මෙන්න නියම සතුට

rachitha89

Member
May 7, 2009
580
16
0
මෙන්න නියම සතුට

සතුට අපේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි. එම සතුට යළි නොවෙනස්වන ආකාරයට ඇති කර ගැනීමට හැකි නම් කොතරම් අගනේද? නොවෙනස් වන සතුට තුළ සැනසීම ද තිබේ. එය ජීවිතය වඩා පහසු කරනවා පමණක් නොව අප නිරෝගීන් බවට ද පත්කරයි. සතුට සහ සැනසීම සොයාගෙන බොහෝ දුර ගමනක් ගිය එක්තරා මිනිසකු මට හමුවිණි. ඔහු පැවසුවේ ඔහුගේ ජීවිතයේදී ඔහු බලාපොරොත්තු වූ තරම් සතුටක් නොලැබුණු බවය. තම නිවසින් සහ සමාජයෙන් විවිධ කරදර සිදුවූ බැවින් ඔහු උත්සාහ කළේ එම පීඩාකාරී සමාජයෙන් වෙන්වී වාසය කිරීමටය. ඉන්පසු ඔහු ආරණ්‍ය සේනාසනයක කාලය ගත කළද එහිදීද ඔහුට එම ස්ථානයේ සිටි අයගෙන් විවිධ බාධා එල්ලවූ බව පැවසීය.
ඉන්පසු ඔහු හුදකලාව ගමන් කළේ කැලය තුළටයි. කැලයේ සිටින විටද සතුන්ගෙන්, මදුරුවන්ගෙන් හා ශබ්දවලින් ඔහුට බාධා ඇති විය. ඉන්පසු ඔහු එතැනින් ද නික්මී පැමිණ හුදකලා, නිශ්ශබ්ද කාමරයක දොරවල් ජනෙල් වසාගෙන සිටීමට උත්සාහ කළේය. එහෙත් ඔහු පැවසුවේ ඒ අවස්ථාවේදී ද තමාගේ සිතේ පහළවන විවිධ සිතුවිලි හා කල්පනා ඔහුට පාඩුවේ සිටින්නට ඉඩ නොදුන්බවය. අවසාන වශයෙන් ඔහු තීරණය කළේ තමාට කිසිදිනක නිදහසේ සහ සතුටින් ජීවත්වීමට නොහැකි වනු ඇති බවය.
දැඩි කලකිරීමට පත්ව සිටි ඔහු සිතුවේ සියදිවි හානිකර ගැනීමටය. එම අදහස මා හට පැවසූ විට මා කියා සිටියේ ඔබ මිය ගියාට පසු සියල්ල අවසන් වේ නම් එම තීරණයේ වරදක් නැති බවය. ඔබ යළිත් ඉපදුණහොත් ඔබට නැවතත් ඉහත ගැටලු සියල්ලම මුල සිටම අත් විඳීමට සිදුවන බවය.
එම අදහස පිළිගත් ඔහු පෙරළා අසා සිටියේ අපට සතුටෙන් හා සැනසීමෙන් තමන්ගේ පාඩුවේ සිටීමට ක්‍රමයක් නැති ද යන්නයි.
එය සරල ප්‍රශ්නයක් ලෙස පෙනුණද එය ඉතා ගැඹුරින් කතා කළ යුතු මාතෘකාවකි. අද සමාජයේ බොහෝ දෙනෙකුට සතුටෙන් සහ සැනසීමෙන් ජීවත්වීමට නොහැකි වී තිබෙන්නේ එසේ ජීවත්වීමට සුදුසු ක්‍රමය අවබෝධ කරගෙන නැති නිසාය.
දිනෙන් දින මා වෙත පැමිණෙන විවිධ පුද්ගලයන්ගේ ප්‍රශ්න දෙස බැලූ විට එය වඩාත් පැහැදිලි වෙයි.
සතුට ලබාගැනීම සඳහා මිනිස්සු විවිධ දේ කරති. ධනය, බලය, තත්ත්වය සහ උගත්කම් වැනි දේ සොයා යන්නේ ඒ නිසාය. එහි වරදක් ද නැත. ජීවිතයට යම් යම් දේ එක්රැස් කරගැනීම තුළ සතුටක් නැත්තේ ද නොවේ. එමඟින් සතුටක් ලැබුණ ද සැබෑ සැනසීමක් තිබේද? යන්න ඔබ කල්පනා කර බලන්න.
යම් යම් දේ ලබා ගැනීම තුළ සහ එක්රැස් කිරීම තුළ සතුටක් තිබුණ ද එය ස්ථිර දෙයක් නොවේ. යම් දෙයක් නිසා ඇතිවන සතුට ඒ දෙය වෙනස්වීම නිසා වෙනස් වී යයි. එබැවින් එම සතුට ස්ථාවර නැත. එබැවින්ම එය තුළ සැනසීමක් ද නැත.
විවිධ ආගම්වලට අයත් පිරිස් අප රටේ ජීවත් වෙති. එබැවින් බොහෝ දෙනෙක් තම සතුට වෙනුවෙන් වැරදි ක්‍රියාවල යෙදීමට නොපෙලඹෙති. බොහෝ දෙනා ඉතා සාධාරණව ධනය උපයා ගෙන තම පවුල් හා හිතවතුන් වෙනුවෙන් කටයුතු කළද ඔවුන් තුළ තාවකාලික සතුටක් මිස සැනසීමක් දක්නට නොලැබෙයි.
”මම කොතරම් අවංකව ඉන්න උත්සාහ කළත් සමාජයෙන් ඒකට ඉඩක් ලැබෙන්නේ නෑ.” මෙය බොහෝ දෙනෙකු නඟන මැසිවිල්ලකි.
එයට පිළිතුර කුමක්ද?
බොහෝ දෙනෙකු සිතන්නේ තමාට ප්‍රශ්න දුක් කරදර ඇතිවීමට හේතුව තමා ජීවත් වන සමාජයේ ඇති වරදක් බවයි.
ඔබ හොඳින් කල්පනා කර බලන්නේ නම් එය එසේ නොවන බව පැහැදිලි වෙයි.
බොහෝ ප්‍රශ්න ඇතිවීමටත්, නැතිවීමටත් මුල් වන්නේ අප බාහිර ලෝකය දෙස බලන ආකාරයයි. අප වඩා නිවැරදි ආකාරයෙන් ලෝකය දෙස බලන්නේ නම් අපට ඇතිවන ප්‍රශ්න බෙහෙවින් අඩුය.
එසේ නම් අප බාහිර ලෝකය දෙස බැලිය යුතු සහ එය සමඟ ගනුදෙනු කළයුතු නිවැරදි පිළිවෙත කුමක්ද?
එක් අයෙකු මා සමඟ පැවසුවේ, අප සියලු දෙය පිළිබඳව ආශාව අතහැර දැමිය යුතු බවයි. එයද එක් ක්‍රමයකි. සියලු බැඳිම් අත්හැරීම තුළ නියම සුවය ඇතිවන බව බුදු දහමේ ද සඳහන්ය. ඔබට එය කළ හැකි නම් ඔබට ඔබගේ සියලු ප්‍රශ්න අවසන් කළ හැකිය. නමුත් බොහෝ දෙනකුට සාමාන්‍ය ජීවිතයේදී ප්‍රායෝගිකව එසේ සිදුකළ නොහැකිය. එසේ නම් සාමාන්‍ය ජීවිතයක් ගතකරන අය ලෝකය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද? ඔවුන්ගේ ජීවන දර්ශනය විය යුත්තේ කුමක්ද යන වැදගත් ප්‍රශ්න මෙහිදී මතුවෙයි.
ඔවුන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමයක් තිබේ. එනම් ඔවුන් තමා ගනුදෙනු කරන බාහිර ලෝකයේ ස්වභාවය හරියට වටහාගෙන ක්‍රියා කිරීමය. වෙනත් අයුරකින් කිවහොත් තමා ආශා කරන, පි‍්‍රයකරන දේවල්වල නියම ස්වභාවය දැනගෙන ඒවා පරිහරණය කිරීමය.
අප පි‍්‍රය කරන ලෝකයේ සැබෑ ස්වභාවය කුමක්ද?
ලෝකය දෙස යහපත් ලෙස බැලීම සුබවාදී දර්ශනයකි.
ලෝකයේ ඇති දුක හා පීඩාකාරී බව අනුව සිතිම අසුබවාදී දර්ශනයකි.
අප සිතිය යුත්තේ මේ දෙකෙන් කොයි ආකාරයකටද?
සැබවින්ම මේ දෙකම වැරදිය. අප ලෝකය දෙස බැලිය යුත්තේ යථාර්ථවාදී දර්ශනයකිනි. එනම් “ඇති දේ ඇති සැටියෙනි.”
ලෝකයෙහි කිසිදු දෙයක් ස්ථිර නැති බව බොහෝ දෙනෙකු නොදන්නවා නොවේ. නමුත් ඔවුන් ඒ අදහස සිතට ගෙන ක්‍රියාකරන බවක් පෙනෙන්නට නැත. කොතරම් පීඩාවට පත්වුවද ලෝකයේ අස්ථිර භාවය ගැන සිතීමට ඔවුන් කැමති නැත. එසේ සිතුවහොත් දැනට තමා ළඟ ඇති සතුට ද නැතිවී යනු ඇතැයි ඔවුහු බියට පත්වෙති.
මම ආදරය කරන දේවල්, මම ආදරය කරන කෙනා ඕනෑම වේලාවක වෙනස් විය හැකි අස්ථිර දෙයක් විදිහට හිතුවොත්මට සතුටක් ලැබෙන්නේ කොහොමද? යැයි ඇතැම් අය ප්‍රශ්න කරති.
යම් දෙයක් තුළ ගිලී ඉඳගෙන, එය හදවතින් වැලඳගෙන ලබන සතුට වැනි සතුටක් එය පිළිබඳව මධ්‍යස්ථාව කල්පනාකිරීමෙන් ලැබිය හැකිද යැයි තවත් අය අසති.
එයට පිළිතුර මෙයයි.
දෙපිලක් අතර ක්‍රීඩා තරගයක් පිළිබඳව සිතන්න. ක්‍රීඩකයෝ මෙන්ම ක්‍රීඩා ලෝලීහුද දෙපිලකට බෙදී සටන් වදිති. මේ අතර එක් පුද්ගලයෙක් මධ්‍යස්ථව කල්පනා කරමින් දෙපිලේම දක්‍ෂතා දැක සතුටු වෙයි. ජයග්‍රහණය ලබන පිල ඉතා සතුටු වෙති. පරාජය වන පිල දුක්වෙති.
ඔබ සිතන්නේ මේ අය අතරින් වඩා තෘප්තිමත් පුද්ගලයා කවුරුන් කියාද? ඔවුන් අතර සැබවින්ම තෘප්තිමත් පුද්ගලයා වන්නේ ඉහත කී මධ්‍යස්ථ පුද්ගලයාය.
එයට හේතුව කවරෙක් ජයග්‍රහණය කළද, පරාජය වුවද ඔහුගේ සතුට වෙනස් නොවීමයි. එබැවින් ඔහුට නොවෙනස් සතුටක් මෙන්ම සැනසීමක් ද තිබේ.
තරගය ජයග්‍රහණය කළ අය තාවකාලිකව සතුටු වුවද ඊළඟ වතාවේ පරාජය විය හැකිය. ඔවුනට ඒ ජයග්‍රහණය පවත්වා ගැනීමට දැරිය යුතු වෙහෙසද අපමණය. එබැවින් ඔවුන් තුළ තාවකාලික සතුටක් තිබුණද සැනසීමක් නැත.
ජීවිතය පිළිබඳවද අප බැලිය යුත්තේ ද ඉහත කී ක්‍රීඩා ලෝලියා මෙන් මධ්‍යස්ථ ආකාරයටය.
මධ්‍යස්ථභාවය තුළ සතුටක් පමණක් නොව සැනසීමක් ද තිබේ. එසේ සැනසීමෙන් සිටින පුද්ගලයාට ගැටලු බොහෝ අඩුය. ඔහුගේ ජීවිතය ද තෘප්තිමත්ය.
ගැටලු අඩු පුද්ගලයාට අන් අයට පිහිටවීමට ද හැකිය.
කෙනෙකුගේ යහපත් ගතිගුණ, නිවැරදි ආකල්ප පිබිදෙන්නේ ද එසේ මධ්‍යස්ථ භාවයෙන් සිටින විටය.
ලෝකය පිළිබඳව නිවැරදි අවබෝධයෙන් ලැබෙන සතුට ස්ථාවර සතුටකි. නැති නොවන සැනසීමකි.

මෙ ත්‍රෙඩ් එක දිහා බලලා ඔබලාගෙ වටිනා සහයොගය(රෙප්) එක මට ලබාදෙන්න.මාව දිරිමත් කරන්න ඉල්ලා සිටිනවා. මට එලකිරි එකෙ යාලුවො නැහැ. මම හිතනවා මට අලුත් යාලුවො හදුනාගන්න පුලුවන් වෙවි කියලා.සියල්ලොම සතුටෙන් ජීවත් වෙවා!!!! "සන්තුස්ටි පරමන් දනන්"
 
Last edited:
  • Like
Reactions: pc kush

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Adoo uba Piliyandala pette ehema nemei ne :P Elakiri ekata inna hemoma yaluwo Thamai banz,Aye eke dekak na,ubata HElp ekak Oni wuna welawata Oni ekek ubata HElp Karai.Anik Site wage nemei meka meka
    Elakiri
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    Adoo uba Piliyandala pette ehema nemei ne :P Elakiri ekata inna hemoma yaluwo Thamai banz,Aye eke dekak na,ubata HElp ekak Oni wuna welawata Oni ekek ubata HElp Karai.Anik Site wage nemei meka meka
    Elakiri

    අනිවා අනිවා bro!!!!!!!කො කො අනිත් කස්ටිය????තව රෙප් නැද්ද???අයියො අපිට ඔනෙම දෙ නෙ සතුට