මෙහෙම තමයි බිස්නස් කරන්ඩෝනෙ👍🏻

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    පොළොවේ ඇවිදිනකොට ගල් වැදිලා, උල් ඇනිලා කකුල තුවාලවෙන නිසා, සුද්දෙක් හැදුවලු 'හම්' වලින් මේකට ආවරණයක්.. අපි ඒකට කියනවා "ෂූස්" කියලා.

    "ෂූස්" දාගෙන ටිකක් දුර ඇවිදිනකොට "ෂූස්" ගැලවිලා විසික්වෙනවලු. තව සුද්දෙක් කල්පනා කරලා බලලා මේක කකුලට හිර කරගන්න එකතු කලාලු නූලක්.... ඒක තමයි "ලේස්".

    "ෂූස්" දාගෙන "ලේස්" ගැටගහලා ඇවිදිනකොට "ෂූස්" වලට කකුල් කැපෙන්න ගත්තලු. තව සුද්දෙක් හැදුවලු කකුලට දාගන්න රෙදි වලින් ආවරණයක්. අපි ඒකට කියනවා "මේස්" කියලා.

    දැන් "මේස්" දාල, "ෂූස්" දාල, "ලේස්" ගැටගහලා ඇවිදිනකොට මේ "ෂූස්" ටික ටික ජරා වෙන්න ගත්තලු. ඉතින් තව සුද්දෙක් හැදුවලු මේකට ගාන්න ආලේපයක්. ඒක තමයි "පොලිෂ්".

    දැන් "මේස්" දාල, "පොලිෂ්" කරපු "ෂූස්" දාල, "ලේස්" ගැටගහලා ඇවිද ඇවිද ඉන්නකොට මේ සුද්දො හතර දෙන දැකපු තව සුද්දෙක්, "ෂූස්", "ලේස්", "මේස්" සහ "පොලිෂ්" හදන්න පටන් අරන් ඒවා "කේස්" වල දාල විකුණන්න ගත්තලු.

    සුද්දො පස් දෙනෙක් එකතු වෙලා එහෙම කරනකොට, අපේ එකෙක් ඉඳිකට්ටක් හැදුවොත් අනිකා හදනවද ඒකට දාන්න නූලක්? නෑ ඌ හදනවා ඊට වඩා ලොකු ඉඳිකට්ටක්... 😂

    අන්තර්ජාලයෙන් උපුටාගැන්මකි .........
     

    Attachments

    • 490E6F6B-B043-4FFD-8D03-930CC22A6567.jpeg
      490E6F6B-B043-4FFD-8D03-930CC22A6567.jpeg
      98.7 KB · Views: 71

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Well said and damn truth of srilankan mindset. If someone succeeded in any trade it will b copy by all till the first business man get lost. 😎😎😎
     
    • Like
    Reactions: nirogoodboy