මෙයට ඔබේ ආදර සිරියාවතී…

Apr 27, 2010
44
6
0
මෙයට ඔබේ ආදර සිරියාවතී…

Embrace-Aka-Lovers-II.jpg


අපේ මහත්තය කලෙකින් දැක්කේ

කවද්ද ආවේ ගම පැත්තේ

යාලුව ආවා අද හැන්දෑවේ

හදිස්සියෙන් ආයෙමත් ගියා


ජිවත් වෙන්නට මේවා කෙරුවට

දරුවන්ටත් නෑ යා දෙන්නේ

නැතිබැරි කමටයි මේක කරන්නේ

හොඳ බඩු විතරයි විකුනන්නේ


පව් පුරවාගෙන ජීවත්වුනාට

ඊයේ දානෙට මාත් ගියා

හාමුදුරුවො ලඟටම ඇවිදින්

බන අහන්න එන්නට කීවා.


සෝමේ මැරිලා අවුරුද්දයි

සිරිල් ගෙනුත් ලමයෙක් ලැබුනා

දරුවන් හතරක් කොහොම හදන්නද

අම්මත් අප්පත් ලෙඩගානේ


දරුවන්ටත් දැන් තේරුං යනවා

රෑ ජාමෙත් නැගිටල ඉන්නේ

මහත්තයා මගෙ හිතවාවන් නෑ

ඔයාට මං හරි ආදරේ


මේ පව්කාරිව බලන්න ආවට

මහත්තයට හරි පින් අත්වේ.

කුමාරියක් කරකාර බැඳගන්න

අනේ එපා අයෙත් එන්න.
 
Last edited:
Apr 27, 2010
44
6
0
ඔව් බං කසිප්පු විකුනන ගෑනු ලව් කරාට එහෙමට රහක් නෑ තමයි....අනික මේක කතාවක් නෙ බං...