මෙන්න! හමුවන්න! සමුදුර ගැන කියා දෙන්න ලොවප&#35

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මෙන්න! හමුවන්න! සමුදුර ගැන කියා දෙන්න ලොවප&#35

    මෙන්න! හමුවන්න! සමුදුර ගැන කියා දෙන්න ලොවපුරා යන දිය කිඳුරිය!





    මෝරුන්, ලොඩියන් ආදී මුහුදු ජීවීන් සමග මුහුද යට පිහිනමින් යන ඇය සැබෑ දිය කිඳුරියක් වගේමයි. ඇයට හුස්ම අල්ලා ගෙන, අපහසුවක් නැතුව, අඩි 115ක් මුහුද යට මිනිත්තු පහක් විතර රෑඳී ඉන්න පුළුවන්.

    ඇය නමින් ලින්ඩෙන් වොල්බර්ට්. ඇගේ අඩි 6ක් දිග වලිගයත් සමග, පූර්ණ කාලීන වෘත්තීය දිය කිඳුරියක් ලෙස ලොවපුරා සැරිසරනවා. ඇය ඒ සංචාරවලදී සාගර සංරක්ෂණය හා අධ්‍යාපනය පිළිබඳ වැඩ සටහන්වලට සහභාගි වීමට නියමිතයි.

    දැනට 32 හැවිරිදි ඇය දැන් නිදහස් කිමිදුම් කාරියක්. ඒ වගේම මෝස්තර නිරූපිකාවක්. ඇගේ දිවියේ එකම ප‍්‍රාර්ථනය සිය හැකියාවන් යොදවා සාගරය හා එහි ජීවීන් රැක ගැනීම සඳහා ලෝකවාසීන් උනන්දු කරවීමයි.

    ඇය ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේ පදිංචිකාරියක්. ”මම හැදුණෙ වතුරෙන් උපන් දරුවෙක් ගානයි. මගේ මාපිය දෙදෙනාම පිහිනුම් තරඟවලින් දිනපු දක්ෂ පිහිනුම්කරුවන්.”

    ”මං හැම ගිම්හාන නිවාඩුවකට ම මුහුදේ පීනන්න ගියා. මං වතුරට ඇදිලා ගියේ කාන්දමක් වගෙයි. නිදහස් කිමිදුම්කරුවකු ලෙස ඒ කී‍්‍රඩාවට එක් වුණේ වසර දහයකට ඉස්සරයි. ඒ දවස්වල ඉඳලම පුහුණු වීම් පටන් ගත්තා.”

    ”නිදහස් කිමිදුම් කී‍්‍රඩාව සියයට 70ක් මනෝවිද්‍යාත්මකයි. වතුරේ කිමිදෙන කොට සිත සන්සුන්ව තියා ගන්න ඕනෑ. සාර්ථකව ඒ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.”


    4.JPG

    සැබෑ දිය කිඳුරියක වූ 32 හැවිරිදි ලින්ඩෙන් වොල්බර්ට් ඇය වෙනුවෙන් ම විශේෂයෙන් නිමැවූ කිඳුරු වල්ගය සමග පාල ඕ දුපතේ පිහිටි ජෙලිෆිෂ් විලේ පිහිනූ අයුරු.


    ලින්ඩෙන් හැමදාම සිහින මැව්වේ දිය කිඳුරියක් වීමටයි. ඇය කුඩා කල දුටු ‘ලිට්ල් මර්මේඞ්’ හා ‘ස්ප්ලැෂ්’ නම් චිත‍්‍රපටවලින් තමයි, ඇය එහෙම හිතුණේ. ඒ සිහිනය සැබෑ කර ගැනීමට ඇයට උදවු වුණේ ඇලන් හෝල්ට්. ඔහු හොලිවුඞ් පුරයේ ඉන්නා සිනමා විශේෂ ප‍්‍රයෝග ශිල්පියෙක්.

    සැබෑ දිය කිඳුරියක් වීමට උපකාර වූ මේ වල්ගය තනන්න ඔවුන් දෙදෙනාට මාසයක් විතර ගත වුණා. ලින්ඩෙන්ගේ සිරුරේ හැඩය අනුව තැනූ ෆයිබර් ග්ලාස් අච්චුවකින් තමයි, මේ වල්ගය නිර්මාණය කළේ. ඊට යොදා ගත්තේ උසස් තත්වයේ සිලිකෝන්. ඉතා හොඳින් ජලයේ හැසිරවිය හැකි වන විදියටයි, මෙය තැන්වේ. මේ වල්ගය බරින් රාත්තල් 35ක්.

    ලොකු වෙහෙසක් ගෙන දහස් ගණනක් මාලූ කොරපොතු එකින් එක ඇලෙව්වා මැටිවලින් තැනූ වල්ගයේ අනුරුවට. ඊට පස්සෙ ඒකෙන් තමයි, ෆයිබර් ග්ලාස් අච්චුව තැනුවේ. ඒ අවසාන අච්චුවට තමයි සිලිකෝන් දියරය නික්ෂේපණය කළේ.

    මේ කටයුත්තට ඔවුන්ට පවුම් 10,000ක් විතර වැය වුණා.

    ලින්ඩෙන් ඇගේ සිහිනය සැබෑ වූ හැටි කියන්නේ මෙහෙමයි; ”යාළුවෙක් මාව අඳුන්නල දුන්නා ඇලන්ට. ඔහුට අවශ්‍ය වෙලා තිබුණා, දිය යට දර්ශන රැගත් මියුසික් වීඩියෝවකට සංගීතය සපයන්න මගෙන් උපදෙස් ලබා ගන්න. ඒ සාකච්ඡාවෙදි තමයි, මගේ හිතේ තිබුණු අදහස මම ඇලන්ට කීවේ. මට ඒක කොහොම පටන් ගන්න ඕනැද කියලවත් හැඟීමක් තිබුණේ නෑ.”

    ඇලන් කීවා කෙළින් ම මට උදවු කළ හැකියි කියා.

    ”අපි වියදම් ඇස්තමේන්තුවක් හැදුවා. අවසානයේ දී ඊට වැඩි වියදමක් ගියා. මේ අපූරු වල්ගය යොදා ගෙන දිය කිඳුරියක් සේ මා පිහිනන හැටි බලන්න මගේ පවුලේ අයත් යාළු මිත‍්‍රයෝත් ආවා. මට හරිම සතුටුයි ඒ ආරම්භක මොහොතේ මට සිනාව නවත්තා ගන්න බැරි වුණා. මගේ ඇස් මට අදහා ගන්න බැරිවුණා.” ඇය කියනවා.

    සති දෙකකටයි ඇය පාල ඕ දුපත ගියේ. එහි ජෙලිෆිෂ් විලේ දී ගත් පින්තූර ඉතාමත් සිත් ගන්නාසුලූයි. වසර 12,000ක් පැරණි මේ විල කලින් පැසිෆික් සාගරයට කලින් සම්බන්ධව තිබුණත් දැන් වෙන්වෙලා තියෙන නිසා ලොඩියන්ට මුහුදු සතුරු විලෝපිකයන් එහි එන්නට බැහැ. ඒ නිසා ඒ විලේ අති විශාල ලොඩියන් ගහණයක් ඉන්නවා. ඔවුන් අතර කිසි බයක් නැතිව පිහිනන්න පුළුවන්. එහි කලක් තිස්සේ සතුරන් නොවූ නිසා පරිණාමය අනුව සතුරන් පහරදීමට ඔවුන් වෙත වූ විෂ දළ දැන් අහෝසි වී ගියින්.

    මේ විල කිමිදෙන්නන් අතර හරිම ජනපි‍්‍රය තැනක්. වැඩි දෙනෙක් එහි කිමිදුණේ දිය යට දී හුස්ම ගැනීම පහසු කරන ස්නෝකල් බට භාවිත කරමිනුයි. ඇයට කිසිවක් අවශ්‍ය වුණේ නෑ. ඇය දිය යට නිදහසේ දිය කිඳුරියක් සේ කිමිදෙනු දුටු හැමෝම පුදුම වුණා.

    ”මං කිමිදෙනවා දුටු එක් අයෙක් මං ළඟට ඇවිත් ඇහුවා, එයාගේ බිරිඳ ඡායාරූප ශිල්පිණියක්. එයා කැමතියි කියල මං පිහිනන පින්තූර ටිකක් ගන්න කියලා. මං ඒකට කැමති වුණා.” ලින්ඩෙන් කීවා.

    මේ පින්තූර ගත්තේ ඇයයි. ඇය කිමිදුම්කාරියක හා දියයට ඡායාරූප ශිල්පිණියක වූ වෙන්ඩි කැපිලිවිල්කි. ඒ දුපතේ ම වාසය කරන කෙනෙක්.




    5.jpg


    ලින්ඩෙන් සිය අඩි 6ක් දිග කිඳුරු වල්ගය සමග මෝර තල්මසකු සමග පිහිනා ගිය අයුරු. මේ වල්ගය ඇය වෙනුවෙන් ම විශේෂයෙන් ම නිර්මාණය කර දුන්නේ හොලිවුඞ් නිර්මාණකරුවෙක්.


    ”දියයට කිමිදෙද්දී මුහුදු සතුන් මං ගැන උනන්දුවක් දක්වනවා. මා දිහාවට පිහිනා ගෙන එනවා. අනිත් කිමිදුම්කරුවන් වගේ මං දියේ වා බුබුළු පිට කරන්නේ නැති නිසා ළඟටම ඇවිත් මා පරීක්ෂා කර යනවා.” ඇය කියනවා.

    කිමිදීම හැරුණු විට ලින්ඩෙන් සිනමාකරණය ගැනත් දන්නවා. ඇයට ඒ සඳහා උපාධියක් තියෙනවා. ඇය දැනටමත් ළමයින් සඳහා ‘දිය කිඳුරි මිනිත්තුව’ යන අරුත් ඇති ‘මර්මේඞ් මිනිට්’ (Mermaid Minute) නමින් අධ්‍යාපනික කෙටි චිත‍්‍රපට මාලාවක් අන්තර් ජාලයට එක්කර තියෙනවා.

    ඇය මේ වන විට ‘මේක් අ විෂ් ෆවුන්ඬේෂන්’ (Make A Wish Foundation), ‘රීෆ් චෙක් වර්ල්ඞ් වයිඞ්’ (Reef Check Worldwide) ඇතුළු ලාබ නොලබන හා සමාජ සේවා ආයතනවලට ඇගේ සේවය ලබා දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා.



    6.jpg

    කුඩා කල දුටු ‘ලිට්ල් මර්මේඞ්’ හා ‘ස්ප්ලැෂ්’ නම් චිත‍්‍රපට දුටු ඇය එදා සිට ම සිහින මැව්වේ දිය කිඳුරියක් වීමටයි. හොලිවුඞ් පුරයේ ඉන්නා සිනමා විශේෂ ප‍්‍රයෝග ශිල්පියකු වූ ඇලන් හෝල්ට් තමයි මේ ඒ සිහිනය සැබෑ කර ගැනීමට උදවු වූයේ.​


    අය ජීවත්වන ලොස් ඇන්ජලීස් නගරයේ (හොලිවුඞ් පුරයේ) නිසා හොලිවුඞ් නළු නිළියන්ගේ සාදවලට ඇගේ සේවය ලබා දෙනවා. වෘත්තීය දියකිඳුරියක් ලෙස ඇයගේ සේවය උත්සවවලට හා පාටිවලට ලබා දෙන්න ඇය දැන් සූදානමි.


    7.jpg


    පලා ඕ දුපත්වලට අයත් රොක් දුපත අසල මුහුදේ ලින්ඩෙන් සැබෑ දිය කිඳුරියක සේ දිය යටින් පිහිනා ගිය අයුරු.


    8.jpg


    ලින්ඩෙන්ට දිය යට මිනිත්තු පහකට ආසන්න කාලයක් හුස්ම අල්ලා ගෙන ඉන්න පුළුවන්. පිහිනුම් කට්ටල ඇඳ ගෙන පිහිනන කිමිදුම්කරුවන් මෙන් බුබුළු දැමීමක් ඇය පිහිනද්දී සිදු වන්නේ නැහැ. ඒ නිසා දියයට වෙසෙන සතුන් ඇයට බිය වී පලා යන්නේ නැහැ. උන් කෙළින් ම ඇය දෙසට පිහිනා ගෙන එනවා.


    9.jpg


    මේ ලින්ඩෙන් දිය කිඳුරිය පිහිනන්නේ ජෙලි ෆිෂ් විලෙහියි. එය කලක් යාව තිබුණ පැසිෆික් සාගරයෙන් වෙන් ව ඇති නිසා එහි ඇති ලොඩියන් (ජෙලි ෆිෂ්) ගේ ගහණය විලෝපිකයන්ගෙන් බාධාවක් නැති නිසා වැඩි වී තියෙනවා.​


    10.jpg

    මේ ලින්ඩෙන් පාවෙන්නේ පාල ඕ දුපතේ පිහිටි ජෙලිෆිෂ් විලෙහියි. මේ විල වසර 12,000ක් පැරණි එකක්. මෙහි ලොඩියන්ගේ (ජෙලිෆිෂ්) විෂ රහිත බව නිසා මෙහි පිහිනීම ඉතා ආරක්ෂිතයි.​


    11.jpg

    ”මං හරිම ආසයි වතුරේ දී දැනෙන නිදහසට හා සැහැල්ලූ බවට.” ලින්ඩෙන් කියනවා.​


    12.jpg



    ”මං මෝරුන් එක්කත් පිහිනනවා. මගේ වල්ගයත් එක්ක ගත්තාම ඔවුන් බොහොම දෙනකුට වඩා දිගින් වැඩියි. මං මෝරුත් එකක පිහිනන එය පිස්සු වැඩක් කියල කියනව ඇති. ඒත් බය වෙන්න එපා ඒ වගේ වෙලාවට මගේ ආරක්ෂාවට මාත් එක්ක දක්ෂ පිරිසක් මා වට කර ගෙන යනවා.”​


    14.JPG


    ලින්ඩෙන් ඇයට උපකාර කළ ඇලන් හෝල්ට් සමග දියකිඳුරු වලිගය නිර්මාණය කළ අයුරු. මේ සඳහා මාස කීපයක් ගත වුණා. මුලින්ම ඇගේ සිරුරේ ෆයිබර් ග්ලාස් අච්චුවක් හැදුවා. ඒක උසස් තත්වයේ සිලිකෝන් ද්‍රව්‍ය ඇතුළු කිරීමෙන් තමයි වලිගය වාත්තු කර ගත්තේ. වලිගය ජලයේ පහසුවෙන් හැසිර විය හැකි වූයේ ඒ නිසයි.​



    15.JPG



    මේ 32 හැවිරිදි නිදහස් කිමිදුම්කාරිය කියන්නේ ඇයට අඩි 115ක් යට කිමිදෙන්න පුළුවන් කියලයි. ඇය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කුසලතා යොදා ගෙන සාගර සංරක්ෂණය ගැන කියා දෙන්නයි.


    16.JPG


    17.JPG



    පූර්ණ කාලීන දියකිඳුරියක් ලෙස ලින්ඩෙන් වොල්බර්ට් දැන් ලෝකයට සාගර සංරක්ෂණය ගැන කියා දෙන්නයි හදන්නේ.





    Rep නොදුන්නට කමක් නෑ දැකපු නැති යාලුවෙක්ට දකින්න Bump කරලා යන්න. .


    මේ ලිපිය උපුටා ගැනීමකි-:අන්තර්ජාලය ඇසුරෙනි