍යා චන්ද්‍රලතා රන්මල්ගොඩ නමැත්තිය පොලිසියට කළ පැමිණිල්ලක්‌ අනුව පරීක්‍ෂණ පවත්වා සැකකාර දැරිය අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නාලක නුවන්සිරි මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ. පැමිණිලිකාරිය නිවස ආසන්නයේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන බවත් වෙළෙඳසලේ සිට නිවසට ගිය විටදී කාමරයේ මෙට්‌ටය යට සැකකාරිය සැඟවී සිටි බවත් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී "රම්‍ය අක්‌කේ මම රුපියල් පහක්‌ ගත්තා" යෑයි ප්‍රකාශ කර ඇතැයි ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ. පැමිණිලිකාරිය පොලිසියට දුරකථනයෙන් දැන්වූ විට පොලිස්‌ පරීක්‍ෂක ජයසිංහ හා කාන්තා පොලිස්‌ සැරයන් 4731 ප්‍රියන්ති යන නිලධාරීන් ගොස්‌ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ. කාමරයේ ජනෙල් පඩිය උඩ තිබී මෙම රුපියල් පහ ඇය සොරාගෙන ඇතැයි ද කාමරයේ තිබූ ස්‌වර්ණාභරණ සහ තවත් මුදල්වල අඩුවක්‌ නොමැති බව පැමිණිලිකාරිය සඳහන් කර ඇතැයි ද එම වාර්තාවේ දැක්‌වේ. මෙම දැරිය මෙසේ නිදැල්ලේ ගැවසීම නිසා ඇයට අනතුරක්‌ සිදුවිය හැකි බවද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ. මෙම දැරිය හා මව්පියන් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන බව අනාවරණය වූ හෙයින් කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ කාර්ය මණ්‌ඩලය මෙම දැරියගේ මවට මුදල්වලින් පරිත්‍යාගයක්‌ කළ බව අධිකරණයේ ප්‍රකාශකයෙක්‌ කීය. නඩුව මෙම 30 වැනි දිනට නැවත කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. source - http://www.divaina.com/2010/09/10/provin01.html
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නොදකින් කාලකන්නි ගෑණි. රුපියල් 5ට නඩු දාපු මේ බැල්ලි හිඟන්නියක් වෙන්න කියල මම ප්‍රාර්තනා කරනව..:growl::growl::growl::growl:
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මම හිගන්නෙකුට දෙන්නෙත් රු10ක්. මට හිතාගන්න බැහැ. නඩුකාරය ඊට හපන්. ඌ නම් හිතක් පපුවක් නැති යකෙක්.
     

    kingdewi

    Well-known member
  • නොදකින් කාලකන්නි ගෑණි. රුපියල් 5ට නඩු දාපු මේ බැල්ලි හිඟන්නියක් වෙන්න කියල මම ප්‍රාර්තනා කරනව..:growl::growl::growl::growl:

    අනිවා..මේ ගෑණි හිඟන්නියක් වෙන්නම ඕන..කාළකන්නී! :growl:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙච්චර දුප්පත් මිනිස්සු ඉන්න රටේ, මහජන මුදල් හොරකම් කරන රට කරන එවුන් හිගන්නෝ වෙලා ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.මේ වගේ අහිංසක මිනිස්සුන්ට කිසිම සහනදායි වැඩ පිලිවලක් නැත්තේ අපි බල ලෝභී, ධන ලෝබි දේශ පාලන සුනඛයන් පාර්ලිමේන්තුවට යවන නිසා තමයි.
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    නඩුකාරයගේ වැරැද්දක් මම දකින්නේ නෑ..
    ඒක මිනිහගේ ජොබ් එක...
    හැබැයි ඉතින් රුපියල් 5කට පොලීසී ගිහිපු ගැනිට ඔය කරපු බලු වැඩේ පල දෙනවා..
    (ලක්ෂෙක ශරීර ඇපනේ බන්.. අව්ලක් නෑ)
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    රුපියල් 5කට මෙච්චර දඩ ගහනවනම් අපේ රටේ නීත්‍යානුකූල හොරු (දේශපාලකයෝ) කරන හොර වැඩ වලට කොහොම දඩ ගහන්නද කියලා හිතාගන්න බෑ.... නීතියත් කෙලින්නෙම දුප්පත් මිනිහටමනේ :( :no: :growl:

    මෙතරම් අසාදාරනද? මෙ ශ්‍රී ලන්කාවද ?
    ලංකාවේ කොතනද බන් සාධාරණය කියලා එකක් තියෙන්නේ..... හැමතැනම අසාධාරණය..... නීතියත් පාලනය වෙන්නේ දේශපාලකයන්ට ඕන විදිහට ඉතින් කොහෙද සාධාරණයක් තියෙන්නේ :oo::no:
     
    Last edited:

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    රුපියල් 5කට මෙච්චර දඩ ගහනවනම් අපේ රටේ නීත්‍යානුකූල හොරු (දේශපාලකයෝ) කරන හොර වැඩ වලට කොහොම දඩ ගහන්නද කියලා හිතාගන්න බෑ.... නීතියත් කෙලින්නෙම දුප්පත් මිනිහටමනේ :( :no: :growl:

    දඩ නෙමෙයි බං..
    ශරීර ඇපයක්

    :no::no::no::no:
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    කාඩ රජා;8254313 said:


    දඩ නෙමෙයි බං..
    ශරීර ඇපයක්

    :no::no::no::no:

    හරි මචන්, හොරකම නම් වැරදියි තමයි. ඒත් මේ වගේ එකකටත් නඩු දානවනේ.... මාර ගෑනියෙක්
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    හරි මචන්, හොරකම නම් වැරදියි තමයි. ඒත් මේ වගේ එකකටත් නඩු දානවනේ.... මාර ගෑනියෙක්

    ඕව ගැන හිතන්න එපා බං...
    කර්මය කියල දේකුත් තියෙනවනේ...
    ඔවා ඒ ගෑණිට පල දෙනවා....
    බය වෙන්න දෙයක් නෑ..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කාඩ රජා;8254313 said:


    දඩ නෙමෙයි බං..
    ශරීර ඇපයක්

    :no::no::no::no:

    මොකක්ද ශරීර ඇපයක් කියන්නේ:nerd: