මෙහෙමත් කෑමක් CHOGM 15 Million
15 Million Web Site
මේ මස ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව සම්බන්ධයෙන් සෑම තැනම එක් එක් කතා ඇසෙද්දී අපට දැනගන්නට ලැබුනේ මෙම සමුළුව වෙනුවෙන් අන්තර්ජාලයට එක්වූ වෙබ් අඩවියට රජය විසින් මිලියන 15ක් වියදම් කර ඇති බවයි.
බැලූ බැල්මට ඉතා සරල අයුරින් නිමවා ඇති මෙම වෙබ් අඩවියට මිලියන 15ක් වියදම් කිරීම සම්බන්ධයෙන් බැලූ කෙනෙකුට අදහාගත නොහැකි කාරණයකි.
නමුත් මිලියන 15 වියදම් කර ඇති වෙබ් අඩවිය සාදා ඇත්තේ අන්තර්ජාලයේ ඇති ඩොලර් 15ක වෙබ් ටෙම්ප්ලේට් (Template) එකක් මිලදී ගෙන එහි යම් යම් අංග පමණක් වෙනස් කිරීමෙනි.
මෙම රාජ්‍ය නායක සමුලුවෙන්ද බලධාරීන් විසින් පෙර පරිදිම මහජනයාගේ මුදල් ගසා කෑමට ආරම්භ කර ඇති අතර මේ අන්දමේ වෙබ් අඩවියකට මිලියන 15 වියදම් කිරීම ජනතාවගේ මුදල් මෙම කටයුත්ත බාරව සිටින පුද්ගලයන්ගේ සාක්කුව යන බව නොරහසකි.
මෙවැනි සමුලුවක් පවත්වන විට එය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඉතා හොද අන්දමේ ආරක්ෂාකාරී වෙබ් අඩවියක් පැවතීමට අවශ්‍ය වන අතර එය වගකීමක් ඇති පිළිගත් ආයතනයකට බාර දීම ඉහල නිළධාරීන්ගේ වගකීමකි.
නමුත් මෙම වෙබ් අඩවිය සෑදූ ආයතනයේ හෝ පුද්ගලයාගේ නම කොතැනකදිවත් සදහන් වී නොමැති අතර මෙවැනි ඩොලර් 15ක ටෙම්ප්ලේට් ගෙන එය අංග වෙනස් කර රටක් නියෝජනය කරවීම හාස්‍යජනකය.
මෙවැනි අන්දමින් ජනතා මුදල් නාස්ති කිරීම කුමන රජයක් පැවතියද අනුමත කළ නොහැක.
රාජ්‍ය නායක සමුලුවේ නිල වෙබ් අඩවිය මෙතනින්.
Template ගැන විස්තර මෙතනින්.