මෙන්න බොලේ තරු

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මෙන්න බොලේ තරු

    තරු ඇතිවීම

    විශ්වය තුළ ඇති ඝන, ද්‍රව, වායු ආදී ද්‍රව්‍යයන් කල්යත්ම විශාල වලාකුළක් බවට පත්ව ඇත. එම වලාකළු බාහිර හා අභ්‍යන්තරිකව සිදුවූ විපර්යාස නිසා පිපිරුමකට ලක්වීමෙන් එයින් තරු රාශියක් බිහිවූ බව විද්‍යාඥයින්ගේ මතයයි. රාතී‍්‍ර අහස නිරීක්‍ෂණය කරන බවට මිලියන ගණනක තරු දිස්වේ.


    තරුවක දීප්තිය ඇතිවීම

    තරුවක දීප්තිය ඇතිවන්නේ එම තරුවෙන් නිකුත් කෙරෙන ශක්ති ප‍්‍රමණය අනුවයි. එමෙන්ම තරු පිහිටා ඇති දුර ප‍්‍රමාණය හා තරුවල විශාලත්වය අනුවද දීප්තිය වෙනස්වේ. පියවි ඇසට නොපෙනෙන තරුවල දීප්තිය ගණනය කරන්නේ ”දෘශ්‍ය දීප්තිය” අනුවය. මෙම ඒකකය පළමුව ලොවට හඳුන්වා දෙන ලද්දේ ගී‍්‍රක ජාතික ”හිහික්ස්” නමැති තාරකා විද්‍යාඥයා විසිනි. ඔහුගේ ගණනය අනුව තරුවක ”දෘශ්‍ය දිප්තියේ” අගය අඩු නම් එම තරුවේ දීප්තිය ඉතා වැඩිය. ඔහු තරුවේ දීප්තිය අනුව තරු කාණ්ඩ කීපයකට බෙදා දක්වයි.


    තරු රටා බෙදීම

    තාරුකා විද්‍යාවට අනුව අහසේ දිස්වෙන තරු රටා 88කට බෙදා දක්වයි. එයින් තරු රටා 48ක් උතුරු දෙසටත්, අනෙක් තරු රටා 40ක් දකුණු දෙසටත් අයත් වේ. මෙම තරු රටා 88න් 12ක් රාශි චක‍්‍රයට අයත්වේ.


    තරු රටා

    රාති‍්‍ර අහසේ ඇ‍‍ඳෙන තාරකා ආශ‍්‍රයෙන් විවිධ රටා මතුකර ගෙන ඒ හා සබැඳි කතාන්දර ගෙතීමටත්, මඟ සලකුණු ලෙස මේ තරු රටා යොදා ගැනීමටත් අතීත මිනිසා පුරුදු වී සිටියා.ලෝකයේ සෑම තැනකට ම මේ තරු රටා සියල්ල ම එක ලෙස දිස්වන්නේ නැහැ.ලොස් ඇන්ජලීස් හි ගි‍්‍රෆිත් ආකාශ වස්තු පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂක තාරකා හා භෞතික විද්‍යාඥ එඩ්වින් සී. කෲප් තමයි අද අප අහසේ දකින තරු රටා නම් කළේ.
    ලෝකයේ එක් එක් ප‍්‍රදේශවල සිටි මිනිසුන් තමාට පෙනෙන තරු ආශ‍්‍රයෙන් විවිධ රටා මවා ගැනීමටත්, ඒවාට අනුරූප කතා ගෙතීමටත් පුරුදුව සිටි අතර ආගමික උත්සව යෙදෙන කාල වකවානු හඳුනා ගැනීමට මෙන්ම වසරේ ඍතු චක‍්‍රය හඳුනා ගැනීමට පවා ඔවුන් එම තරු රටා උපයෝගී කරගත්තා.මේෂ රාශිය හෙවත් බැටළුවා හා ඔරායන් හෙවත් දඩයක්කාරයා යන තරු රටා ලොවට බිහි වී ඇත්තේ ගී‍්‍රකයන් අතිනුයි.පුරාණ ගී‍්‍රක තරු රටා පිළිබඳව තොරතුරු බොහොමයක් ලොවට හෙළි වූයේ කි‍්‍ර. පූ. 270 දී පමණ ඇරටස් නම් කවියා විසින් රචිත ’ආශ්චර්යය’නම් පද්‍යය ආශ‍්‍රයෙන්.
    කි‍්‍ර. පූ. 2500 ත් 2000 ත් අතර කාලයේදී මෙසපොටේමියාවේ සුමේරියන්වරුන්් අතින් වෘෂභ රාශිය හා වෘශ්චික හෙවත් ගෝනුස්සා තරු රටා බිහිවෙලා තියෙනවා.නමුත් මහ වලසා තරු රටාව දැනට සොයා නොගත් මාර්ගයන් ඔස්සේ ගී‍්‍රසිය තුල ප‍්‍රචලිත වුව ද එය මෙසපොටේමියාවේ හෝ ගී‍්‍රසියේ උපත ලද්දක් නොවෙයි.පෘථිවියේ දකුණු අර්ධගෝලයේ සිටින මිනිසුන්ද තම ප‍්‍රදේශවලට ආවේණික වූ තරු රටා නිර්මාණය කර ගත්තත් ඒවා පිළිබඳ තොරතුරු, යුරෝපීය ආකාශ සිතියම්වලට ඇතුළත් වී නැහැ. එසේ වුවත් කි‍්‍ර. ව. 1500 හා 1700 අතර කාලයේදී දකුණු දිග අහසේ තරු රටා ලෙස මොණර තරු රටාව හා පියාඹන මත්ස්‍යයා තරු රටාව වැනි රටා හඳුනාගන්නට යුරෝපීය ගවේෂකයන්ට සිතියම් නිර්මාණකරුවන්ට හා තාරකා විද්‍යාඥයන්ට හැකිවුණා. මේවා උතුරු අර්ධගෝලයේදී දැකිය නොහැකි තරු රටා නිසා පසුකාලයකදී යුරෝපීය ආකාශ සිතියම්වලට ඇතුළත් කෙරුණු බවයි සඳහන් වන්නේ.අද අප හඳුනාගෙන ඇති තරු රටා 88 පිළිබඳව සම්පූර්ණයෙන් තහවුරු කර පිළිගන්නා ලද්දේ 1922 දී පැවැත්වූ අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ රැස්වීමකදී ය.

    රාශි චක‍්‍රයට අයත් තරු රටා 12ක් නම් කර ඇත. එනම් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ය.
    අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තරුය.ඒ අතරින් තරු රටා ප්‍රමුඛ ස්ථානයක් ගනී.ඉන් සුවිශේෂ තරු පන්ති කිහිපයක් නම්...


    1.දඩයක්කාරයා

    දීප්තිමත් තරු හතරකින් යුත් තාරකා රටාවකි.පුරා වෘත්තවල සිටින දඩයක්කාරයකු නිරූපනය කරයි.මෙහි දීප්තියෙන් වැඩි තරු 02 ක් ඇත.මින් රිජෙල් එක් තරුවක් වන අතර එය දඩයක්කරුගේ පාදයේ කෙලවරක පිහිටා ඇත.අනෙක් තරුව තරම ක් දීප්තියෙන් අඩු බීටල් නම් තරුවයි. මෙම තරු රටාව සමකය හරහා වැටී ඇත.

    imagesCAMRQJTL.jpg

    2.මහ බල්ලා

    දඩයක්කාරයා තරු රටාව ඔස්සේ නැගෙනහිර දෙසින් පිහිටා ඇති තරු 03 අතර සීරියස් තරුව වෙයි. එය මහ බල්ලා තරු පංතියේ බල්ලාගේ හිසෙහි පිහිටා ඇත.

    imagesCAKSWCQ0.jpg


    3.කුඩා බල්ලා

    සීරියස් තරුවට මදක් ඉහලින් පිහිටා ඇති මෙහි ප්‍රාතසියොන් තරුව ප්‍රධාන තැනක් ගනී.

    imagesCAMV0WU1.jpg

    4.රියකරු

    උතුරු අහසේ පිහිටා ඇත.මෙහි තරු පොකුරු 03ක් ඇත.කැපොල්ල තරුව මගින් මෙය පහසුවෙන් හදුනා ගත හැක

    untitled.bmp

    වල්ගා තරු

    ]වල්ගා තරුවලට අප ”ධූමකේතු” යැයි ද කියනු ලැබේ. මෙය එක් කොනකින් පටන්ගෙන කේතු රූපාකාරව ඉතා ඈතට දුම්පටලයක් මෙන් විසිරී යන බැවින් මෙය වල්ගාතරු යැයි හැඳින්වේ. ඉංගී‍්‍රසි බසින් මෙය ”කොමට්” ලෙසත්, ගී‍්‍රක බසින් මෙහි තේරම ”කේෂ කලාපය” යන්නයි.
    මෙම වල්ගාතරු හිම බෝලයක් ආකාරයට නිර්මාණය වුවත් එය සූර්යයාට ආසන්නව ගමන් කරන විට එහි අඩංගු ද්‍රව්‍යයන් විහිදෙයි. එවිට එය වල්ගයක් ආකාරයට දිස්වේ. ඝනව පවතින වායු ප‍්‍රසාරණය වි වාෂ්පවී යයි. මෙහිදි හිම බෝලයෙන් වල්ගා තරුවේ හිස සෑදෙයි. එය සූර්යයාට ළංවෙත්ම සූර්යයාගේ විකීරණ පීඩනය හේතුවෙන් හිසෙහි එක්රැස් වුණු වායු සහ දූවිලි අංශු ඉවතට විහිදුවාලයි.


    තරුවල අවසානය

    පරමාණුක බලශක්තියක් ගැබ්ව ඇති තරුවක් විනාශ වීම ගැන නිශ්චිතව යමක් කිව නොහැකිය. එහෙත් තරුවක් තවත් තරුවක් හා ගැටුණු විට තරු විනාශය. තරුවක් වෙනත් වස්තුවක් හා ගැටීමෙන් එසේ විනාශ නොවේ. තරුව නිසා නිල්පාට හා සුදුපැහැති එළිය නිකුත් වන්නේ නම් ඒ තරුවේ ආයු කාලය වැඩිය. එනමුත් තරුව රෝස පැහැයක් හා රතු පැහැයක් ගනීනම් එයින් හැඟෙන්නේ තරුවේ අවසාන කාලය ළඟාවී ඇති බවය. එමෙන්ම තරුවේ ආයුකාලය අවසාන වන විට තරුව විශාල වේ. එසේ විශාල වී තරුව පුපුරා යයි. නැතහොත් විශ්වයේ ඇති කළුකුහරයට ඇදීයයි. එසේ වන්නේ කළු කුහරයේ ඇති කාන්දම් බලය හේතුවෙනි. එසේ බාහිර හා අභ්‍යන්තරික බලපෑමක් සිදු නොවුණහොත් තරුවක් අවුරුදු මිලියන ගණනක් වුවත් පවතී.



    star.gif
    star.gif
    star.gif
    star.gif
    star.gif
    star.gif
    star.gif
    star.gif


    stelle%20%286%29.gif
    තොරතුරු අන්තර්ජාලයේ වෙබ් අඩ්වි කියවීමෙන් දැනගත් තොරතුරු වේ
    stelle%20%286%29.gif
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    angel idala idala patta thrd danawa :D

    වටින ලිපිය.. බොහොම ස්තුතියි..:yes:


    stelle%20%286%29.gif

    stelle%20%286%29.gif

    stelle%20%286%29.gif

    stelle%20%286%29.gif

    stelle%20%286%29.gif

    stelle%20%286%29.gif

    stelle%20%286%29.gif


    watina post ekak nangoo.

    good post sis rep 3+++

    Good post

    patta thread eka machan. 6+

    watina post ekak nangoo.

    Good post
    Rep 2+

    Good post..

    වටිනවා.. ඔන්න රෙප් එබුවා :nerd:




    :D:D:D:D
    aballetline2.gif

    th_Thanks.gif

     
    • Like
    Reactions: naleen rox