මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළගොස් තිබේ.

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළගොස් තිබේ.

    අද (09) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000ක් ලෙසටය.

    එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 134,000ක් ලෙසයි.

    මෙම මස ආරම්භයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 184,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 170,000 ක් ලෙස සටහන්ව තිබුණි.

    මෙම වසරේ මේ දක්වා රන් මිලේ ඉහළම අගය වාර්තා වූයේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී වාර්තා විය.

    රන් මිලේ ඉහළම අගයක් ලෙස වාර්තා වූ එය සටහන් වුයේ කැරට් 24 ක රන් පවුමක් 193,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 178,500 ක් ලෙසත්ය.

    - https://sinhala.adaderana.lk/news/179316