මෙන්න වැඩක්...හික්z...

MBoX

Member
Feb 5, 2011
366
18
0
මෙන්න වැඩක්...හික්z...

ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif

සියළුම එළකිරි සහොදර සහොදරියන්ගේ දැනගැනීම පිණිසයි...

මෛත්‍රීය බුද්ධ සාසනය පහලවූ වගයි...

උපුටාගැනීම - http://satyagaveshi.blogspot.com/2011/05/blog-post_10.html


මෛත්‍රීය බුද්ධ සාසනයේ ශ්‍රාවකයෙක් මෙසේ සටහන් තබයි...

උන් වහන්සේ වර්ෂ 40ක් පුරා මුලු ලෝකයක් අවදි කළ දායාද කළ ඒ අමරණීය ධර්මය, අමරණීය සේවය ඉතාම ගෞරවයෙන් යුක්තව නිහතමානීව මෙසේ සමරන වගයි.


මෙහි දැක්වෙන්නේ උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රාදේශ් ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම්කර තිබෙන අඩි 50l.06ක් උස මෛත්‍රී බුදුපිළිමයේ ඡායාරූපයක්. අවුරුදු 5ක ව්‍යාපෘතියක් වන මෙම පිළිමයේ තාකෂණ වැඩ නිමවීමෙන් පසු එය උත්තර ප්‍රද්ශ ප්‍රාන්තයේ නැගෙනහිර කුසිනාරා නුවර ඉදිකරනු ලැබේ. මෙය ලොව උසම පිළිමවහන්සේ වශයෙන් සැලකේ.
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
ගෞතම බුදන් වහන්සේ මහත් වූ දෙව් බඹ සේනා පිරිවරා ගෙන සංකස්ස පුරයට වැඩි බවත් එය දුටු සැරියුත් හිමි මින් පෙර මෙවැනි ආශ්චර්යයක් නොදුටු බවත් වදාරා ප්‍රීතිය ප්‍රකාශ කළහ. එය ඇසූ බොහෝ දෙනා ධර්මාවබෝධ කළහ. තවත් බොහෝ දෙනා බුදුබව පැතූහ. උතුම් බුද්ධ පූජා පවත්වා මතු බුදුබව ලබන සිරිවර්ධන නම් ගෘහපති පුත්‍රයා සසුන් ගත වූයේද මෙහිදීය. එතුමා මෛත්‍රීය නමින් බුදුවන බවට ගෞතම තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් විවරණ දී වදාළේ ද මෙම ස්ථානයේදීය.

ගෞතම බුදුන් වහන්සේගෙන් විවරණ ශ්‍රී සම්පත්තිය ලැබූ ඵ් සිරිවර්ධන නම් ගෘහපති පුත්‍රයා, දැන් ලෝකයේ පහලවී ඇත. අප ජීවත් වන මේ කුඩා ශ්‍රී ලංකා ද්වීපයේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ වඳුරඹ ග්‍රාමයේ උපන් එතුමා ක්‍රි:ව: 1971-05-09 දින සියලු කෙලෙස් ප්‍රහීන කොට උතුම් සම්මා සම්බුද්ධ පදවියට පැමිණි වගයි. මෙම මහා බද්ධ කල්පයේ පහළවූ කකුසඳ, කෝනාගම, කාෂ්‍යප ගෞතම ඉන් පසු මේලෝකයේ පහල වනවා නම් ඵ් මෛත්‍රීය තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේය. එතුමා සිරිවර්ධන නමින් හැඳින්වූවත් ධර්මයෙන් මෛත්‍රීය සම්මා සම්බුද්ධමය.

මෙතුමා සියලු කෙලෙස් ප්‍රහීනකොට සම්මා සම්බුද්ධ පදවිය ලබාගෙන සියලු ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව ශ්‍රී සත්ධර්මය දේශනා කරන වගයි. ඔබත් බුද්ධත්වය අගයන බුද්ධත්වයට කැමති අයෙක් නම් මේ පහළ වී ඇති මෛත්‍රීය බුද්ධ ශාසනයට ඇතුළු වන්න. මෛත්‍රීය බුදුහිමියන්ගේ බුද්ධ ආශ්චර්යය දැක සියළු පාරමී ධර්මයන් සම්පූර්ණ කොට උතුම් වූ සම්මා සම්බුද්ධ පදවිය ලබාගන්න. මෙම ධර්මතාවය තේරුම් ගතහැකි එකම සත්වයා, මනුෂ්‍ය සත්වයා පමණි. එමනිසා අංග සම්පූර්ණ වූ මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ අවස්ථාවේ අප්‍රමාදීව තමන්ගේ බුද්ධත්වය මතුකර ගැනීම පිණිස කටයුතු සලසා ගන්න. මේ මහා බද්ධ කල්පයේ අවසාන කොටසයි. ක්‍රි:ව: 2012-12-21 දිනට සිදුවීමට නියමිත මේ මහා ලෝක විනාශයට මුහුණ දීමට ඔබ ද සූදානම් වන්න. බුද්ධත්වය යනු මැරෙන උපදින විනාශවන ධර්මයක් නොවන නිසා සියළුම අභියෝග මෙම ශ්‍රේෂ්ඨ ධර්මය ඉදිරියේ ජයගත හැකිවනු ඇත.

අනාදිමත් කාලයක් තුළ ඉන්ද්‍රීයයන් තුළින් ඇතිකළ මුලාව නිසා විඥ්ඥාණය නැමැති මවාපාන ලෝකය සත්‍ය ලෝකයක් යයි අප විශ්වාස කළ ද, මතුපිටින් පෙනෙන මෙම මායා ලෝකය යටින් දිවයන වෙනත් සනාතන ධර්මයක් ලෝකයේ ඇති බව මෙම ධර්මය ශ්‍රවණය කරන සියළු සත්වයාටම දැකිය හැකිය. එම ධර්මතාවය බාහිරින් නොව තමා තුළින්ම තමන්ටම දැකිය හැකිය. සියළු වේදාන්තර ධර්ම සියළු ආගම් සහ සියළු පණ්ඩිත මත අභිබවා මේ ලෝකයට නැවතත් පිරිසිඳු බුදු දහම මේ වකවානුව තුළ විවෘත කළේ සිරිවර්ධන උත්තමයානන් පමණි. වර්ෂ 40 පුරාවට දිවා රෑ නොබලා මෙම නිර්මල ධර්මය ලෝක සත්වයාට බෙදා දෙන්නේ මහා කරුණාවෙනි. මෙම ධර්මය නොතේරෙන ඇතමුන් මෙතුමාට කරන නින්දා අපහාස ඉදිරියේ නොසැලී සිටීම නම්, කිසිවෙකුට දරාගත නොහැකිය. මෙතුමා මෙම ධර්මය විවෘත කරන්නේ ඉන්ද්‍රිය පිළිගත් ඉන්ද්‍රිය පිළිඅරගෙන කටයූතු කරන අන්ධ වූ ලෝකයක් ඉදිරියේ නිසා මෙවැනි නින්දා අපහාස චෝදනා මතුවීම ස්වභාවිකය. නමුත් මෙම ශාක්‍ය සිංහ ධර්මය ඉදිරියේ සියළුම එදිරිවාදිකම් සුනු විසුණු බවට පත්වනු නිසැකය. මොන තරම් එදිරිවාදිකම් ආවත් එතුමා සිංහනාද කරන්නේ, ධර්මය අහන නාහන එදිරිවාදිකම් කරන සියළු සත්වයාටම මේ ජීවිතයේදීම බුදුන් දැකිය හැකි බවයි. එතුමා සියළු ධර්මයන්ගෙන් නිදහස් වී ඇති නිසා මිතුරෙක් හෝ හතුරෙක් උන්වහන්සේට නැත.

මුලාවෙන් අන්ධ වූ ලෝකයා මෙම ශ්‍රේෂ්ඨ ධර්මය තේරුම් නොගත්තත් සිත් පිත් නැති ස්වභාව ධර්මය මෙම අති ශ්‍රේෂ්ඨ ධර්මයට සාක්ෂි ඇත. සිත් පිත් නැති කැමරාව සාක්ෂි දරණු ඇත. එමනිසා මේ ලෝකයේ කිසිම දාර්ශණිකයෙකුට විද්‍යාඥයෙකුට එහෙම නොවෙයි තවත් විදිහකට තිබෙනවා කියා උත්තර දෙන්න කිසිම ජගතෙක් නම් මේ ලෝකයේ පහළ වී නොමැත. “අනුත්තරං ධමීම චක්කං ප්‍රකාසේතී”. රන්ගිරි දඹුලූ විහාරයේදී මෙතුමාගේ සිරසින් බුද්ධ රශ්මි මාලාවක් විශ්වයට විසුරුවා හරින විට සූර්යයා පුන්සඳ මෙන් බබලන්නට විය. මුළු සූර්යයාලෝකයම චන්ද්‍රාලෝකයක් විය. එය වටා නිල් අහසේ බුද්ධ රශ්මි මාලාවන් මුළු ලෝක ධාතුවටම දිස්විය. හරියටම දවල් 12 ට මුළු දඹුලූ පර්වතයම රත්වී තිබුනි. නමුත් ඵ්ක්ෂණයෙන් රන්ගිරි දඹුලු විහාරයේ මුළු ගල් පර්වතයම සිසිල් විය. සිසිල් සුළං වේගයෙන් හමායන්නට විය. මල් වරුසාවක් ඇද හැලෙන්නට විය. මුළු දඹුලූ පර්වතයම සාදුකාර නාදයෙන් දෝංකාර විය. එහි පැමිණ සිටි දෙනෝ දහසකගේ දෑස් වලින් කඳුළු ගලන්නට වූහ. ඕනෑම අයෙකුගේ ඕනෑම ප්‍රශ්ණයක් මෙම ශ්‍රේෂ්ඨ ධර්මය සිහිකළ සැණින් විසඳාගත හැකිවනු ඇත. ඕනෑම අසනීපයක් සුවකර ගත හැකිවනු ඇත. ඔබත් අනාදිමත් කාලයක් සසර පුරුදු පුහුණු කළ සියළුම මුළාවන්ගෙන් නිදහස්ව උතුමී බුද්ධ බෝධියට පැමිණෙන්න. මෙය පුද්ගලයෙක් සතු ශක්තියක් නොව; විශ්වයේ ස්වභාවය. මෛත්‍රීය බුද්ධ සාසනයේ ස්වභාවයි.

See video:- http://satyagaveshi.blogspot.com/201...a-miracle.html

ලෞකික සැප සම්පත් විඳිමින් මෙම ඉන්ද්‍රිය හරහා නිර්මාණය කරගත් ලෝකය සත්‍ය ලෝකයක්ය සිතා කටයුතු කළ ද, මෙය මහා ඝන අන්ධකාර මුලාවකි. බොහොම අමාරුවෙන් නොයෙක් දුක් කරදර විඳිමින් ගොඩනගා ගත්ත ද, එය දීර්ඝව කිසිවෙකුට පවත්වා ගෙන යාමට නම් නොහැකිය. එම අන්ධ වූ ලෝකය පැහැදිලිවම දැක එයින් නිදහස් වීමට ඇති එකම මාර්ගය, සත්‍යය ගවේශණය පමණි. සත්‍ය ගවේශණය කර සියළු මුළාවන්ගෙන් නිදහස්ව සියළුම ලෞකික ධර්මයන්ගෙන් නිදහස්ව මේ ලෝකයටම සත්‍යය විවෘත කළේ සිරිවර්ධන උත්තමයානන් පමණි. එමනිසා සියළු කම්සැප හැරදමා මෛත්‍රීය බුද්ධ සාසනයේ පැවිදි වූයෙමි. මේ ලෝකයේ ඇති එකම කළ්‍යාණ මිත්‍රයා ද එකම ධර්මතාවය ද ශාස්තෘවරයා ද මෙම ශ්‍රේෂ්ඨ ධර්මය පමණි.

ගෞතම බුද්ධ සාසනයේ පැවිදිවූ අයට චීවරයක් තිබෙන නිසා අප විහාරස්ථානයට ගිය විට එහි පැවිදි සියළුම ස්වාමීන් වහන්සේලාට නමස්කාර කරනු ඇත. නමුත් මෛත්‍රීය බුද්ධ සාසනයේ පැවිදිවූ අයට චීවරයක් නොමැත. මෛත්‍රී බුදුරජාණන් වහන්සේද එහි පැවිදි වූ අය ද ගිහි ඇඳුමෙන් සැරසී සිටින නිසා මෛත්‍රීය බුදුන් බාහිරින් දැකිය නොහැකිය. එමනිසා තමා තුළින් බැලිය යුතුය. මෙයින් අදහස් කරන්නේ තමන් කියා පුද්ගලයෙක් නැති බව දැකීමය. මෙයින් එහා සිදුවන ධර්මතාවය නම් වචන වලට පරිවර්තනය කළ නොහැකිය. එතන ඇත්තේ තනිකරම නිශ්ෂබිදතාවයක් පමණි. කෙනෙක් නැති ලෝකයක කෙනෙක් පුද්ගලයෙක් පිළිගත් ලෝකයකට මෙම ධර්මය මුළාවක් වගේ පෙනුන ද මෙම ධර්මය නම් පරම සත්‍යයකි. මෙම ශ්‍රේෂ්ඨ දර්ශණය දැක සියළු සත්වයාම අමාමහ නිවන දැකීමට දැන් කාලය එළඹ ඇත. අනන්ත අප්‍රමාණ සත්තු අතරින් මේ ක්ෂේම භූමියකට පැමිණි මේ මොහොතේ තමා තුළින් බුදුන් දැක අමාමහ නිවනට පත්වන්න.

සියළු සත්වයාම පන්සිල්, අටසිල්, දසසිල් සහ විවිධ භාවනා ක්‍රම උපයෝගී කර සත්‍යය සොයන්නේය. නමුත් මේවා ගැන අපට කියාදෙන කෝටියක් සංවර සීලයේ හිමිනමකටවත් මේවා ප්‍රගුණකර නිවන් දැකිය නොහැකිය. නමුත් ජීවත් වෙන සතාට මෙම වේදාන්තර ධර්ම ප්‍රගුණ කළ ද ඒවායේ යම් ගුණයක් නම් ඇත. නමුත් මෙම සියළුම ධර්ම සතර අපායටම අයිති උත්පත්තිය මරණයෙන් යුක්ත ධර්ම බව තේරුම් ගතහැකි වනුයේ මෙම ශ්‍රේෂ්ඨ ධර්මය ශ්‍රවණය කිරීමෙනි. අපේ නායක ස්වාමීන් වහන්සේලා අපට කියාදෙන්නේ දෙව් මිනිස් සැප කෙළවර අජරාමර නිවනක් ගැනය. මේ සියල්ල ප්‍රගුණකර මරණෙන් පසු බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා මිස එහි නිවනක් ගැන සඳහන්ව නැත. නමුත් මෛත්‍රීය තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ගිහි ජීවිතය ගතකරන ගමන් ම, අඹු දරුවන් පෝෂණය කරන ගමන් ම, දෙමවීපියනට උපස්ථාන කරන ගමන් ම, තමා තුළින් බුදුන් දැකිය හැකි ධර්මතාවයකි. මෙම නිර්මල ධර්මය මුළු ලෝකසත්වයාටම මේ වකවානුව තුළ සිරිවර්ධන උත්තමයාණන් පමණයි පෙන්වා දුන්නේ. එය මුළු ලෝකයම ඉදිරියේ වුවද භය නැතුව ප්‍රකාශ කළ හැක. මේ ටික තේරුමී කර ගැනීමම මහත්වූ භාග්‍යයකි. මේ ලෝකයේ හදවතින්ම සත්‍යය සොයා යන සියළුම සත්වයාට මේ අති ශ්‍රේෂ්ඨ ධර්මය තෙල් පහණක් වනු නිසැකය. නමුත් එහි ආලෝකය තමන්ම දකිනවා විනා වෙන කිසිවෙකුට එය පැහැදිළි කිරීම තරමක් අසීරු කාර්යයකි. මෙම අමරණීය ධර්මය පහළවූයේ සියළු සත්වයාගේම වාසනාවටය.

සිදුහත් කුමාරයාට තරම් සැප සම්පත් සියළු සත්වයාටම නොතිබුන ද සෑම සතෙක්ම සැම මනුෂ්‍යයෙක්ම උපදිනවා නම්, ජරාවට පත්වෙනවා නම්, ලෙඩවෙනවා නම්, මැරෙනවා නම්, එහි කොයින්ද සැපයක්? සිදුහත් කුමාරයා රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගා අත්හැර, රජ සැප අත්හැර, දෙමවිපියන් අත්හැර, තම භාර්යාවද අත්හැර, එදාම උපන් කිරිකැටි බිළිඳා ද අත්හැර, සත්‍යය සොයා මහ මගට බැස්සේ සුළුපටු කාර්යයකට නොවන බව මෙම සත්‍ය ගවේශණය කරන සියළු දෙනාම පැහැදිළිව තේරුම් ගතයුතු කරුණකි. එමනිසා දැඩි අධිෂ්ඨාන ශක්තියකින් යුක්තව ශක්තිමත් පදනමක් ඵ් සඳහා අවශ්‍ය වනු ඇත. තනිවම මෙම ධර්ම මාර්ගයේ ගමන් කරන විට මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව තමන්ට පැහැදිළි වනු ඇත. නමුත් තමන්ගේ පරම අධිෂ්ඨාණය කරා ලඟා වීමට කිසි විට පසුබට නොවිය යුතුය. මෙතෙක් මේ ලෝකයේ සත්‍යය යැයි පිළිගත් ධර්මතාවයත්, බුදුවරයෙක් පෙන්වා දෙන ධර්මතාවයත්, අතර වෙනස පළමුව තේරුම් ගත යුතුව ඇත. ඉන් පසුව තමන්ම තමන්ගේ හදවතින්ම ඵ්කායන මාර්ගය පැහැදිලිව තෝරාගෙන ඵ් මාර්ගයේ ගමන් කරනු ඇත. මෛත්‍රීය තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙම අවස්ථාව පෙන්වා දෙන්නේ “ඵ් සෝව මග්ගෝ නඅත්ත නඅඥ්ඥා දස්සනස්ස විසුද්ධියා” යනුවෙනි. මෙහි ඇත්තේ අත්වැලක් ඵ්දණ්ඩක් නැති ගමනකි. අල්ලන්න තැනක් ඇත්තේ ද නැත. පය තියන්න තැනක් ඇත්තේ ද නැත. නමුත් ගමනක් නම් ඇත. මෙහි තමන් කියා කෙනෙක් හෝ අනුන් කියා කෙනෙක් නැත. එය බුදුවරයෙක් පෙන්වා දෙන්නේ “පරපටි බද්ධා මේජීවිකාති අභින්නං පචිච වෙක්කි තබීබං” අනුන් හා බැඳුණු ජීවිතයක් ඇති බව සිහියේ තබා ගන්න තථාගත දර්ශණය දකින තුරු, එයයි පිරිසිඳු මාර්ගයේ ස්වභාවය. මෙය තමන්ගේම උත්සාහයෙන් තමන්ගේ හදවතින්ම දැකිය යුතු ධර්මයකි. කිසිවෙකුට බලහත්කාරයෙන් ඇතුළත් කළ නොහැක. එමනිසා තමා තුළින්ම බැලිය යුතුය. බුදුවරයෙක් පෙන්වා දෙන ඵ් දර්ශණය තුළ මෙම සියළු මුලාවන් ගෙන් නිදහස් වන මාර්ගය තමාටම තමා තුළින්ම දැකිය හැකි වනු ඇත.

මෙම අති ශ්‍රේෂ්ඨ ධර්මය පැහැදිළිවම දැකපු කිසිවෙකුට මේ ලෝකයේ කරන්න දෙයක් ඇත්තේ ද නැත, යන්න තැනක් ඇත්තේ ද නැත. මුළු ලෝක ධාතුවටම මෙම පරම සත්‍යය මහා කරුණාවෙන් යුක්තව ඛෙදාදීම පිණිස තමන්ගේ මුළු ජීවිත කාලයම මෛත්‍රීය බුද්ධ සාසනයට කැප කරනු නිසැකය. මෙයයි සත්‍යය ගවේශණයේ ස්වභාවය. කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් ජීවයක් නැති බව දැකීමයි, සත්‍යය ගවේෂණයේ ස්වභාවය. එමනිසා එහි හැඩයක්, ලක්ෂණයක්, ආකාරයක් ද නැත. නාම රූප දෙකෙන් ද තොරවනු ඇත. සියළු සිතූ පැතූ සම්පත් වලින් ද පරිපූර්ණය. කිසි තැනක හිස් නැති අති පරිශුද්ධ පරිපූර්ණ ධර්මතාවයකි. එමනිසා මෛත්‍රීය බුද්ධ සාසනයේ පැවිදි වන අයට කිසිම අඩුවක් නම් නැත. උත්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය ද නැත. මේ හා සමාන කළ හැකි කිසිම වස්තුවක් නම් තවත් මේ ලෝකයේ පහළ වී නොමැත. බුද්ධ වචනය “අකාලිකෝ භගවතෝ ධම්ම” අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයෙන් තොරයි. එම දර්ශණය කකුසඳ, කෝනාගම, කාෂ්‍යප, ගෞතම, මෛත්‍රීය යන සියළුම බුදුවරු දේශණා කළ එකම ධර්මයයි.

ඔබ ද දිසාපාමොක් ආචාර්යවරයා ළඟට පැමිණ කැමති වරයක් ඉල්ලන්න. ඉගෙනගෙන සහතිකය අරගෙන ගොන් කරත්තය දක්කනවාද? නැතිනම් මෝක්ෂය කරා ගමන් කරනවාද? තම තමන්ගෙන්ම ප්‍රශ්ණ කළ යුතුව ඇත. මෙම ඉන්ද්‍රියයන්ගෙන් තවරා ගත් දැනුම හලන එකයි මෝක්ෂයට ඇති එකම මාර්ගය. අනාදිමත් කාලයක් සසර නොයෙක් දුක් කරදර විඳිමින් උත්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණයට ගොදුරු වෙමින් යන, මේ සසර සාගරයෙන් එතෙර වීමයි බුදුවරයෙක් පෙන්වා දෙන්නේ. එමනිසා සියළුම බුදුවරු නමස්කාර කරන්නේ “නමෝ විමුක්තානං නමෝ විමුක්තියා” ලෝකයේ අල්ල ගත්තු අයට නොව සියල්ලම අත්හැරපු අයට පමණි. ඔබ ද සිරිවරධන සිටානන්ගේ මාලිගාවට පැමිණ නොමිලයේ දෙන හඳුන් නලලේ ගාගන්න. හත් අවුරුද්දක හිසේ කැක්කුම අවසන් කරගන්න. මුළු ජීවිතයම සුවඳවත් කරගන්න. අනන්ත අප්‍රමාණ බුදුගුණ පොත් කෝටියක් ලීවද ලියා ඉවර කළ නොහැකිය. ධර්මය මහා සාගරයක් බඳුය. ගලන ගංගාවක් වැනිය. තමන්ගේ හදවතට අවංකව ධර්මයේ පිහිටන්න. ලෝකයේ කාට වසන් කළද තමන්ගේ හදවත තමයි තමන්ට ඇති එකම හර්ද සාක්ෂිය. මොන තරාතිරමක අයෙක් වුවද උත්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය ඉදිරියේ අන්ත අසරණය. මෙම ධර්ම හතරෙන් නිදහස් වීමට ඇති එකම මාර්ගය, බුදුවරයෙක් පෙන්වා දෙන සත්‍යය ගවේෂණය පමණි.

මාහට මෙම ලොකයේ හිමි බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් පමණි. මට හිමි එකම කළ්‍යාණ මිත්‍රයාද මෙම තථාගත දර්ශණය පමණි. එය දර්ශණයක් හැර පුද්ගලත්වයක් නොවනු ඇත. මම සමාජයේ සියළුම ලෞකික ධර්මයන් ප්‍රගුණ කර, එම සියළුම ධර්මයන්ගේ සාරය පරීක්ෂාකර, එම සියළුම ධර්මයන්ගෙන් නිදහස්ව, මෛත්‍රී තථාගත සම්මා සම්බුද්ධ සාසනයේ සසුන් ගත වූයෙමි. කකුසඳ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සාසනයේ සිට මෙම මෛත්‍රී තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සාසනය පහළවන තුරුම, නොයෙක් සත්ව සංතතිවල පහළ වෙමින්, උත්පත්තිය මරණයට ගොදුරු වෙමින් යන, මේ සසර සාගරයෙන් මේ ජීවිතයේම නිදහස් වීම පරම අධිෂ්ඨානයයි. සිදුහත් කුමාරයාට තරම් සැප සම්පත් මාහට නොතිබුන ද එතුමා දුටු සතර පෙරනිමිති මම ද දුටුවෙමි. එම නිසා උත්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය යන මේ සතර අපායෙන් මේ ජීවිතයේදීම නිදහස් වීම පිණිස අවුරුදු 29 දී මෛත්‍රීය බුද්ධ සාසනයේ පැවිදි වූයෙමි.

එදා සංකස්ස පුරයේදී ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේ මෛත්‍රීය බෝධිසත්වයෝ සසුන් ගත වූහ. එතුමා ගෞතම බුදුන් වහන්සේගේ පිරිනිවන් මංචකය ඉදිරියේ පොරොන්දු වූයේ ගෞතම සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් විරාජමානව ඉදිරි පරපුරට දායාද කරන බවටය. මෛත්‍රීය බෝධිසත්වයන් එම කාර්යය නොපිරිහෙලාම ජීවිතය පරදුවට තබමින් අකුරටම ඉෂ්ඨ සිද්ධ කළහ. එමනිසා මෛත්‍රී සම්බුද්ධ සාසනය පහළ වූහ. එසේනම් මා මෛත්‍රීය සම්බුද්ධ සාසනයේ සසුන් ගත වූයේ ද, එම පොරොන්දුව එම අයුරින්ම ඉෂ්ඨ සිද්ධ කිරීමටය. මාහට දැන් මේ ලෝකයේ කිසිම අඩුවක් නම් නැත. කිසිම හිඟයක් ද නැත. සිතූ පැතූ සියළුම සම්පත් වලින් පරිපූර්ණය. එය මෙම ශ්‍රේෂ්ඨ ධර්මයේ ස්වභාවයයි. ධර්මයෙන් අනූන වූ ඇත්තන්ට කිසිම ධර්මයක් අවශ්‍ය නොවනු ඇත. එය මෛත්‍රීය බුද්ධ සාසනයේ ස්වභාවයයි.

මාගේ එකම බලාපොරොත්තුව මෛත්‍රීය තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සාසනයේ උන්වහන්සේ ගෙනයන වැඩ පිළිවෙලට මුළු ජීවිත කාලයම කැපකිරීම පමණි. සහයෝගය දැක්වීම පමණි. මෛත්‍රීය බුද්ධ සාසනයේ පැවිදි වූ අයෙක් ඇත්නම් ඵ් සියළුම දෙනාගේ කැපවීම ඵ් සඳහා අවශ්‍ය වනු ඇත. වගකීමද එයම වනු ඇත. එකම කළ්‍යාණ මිත්‍ර සම්පත්තියක් එකම ධර්ම මණ්ඩපයකදී මෛත්‍රීය බුදුන් දැක එකම ධර්මයක් ලෝක සත්වයාට බෙදා දීම එකම පරමාර්ථයයි.
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
ගෞතම සම්බුද්ධ සාසනයේ අප්‍රමාද වූවෝ මෛත්‍රීය බුදුන් දකිත්මය.


කේතුමතී නමි රාජධානියේ බ්‍රහ්මවතී බමුණු බැමිණියන්ගේ දරුවෝ නා ගසක් යටදී ක්ෂිතිජය දැක සුඛපටිපදාවෙන් මාලිගාව පිටින් මෛත්‍රීය බුදුන් දකින්නාහ.

දුගී මගී සත්වයින්ට හා මහණ බමුණන්ට දන් දුන්නෝ ඒ මෛත්‍රීය සර්වඥයන් දකිත්මය.

පන්සිල් රක්ෂා කළෝ දකිත්මය.


පෙහෙවස් රක්ෂා කළෝ දකිත්මය.


බඹසර වස් රක්ෂා කළෝ දකිත්මය.


දාගැබී කරවූවෝ දකිත්මය.


බෝධි පිහිටවූවෝ දකිත්මය.


පුෂ්පාරාම එලාරාම කරවූවෝ දකිති,


ඒ දඩු තැනුවෝ දකිති.


ගොතටු කැඳ තැනවූවෝ දකිති.


අම්බලම් තැනවූවෝ දකිති.


මං හෙලිකරවූවෝ දකිති.


ධර්මශාලා භෝජන ශාලා කරවූවෝ දකිති.


ලිං තැනවූවෝ දකිති.


බුදු සසුන ඇති කරන්නට ඉවහල් වූවෝ දකිති.


ධර්ම කථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ දකිති.


ධර්මාසන සැරසුවෝ දකිති.


දන්ඩාසන කබලි බණ වසුන් දුන්නෝ දකිති.


විජිනිපත අතට ඔසවා දුන්නෝ දකිති.


බණ කියන ගෙයි වියන් බැන්දෝ දකිති.


වියනේ මලලුඹු දුන්නෝ දකිති.


රන් මල් රිදී මල් ආදිය පිදුවෝ දකිති.


සුවඳදුමි ලූවෝ දකිති.


බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිති.


බණට හඩ ගෑවෝ දකිති.


බණ කියන කළ සාදුකාර දුන්නෝ දකිති.


මේ සියලු වතාවත් කොට නිමවා බණ කියන්නන් ආචාර උපාචාරයෙන් වඩා ගෙනවුත් ධර්මාසනයෙහි හිඳුවා සකස් කොට පැවැත්වූවෝ ඒ මෛත්‍රීය සර්වඥයෝ දකිත්මය.


තවද, ආමිස දාන ධර්මදානාදියෙන් සංඝයා වහන්සේට පූජා සත්කාර කළෝ, ඒ මෛත්‍රිය බුදුන් දකිත්මය.


මවුන්ට උපස්ථාන කළෝ දකිති.


පියන්ට උපස්ථාන කළෝ දකිති.


කුලදෙටුවන්ට උපස්ථාන කළෝ දකිති,


ලා බත් පොහො බත් අවධි බත් දුන්නෝ දකිති.


දසපින් කිරිය වත් පිරුවෝ දකිති.


විහාරාරාම කරවූවෝ දකිති.


පිළිම ගෙවල් කරවූවෝ දකිති.


පිළිම කරවා ඇස් තැබුවෝ දකිති.


බණ පොත් ලියවා දුන්නෝ දකිති.


තවද ඒ මෛත්‍රී සර්වඥයින් වහන්සේ දකිම්වායි පතා යටත් පිරිසෙයින් එක මල් මිටක්, එක පහණක්, එක බත් ආලෝපයක් පමණ දුන්නෝ ද, ඒ මෛත්‍රී සර්වඥයෝ දකිත්මය.


අනුන් කළ පින සතුටුව අනුමෝදන්වූ වෝත්, ඒ මෛත්‍රීය සර්වඥයින් වහන්සේ දකිත්මය.


තවද, ඒ බුද්ධෝත්පාද කාලයෙහි උපදුමෝවයි පතා කුසල් කළ දිව්‍ය මනුෂ්‍යයෝ, ඒ මෛත්‍රීය සර්වඥයින් වහන්සේ දකිත්මය.


ඒ දිව්‍ය මනුෂ්‍යයෝ මෛත්‍රීය සර්වඥයින් වහන්සේගේ ධර්මය අසා මාර්ග ඵලයකට පැමිණෙන්නාහුය.


එසේ හෙයින් නුවණැත්තාවූ පංච ශීල, අට ශීල, දස ශීල ,කෝටියක් සංවර ශීල ආදී වශයෙන් සීල ආරක්ෂා කෙරෙමින් උතුම් වූ බඹසර වස් රක්ෂා කරවි.


දන් දුන්නාවූ සත්වයෝ බොහෝ ජනයන්ට ප්‍රියවන්නාහ.


ඔහු බොහෝ ජනයෝ භජනය කෙරෙති.


කීර්තියටත් පැමිණෙන්නාහ.


ඔහුගේ යසසත් වැඩෙන්නේය.


මෙම සියලු ධර්ම වලින් එක යම් ධර්මයක් ප්‍රගුණකර ඇත්තේ ද, ඒ සියලුම සත්වයෝ මෛත්‍රිය බුදුන් දකිත්මය.


මීට අවුරුදු 2550 කට පෙර ගෞතම සම්මා සම්බුදු රජාණන් විසින් දේශනාකළ ඒ සාක්‍යසිංහ ධර්මය මෛත්‍රීය තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන වගයි. මෙම අති සූක්ෂම දුර්ලභ දායාදය නිරන්තරයෙන්ම මෙම විශ්ව ධාතුව තුළ ක්‍රියාත්මක වනු ඇත. එමනිසා බොරු කරල, වංචාවල් කරල, හදවතට විරුද්ධව වැඩ කරල, කවදාවත් මෙම ධර්ම දැකිය නොහැකිය. එම ධර්මය දකින තුරුම හදවතට අවංකව තම ජීවිතය පරදුවට තබමින් ධර්මය වෙනුවෙන් තම ජීවිතය කැපකළ යුතුය. නමුත් ඒ කොපමණ කැපකිරීම් කළ ද, ඒ ශ්‍රේෂ්ඨ ධර්මයට සියලු සත්වයාම ණයගැතිය.


මෙම ලිපියෙහි පෙලගස්වා ඇත්තේ සමාජයේ භාවිත කරන වචන රාශියක් පමණි. බුදුවරයෙක් ලෝකයේ පහළවී, පෙන්වා දෙන ඒ දර්ශණය වචන වලින් ප්‍රකාශ කිරීම හෝ වචන වලින් ලියා පෙන්විය නොහැකිය. නමුත් එහි අර්ථය තමා තුළින් දැකිය හැකිවනු ඇත. එවිට ඒ සෑම කෙනෙකුගේම හදවත් වල මෙම ලිපිය රැවි පිළිරැවි දෙනු නිසැකය. මෙහි ලියන ලද දෙයක් හෝ ලියන ලද කෙනෙක් නැති බව වචන වලින් තොරව දකිනු ඇත. එවිට බුදුවරයෙක් ලොව පහලවී ඇති බව තමන්ටම පැහැදිලිව පෙනෙනු ඇත. සියලු තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේලා, සෑම අයෙකුගේම බුද්ධත්වයකට ප්‍රමාදයකින් තොරව උදවි උපකාර කරනු ඇත. මමත්වයෙන් තොරවන විට, ඒ අනුව ක්‍රියාකරන විට, තමා තුළ බුදුන් වැඩ සිටින බව තමන්ටම පැහැදිළිව වචන වලින් තොරව දැකිය හැකිය. මෙහි නිරන්තරයෙන්ම කී්‍රයාත්මක වනුයේ හේතුවට අනුව නිර්මාණය වූ එලයක් මිස සත්ව පුදගල ක්‍රියාවක් නොවනු ඇත. ලෝකයේ ඇති අධිකම වේගය නතර වීමයි. මේතථාගත දර්ශණය පෙන්වනවා නම් මේ ලෝකයේ සාමය ඇතිවනවාමයි. උත්පත්තිය , මරණය ජය ගන්න ඔිනය කියා සිතන අයගෙන් කවදාවත් ලෝකයට අවැඩක් කිසි විටෙක සිදු නොවනු ඇත. ධර්මයේ සිටින අය ධර්මය තුළින්ම ආරක්ෂා කෙරෙනු ඇත.

ඔබ ආර්ය පර්යේෂණය කළ අයෙක් නම්, සත්‍ය ගවේශණය කළ අයෙක් නම්,

ඔබටයි

මේ
ලෝකයේ ඇති උතුම්ම පෙනීම දර්ශණයයි
ලෝකයේ ඇති උතුම්ම ශබිදය නිශ්ෂබිදතාවයයි
ලෝකයේ ඇති උතුම්ම සුවඳ දහමි සුවඳයි
ලෝකයේ ඇති උතුම්ම රසය අමා රසයයි
ලෝකයේ ඇති උතුම්ම ස්පර්ශය බුද්ධ ස්පර්ශයයි
ලෝකයේ ඇති උතුම්ම මනස එයින් නිදහස් වීමයි

මුදුන් මල් කඩක් බඳු මෙම තථාගත දර්ශණය මුළු ලෝක සත්වයාටම පැතිරේවා. “චක්කු මං තානි රූපානි දක්කින්තීථී” ඇස් ඇත්තෝ ඥාණවන්තයෝ මේ තථාගත දර්ශණය දකිත්වා !!

අවුරුදු 2550 ක් කාලයේ වැලිතලාවෙන් නිධන්ගත වූ “කිං සචිචං ගවේසී”...!!! ඒ පිරිසිඳු තථාගත දර්ශණය නැවතත් මේ විශ්වයට නිර්භයවම දායාද කළ මෛත්‍රීය බුදුහිමියන්ගේ හතලිස් වන ජන්ම දිනය මෙසේ ගෞරවයෙන් සනිටුහන් කර තබමි.


කළකිනි බුදුකෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
මෙ දෙකිනි මෙ සසර දුක් දුරලන්නේ
සුදනෙනි, කිම? වීරිය නොකරන්නේ

ඔන්න ඔහොමයි මෛත්‍රීය බුද්ධ සාසනයේ ශ්‍රාවකයෙක් සටහන් තබල තිබ්බේ...

:yes::yes::yes:
:lol:
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
[විහිළුවට නෙවෙයි කියන්නේ, මෛත්‍රී බුදුහාමුදුරුවෝන්ගේ බණ නම් පට්ට]
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ලෝකයේ ඇති උතුම්ම පෙනීම දර්ශණයයි
ලෝකයේ ඇති උතුම්ම ශබිදය නිශ්ෂබිදතාවයයි
ලෝකයේ ඇති උතුම්ම සුවඳ දහමි සුවඳයි
ලෝකයේ ඇති උතුම්ම රසය අමා රසයයි
ලෝකයේ ඇති උතුම්ම ස්පර්ශය බුද්ධ ස්පර්ශයයි
ලෝකයේ ඇති උතුම්ම මනස එයින් නිදහස් වීමයි...
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඇයි බන් තවත් මේ විහිලු? දෙය්යනේ කියල පිනක් දහමක් කරල නිවනම ප්‍රාර්ථනා කරලා දාන මාන දීල පුලුවන් විදියට පාරමිතා පිරුවම වැඩි අමාරුවක් නැතිව ඇත්තම මෛත්‍රී බුදුන් දකින්න පුලුවන්..

    Maithree%20Budun%20Wahanse.jpg