මෙවර අවුරුදු නැකැත් අවුල් වුනේ ගිය ආණ්ඩුවේ වරදින්..- සංස්කෘතික අමාත්‍යංශය 🤣🤣

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    මෙවර අවුරුදු නැකැත් අවුල් වුනේ ගිය ආණ්ඩුවේ වරදින්..- සංස්කෘතික අමාත්‍යංශය​

    bylanka C news -March 13, 2026

    2026 වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා වන නැකත් සම්පාදනය කිරීමේදී පැන නැගී ඇති මතභේදාත්මක තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 16 වන සඳුදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, 2026 වර්ෂය සඳහා නැකත් සැකසීමට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීම සඳහා අවස්ථා හතරකදී අමාත්‍යංශය මට්ටමින් සාකච්ඡා පවත්වා තිබේ. එසේම මේ සම්බන්ධයෙන් රාජ්‍ය අස්පර්ශනීය කලා උරුම සහ සාම්ප්‍රදායික කලා අනු මණ්ඩලයේ ද අදහස් විමසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
    කෙසේ වෙතත්, මේ දක්වා අදාළ පාර්ශ්වයන් අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වන පුවත් නිසා මහජනතාව තුළ දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බව රජය නිරීක්ෂණය කර ඇත.
    රටේ සංස්කෘතික වටිනාකම් සුරකිමින්, සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව සහිත ඒකාබද්ධ නැකත් සීට්ටුවක් රටට ඉදිරිපත් කිරීම රජයේ අරමුණයි. ඒ අනුව, ලබන සඳුදා පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීරණය දැනුම් දීමට නියමිතය.
    1991 වර්ෂයේ සිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව නැකත් සම්පාදනය සිදු වුවද, 2024 වර්ෂයේදී නැකත් කමිටුව තුළ ඇති වූ ආරවුල් හේතුවෙන් එවකට සිටි අමාත්‍යවරයා විසින් රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හරිනු ලැබීය. පසුව 2025 වර්ෂය සඳහා නැකත් සම්පාදනය කරනු ලැබුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පොහොය කමිටුවේ සාම්ප්‍රදායික පංචාංග ලිත් කතෘවරුන් විසිනි.
    අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු දේශීය සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඉදිරියටත් කැපවී ක්‍රියා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    පකේ නැකත් ,මෙච්චර කල් ඕව පස්සේ ගියෙත් නැහැ යන්නෙත් නැහැ .කොහොමත් ඔව නැති වෙන තරමට හොඳය් නැකත් කාරයෝ දේවාල කාරයෝ ,සාස්තර කාරයෝ අතු ගැවිලම යන්න ඕන
     
    • Like
    Reactions: zid2021

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    පකේ නැකත් ,මෙච්චර කල් ඕව පස්සේ ගියෙත් නැහැ යන්නෙත් නැහැ .කොහොමත් ඔව නැති වෙන තරමට හොඳය් නැකත් කාරයෝ දේවාල කාරයෝ ,සාස්තර කාරයෝ අතු ගැවිලම යන්න ඕන

    පන්සල් වලට බැනපං..
    දේවාල ගැන මුකුත් කියන්න එපා හරිය..
    ජෙප්පන්ට තරහයයි 😆🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මෙවර අවුරුදු නැකැත් අවුල් වුනේ ගිය ආණ්ඩුවේ වරදින්..- සංස්කෘතික අමාත්‍යංශය​

    bylanka C news -March 13, 2026

    2026 වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා වන නැකත් සම්පාදනය කිරීමේදී පැන නැගී ඇති මතභේදාත්මක තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 16 වන සඳුදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, 2026 වර්ෂය සඳහා නැකත් සැකසීමට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීම සඳහා අවස්ථා හතරකදී අමාත්‍යංශය මට්ටමින් සාකච්ඡා පවත්වා තිබේ. එසේම මේ සම්බන්ධයෙන් රාජ්‍ය අස්පර්ශනීය කලා උරුම සහ සාම්ප්‍රදායික කලා අනු මණ්ඩලයේ ද අදහස් විමසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
    කෙසේ වෙතත්, මේ දක්වා අදාළ පාර්ශ්වයන් අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වන පුවත් නිසා මහජනතාව තුළ දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බව රජය නිරීක්ෂණය කර ඇත.
    රටේ සංස්කෘතික වටිනාකම් සුරකිමින්, සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව සහිත ඒකාබද්ධ නැකත් සීට්ටුවක් රටට ඉදිරිපත් කිරීම රජයේ අරමුණයි. ඒ අනුව, ලබන සඳුදා පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීරණය දැනුම් දීමට නියමිතය.
    1991 වර්ෂයේ සිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව නැකත් සම්පාදනය සිදු වුවද, 2024 වර්ෂයේදී නැකත් කමිටුව තුළ ඇති වූ ආරවුල් හේතුවෙන් එවකට සිටි අමාත්‍යවරයා විසින් රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හරිනු ලැබීය. පසුව 2025 වර්ෂය සඳහා නැකත් සම්පාදනය කරනු ලැබුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පොහොය කමිටුවේ සාම්ප්‍රදායික පංචාංග ලිත් කතෘවරුන් විසිනි.
    අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු දේශීය සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඉදිරියටත් කැපවී ක්‍රියා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
    නික් අයිය අවුරුද්ද සමරනවද?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    ow eka hari. degollak indagena taman hari kianawa. kamati ekak karaganna kiuwama wade ivarai. thopi komat pahasuwata breakfast time set wena nakatha ne karanne
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ow eka hari. degollak indagena taman hari kianawa. kamati ekak karaganna kiuwama wade ivarai.

    සිල්ලර කඩයක් වත් කරලා නැති ජෙප්පන්ට පුළුවන් එච්චර තමයි 😄
    සාමාන්‍යයෙන් මිනිහෙක් රස්සාවට ගනිද්දිත් අහන සරල ප්‍රශ්නයක් ඕක.
    මීටින් එකක තීරණයක් ගන්න බැරි නම් හැඩල් කරන්නේ කොහොමද (Behavioral interview)
    ලිලිපුට්ටන්ගෙ කැපෑසිටි එක හයියෝ නේ..
    මුන් කොහොමද රටක් කොරන්නෙ..
    ගස්සලා නැගිටලා විරිත්තලා යනවා ඇති කැබිනට් මීටින් වලදී 🤣
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    සිල්ලර කඩයක් වත් කරලා නැති ජෙප්පන්ට පුළුවන් එච්චර තමයි 😄
    සාමාන්‍යයෙන් මිනිහෙක් රස්සාවට ගනිද්දිත් අහන සරල ප්‍රශ්නයක් ඕක.
    මීටින් එකක තීරණයක් ගන්න බැරි නම් හැඩල් කරන්නේ කොහොමද (Behavioral interview)
    ලිලිපුට්ටන්ගෙ කැපෑසිටි එක හයියෝ නේ..
    මුන් කොහොමද රටක් කොරන්නෙ..
    ගස්සලා නැගිටලා විරිත්තලා යනවා ඇති කැබිනට් මීටින් වලදී 🤣
    oya scene eka dan na wage. last year hena waliyak giye. oka ekek neme ne hadanne. panel ekak innawa. chamuditha ge program eka baluwanam scene eka hoya ganna puluwan.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හැම දේටම වැරදි පරණ ආණ්ඩුව මුන්ගේ ගෑනු බඩ වුනොත් කලින් ආණ්ඩුව නිසා කියයි.
     
    • Haha
    Reactions: KDH and ozykolla