මෙහෙම ඉල්ලුවොත් හරිද?
පස්වාන් දහසකට බුදු වන්ට දේවයන්වහන්ස , ගැත්තාට අනුකම්පා කළ මැනව. ඔබ වහන්සේගේ ශ්‍රී පාදස්ථය මාගේ මුකයෙන් ස්පර්ශ කර මහත් විස්සෝපයෙන් ඉල්ලා හිටින්නේ මේ කාලකන්නි ගැත්තාට සමාව බජනය කරන්ටය කියලාය.
පහුගිය කාලයේදී මේ ගැත්තා ඔබ වහන්සේට එරෙහිව , ද්‍රෝහියොත් එක්ක කුට්ටාලිකම් කොර කොර කැරලි ගැහුවා හැබෑය. මේ ගැත්තරයා එහෙම කලේ ඔබ වහන්සේගේ රාජශ්‍රිය ගැන නොදැන ඒ ද්‍රෝහීන්ගේ කියුම් බහට රැවටිලා බවත් හැබෑය. ඒත් දැන් ගැත්තා ඔබ වහන්සේට කීකරුව ඉන්ට පොරොන්දු වෙනවා ඉර හඳ පල්ලා සත්තයි.
තව දුරටත් කියනවා නම් මේ බඩ ගැත්තරයා ඔබ වහන්සේගේ ඇමැත්තෝ වගේ රාජිනියටත් , පුත් කුමාරවරුන්ටත් කීකරුව දාස කම් කොර කොර ඉන්ඩ කැප වෙනවාය.
සත්තයි සත්තයි සත්තයි