මෙන්න අපූරු වාහනයක්!

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    මෙන්න අපූරු වාහනයක්!

    මෙන්න අපූරු වාහනයක්! ස්කේටරයක්ද? සයිකලයක්ද? ස්කූටරයක්ද?

    මේ අරුම පුදුම වාහනය රෝද මත ලිස්සා යන ස්කේටරයක, රෝද දෙකක් ඇති සයිකලයක, ඒ වගේම ස්කූටරයක මුසුවක්. මෙය ඉදිරිපත් කර ජර්මානු සමාගම කියන විධියට ගමන් බිමන් යන්න අනාගතයේදී භාවිතයට ගැනෙන හොඳම වාහනය මෙය විය හැකියි.

    මේ අපූරු යානයට ඔවුන් යොදා ඇති නම ‘ඒඊවයි ඕ’ (AeYO) හෙවත් ‘අය්යෝ’ යන්නයි. මේ යානා විශේෂය තනනු ලබන්නේ ජර්මනියේ මියුනික් නුවර පිහිටි ‘ඊමොටික්ස්’ (Aemotics) කියන සමාගම මගිනුයි.

    බයිසිකලක මෙන් හැඬල දණ්ඩක්, තිරිංග ලීවර, ඉදිරියෙන් බාස්කට් එකක් මේ අපූරු යානයට තියෙනවා. ඊට අමතරව යානය හසුරුවන ප‍්‍රධාන දණ්ඩට සවි කළ ස්කේට්ස් යුගලයක් තියෙනවා.

    සාම්ප‍්‍රදායික ස්කූටරයේ දී එය පදින්නාගේ එක පාදයකින් පමණයි පැද ගෙන යන්නේ. ඒත් මේ නව ‘අය්යෝ’ වාහනය පැදීමට නම් පාද දෙක ම භාවිත කිරීමට සිදු වෙනවා.

    4.JPG
    මේ අපූරු වාහනය ස්කේටරයක්, සයිකලයක් හා ස්කූටරයක් එකට එක්කර තැනූ එකක්. මේක නිෂ්පාදනය කරන සමාගම කියන්නේ අනාගතයේ දී ගමනට බිමනට වඩාත් සුදුසු මෙය බවයි.​

    ස්කේටර්ස් දෙපාවලට සවි කරන නිසා නිදහසේ ඒවා හසුරුවන්න පුළුවන්. ඇලවීමක් සිදු වන්නේ නැහැ. පාද හොඳින් පොළොවට බර වෙන විධියට ස්ථාවරව තබා ගන්න හැකියාව ලැබෙනවා.

    ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටුවා ඇති ඊමොටික්ස් (Aemotics) නිපදවන මේ එක් වාහනයක් අලෙවි කරන්නේ පවුම් 370කටයි.

    මේ වාහනය පද වන එක ඇඟට ගුණ එකක් ලෙස කියන්නේ කොඳු ඇට පෙළට, පසුපසට, අත්වලට සම්බන්ධ පේශීන් 10කට වැඩි ගණනක් මෙය පදවද්දී හොඳින් කි‍්‍රයා කරවන නිසයි.

    ඒ සමාගමේ ප‍්‍රකාශයකු වූ ඇන්ඩි‍්‍රයස් එප්ටීන් පැහැදිලි කර දුන්නා, මෙය පදවද්දී වාඩි වී නොසිට සිට ගෙන යාම නිසා මුලූ සිරුරම මේ උපකරණය නිසා හොඳින් කි‍්‍රයා කරන බව.

    ”අය්යෝ යානයේ ස්කේටර නිසා සිරුර ඍජුව තබා ගෙන අඛණ්ඩ චලනයකින් ඉදිරියට ගියෑකි. ගෙල ඔසවා හාත්පස බලමින් හිස හරවමින් යාමට නිදහස ඇති නිසා ඔබගේ සිරුරේ සෛලවලට ලැබෙන ඔක්සිජන් සැපයුමද වැඩි වෙනවා.

    ”ඒ වගේ ම කෙළින් සිරුර හිටිවන ඉරියව්වෙන් තබා ගැනීමට සිදු වන නිසා මාංශපේශීවල තද වීම්, කෙණ්ඩා පෙරළීම් වැනි දේ සිදු වන්නේ නැහැ. ඒ වගේ ම ආතතිය සම්පූර්ණයෙන් ම පහව යන නිසා සිත සැහැල්ලූවෙන් ගමන යා හැකියි.” ඔහු වැඩිදුරත් කියනවා.

    අවශ්‍ය නම් අය්යෝ වාහනයට ආලෝක පද්ධතියක්, ඉදිරියෙන් බාස්කට් එකක් වැනි උපාංගයක් සවි කර ගන්න පුළුවන්.

    ඔබට ස්කේට් කරමින් පැද යන්නට සකසා ඇති, මේ යානය සන්ධිවලින් හකුළා තබන්න පුළුවන්. එවිට ඒ වායේ ඇති චුම්බක කොටස්වලින් එකට ඇලී සිටිනවා.

    ඔබ මෙය පදවා ගෙන පාරේ යන විට නරඹන්නන් විස්මයෙන් ඇහි බැම උස්සලා බලනවා සිකුරුයි! ඒක ඔබට ප‍්‍රශ්නයක් නොවේ නම් මේක කෙටි ගමන්වලට මේ ඉතාමත් සුදුසු වාහනය වෙනවාට ආයිත් දෙකක් නෑ. මේ සඳහා ඉන්ධන වැය වීමක් සිදු වන්නෙත් නෑ.

    5.JPG
    ඔබට අවශ්‍ය වේගයකින් මේ වාහනය පදවන්න පුළුවන්.​

    8.jpg
    මේ අය්යෝ යානයේ දී ඉදිරියෙන් ඇති විශාල රෝදයට බැඳුණු ස්කේටර යුගල දෙකක් තියෙනවා. පාද ඊට රිංගවා, ඉන්පසු ස්කේටින්වල දී වගේ දෙපා මාරු කරමින් පැද ගෙන යන්න ඔබට පුළුවන්.​

    9.jpg
    මෙය නිපදවන ‘ඊමොටික්ස්’ සමාගම මෙයින් එකක් විකුණන්නට යන්නේ පවුම් 370කටයි. මෙය හදවත ශක්තිමත් කරන ව්‍යායාම් කරන අයගේ ඇඟටත් ගුණයි කියලයි කියන්නෙ.​

    10.JPG
    ඕනෑම ප‍්‍රමාණයක සපත්තුවක් මේ පා රඳවන පටි අතරට රිංගවන්න පුළුවන්. පාද අවශ්‍ය විධියට එහා මෙහා කරමින් වාහනය ඉදිරියට හසුරුවන්න හැකියාව තියෙනවා. (වමේ) නවතා තබන විට එය පහසුවෙන් එහා මෙහා ගෙන යන්නට හැකි වන ආකාරයට එකට අකුළා තියන්න පුළුවන්. චුම්බක කොටස්වලින් ඒවා එකටෙක එක ඇලී සිටිනවා. (දකුණේ)​

    11.JPG
    ස්කේටර දෙපාවලට සවි කරන නිසා නිදහසේ තමන්ට ඒවා හසුරුවන්න පුළුවන්. ඇලවීමක් සිදු වන්නේ නැහැ.​
     
    • Like
    Reactions: Henry L