මෙන්න තවත් යකෙක්
මෙන්න තවත් යකෙක්
Posted on 24 January 2013.
ලංකාවේ විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතා අතර විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවති බව වාර්ථාවේ. මෙහිදී ජී.එල් පීරිස් මහතා ඉන්දීය අගමැති මන්.මෝහන් සිං මහතා සමග ඉදිරියේ දී ඉන්දියාව සහ ලංකාව අතර ඇතිවන ද්විපාර්ශවික ගිවිසුම් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීම උදෙසා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල ගැන්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව වාර්ථාවේ.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා විසින් විවේචනයක් ඉදිරිපත් කර තිබේ. ඔහු මෙහිදී මූලිකවම චෝදනා කරන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ දී ඉන්දියාව සමග මෙවැනි ගණුදෙනුවකට යන්නේ මාර්තු මාසයේ ජිනීවා හී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේ දී ඉන්දියාවේ සහය ලංකාවට ලබා ගන්නට කරන උප්පරවැට්ටියක් ලෙසයි. අනෙක් අතට මානව හිමිකම් මුවාවෙන් බෙදුම්වාදය පෝෂණය කරන්නට ජාත්‍යන්තර ප්‍රජාව බලා සිටින බවයි. ඒ නිසා බෙදුම්වාදයට උඩුගෙඩි දෙන ඉන්දියාවට ජී.එල් පීරිස් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලගන්වන බවට පවසා සිටීම බරපතල තත්ත්වයක් වන බවයි.
පසුගිය කාලයේ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විජිත හේරත්ම පවසා සිටියේ අගවිනිසුරුවරිය බේරා ගන්නට ජාත්‍යන්තර සහය ලබා ගතයුතු බවයි. දැන් ශිරාණි ගෙන් විජිත ජී.එල් ට මාරු වී ඇති අතර තමන් අද කියන දේ හෙට අමතක වන තත්ත්වයක් ජ.වි.පෙට අත්ව තිබේ. මේ සියල්ල මෙසේ අමතක වුවත් ඔවුනට හොදටම මතක තියෙන එකම කාරණය නම් තමන් ජාතිවාදය පෝෂණය කරන්නට සවිඥාණිකව නොව අවිඥාණිකව අද දක්වාම කටයුතු කරන බවයි. දෙමල විමුක්ති අරගලය මුලුමනින්ම විනාශකර දමන්නට අවශ්‍ය මතවාදය ගොඩ නැංවූයේ ජ.වි.පෙ විසින්මය. ලංකාවේ මාක්ස්වාදී ව්‍යපාරයක් ලෙස ජ.වි.පෙ මුලින්ම ජාතිවාදය යොදා ගත්තේ සිය පැවැත්ම සාක්සාත් කර ගැනීම උදෙසාය. නමුත් අවසානයේ ඔවුන් තැනූ මතවාදය ඔවුනටත් වඩා හොදින් වෙනත් පිරිසක් විසින් ග්‍රහණය කර ගත්තෝය. දැන් අවසානායේ ජ.වි.පෙට මුලින් දේශපාලන වාසියක් තකා භාවිතා කළ ජාතිවාදය සිය පක්ෂයේ පැවැත්ම උදෙසා භාවිතා කරනවා හැර වෙනත් යමක් කරන්නට ඉතිරිව නැත.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,