මෙන්න යාලුවෝ 😍

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,246
    10,147
    113
    @baba-chuti බලපන් උගේ ජීවිතේ හොඳ දවසක ඉස්පිරිතාලේ ඉන්න උනාම වැඩක් තියේද කියලා කාගේ හරි ගොන් වැඩක් නිසා. ඌ මැරෙන්න උනත් තිබුණා. අපි දුරින් දන්න අයියා කෙනෙක්ට අදටත් කොන්දේ අමාරුවක් තියෙනවා උගේ මගුල් ගෙදර දවසේ ඌව උඩ දාල හරියට අල්ලන්නේ නැතුව. මම නම් කියන්නේ පූල්වලට දාන ඒවා උඩ දාන ඒවා තේරුමක් ඇති වැඩද? පොඩ්ඩ මිස් උනොත් අරූ ඉවරයි.
    පොරට දන්නවා කවුද කලේ කියලා. අපේ තාත්තයි, මහප්පයි අහද්දිත් කිව්වේ නෑ. ගොඩක් ඔය ගම් වල ඉන්න ගන්කබර යාලුවන්ගේ ගොන් ආතල්. වැඩේ කියන්නේ ඔය සෙට් එකේ තව කවුරැහරි මැරි කරනවා කිව්වම අරෑට හම්බවෙච්ච සෙම්බුවට වඩා එකක් කරන්න බලන්නේ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,013
    3,846
    113
    @baba-chuti
    මම දන්නේ නැහැ මේක උඹ අහලා තියෙනවද කියලා. වෙඩින් රැග් සම්බන්ද ඇත්තටම සිදු උන ප්‍රසිද්ද කතාවක්.

    ඔය වගේ ගං කබර ලොකු සෙට් එකක රැග් සංවිධානය කරන එකෙක් ඉඳලා. උගේ වෙඩිම දවසේ කොල්ලෝ සෙට් එකෙන් කිසි හාවක් හූවක් නැහැලු. කොහොමහරි කපල් එක හනිමුන් ගිහින් පහුවදා උදේ බෙඩ් ටී ඕඩර් කරන්න යනකොට ඇඳ යටින් එකෙක් කියනවලු මචන් මටත් තේ එකක් දාපන් කියලා. එදායින් පස්සේ ඌ කිසිම කෙනෙක්ට රැග් දීල නැහැ. රෙදි ඉල්ලෙනේ ඉතින්.