මෙරට සෑම පස්දෙනකුගෙන් අයකුට තමන්ගේම වාහන
මෙරට සෑම පස්දෙනකුගෙන් අයකුට තමන්ගේම වාහනයක් තිබෙනවා
වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ආනයනය සීමා නොකළොත් වසරකින් අධික වාහන තදබදයක්
තෙල් ආනයනයට වැයකරන මුදල මිලියන 38031කින් ඉහළ ගිහින්
ශ්‍රී ලංකාවේ සෑම පස්දෙනකුගෙන් එක් අයකුට වාහනයක් තිබෙන පරිදි වාහන භාවිතය ඉහළ ගොස් ඇති බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
වාහන ආනයන බදු ඉහළ දැමීමට රජය පියවර ගත්තේ වාහන ආනයනය සීමා කරනු පිණිස බව කියන ඇමැතිවරයා එසේ නොකළේ නම් තව වසරකින් මාර්ගවල අධික රථවාහන තදබදයක් ඇතිවන බව කියයි. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (5) එක්වෙමිනි.
වර්ෂ 2009 වන විට 211679 ක්ව පැවැති වාහන ආනයනය 2011 වන විට 523963 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්ධන පාරිභෝජනය මෙට්‍රික් ටොන් 2086 සිට 2300 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
බොර තෙල් ආනයනය සඳහා වැය කරන ලද මුදලද රුපියල් මිලියන 111715 සිට 149746 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
2009 වසරේ 3421 ක්ව පැවැති මෝටර් කාර් ආනයනය 2011 වන විට 54285 දක්වා ඉහළ ගොස් ඇත. ත්‍රිරෝද රථ ආනයනය 34563 සිට 137816 දක්වාත් යතුරු පැදි ආනයනය 139000 සිට 252318 දක්වාත් ඉහළ ගොස් තිබේ. රජය 2009 වසරේදී වාහන ආනයන බදු පහළ දමන්නට තීරණය කළේ වසර තිහක් තිස්සේ යුද්ධයෙන් පීඩාවට පත් ව සිටි ජනතාවට නිදහසක් ලබා දීම සඳහා බවත් එම නිදහසින් ජනතාව නිසි ලෙස ප්‍රයෝජන ගත් නිසා මෙසේ වාහන ආනයනය ඉහළ ගිය බවත් ඇමැතිවරයා කීවේය. පසුගිය වසර හා සැසඳීමේදී සහල් මිල සියයට 10 කින්, ධාන්‍ය මිල සියයට 3 කින්, සීනි මිල සියයට 3 කින්, පරිප්පු මිල සියයට 30 කින්, බිත්තර මිල සියයට 35 කින්,පොල් සියයට 31 කින්, එළවළු මිල සියයට 51 කින් පහළ වැටී ඇති බව ඇමැතිවරයා පැවසිය. 2009 වසරේදී වාහන බදු අඩු කරද්දී කිසිවෙකු ඒ ගැන කතා නොකළ බව පැවසු ඒ මහතා යම් දෙයක් වැඩි කරද්දී සේම අඩු කරද්දීද ඒ පිළිබඳ කතා කරන ලෙස ඉල්ලා සිටියේය. ජාතිය ගොඩ නැගීමේ බදු පනත ඇතුළු ජනතාවට බලපාන බදු පනත් 05 ක් පසුගියදා සංශෝධනය කළ බවත්, ඒ මගින් ජනතාවට වැඩි වාසි ලැබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
බියර්, සිගරට්, දුම්කොළ මිල වැඩි කරද්දී විපක්ෂයට ඒ ගැන උද්ඝෝෂණ කිරීමට නොහැකි හෙයින් ජනතාව මුලා කිරීමට වාහන ගැන කතා කිරීමට පටන්ගෙන ඇති බව අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.