අඩි 20 ක් පමණ ගැඹුරු ළිඳකට වැටුණ වයස අවුරුදු එකහාමාරක දරුවෙකු බේරාගත් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු වෙත ඇගයීමි පිරිනැමීම කිලිනොචිචි ආරක්ෂක සේනා මූලස්ථානයේදි කිලිනොචිචි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (07) පැවැත්විණ.
මාන්කුලම ප්රදේශයේ සේවයේ නියුතු 57 සේනාංකයට අයත්, 3 වන ගජබා රෙජිමේන්තු නිලධාරීන් ඔක්තෝම්බර් 02 වැනිදා සිය කඳවුරු භූමිය අවට ප්රදේශයේ පවිත්රතා කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවක ප්රදේශවාසි කාන්තාවක් සිය දරුවා ළිඳට වැටී ඇති බවත්, දරුවා බේරාදෙන ලෙසත් හඩා වැළපෙමින් අදාළ නිලධාරීන්ගෙන් උදවි ඉල්ලා ඇත.
ඊට ක්ෂණික ප්රතිචාර දැක්වූ කෝප්රල් එම්.ඩබ්.විජිත පෙරේරා (167022 ) හා කෝප්රල් ඩි.එමි.ලීලාරත්න (467898 ) යන දෙදෙනා ළිඳට පැන ශිවකුමාර් සින්දුජන් නමැති දරුවා ළිඳෙන් ගොඩගෙන ප්රථමාධාර දීදරුවාට පෙවි තිබුණ වතුර ඉවත්කොට දරුවාගේ දිවි බේරාගෙන ඇත.
ARMY - ALL RANKS MILITARY YOUNG
Last edited:

