මේ අවුරුද්දේ වත් නාසි කඳවුරෙන් පැනල පල&#3514

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ අවුරුද්දේ වත් නාසි කඳවුරෙන් පැනල පල&#3514

    adolf-hitler.jpg


    copyright: wilakuwa blogspot by දිනෙල්ක



    ආදරණීය ගුරුතුමනි ,
    මම නාසි කඳවුරකින් මිදී පලාආවෙක්මි.
    බොහෝ මිනිසුන් විසින් නොදුටු,
    නොදැකිය යුතු , බොහෝ දෑ මම දුටුවෙමි.

    උගත් ඉන්ජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු.........
    දක්ශ වෛද්‍යවරුන් මිනිසුන්ට විශ එන්නත් කරන අයුරු,
    පුහුණු හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
    උපාධිදාරින් විසින් ගැහැණුන් හා ළමයින් මරා පුලුස්සන අයුරු.....

    මට අධ්‍යාපනය ගැන ඇත්තෙ සැකයකි.
    මාගේ ඉල්ලීම, ගුරුවරුන් විසින් කියාදිය යුත්තෙ සිසුන්ට
    මානව දයොවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි ....
    ඔබේ උත්සාහය අවසානයේ ලොවට
    උගත් අමනුෂ්‍යයින්-- දක්ශ යක්ෂයින්
    දායද කලයුතු නැත....

    ලිවීම , කියවීම , ගණිතය , ඉතිහාසය , වැදගත් වන්නේ ............
    ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට
    කියාදෙන්නේ නම් පමනි .........






    මේ ටික මෙහෙමම නැතත් ටිකක් හරි මේ වගේ සමානව හිතුනේ ට්‍රෙිනිං එක අතරවාරේදි ඇස් වල මොකද්දෝ ආසාදනයක් වෙලා බෙහෙත් ගන්න නාගොඩ රජයේ රෝහලට ගියපු වෙලාවේ ...

    අසරණ අහිංසක අම්මලාට නර්ස්ලා කෑගගහා බනිනකොට,
    ළමයි හම්බවෙන්න ඉන්න අම්මලාට ඇටෙන්ඩන්ලා සත්තුන්ට වගේ කථා කරනකොට ........
    ලස්සන දොස්තර නොනා කෙනෙක් මගේ මූනවත් බලන්නෙ නැතුව ඇහැට දාන්න ඕනේ බෙහෙත් ලියලා දෙනකොට ....
    ලෙඩ්ඩු බලන්න එන මිනිස්සුන්ව ඉස්පිරිතාල සිකියුරිටිගේ සපත්තුවට පෑගෙන හැටි දැක්කාම ..........
    ප්‍රයිවට් ඉස්පිරිතාලෙට යන්න හරියටම 3.30ට පිට වෙලා යන දොස්තර මහත්තුරු දැක්කාම .....
    මහ පාන්දර ඉදං බඩගින්නේ පොලිම් වල වේලෙන මිනිස්සු මේ ඉන්නෙ තමංගෙ දිහාවත් බලන්නෙ නැතුව බෙහෙත් දෙන දොස්තරලව හබ්බවෙන්න කියලා හිතෙනකොට ............

    තමයි ඇයි බං මේ රටේ මිනිස්සු මුංට ඉගෙන ගන්න සල්ලි දුන්නෙ කියලා හිතෙන්නේ

    ළමයින්ව ඉස්කෝලෙට දාන්න විදුහල්පති වරු සල්ලි ඉල්ලද්දි ......
    ඉස්කෝලෙට යන පොඩි කෙල්ල ගුරුවරු අතින් දූශනය වෙද්දි .....
    සුදුසුකම් නැති උන් අධ්‍යාපනයේ මුලු පුටුවල වැජඹෙද්දි ....
    කැම්පස් එකේදි , විද්‍යාපීඨෙදි හොයපු සාදාරන ලෝකේ ,එලියට ඇවිත් ඒ ලෝකේ හොයපු ඈයොන්ගෙ අතින්ම කෙලිසිලා යද්දි.....

    කුඔුරු වේලෙද්දිත් වතුර දෙන්නෙ නැතුව වැව පුරවලා 100000 හොයන ඉන්ජිනේරුවේ ඉද්දි .........
    බල්ලෝ බලල්ලුන් ගානට මිනිස්සු දාන බස් සේවකයෝ ඉද්දි ......
    ඉතුරු දෙන්නෙ නැති කොන්දොස්තරලා ඉද්දි .......

    කක්කුස්සි වලක හරි කමක් නෑ හදලා තියෙන හෝටල් පගාවට ඒ ශ්‍රේනියේ ආපන ශාලා කියලා සහතික දෙන සෞඛ්‍ය පරීක්ශක වරු ඉද්දි .....
    ගස් කපලා , දඩයමේ යන කැලෑ මහත්තුරු ඉද්දි ......

    මුලු දවසම නිදාගෙන පඩි ගන්න රජයේ සේවකයෝ ඉද්දි ........
    ලක්ශ ගනං පඩි අරං තවත් පඩි ඕනේ කියන විදුලි බල සේවකයෝ ඉද්දි ..



    .
    .
    .
    .
    .
    .
    .
    ඒහෙම කලා කියලා උන්ට බන්න ගහන්න අපිට බෑබං ....... අඩුම ගානේ ඒහෙම කරන්න ඒපා කියලා වත් කියන්න අපිබෑ ........ කිව්වෝත් මිනිස්සු දාස් ගානකගේ ජීවිතත් ඒක්ක උං සෙල්ලං කරන් ගන්නවා වැඩ කරන ඒක නවත්තලා දාලා........ ඉල්ලීම් දෙනකල්
    ඒහෙව් ඒකේ .....

    උඹලා උඹලගේ පීඩනේ පිට කරන්න කාලෙන් කාලෙට පොලීසියට , හමුදාවට බනින එක සාදාරනයි බං ..........
    මොකද උඹලා බැන්න කියලා .. ගැහුවා කියලා ... උන්ට වැඩ වර්ජන කරන්න උද්ගෝශන කරන්න , ඉල්ලීම් ඉල්ලලා උසාවියට පාගමන් යන්න , පාර්ලිමේන්තුව ජනපති මැදුර වටලන්න......
    බෑනේ බං ........


    මූණ අකුලං පැත්ත ගහලා ඉන්න ඒක හැර උන්ට කරන්න පුලුවං මඟුලක් නැති නිසා ........ පීඩනේ උංගේ පිටිං අැරලා දාපං .......
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    මම බොහෝ දෙනා නොදුටු දේ දුටුවෙමි..
    උගත් ඉන්ජිනේරුවන් තැනූ ගෑස් කුටි....
    උගත් වෙද්‍යවරුන් දරුවන්ට විෂ එන්නත් කළ හැටි..
    උපාධිදාරී සිසුන්ට ළමයින්ට වෙඩි තැබූ හැටි..
    එහෙයින්..
    අධ්‍යාපනය මම සැක කරමි..
    දරැවන්ට මනුෂ්‍යත්වය උගන්වන්න...:)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔබට වැටහුනු දේ
    පරිපාලනයට වැටහෙන්නෑ යාලු
    දේශපාලනය කියන
    හෙනහුරා පරිපාලනය අරක්ගෙන....
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔබට වැටහුනු දේ
    පරිපාලනයට වැටහෙන්නෑ යාලු
    දේශපාලනය කියන
    හෙනහුරා පරිපාලනය අරක්ගෙන....
    :yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මේ උඹ කියපු දේවල් අඩු වැඩි වශයෙන් හැම කෙනා ගාවම තියෙනවා..
    හරියටම තමන්ගේ රාජකාරිය කරන අය ව්අගේම නොකරන අයත් ඉන්නවා..
    එයාලට කවදා හරි හර්ද සාක්ෂිය කියන උසාවියට සාක්කි දෙන්න වෙනවා..
    තම්න් ගන්න පඩියට තමංට උගන්නන්න බදු සල්ලි වියදම් කරපු මිනිස්සුන්ට ඒ කලගුණ හරියටම ඉෂ්ට කරන අයත් ඕන තරම් ඉන්නවා..

     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හිට්ලර් යුද්ධ කලේ අනෙක් රටවලින් ප්ලේන්, නැව් , ආයුධ කුලියට අරගෙන නෙවෙයි, ඒ රටේම හදපු ඒවයින්, හැම දෙයක්ම ඒ රටේම නිෂ්පාදනයෙන්, රටේ නැතිබැරි මිනිහගෙන් කොල්ල කාල , කුඩු විකුණල නෙවෙයි, හිට්ලර්ට අපහාස කරන්න එපා යකෝ, මහින්දට ගහන්න ඕනෙනම් අර්ය හෝච් මිං , පොල්පොට්, මාඕ සේතුං වගේ කට්ටිය ගාවගන්න.