මෙරට 140,000 කට කොරෝනා

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙරට 140,000 කට කොරෝනා

    මෙරට එක්ලක්‍ෂ හතලිස් දහසක් කොරෝනා වැලදීමේ දැඩි අවදානමක…

    මෙරට වතු ආශ්‍රිතව සේවය කරන 140,000 පමණ පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වීමේ දැඩි අවධානමකට ලක්ව ඇති බව ලංකා වතු සේවක සංගමය සදහන් කරයි.

    එහි ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා විසින් පෙන්වා දෙන්නේ ඒ නිසා වතු ආශ‍්‍රිත කටයුතු තාවකාලිකව වහාම නතර කරන ලෙසයි.

    වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

    කොරෝනා වෛරස් ඒ වේගයෙන් පැතිර යද්දී තේ වතු කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ගෙන ඇති පියවර නැවත සලකා බලන්නැයි ඔහු එමඟින් ඉල්ලා සිටී.

    මෙම තීරණය අත්හිටුවන්නේ නැතිනම් රටටම ඉතා භයානක ප්‍රතිඵලයක් ගෙන දෙනු ඇති බව ද ඔහු ලිපිය මගින් පෙන්වා දී ඇත.


    lanka C news