මෙදා සැරේ අවුරුදු නැකතට ආ බාධාව

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113
    මෙදා සැරේ අවුරුදු නැකතට ආ බාධාව

    අලුත් අවුරුද්දට නැකැත් සීට්ටුවක් රජය ප්‍රකාශයට පත්නොකරන්නේ නම් තමන්ගේ ඊට අදාළ නැකැත් තොරතුරු ලබාගත්තේ කුමකටදැයි ජ්‍යෝතීෂ්‍යවේදීන් ප්‍රශ්නකර සිටී.

    ජ්‍යොතිෂවේදී විද්වත් කමිටුව අද (10) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී රවිශංඛ සේනානායක මහතා ඒ ගැන කරුණු දැක්වමින් පවසා සිටියේ, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික තීරණය මෙයට බලපා ඇති බවය.

    "මාධ්‍යයට ආණ්ඩුව කියලා තියෙනවා කිසිම නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්නේ නෑ කියලා. ඔහු තමා මේ තීරණය අරන් තියෙන්නේ. මේක මේ කල්ලතෝනි රටක් බවට පත්කරන වැඩපිළිවෙලක් තමා සංස්කෘතික ලේකම්වරයා යෝජනාවක් කරන්නේ. ආණ්ඩුවක් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කරන්නේ නැත්නම් මොන මඟුලකට ද අපෙන් නැකැත් සීට්ටුව ඉල්ල ගත්තේ. එහෙම ගත්තා නම් මොකක් හරි නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්න එපැයි."

    බක් මහේ සැමරෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරට ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය වන අතර එය නැකැත් චාරිත්‍ර මත පදනම්ව සැමරේ.

    සංස්කෘතික අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන නැකැත් කමිටුවක් මගින් අලුත් අවුරුද්ද සඳහා එකම පොදු නැකැත් මාලාවක් ප්‍රකාශයට පත්කිරීම මෙතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදායයි.

    කෙසේවෙතත් මෙවර සංස්කෘතික දෙපාර්තමේන්තුව අවුරුදු නැකත් කමිටුව විසුරුවා හැර ඇති අතර මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් සීට්ටුවක් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් නොකරන බව වාර්තා වේ.

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    යකෝ ඔය නොකියා කියන්නේ අප්‍රේල් වෙද්දී අවුරුදු කන්න වෙන්නේ නෑ කියන එක. පොඩ්ඩක් තෙරුම් ගනින්.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    මෙදා සැරේ අවුරුදු නැකතට ආ බාධාව

    අලුත් අවුරුද්දට නැකැත් සීට්ටුවක් රජය ප්‍රකාශයට පත්නොකරන්නේ නම් තමන්ගේ ඊට අදාළ නැකැත් තොරතුරු ලබාගත්තේ කුමකටදැයි ජ්‍යෝතීෂ්‍යවේදීන් ප්‍රශ්නකර සිටී.

    ජ්‍යොතිෂවේදී විද්වත් කමිටුව අද (10) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී රවිශංඛ සේනානායක මහතා ඒ ගැන කරුණු දැක්වමින් පවසා සිටියේ, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික තීරණය මෙයට බලපා ඇති බවය.

    "මාධ්‍යයට ආණ්ඩුව කියලා තියෙනවා කිසිම නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්නේ නෑ කියලා. ඔහු තමා මේ තීරණය අරන් තියෙන්නේ. මේක මේ කල්ලතෝනි රටක් බවට පත්කරන වැඩපිළිවෙලක් තමා සංස්කෘතික ලේකම්වරයා යෝජනාවක් කරන්නේ. ආණ්ඩුවක් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කරන්නේ නැත්නම් මොන මඟුලකට ද අපෙන් නැකැත් සීට්ටුව ඉල්ල ගත්තේ. එහෙම ගත්තා නම් මොකක් හරි නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්න එපැයි."

    බක් මහේ සැමරෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරට ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය වන අතර එය නැකැත් චාරිත්‍ර මත පදනම්ව සැමරේ.

    සංස්කෘතික අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන නැකැත් කමිටුවක් මගින් අලුත් අවුරුද්ද සඳහා එකම පොදු නැකැත් මාලාවක් ප්‍රකාශයට පත්කිරීම මෙතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදායයි.

    කෙසේවෙතත් මෙවර සංස්කෘතික දෙපාර්තමේන්තුව අවුරුදු නැකත් කමිටුව විසුරුවා හැර ඇති අතර මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් සීට්ටුවක් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් නොකරන බව වාර්තා වේ.

    ආන්ඩුවට පිස්සු හැදෙනව නෙ යකෝ නැකැත් සීට්ටු දෙන්න ගිහාම
    දහ දෙනෙක් සීට්ටු දහයක් අරන් එනව
    ඊට පස්සෙ ඒකට වලි