මෙවරත් කතරගම බැතිමතුන්ට දඩ මස් වෙනුවට බල&#3540

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මෙවරත් කතරගම බැතිමතුන්ට දඩ මස් වෙනුවට බල&#3540

    baluu.jpg
    මෙවර ඇසල උත්සව සමයේ ද කතරගම පැමිණෙන වන්දනා කරුවන් සඳහා දඩමස් බව අඟවමින් බලු මස් සැපයීමේ ජාවාරමක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි සත්ව අවිහිංසා සංගම් අනාවරණය කරයි. කලෙක සිට ඇසල උත්සව සමයේ කතරගම ප්‍රදේශයේ අප්‍රකටව සිදුව ඇති මෙම ජාවාරම මේ වන විට වඩාත් සංවිධානාත්මකව ලෙස හිස ඔසවා ඇති බව අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුභ සාධන සංවිධානය ප්‍රකාශ කරයි.

    ඉකුත් වසරේ මේ සම්බන්ධයෙන් එම සංවිධානය වෙත අදහස් පළකළ කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන් පවසා ඇත්තේ වර්තමානයේ කතරගම පැමිණෙන්නවුන් තුළ පවත්නා මෙම ‘දඩ මස් උන්මාදය‘ මුල් කොට එම ප්‍රදේශයේ වෙසෙන කපටි කයිරාටික පුද්ගලයන් කිහිප දෙනකු විසින් අරඹන ලද මෙම බලු මස් ජාවාරම මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් පවතින බවය. එනිසා ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම බෞද්ධ පුද බිමක් වන කතරගම වන්දනාවේ පැමිණ එවන් පාපී ක්‍රියාවන් හි නොයෙදෙන ලෙස හා ඒවා වර්ධනය වීමට ඉඩ නොතබන ලෙස උන්වහන්සේ සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් වෙත ආයාචනා කර සිටියහ.

    එමෙන්ම කතරගම පූජා නගරය සහ ඒ අවට සැරිසරන නිවාස අහිමි සුනඛයන් අල්ලාගෙන ගොස් බැඳ තබන ස්ථානයක් ද පසුගිය වසරේ නිරීක්ෂණයට ලක්වී ඇත. එය පිහිටා ඇත්තේ සෙල්ල කතරගම වතුරුවාරාම රජමහා විහාරයෙන් ඔබ්ඛෙහි දඹේ පාර අද්දර වන ගැබක් ආශ්‍රිතව ය. එසේ එහි රඳවා තැබෙන සුනඛයන් වන්දනාකරුවන්ගෙන් ලැබෙන දඩ මස් ඇනවුම් මත මරා මස් කෙරෙන බව ද අනාවරණය වී තිබිණ. මේ අතර එසේ මස් පිණිස මරා දැමෙන සුනඛයන්ගේ හිස් සහිත පෝර උර කිහිපයක් ද ඉකුත් වසරේදි ප්‍රදේශවාසීන් හට හමුවී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළකළ සෙල්ල කතරගම වතුරුවාරාම රාජ මහා විහාරාමාධිපති පූජ්‍ය දෙනගම ධම්ම්රතන හිමිපාණන් මෙසේ පැවසූහ.

    “ඔය වගේ අවාසානාවන්ත සිද්ධීන් දැන් කලක සිට අපටත් අසන්නට ලැබෙනවා. මෙය නූතන බෞද්ධ සමාජයේ සදාචාරය වලපල්ලට යාම පිළි‍බඳ හොඳම නිදසුනක්. එ් නිසා කතරගම වන්දනාවේ පැමිණීමේදී ගතින් පිරිසිදු වීමටත් වඩා සිත කය වචනය යන තුන්දොරින් පිරිසිදු වී පන්සිල් රැකගැනීමේ අවශ්‍යතාව සියලු බෞද්ධයන් හට අවධාරණය කර සිටිනවා. එසේ සිදු නොකළහොත් පුද්ගලයන්, පවුල්, ප්‍රජාවන් සේම සමාජයක් හා රටක් ජාතියක් ලෙස ද අප විශාල අනතුරකට ලක්වන දිනය වැඩිදුරක නැහැ. “

    සෙල්ල කතරගම ගණ දේවිලයේ ප්‍රධාන පූජක ස්වාමි යූ.සී. දිසානායක මහතා පවසන්නේ කතරගම අවුත් දඩමස් ඉල්ලන්නවුන්ට කතරගම දෙවිඳුන්ගේ සාපය වැදී බලු මස් කෑමට සිදුවන බවය. එමෙන්ම එම සාපය එතැනින් නිමා නොවී දිවි ඇති තුරාවට ඔවුන් වෙත එල්ල වන බව ද පූජක තුමා අවධාරණය කොට ඇත.

    මේ වන විට කතරගම ප්‍රදේශයේ සිදු කෙරෙන මේ ජාවාරම පිළිබඳව අදාල නිලධාරීන් දැනුවත් කොට ඇත. ඔවුන් පවසා ඇත්තේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ වනජීවීන් මැරීම සහ දඩමස් ළඟ තබා ගැනීම බරපතල වරදක් බැවින් නීතියට ඇති බිය නිසා මෙසේ දඩමස් වෙනුවට බලු මස් රහසිගතව මිලදී ගැනීමට වන්දනා කරුවන් ද පෙළඹී සිටීම මෙම බලු මස් ජාවාරමට මනා පහසුවක් වී ඇති බවයි.

    මෙම පසුබිම යටතේ මෙම බලු මස් ජාවාරම කෙතරම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේද යත් දැන් කතරගම ඇසල පූජෝත්සවයකින් පසු පූජා නගරය සහ ඒ අවට වෙසෙන අයාලේ යන සුනඛයන්ගේ පැහැදිලි අඩුවීමක් පවා පෙන්නුම් කෙරෙන බව කතරගම ඇසල පෙරහැර කමිටු සංවිධායක කලාභූෂණ සුමන සෝමපාල මහතා පවසයි.

    දමයන්ති ගමගේ
    lkbim
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    'සෙල්ල කතරගම ගණ දේවිලයේ ප්‍රධාන පූජක ස්වාමි යූ.සී. දිසානායක මහතා පවසන්නේ කතරගම අවුත් දඩමස් ඉල්ලන්නවුන්ට කතරගම දෙවිඳුන්ගේ සාපය වැදී බලු මස් කෑමට සිදුවන බවය.'
    ..

    ඒක තමයි කපු මහත්තය හොද බඩු තියගෙන බිස්නස් එක කලේ .හොදම දේ දරුවන්ට දෙන්න .කොහෙද ඉතින් ඒ මනුස්සයව ඇල්ලුව නෙ:cool::cool::cool:
     

    Similar threads