මෙන්න_මැච්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    විස්සයි20 තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් වාර්තා කළ ජයග්‍රහණයට හිමිකම් කීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (16දා) සමත්වූයේය.

    ඒ නවසීලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර නවසීලන්තයේ ඊඩ්න් පාක් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගනිමිනි.

    තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 243/6ක් රැස්කළේය.

    එම ඉලක්කය පන්දුවාර 18.5කදී කඩුලු 5ක් පමණක් වැයකරමින් ලකුණු 245ක් රැස්කරමින් ඉලක්කය පසුකර ගියේය.

    නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මාටින් ගප්තිල් (105 (පන්දු 54)), කොලින් මුන්රෝ (76 (පන්දු 34) පළමු කඩුල්ලට ලකුණු 132ක සබඳතාවක් පැවැත්වූයේ පන්දුවාර 10.4කදීය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන්ද ඩේවිඩ් වෝනර් (59 (පන්දු 24)) හා ඩී.ජේ.එම්. ශෝට් (76 (පන්දු 44) පළමු කඩුල්ලට පන්දුවාර 8.1කදී ලකුණු 121ක සබඳතාවක් පවත්වමින් ඔස්ට්‍රේලියාවට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අඩිතාලම දැමීය.

    තරගයේදී හයේ පහර 32ක් එල්ල වී තිබේ.




     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    download (10).jpg

    download (8).jpg

     
    Last edited: