මෙවන් නින්දාවක් ඉවසමුද??

May 17, 2006
3,632
90
0
හෙහෙ මචන් උඹට මයිනස් රෙප් එකක් දෙන්න විදියක් නෑ මේ ළගදි ප්ලස් දීලා තියෙන හින්දා
බොහොම වැරදියි උඹේ කතාව
ජනාධිපතිවරණය කාලෙ ඉඳන් උබ රජාට ගැත්තෙක් බවනම් වැටහුණා, මෝඩ ජෝක් එහෙමත් දැම්මනෙ එළකිරියෙන් යමි, ආපහු එමි ගගා නෙ :D
ඒවා ගැන කතා කරන්න මම කැමති නෑ
හැබැයි එකක් තියෙනවා, යුධ අපරාද කියන්නෙ යුධ රහස් නෙවෙ!
යමෙක් යුධ අපරාද කරනවනම් ඔවුන් දඬුවම් ලැබිය යුතුයි
මොකද අන්තර්ජාතිකව පිළිගත් විදියට යුද්ධ කරන්නෙත් සම්මුතීන් කිහිපයකට යටත්ව!
තමන් යුද්ධයක් කරද්දි පෞද්ගලික ආසාවන්, තරහා මරහා පිරිමසාගැනීම සඳහා නීතියට පටහැනිව යුධ බලය යොදාගෙන කරන ක්‍රියා යුධ අපරාද විදියට roughly හඳුන්වන්න පුළුවන්

ඇමරිකාවෙ උනත් homeland security department එකේ වෙනම අංශයක් තියෙනවා තමන්ගෙ යටතෙ වැඩ කරන නිලධාරීන් බලය අයුතු ලෙස යොදාගෙන අපරාද කරනවනම් ඒවා හොයලා ක්‍රියාත්මක වෙන්න!

අපේ රටේ බොහෝදෙනෙක් මේ යුධ අපරාදයි යුධ රහසුයි පටළවගෙන
හැම දේටම ජාතිය පාවාදෙනවා කිය කිය එකම බයිලාව ගහන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න!

ප්‍රබාකරන් අවුරුදු 30ක් ලංකාවෙ ජනජීවිතය කෑවා, ඌට හරියන දඬුවම හම්බුනා, no doubt!
හැබැයි ඕකාට කෙළවන්න හදන ගමන් වෙන වෙන අරමුණු( ජාතිවාදී, ආගම්වාදී වැනි) නිසා අසරණ මිනිස්සුන්ට අසාධාරණකම් උනා, නෑ කියන්න බෑ!
එහෙම උනු බව කොච්චර වසන් කරන්න හැදුවත් ඒක කරන්න බෑ
EU එකෙන් අපිට කැපිල්ල දැම්මෙත් ඔන්න ඔය කේස් human rights violation කියලා නෙ

උන් හදන්නෙ අපෙ රටට කෙළවන්න ඒකෙ සැකේකුත් නෑ
හැබැයි ඒකෙන් බේරෙන්න අපි අපරාධ කරපු අය බේරගන්න හදන එක 100% නිවැරදිද කියන ප්‍රශ්නේ තියෙනවා! අසාධාරනයක් උනු මිනිස්සුන්ට යන කල දසාව මොකක්ද එතකොට?

ෆොන්සේකා මහත්තයා එයා ජාත්‍යන්තරයට මුදාහරින්න හැදුව විස්තර ගැන හරි අවබෝධයක් අපි කාටවත් නෑ
එයාගෙ කථාව දැක්ක පමණින් වැරදි කියන හැගීම ආවත් මේ පිළිබද පොඩ්ඩක් open mind එකකින් හිතන ඕනම කෙනෙක්ට පෙනෙයි එයාව අත්අඩංගුවට ගත්තෙත් "රට රැකගන්න ඕන" යන අවශ්‍යතාවය සමගම තවත් කිහිපදෙනෙකුගෙ චරිත, ජීවිත, කරපු "යුධ අපරාද" වහං කරගන්න බව!

එය කෙතරම් දුරට ethical ද යන්න ලොකු ගැටළුවක්!

Disclaimer:
මම ඩූඩ් ලා වගෙ වෙන රටක කාක්කෙක් නොවෙමි ඔන්න!

machan suchith rasay kiya kiya kana unta oya kiyala wadak naha
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
what do you think the president should do...let him be free and keep spreading things abt sri lanka....:frown:

what the president did is a mercy.....he is stopping SF from ruining his own legacy....:baffled::dull:

besides man....did he harm SF...did he say things abt the time he was in army...MR acted professionally....if you like it or not....:yes:
ok if u thinking what president is mercy..he shoukld do it b4 the elec.why he doing like this..also he arrested some journlaists who not polish his shoes .also transfer of too many high poice officers,revenge of govt workers who not supported to him..if he tells those people are wrong ,,i m thinking how he found all this things after president elec.?? he he may be he saw all this in dream..dont save the hatched egg bro..:baffled::lol:
 
May 17, 2006
3,632
90
0
අති විශිෂ්ඨයි ඔබගේ දර්ශනය , අපේ රටේ හිට්ලර් මිනිස්සු මැරුව වගේ ඉදිරි වලල්ලේ මිනිස්සුන්ව මැරුවෙ නෑ , හැබැයි සමහර වෙලාවට අල්ලාගත් ත්‍රස්ථයන් ඝාතනය කරන්නට ඇති , සුදුකොඩි ගෙනාපු උන්න වෙඩි තියන්නත් ඇති , හැබැයි ඒ මැරුවේ මාතෘ භූමියේ උන්නතිය උදෙසා මිසක් දෙමළ මිනිස්සුන්ව මරන්න තිබ්බ උවමනාවක් නෙමේ , මේ වගේ ඉදිරි වළලු වල උනු සිදුවීම් යුධ රහස් විදියටයි තියෙන්න ඇත්තේ , සමහරවිට මේ යුධ රහස් ජාත්‍යන්තර නීතියට අනුව යුධ අපරාධ වෙන්නත් පුළුවන් , ඒක එහෙමයි කියල ,ආරක්ෂක ලේකම් , ශවේන්ද්‍රල වගේ මිනිස්සුන්ව ජාත්‍යන්තර යුධ අධිකරණය ගෙනයෑම ඔබ සාධාරණීකරන කරනවද???
ඒ කතාව දැන් ඉවරයි , ත්‍රස්ථයන් කෙසේ හෝ මරු වැලදගෙන ඉවරයි , ඔවුන් ඝාතනය කිරීමේදී සිදුවූ යුධ අපරාධ යැයි කියාගන්නා සිදුවීමක් සිදුවූද ඒ පිළිබදව ඇයි මේ කැක්කුමක් , ඔවුන්කල සංහාර ඔබට අමතකද එවන් නීචයන් පිරිසක් ඝාතනය කිරීම ගැන කළකිරෙන්නේ මන්ද????

dan trasthayan okkoma marilada?
 
sudunone

Member
May 23, 2009
3,781
121

මං හිතන්නෙ එයා අදහස් කරන්නෙ ඒක නෙවෙයි.

උදාහරණයක් විදිහට හමුදා නිලධාරීන් විසින් ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කළ බවට, නැත්නම් දූෂණය කළ බවට ඇති චෝදනා; මංකොල්ලකෑම් ගැන ඇති චෝදනා ආදිය යුධ අපරාධ. ඔය සුදුකොඩි කතාව වුණත් ජාත්‍යන්තර නීති අනුව බැලුවම යුද අපරාධයක්. (මගෙ පෞද්ගලික මතයනම් ත්‍රස්ත නායකයන් එහෙම උස්සන් ආවත් බාරනොගත යුතුයි කියන එක. නමුත් ජාත්‍යන්තර නීති මගෙ මතයට වඩා ටිකක් වෙනස්.)

දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නෙ අපි චෝදනා කරුවන් වෙලා, අපට දුරස් වෙනත් ජාතියක පිරිසක් චෝදකයන් හෝ අප විසින් පීඩාවට ලක්වුණවුන්යයි සළකලා නිසයි අපට හිතෙන්නෙ අපේ වැඩට බටහිරයන් ඇඟිලි ගහන්න එනවා කියලා.

නමුත් හිතල බලන්න, දැන් සිද්ද වෙන දේවල් එක්ක; 88-89 කාලයේ සිදුවීම් එක්ක; පාතාල කල්ලිවලයැයි කියා කෙරුණු ඝාතන පිළිබඳව.

කිසිම දෙයකට සම්බන්ධ නැති අහිංසකයින්වත් මරා දැමුණොත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? 88-89 කාලයේ පෞද්ගලික තරහවලට සිදුකෙරුණු මිනී මැරුම්, ත්‍රස්තයින් යයි පොලිසියට හඳුන්වා දී වදයට පැමිණවීම් සිදු වුණා. මහින්ද එදා මේවට විරුද්ධව ජාත්‍යන්තරයට පැමිණිලි කළා. එදා ඔහු විපක්ෂයේ.

යුද්දයේදී සිවිල් වැසියන් මිය යාහැකි නමුත්, ඔවුන් සිවිල්වැසියන් බව දැන දැන මැරුව කෙනෙක් ඉන්නවනම්, කොල්ල කෑ කෙනෙක් ඉන්නවනම් දඬුවම් දිය යුතුයි. ජාත්‍යන්තරය මැදිහත් වෙනවාට අකමැතිනම් රජයම මුල් වී එය ඉටු කළ යුතුයි. එහෙම නොකර නීතිගරුක හමුදා නිලධාරීන්ගේ ගෞරවය රැක ගත නොහැකියි.
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    පෙර දවස මහා වීරයෙකුවූ සරත් ෆොන්සේකා බල තන්හාවෙන් ලොල්ව තම උපන් භූමිය , තම දේශය, මේවූ භූමිය පාවාදීමට කටයුතු යොදයිද, හෙතම නිවටයෙකුටත් එහා ගිය තිරිසනෙකු ලෙස අර්ථදැක්විය හැකිය....

    Fonseka to 'testify on war crimes'

    t.gif
    20090902092126breakingnews203.jpg

    Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.
    General Sarath Fonseka speaking to journalists in Colombo on Monday said, "I am not going to save anyone who has committed war crimes".
    International human rights organisations as well as the US state department has alleged that the Sri Lankan government committed war crimes during the final phase of the war against Tamil Tigers.
    Several human rights organisations have called to try the Sri Lankan state in international courts on alleged abuses against civilians and surrendees.
    During the presidential election where Gen. Fonseka challenged president Mahinda Rajapaksa, both claimed credit for defeating the LTTE.
    "I am definitely going to reveal what I know, what I was told and what I heard. Any one who has committed war crimes should definitely be brought into courts," Gen. Fonseka said.
    "Those who reveal the truth are not traitors" he added.

    http://www.bbc.co.uk/sinhala/news/st...r_crimes.shtml
    atthada??
    ethakota ara udde kali kiwwe mokada???
    BBC LTTE ekata KADE yanawa kiyalane neda???
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!

    සරත් ෆොන්සේකා ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කළ බවත් ඇතැමෙක් කියනවා. කොහොම වුණත් මට හිතෙන්නෙ මේ දේවල් පිළිබඳ පරීක්ෂණ කිරීමකින් තොරව නිගමනවලට එන්න බැරි බවයි. ඒ වගේම පරීක්ෂණ කළ යුත්තේ ශ්‍රී ලංකාවට ඇඟිල්ල දික් කරන්න බලං ඉන්න පිරිසවත් ද්‍රවිඩයයන් සංහාරය කරනවායයි කියමින් කෑ ගහන පිරිසවත්, අවස්ථාවාදී දේශපාලකයන්වත් නොවෙයි. යුද අධිකරනයකින් හෝ යුද හමුදා පොලිසියෙන් වගේ ආයතනයකින් කෙරෙනවානම් හොඳයි. ඒත් මේවා කොහොම කෙරෙන ඒවද කියන්න මම දන්නෙ නෑ.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ay ban kasun ..atula wagey ubath comedy karanney..ubata mokadha wela thiyenney? paduwey methana hodha hamotama galapena mathrukaawak katha kaloth hodhai neydha?
    atulagey comics walata chalenger kenek epa..
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    ok if u thinking what president is mercy..he shoukld do it b4 the elec.why he doing like this..also he arrested some journlaists who not polish his shoes .also transfer of too many high poice officers,revenge of govt workers who not supported to him..if he tells those people are wrong ,,i m thinking how he found all this things after president elec.?? he he may be he saw all this in dream..dont save the hatched egg bro..:baffled::lol:

    how can MR arrest him before election...ppl will think even worse of the sri lankan govt....

    and those transfers were not so bad....for one he brought the DIG in vauniya who stood up against govt to stop posters there.....he brought him to colombo...do you think that is a punishment or a reward? :oo:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අති විශිෂ්ඨයි ඔබගේ දර්ශනය , අපේ රටේ හිට්ලර් මිනිස්සු මැරුව වගේ ඉදිරි වලල්ලේ මිනිස්සුන්ව මැරුවෙ නෑ , හැබැයි සමහර වෙලාවට අල්ලාගත් ත්‍රස්ථයන් ඝාතනය කරන්නට ඇති , සුදුකොඩි ගෙනාපු උන්න වෙඩි තියන්නත් ඇති , හැබැයි ඒ මැරුවේ මාතෘ භූමියේ උන්නතිය උදෙසා මිසක් දෙමළ මිනිස්සුන්ව මරන්න තිබ්බ උවමනාවක් නෙමේ , මේ වගේ ඉදිරි වළලු වල උනු සිදුවීම් යුධ රහස් විදියටයි තියෙන්න ඇත්තේ , සමහරවිට මේ යුධ රහස් ජාත්‍යන්තර නීතියට අනුව යුධ අපරාධ වෙන්නත් පුළුවන් , ඒක එහෙමයි කියල ,ආරක්ෂක ලේකම් , ශවේන්ද්‍රල වගේ මිනිස්සුන්ව ජාත්‍යන්තර යුධ අධිකරණය ගෙනයෑම ඔබ සාධාරණීකරන කරනවද???
    ඒ කතාව දැන් ඉවරයි , ත්‍රස්ථයන් කෙසේ හෝ මරු වැලදගෙන ඉවරයි , ඔවුන් ඝාතනය කිරීමේදී සිදුවූ යුධ අපරාධ යැයි කියාගන්නා සිදුවීමක් සිදුවූද ඒ පිළිබදව ඇයි මේ කැක්කුමක් , ඔවුන්කල සංහාර ඔබට අමතකද එවන් නීචයන් පිරිසක් ඝාතනය කිරීම ගැන කළකිරෙන්නේ මන්ද????

    හිට්ලර් මානුශීය මෙහෙම්යුම් දියත් කලේ නෑ බං මිනිහා කලේ රටවල් අල්ලන් තමන්ගෙ ඒකාධිපති බලය පතුරුවාගැනීමයි!
    යුදෙව්වො තොග පිටින් ඝාතනය කලේ තමන්ගෙ පෞද්ගලික තරහටයි!
    අපේ ලංකාවෙ මහරජා ඒකාධිපතියෙක් නෙවෙනෙ බන්??:P:P

    මේ අහපං, මම කියන්නෙ ඉදිරි ආරක්ශක වළලු වල නොවැලැක්විය හේතු මත සිදුවූ ඝාතන සහ අනිකුත් අපරාධයන් ගැන නෙවෙ!
    ඒවා පුළුවන් තරම් අවම කරන්න අපේ රණවිරුවො දිවි දෙවෙනි කල බව අපි හැමෝම දන්නවා
    එයාලගෙ ජයග්‍රහණ වලට උඹත් කොඩි උස්සන් දුවන්න ඇති, මාත් දිව්වා ඒක නෙවෙ ප්‍රශ්නෙ, පිට පනින්න එපා :)

    මෙතන ඔයා කොහොමද කියන්නෙ ඔය දැන් කිව්ව තනතුරු හොබවන පුද්ගලයන්ගෙ මෙහෙයවීම යටතෙ ඔවුන්ගෙ පෞද්ගලික තරහා පිරිමසාගැනීමට යුධ බලය පාවිච්චි නොවුනාමයි කියලා?
    උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයන්හිදී ඒ පළාතෙ විසූ දෙමළ සාමාන්ය ජනයාට නොයෙකුත් අඩත්තේට්ටම් වළට භාජනය වීමට සිදුවුනේ නෑ මයි කියලා ඔයාට කියන්න පුළුවන්ද??
    මචං මිඩියා වලින් පෙන්නන එක එකක්, ඇත්තට වෙන්නෙ තව එකක්

    සරත් ෆොන්සේකා ද ඇතුළුව ආණ්ඩුවෙ අනිකුත් මහ තැන් වල සියලූ දෙනාම ප්ලෑන් ගැහුවා යුද්දෙ දිනාගන්න
    ඒ ඒ අය කරපු හොද නරක වැඩ එයාලා හැමෝම දන්නවා!
    ඒ දන්න එව්වා තමයි ඔය දෙපැත්තෙම අය ටික ටික වමාර වමාර දෙපැත්තට කෙළගන්නෙ, ඒ තමන්ගෙ වල කපාගැනීම කියලා කවුරුත් දන්නෙ නෑ

    උදාහරණයක් විදියට අර ටිරාන් අලස් කිව්ව දේ බලහං!
    මේ හැමෝම එකිනෙකාට සම්බන්ධයි කවුරු මොනා කීවත්!
    ජනාධිපතිවරණය, මහ මැතිවරණය වැනි සූපිං හේතු හින්දා යුධ රහස් එළියට දාන්නෙ නෑ ඒ ගොල්ලො
    they think big!

    සරත් ෆොන්සේකා මහත්තයට එළියට දානවා කිව්ව "යුධ අපරාද" පිළිබඳ සිද්ධි ආන්ඩුවෙ ලොකු තැන් අනාත වෙන එව්වා වෙන්න පුළුවන් නෙ??
    එහෙම උනොත් රටේ ස්ථාවරත්වයයි නැතිවෙන්නෙ ඒක හින්ද "රට පාවාදෙන්නෙ එපා" කියන එක ඉස්සරහට දාගෙන එයාලා කරුණු වසං කරන්න හදනවා වෙන්නත් පුළුවන් නෙ?

    යුධ රහස් හෝ වේවා, අපරාධ හෝ වේවා එළියට දාන්නෙ නැත්තම් දෙගොල්ලොම ඒක කරන්න ඕනෙ
    ලංකාවෙ වෙන්නෙ එකිනෙකා පරයා නැගිසිටීම කාලා බීලා තමන්ගෙ ආතල් එක ගැනීමටත් වඩා ලොකු කරන් ඉන්න එක

    ඉතිං මේ වගේ දේවල් වෙනවා!
    අන්තිමට කොහෙන් ගියත් අසාධාරනයක් වෙච්චි අයට හුළං!
    එවන් නීචයන් පිරිසක් ඝාතනය කිරීම ගැන කළකිරෙන්නේ මන්ද????
    මචං උතුරු නැගෙනහිර ජීවත් උනු හැම මිනිහම, යුද්ධෙදි මැරුනු හැම මිනිහම නීචයෙක්ද??
    එල්ටීටීඊ පාහරයො ගැන කතාවක් නෑ,, උන්ට කියන්න නම් නෑ.. උන් විනාශවිය උතුමයි:yes: නමුත් අසාධාරණකම් සිදුවුනු අහිංසක සිවිල් ජනයාට මොකෑ වෙන්නෙ?
    උනුත් එල්ටීටී හැත්ත ඒ පැත්තෙ හිටිය හින්දා "නීචයො" වෙනවද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යුද්දයේදී සිවිල් වැසියන් මිය යාහැකි නමුත්, ඔවුන් සිවිල්වැසියන් බව දැන දැන මැරුව කෙනෙක් ඉන්නවනම්, කොල්ල කෑ කෙනෙක් ඉන්නවනම් දඬුවම් දිය යුතුයි. ජාත්‍යන්තරය මැදිහත් වෙනවාට අකමැතිනම් රජයම මුල් වී එය ඉටු කළ යුතුයි. එහෙම නොකර නීතිගරුක හමුදා නිලධාරීන්ගේ ගෞරවය රැක ගත නොහැකියි.

    අපි හිතමු මේකෙදි සිවිල් වැසියන් ඝාතනය වුනා කියල පුද්ගලික කෝන්තර පිට , ඒවට රාජ්‍ය මැදිහත් වී යම්කිසි විනය නීතිමාලාවක් ක්‍රියාත්මක කරන එක හරි , නමුත් ජාත්‍යන්තරය කෑ ගහගෙන අපේ වුන් සිවිල් වැසියන් මැරුවයි කිව්වොත් ජනාධිපති , ආරක්ෂක ලේකම් , ඉදිරි සටන් මෙහෙය වූ මේජර් වරු යුධ අධිකරනයට ගෙන යෑමට උඩගෙඩි දීමක් වෙනව නේද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ෆොන්සේකා ඇයි මාණ්ඩලික ප්‍රධාන තනතුරෙන් අයින් වුනේ , ඔහුට බලය මදි නිසා , රාජ්‍ය ආරක්ෂාව පිලිබද ප්‍රශ්න මතුවුනු නිසා හමුදාවේ සහ ඒ ඒ අංශ වල වෙනස්වීම් සිදුකලා , දේශපාලනය ඇවිත් කිව්වෙ සේරම වෛරීය ක්ථා , ගෝඨ එක්ක තරහට තමා සුදුකොඩි කථාවක් ගත්තේ , පැරදුනාට පස්සේ කියනව ජාත්‍යන්තරයට සාක්ෂි සපයනවලු ඔය දේවල් සම්බන්ධව , දැන් මේ සාක්ෂි සපයන්න හදන්නේ ඔහුම කියල , පසුව නොකිව්වැයි කී කාරණාව ගැනම නේද? එහෙමනම් ඔහු පැහැදිලිවම එහෙම දෙයක් කියල තියෙනව , බලයට කෑදර වුනාම ඔහොම දේවල් වෙනව , හමුදා නිළධාරියෙක් වුනාම ඒ වූ වෘත්තිය පිළිබදව වගකීමෙන් කටයුතු කල යුතුයි. වැරදි දෙයක් කලොත් ඒකට දඩුවම් හිමිවේවි , හමුද නීතිය එක්ක සෙල්ලම් බෑ

    මෙන්න මේ කතාවනම් ඇත්ත. සරත් ෆොන්සේකා මහතා ඔය කතාව ඇදල ගත්තෙ තමාට බලය ලබා ගැනීම සඳහා විරුද්ධවාදියෙකුට චෝදනා කරන්න. එමගින් සිදුවිය හැකි හානිය ගැන හිතල නොවෙයි ඔහු එදා කතා කළේ. තමන්ටත් අහන්න ලැබුණු කටකතාවක් ගැන ජනාධිපති අපේක්ෂකයෙක් පිළිගත් පුවත්පතකට ප්‍රකාශ නිකුත් කරනවද?
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මං හිතන්නෙ එයා අදහස් කරන්නෙ ඒක නෙවෙයි.

    උදාහරණයක් විදිහට හමුදා නිලධාරීන් විසින් ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කළ බවට, නැත්නම් දූෂණය කළ බවට ඇති චෝදනා; මංකොල්ලකෑම් ගැන ඇති චෝදනා ආදිය යුධ අපරාධ. ඔය සුදුකොඩි කතාව වුණත් ජාත්‍යන්තර නීති අනුව බැලුවම යුද අපරාධයක්. (මගෙ පෞද්ගලික මතයනම් ත්‍රස්ත නායකයන් එහෙම උස්සන් ආවත් බාරනොගත යුතුයි කියන එක. නමුත් ජාත්‍යන්තර නීති මගෙ මතයට වඩා ටිකක් වෙනස්.)

    දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නෙ අපි චෝදනා කරුවන් වෙලා, අපට දුරස් වෙනත් ජාතියක පිරිසක් චෝදකයන් හෝ අප විසින් පීඩාවට ලක්වුණවුන්යයි සළකලා නිසයි අපට හිතෙන්නෙ අපේ වැඩට බටහිරයන් ඇඟිලි ගහන්න එනවා කියලා.

    නමුත් හිතල බලන්න, දැන් සිද්ද වෙන දේවල් එක්ක; 88-89 කාලයේ සිදුවීම් එක්ක; පාතාල කල්ලිවලයැයි කියා කෙරුණු ඝාතන පිළිබඳව.

    කිසිම දෙයකට සම්බන්ධ නැති අහිංසකයින්වත් මරා දැමුණොත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? 88-89 කාලයේ පෞද්ගලික තරහවලට සිදුකෙරුණු මිනී මැරුම්, ත්‍රස්තයින් යයි පොලිසියට හඳුන්වා දී වදයට පැමිණවීම් සිදු වුණා. මහින්ද එදා මේවට විරුද්ධව ජාත්‍යන්තරයට පැමිණිලි කළා. එදා ඔහු විපක්ෂයේ.

    යුද්දයේදී සිවිල් වැසියන් මිය යාහැකි නමුත්, ඔවුන් සිවිල්වැසියන් බව දැන දැන මැරුව කෙනෙක් ඉන්නවනම්, කොල්ල කෑ කෙනෙක් ඉන්නවනම් දඬුවම් දිය යුතුයි. ජාත්‍යන්තරය මැදිහත් වෙනවාට අකමැතිනම් රජයම මුල් වී එය ඉටු කළ යුතුයි. එහෙම නොකර නීතිගරුක හමුදා නිලධාරීන්ගේ ගෞරවය රැක ගත නොහැකියි.
    හරියට හරි මචන්, මම අදහස් කරන්න හැදුව දේ උඹේ පෝස්ට් එකෙන් තවත් පැහැදිලි කල්ලා දෙනවා!
    ස්තූති :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපි හිතමු මේකෙදි සිවිල් වැසියන් ඝාතනය වුනා කියල පුද්ගලික කෝන්තර පිට , ඒවට රාජ්‍ය මැදිහත් වී යම්කිසි විනය නීතිමාලාවක් ක්‍රියාත්මක කරන එක හරි , නමුත් ජාත්‍යන්තරය කෑ ගහගෙන අපේ වුන් සිවිල් වැසියන් මැරුවයි කිව්වොත් ජනාධිපති , ආරක්ෂක ලේකම් , ඉදිරි සටන් මෙහෙය වූ මේජර් වරු යුධ අධිකරනයට ගෙන යෑමට උඩගෙඩි දීමක් වෙනව නේද?

    ඔව්. රජයම මැදිහත් වී කොමිසමක්වත් දාලා ඕක කළොත් හොඳයි.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඔව්. රජයම මැදිහත් වී කොමිසමක්වත් දාලා ඕක කළොත් හොඳයි.
    රජයේ මැදිහත් වීමක් තිබේනම් සරත් ෆොන්සේකාට උනත් ලොකු සද්දයක් ජාත්යන්තරේ දාන්න බෑ
    වැඩෙ වෙලා තියෙන්නෙ එහෙම කොමිසම් තියා ඒ ගැන කතා කරන්නවත් ආන්ඩුව සූදානම් නැති එකයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හිට්ලර් මානුශීය මෙහෙම්යුම් දියත් කලේ නෑ බං මිනිහා කලේ රටවල් අල්ලන් තමන්ගෙ ඒකාධිපති බලය පතුරුවාගැනීමයි!
    යුදෙව්වො තොග පිටින් ඝාතනය කලේ තමන්ගෙ පෞද්ගලික තරහටයි!
    අපේ ලංකාවෙ මහරජා ඒකාධිපතියෙක් නෙවෙනෙ බන්??:P:P

    මේ අහපං, මම කියන්නෙ ඉදිරි ආරක්ශක වළලු වල නොවැලැක්විය හේතු මත සිදුවූ ඝාතන සහ අනිකුත් අපරාධයන් ගැන නෙවෙ!
    ඒවා පුළුවන් තරම් අවම කරන්න අපේ රණවිරුවො දිවි දෙවෙනි කල බව අපි හැමෝම දන්නවා
    එයාලගෙ ජයග්‍රහණ වලට උඹත් කොඩි උස්සන් දුවන්න ඇති, මාත් දිව්වා ඒක නෙවෙ ප්‍රශ්නෙ, පිට පනින්න එපා :)

    මෙතන ඔයා කොහොමද කියන්නෙ ඔය දැන් කිව්ව තනතුරු හොබවන පුද්ගලයන්ගෙ මෙහෙයවීම යටතෙ ඔවුන්ගෙ පෞද්ගලික තරහා පිරිමසාගැනීමට යුධ බලය පාවිච්චි නොවුනාමයි කියලා?
    උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයන්හිදී ඒ පළාතෙ විසූ දෙමළ සාමාන්ය ජනයාට නොයෙකුත් අඩත්තේට්ටම් වළට භාජනය වීමට සිදුවුනේ නෑ මයි කියලා ඔයාට කියන්න පුළුවන්ද??
    මචං මිඩියා වලින් පෙන්නන එක එකක්, ඇත්තට වෙන්නෙ තව එකක්

    සරත් ෆොන්සේකා ද ඇතුළුව ආණ්ඩුවෙ අනිකුත් මහ තැන් වල සියලූ දෙනාම ප්ලෑන් ගැහුවා යුද්දෙ දිනාගන්න
    ඒ ඒ අය කරපු හොද නරක වැඩ එයාලා හැමෝම දන්නවා!
    ඒ දන්න එව්වා තමයි ඔය දෙපැත්තෙම අය ටික ටික වමාර වමාර දෙපැත්තට කෙළගන්නෙ, ඒ තමන්ගෙ වල කපාගැනීම කියලා කවුරුත් දන්නෙ නෑ

    උදාහරණයක් විදියට අර ටිරාන් අලස් කිව්ව දේ බලහං!
    මේ හැමෝම එකිනෙකාට සම්බන්ධයි කවුරු මොනා කීවත්!
    ජනාධිපතිවරණය, මහ මැතිවරණය වැනි සූපිං හේතු හින්දා යුධ රහස් එළියට දාන්නෙ නෑ ඒ ගොල්ලො
    they think big!

    සරත් ෆොන්සේකා මහත්තයට එළියට දානවා කිව්ව "යුධ අපරාද" පිළිබඳ සිද්ධි ආන්ඩුවෙ ලොකු තැන් අනාත වෙන එව්වා වෙන්න පුළුවන් නෙ??
    එහෙම උනොත් රටේ ස්ථාවරත්වයයි නැතිවෙන්නෙ ඒක හින්ද "රට පාවාදෙන්නෙ එපා" කියන එක ඉස්සරහට දාගෙන එයාලා කරුණු වසං කරන්න හදනවා වෙන්නත් පුළුවන් නෙ?

    යුධ රහස් හෝ වේවා, අපරාධ හෝ වේවා එළියට දාන්නෙ නැත්තම් දෙගොල්ලොම ඒක කරන්න ඕනෙ
    ලංකාවෙ වෙන්නෙ එකිනෙකා පරයා නැගිසිටීම කාලා බීලා තමන්ගෙ ආතල් එක ගැනීමටත් වඩා ලොකු කරන් ඉන්න එක

    ඉතිං මේ වගේ දේවල් වෙනවා!
    අන්තිමට කොහෙන් ගියත් අසාධාරනයක් වෙච්චි අයට හුළං!
    මචං උතුරු නැගෙනහිර ජීවත් උනු හැම මිනිහම, යුද්ධෙදි මැරුනු හැම මිනිහම නීචයෙක්ද??
    එල්ටීටීඊ පාහරයො ගැන කතාවක් නෑ,, උන්ට කියන්න නම් නෑ.. උන් විනාශවිය උතුමයි:yes: නමුත් අසාධාරණකම් සිදුවුනු අහිංසක සිවිල් ජනයාට මොකෑ වෙන්නෙ?
    උනුත් එල්ටීටී හැත්ත ඒ පැත්තෙ හිටිය හින්දා "නීචයො" වෙනවද?

    හරි අපි හිතමු ඒ වූ මිනිසුන්ට අසාධාරණයක් වුනා කියල , ඔවුන්ට සාධාරණයක් ඉටු කල යුතුයි ,යම් කිසි විනය නීති මාලාවකට යටත්ව නමුත් දැන් සරත් ෆොන්සේකා ඔය ජාත්‍යන්තරයට කියන්න හදන්නේ සුදු කොඩි කථාවක් නේද? අර ඔහුට අහන්න ලැබුනයි කියන , ඕකනේ වෙදිකාවකත් කිව්ව , එහෙම නැතුව වෙන මුකුත් නෙමේනේ ,
    මම නීචයන් කිව්වේ ත්‍රස්තවාදීන්ට
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    ලංකාවේ ඉන්න බෑ...අපි රට යමු... අනෝමා ෆොන්සේකා ජනරාල්ට කියයි..:lol::lol::lol::lol::lol::lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    how can MR arrest him before election...ppl will think even worse of the sri lankan govt....

    and those transfers were not so bad....for one he brought the DIG in vauniya who stood up against govt to stop posters there.....he brought him to colombo...do you think that is a punishment or a reward? :oo:
    Yah its d true govt. plan to arrest him..but for the reason of d public they did it after.also when they understood they cant won by the elec.they do so many chetings by using govt.properties & power..

    Linked..

    govt.know to play well they tried to arrest SF on dat day @ cinnoman hotel but th eplans went wrong they said "ohh daling we are not to arrest u,we are protect u" he he what a comedy..the world is laughing @ us!..for close the medias camera they give reward for some officers.and who knows they also wheel jack of the mahindha govt.:no::rofl::lol: