මෙම ගීතය අසා තිබේද ?

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මෙම ගීතය අසා තිබේද ?

    මෙම ගීතය අසා තිබේද ? - අර්ථ රසය දැනගන්න පොස්ටුවම කියවන්න :yes:

    අතීතය සිහිනයක් පමණයි - සැබෑ සුවඳක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැඳුනානම් - මෙදා වියොවක් නෑ..

    තැනූ මන්දිර බිඳී වැටුනත් - නෙතේ කඳුලක් නෑ..
    හිනහ වෙන්නට වරම් නොලදත් - හිතේ කිලුටක් නෑ..

    සොබහ දහමට නොවන අවනත - ලොවේ කිසිවක් නෑ..
    ලොවේ පැරදුම මිසක කිසිදා - ලැබූ දිනුමක් නෑ..

    මෙම ගීතය ඔබ අසා ඇතිවාට කිසිම සැකයක් නැත. එනමුදු බහුතරක් සිතන්නේ මෙය ප්‍රේම වෘතාන්ත ගීතයක් ලෙස හෝ විරහා ගීයක් ලෙසින්. සැබවින්ම මෙය ප්‍රේම ජවනිකාවක්වත්, විරහා ගීයක් වත් නොවේ. මෙය තනිකරම අධ්‍යාත්මයට සම්බන්ධ ගීතයක්.

    අතීතය සිහිනයක් පමණයි - සැබෑ සුවඳක් නෑ..
    සම්මා සම්බුදුන් ලොව පහලව දෙසුවේ "අතීතයට ගිය දේ ගැන පසුතැවිලි නොවී වර්තමානයේ නොඇලී නොගැටී ජීවත්වෙන්න දක්‍ෂවෙන්න" කියාය. අතීතය සිහිනයක් පමණයි... සැබෑ සුවඳක් නෑ.. පද පේලියෙන් එක මොනවට සනාථ වේ. අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් තව තවත් අකුසල්මයි සිදුවන්නේ. එනිසා ඔබ දක්‍ෂවෙන්න, හැකිතාක්‌ කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත්කොට දමන්න. ගීතයෙන් ද්වංගව දෙන පණිවිඩය එයයි.

    එදා සෙනෙහෙන් නොබැඳුනානම් - මෙදා වියොවක් නෑ..
    පෙර කර්ම විපාක ලෙස වර්තමානයේ ඵල දෙන බව අසා ඇත, පෙර කළ බැඳීම් වලින් තර කරගත් කර්මයන් විපාක වශයෙන් අද අපට විඳින්නට සිදුව ඇත. පෙර කළ රජත කර්ම විපාක වශයෙන් ඵල දීමේදී දුක් වශයෙන් ගෙවීමට සිදුවන බව අමතක නොකරන්න. සම්මුතියේ දුක් විපාක මෙන්ම සැප යැයි කියාගන්නා විපාක වලද අතුරු ඵලය දුකක්ම මිස නිත්‍ය සැපතක් ගෙන නොදෙයි. එදා මේ ලෞකික බැඳීම් වලට නොබැඳි සිටියානම් අද දුකක් කොහෙන්ද ?

    තැනූ මන්දිර බිඳී වැටුනත් - නෙතේ කඳුලක් නෑ..
    ඇලීම ගැටීම දුරු කළ තෙමේ අටලෝ දහමෙහි කම්පා නොවෙති. ඉන්ද්‍රඛිලයක් මෙන් නොසැලී සිටිති. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක කෙරෙහි මැදිහත් සිතින් අලිමකින් හෝ ගැටීමකින් තොරව සිටි. ඔහුනට අඬන්නට හේතු නැත.

    හිනහ වෙන්නට වරම් නොලදත් - හිතේ කිලුටක් නෑ..
    එවැනි උත්තමයන් හට කිනම් ව්‍යසනයකදී වුවද, හිඟන්නෙක් වුවද සිත ප්‍රභාශ්වරය. ප්‍රභාෂ්වර සිතේ කවර කිලුටක්ද ?

    සොබහ දහමට නොවන අවනත - ලොවේ කිසිවක් නෑ..
    ලෞකික ලෝකයේ අනිත්‍ය ස්වභාවය කා හටත් පොදුය. තමන්ට රිසි සේ කිසිවත් ලෞකික ලෝකයේ සිදු නොවෙති, "යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං" එනම් තමන් කැමති පරිදි යමක් සිදු නොවේද එය දුකකි.

    ලොවේ පැරදුම මිසක කිසිදා - ලැබූ දිනුමක් නෑ..
    ලෞකික ලෝකයේ සැප වෙශයෙන්ම පැමිණෙන්නේ දුකකි. එනම් ලෞකිකයේ අපි ජයගත්තා යැයි පැවසුවද එහි සැබෑ දිනුමක් සැබෑවටම නැත. එය දිනුමක් ලෙස පෙනෙන්නේ මෝහ අන්ධකාරය තමන්ව වෙලාගෙන සිටින තාක් කල් පමණි.

    නුවණැත්තෝ උකහගනිත්වා :cool: විමසුම පිටපත - දිනේෂ් සුරංග

    මූණ පොතේ "සාධාරණ සමාජ ජනමතය" හා එක්වන්න ඔබටත් ඇරයුම් https://www.facebook.com/groups/justice.lk/
    :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: vdilshan

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ගීතයට දී ඇති අර්තකතනය හොදයි..නමුත් මගේ පවුද්ගලික මතය නම්..මෙහි රචකයා මෙම අර්තයෙන් නොව මෙහි සරල තේරුම උදෙසා ගීතය රචනා කර ඇති බවයි...

    මක් නිසාද යත් සාමාන්යෙන් ලොව්තුරු සුවය ව්‍යන්ගාර්තයෙන් වර්නනා කරන ගීත්යන්හී අඩුම තරමින් බෞද්ධ දර්ශනයට සම්බන්ද එක වචනයක් හෝ අන්තර්ගත වන බැවිනි...

    එම නිසා මට හිතෙන්නේ මෙය පෙම්වතිය හැරගිය පෙම්වතෙකුගේ ශෝකය පල කරන ගීතයක් බවයි...රචකයා මේ පිලිබ්ද යම් හැදින්වීමක් කොහේ හෝ කර ඇත්නම්,,ඒ අනුව මා වැරදි නම් ,නිවැරදිකරත්වා...
     
    මේක ලිව්වේ එනම් පදරචනය කරන ලද්දේ පල්ලේගම හේමරතන හිමි විසින්.ප්‍රේමය හිතේ තියාගෙන ලියපු එකක් නෙමෙයි