හෙහෙ මචන් උඹට මයිනස් රෙප් එකක් දෙන්න විදියක් නෑ මේ ළගදි ප්ලස් දීලා තියෙන හින්දා
බොහොම
වැරදියි උඹේ කතාව
ජනාධිපතිවරණය කාලෙ ඉඳන් උබ රජාට ගැත්තෙක් බවනම් වැටහුණා, මෝඩ ජෝක් එහෙමත් දැම්මනෙ එළකිරියෙන් යමි, ආපහු එමි ගගා නෙ

ඒවා ගැන කතා කරන්න මම කැමති නෑ
හැබැයි එකක් තියෙනවා, යුධ අපරාද කියන්නෙ යුධ රහස් නෙවෙ!
යමෙක් යුධ අපරාද කරනවනම් ඔවුන් දඬුවම් ලැබිය යුතුයි
මොකද අන්තර්ජාතිකව පිළිගත් විදියට යුද්ධ කරන්නෙත් සම්මුතීන් කිහිපයකට යටත්ව!
තමන් යුද්ධයක් කරද්දි පෞද්ගලික ආසාවන්, තරහා මරහා පිරිමසාගැනීම සඳහා නීතියට පටහැනිව යුධ බලය යොදාගෙන කරන ක්‍රියා යුධ අපරාද විදියට roughly හඳුන්වන්න පුළුවන්
ඇමරිකාවෙ උනත් homeland security department එකේ වෙනම අංශයක් තියෙනවා තමන්ගෙ යටතෙ වැඩ කරන නිලධාරීන් බලය අයුතු ලෙස යොදාගෙන අපරාද කරනවනම් ඒවා හොයලා ක්‍රියාත්මක වෙන්න!
අපේ රටේ බොහෝදෙනෙක් මේ යුධ අපරාදයි යුධ රහසුයි පටළවගෙන
හැම දේටම ජාතිය පාවාදෙනවා කිය කිය එකම බයිලාව ගහන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න!
ප්‍රබාකරන් අවුරුදු 30ක් ලංකාවෙ ජනජීවිතය කෑවා, ඌට හරියන දඬුවම හම්බුනා, no doubt!
හැබැයි ඕකාට කෙළවන්න හදන ගමන් වෙන වෙන අරමුණු( ජාතිවාදී, ආගම්වාදී වැනි) නිසා අසරණ මිනිස්සුන්ට අසාධාරණකම් උනා, නෑ කියන්න බෑ!
එහෙම උනු බව කොච්චර වසන් කරන්න හැදුවත් ඒක කරන්න බෑ
EU එකෙන් අපිට කැපිල්ල දැම්මෙත් ඔන්න ඔය කේස් human rights violation කියලා නෙ
උන් හදන්නෙ අපෙ රටට කෙළවන්න ඒකෙ සැකේකුත් නෑ
හැබැයි ඒකෙන් බේරෙන්න අපි අපරාධ කරපු අය බේරගන්න හදන එක 100% නිවැරදිද කියන ප්‍රශ්නේ තියෙනවා! අසාධාරනයක් උනු මිනිස්සුන්ට යන කල දසාව මොකක්ද එතකොට?
ෆොන්සේකා මහත්තයා එයා ජාත්‍යන්තරයට මුදාහරින්න හැදුව විස්තර ගැන හරි අවබෝධයක් අපි කාටවත් නෑ
එයාගෙ කථාව දැක්ක පමණින් වැරදි කියන හැගීම ආවත් මේ පිළිබද පොඩ්ඩක් open mind එකකින් හිතන ඕනම කෙනෙක්ට පෙනෙයි එයාව අත්අඩංගුවට ගත්තෙත් "රට රැකගන්න ඕන" යන අවශ්‍යතාවය සමගම තවත් කිහිපදෙනෙකුගෙ චරිත, ජීවිත, කරපු "යුධ අපරාද" වහං කරගන්න බව!
එය කෙතරම් දුරට ethical ද යන්න ලොකු ගැටළුවක්!
Disclaimer:
මම ඩූඩ් ලා වගෙ වෙන රටක කාක්කෙක් නොවෙමි ඔන්න!