You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙතෙක් ඉදි නොවූ කල්පිටිය ‘Beach Resort’
මෙතෙක් ඉදි නොවූ කල්පිටිය ‘Beach Resort’

කොටස් වෙළෙඳපොළේ නම් කරන ලද එහෙත් මෙතෙක් ඉදිකිීම වත් අරඹනොමැති කල්පිටිය ‘Beach Resort’ හෝටලය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව සුරැකුම්පත් හා විනිමය කොමිසම පවසා සිටියි.
සුරැකුම්පත් හා විනිමය කොමිසම පවසන්නේ, ඉදිකිරීම නිමකිරීමට නියමිතව තිබූ කාලය තුළ හෝටලය ඉදි නොකිරීම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුවී ඇති බවයි.
කල්පිටිය ‘Beach Resort’ හෝටලය ඉදි කිරීමට සැලසුම් කළ බව කියැවෙන භූමියක් තිබුණ ද මේ දක්වා එම භූමිය තුල කිසිදු ඉදිකිරීමක් හෝ ඒ සඳහා වන සූදානමක් හෝ දැකගත නොහැක.
මෙම හෝලය අරඹීමට යයි කියමින් 2011 වසරේ දෙසැම්බර් මාසයේ කොටස් නිකුතුවක් මගින් රුපියල් මිලියන 283 ක මුදලක් රැස් කළ අතර සුරැකුම්පත් හා විනිමය කොමිසම පවසන්නේ අදාළ හෝටලය මාස 24 ත් 30 ත් අතර කාලයක් තුළදී ඉදිකර අවසන් කිරීමට අදාළ සමාගම පොරොන්දු වී තිබූ බවයි.
මෙම වාපෘතිය සැසුම්කර ඇත්තේ ‘Citrus Leisure’ නමැති සමාගම විසිනි. මෙම සමගමේ සභාපති ධූරය ප්‍රේමා කුරේ මහතා විසින් දරන අතර දිලිත් ජයවිර, වරුණි ප්‍රනාන්දු ,චන්දන් තල්වත්ත, සාර්ව අමරසේකර, රජින් ද සෙනෙවිරත්න, මනෝජ් පිලිමතලව්ව, සුරේෂ් ද මෙල් සහ වාසුල ප්‍රේමවර්ධන යන මහත්ම මහත්මීහු එම සමාගමේ අධ්යක්ෂවරු ලෙස කටයුතු කරති.
‘Citrus Leisure’ සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන්වන ආකාරයට ‘Citrus Kalpitiya’ හෝටලයයේ ඉදිකිරීම් 2014 වසරේදී ආරම්භ කළ යුතු ඇත. නමුත් මෙය ඉදි නොකිරීම හේතුවෙන් එහි කොටස් හිමියන්ගේ මුදල්වලට සිදුවූයේ කුමක් ද යන ගැටළුව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හමුවේ පැන නැගී ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී මෙම ව්‍යාපෘතියේ කොටසක් රුපියල් 17. 50 කට නම් කෙරිණ. පසුකාලීනව මෙම කොටසක වටිනාකම රුපියල 24 ක් දක්වා ද ඉහළ ගියේ ය. නමුත් අද දිනය වන විට එම හෝටල් ව්‍යාපෘතියේ කොටසක මිල රුපියල් 3.60 දක්වා පහළ වැටී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය මාර්තු 17වන දින කොළඹ කොටස් වෙළඳපොලේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තුවේ දී කළ කතාවේ දී මෙම කියන සිද්ධියට සම්බන්ධ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිලිත් ජයවීර මහතා සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ
“කොළඹ කොටස් වෙළෙඳපොළේ හා විනිමය සුරැකුම්පත් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුවූ නීතිවිරෝධී ක්‍රියා රැසක් තිබෙනවා. පසුගිය රජය සමයේ මෙවැනි සිදුවීම් රැසක් තිබුනා. සුළු සිදුවීම් විමසා බැලුවා. මහා පරිමාණයේ සිදුවීම් 13 ක් සාක්ෂි නොමැති බව පවසමින් හිතා මතා අත්හැර දැමුවා. වැඩිදුර විමර්ශන කළ හැකිව තිබුණත් ඒක සිදුවුනේ නැහැ. විනිමය සුරැකුම්පත් කොමිසමේ සාමාජිකයින් මේ අය ආරක්ෂා කළා. මම විනිමය සුරැකුම්පත් කොමිසමට නියෝගකර තිබෙනවා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස. අවශ්යවුනොත් මම නීතිමය ප්‍රථිපාදන ඇතිකරනවා මේ විමර්ශන සිදුකරන්න. මම තවදුරටත් අවධානය යොමුකරනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීමට. අපේ ආර්ථිකය මුන් නැතිකරල තියෙනවා. ඒ ගොල්ලන්ගේ පුද්ගලයෝ උදාහරණයක් ලෙස ගන්න දිලිත් ජයවීර. ඔහුගේ කළම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සහ රීෆ් කොම්බ් යන සමාගම්වල ඔහු කටයුතු කළ ආකාරය විමර්ශනය කළ යුතුයි. තවත් උදාහරණයක් වන්නේ ස්කොට් නිව්මන් හා කෝසල හීන්ගම. එන්වයර්මන්ට් රිසෝස් ඉන්වෙස්ට්මන්ට් ආයතනවල ඔවුන් කටයුතු කළ ආකාරය වැඩිදුර විමර්ශනය කළ යුතුයි.”