මෙහෙව්_රටක් . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙහෙව් රටක් . . .

    මෙක මහ පුදුම රටක්, මේ රටේ හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ ආශ්චර්යමත් දේවල්ම තමයි . . . රටේ ගොඩක් මිනිස්සු මාරම නිතිගරුකයි, විශේෂයෙන් රජ වාසලේ මහ රජාගේ සිට ගම් ප්‍රධානීන් දක්වා ඉතාමත් නිති ගරුක රටක් මේක . . . හැබැයි මේ රටේ නීතිය තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට රකින්නත් රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ට නිති කඩන්නත් බව පසක් කිරීමට කැමතිය . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් විදේශීය කාන්තාවක් සමග එම ාන්තාවන්ගේ අකමැත්තෙන් සංවාසයේ යෙදුන විට එම කාන්තාවන්ගේ කුමරි බඹසර නොමිලේම ඈළුත්වැඩියා කරදෙන රටකි . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් කාන්තාවන් 200 සමග, එම කාන්තාවන්ගේ අකමැත්තෙන් සංවාසයේ යෙදුන විට උත්සව පවත්වා, එය සමරන රටකි . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් සුරා පානය නොකොට අස්වයන් 2500 පමණ යෙදූ රථයකින් කළුගං රට සිට කොළඹ රට දෙසට ඉතා සෙමින් පැමිණෙද්දී අදික වේගයෙන් පැමිණි පාපැදි කරුවෙකු සහ අස්වයන් 100ක් පමණ යෙදූ යතුරු පැදියකින් පැමිණි අය විසින් රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් පැදවූ රථයේ හප්පා එම රථයට අලාභහානි කිරීමට තැත් කිරීමේදී ඔවුන් දෙදෙනාට දැඩි ලෙස අනතුරට ලක්වී ඇත. එයින් නොනැවතුනු කළුගං රට මහ ජනතාව රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් පැදවූ රිය ඉදිරියට පැන එම රියට අනතුරු කිරීමට යාමේදී එම රට වැසියාද අනතුරට ලක්වී ඇත. අවසානයේ එම රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් වන කලින් කී රථයේ රථාචාර්ය වරයා ලෙස පැමිණ ඇත්තේ වෙස් වලාගත් තැනැත්තෙකි, ඉහතී රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් වන තැනැත්තා සිංගප්පූරු දිවයින වෙත දඩුමොණර යන්ත්‍රයක් අධාරයෙන් ගිය රටකි . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් එලිපිටදීම ක්‍රීඩාවක් ලෙස රට වැසියන් දඩයම් කිරීමට හැකියාව ඇති යයි අප සිතුවද බොහෝ දුරට සිදුවන්නේ රට වැසියන් විසින් රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් දඩයම් කිරීමට පැමිණ එම රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් අතින් දඩයම් වන රටකි . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් කිසියම් වරදක සිදුකෙරූ බවට පැහැදිලි සාක්ෂි තිබුනත් එම රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් වන තැනැත්තා කිසිදා අත් අඩංගුවට නොගන්නා රටකි . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් කිසියම් වරදක සිදුකෙරූවද ඔහුට එම වරද සිදුකල මොහොතේ සිට කිසිම දෙයක් මතක නැති බව ප්‍රකාශකල විට එම වරද අහෝසි වන රටකි . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් අපගේ රාජ්‍ය අරාක්ෂා කරන අරක්ෂකයෙකුට පහර දුන්නද වරද කරුවන්නේ රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙකු අතින් පහර කෑ කෙනා මිස රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙකු නොවන බව තීරණය කරන රටකි . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් කට උත්තරයක් දීමට පෙර එම කට උත්තරය මාධ්‍ය මඟින් රට වැසියාට දැන ගැනීමට සලස්වන රටකි . . .

    රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් කිතුලකට නැග්ගද ඔවුනට කියන්නට දෙයක් ඇති රටකි, ඒ මන්ද යත් රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙක් යම් ස්ථානයකට ගොස් කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට ඔහුට රටේ නීතිය රකිනා අයගෙන් උපදෙස් ගෙන එම ස්ථානයට කිසි සේත් අදාල නැති ක්‍රියාවක් කිරීමට පැමිණි බව පැවසිය හැකි රටකි, ඒ මන්ද යත් රජ වාසලේ උදවිය සහ ඔවුන්ගේ බන්දු මිත්‍රාදීන්ගෙන් කෙනෙකුට භාවනා කිරීමට හෝ ඡන්ද ප්‍රතිඵල බැලීමට සමාජ ශාලා හෝ හොටල්වලට යා හැකි රටකි . . .. . .

    ඉහතින් මා ඔබට ගෙන හැර දැක්වූයේ මෙම මුතු ඇට දීපයේ ආස්චර්යෙන් අංශු මාත්‍රය පමණි.

     
    Last edited: